දමිල ළමුන් සිංහල භාෂාව අමතර භාෂාවක් ලෙස හදරයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වතුකරයේ ළමුන් පිරිසක් සිංහල භාෂාව අමතර භාෂාවක් ලෙස හදාරා එම ළමුන් විසිර යාමේ උත්සවයක් හැටන් දික්ඔය නගර ශාලාවේදි පැවැත්විණ.

    දමිල භාෂාවෙන් ප්‍රාථමික අංශයේ සිට උසස් පෙල දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 50 දෙනෙකු හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ ස්වෙච්ඡා ගුරුවරියක් වශයෙන් සේවය කරන එම්.එස්.බේගම් මහත්මිය විසින් නොමිලේ සිදු කරන සිංහල ඉගැන්විමේ පාඨමාලාව හදාරා එම සිසු සිසුවියන් පිරිස විසිර යාම සිදු කෙරිණ.

    සියළු ජාතින් අතර සහජිවනය ඇති කිරිමේ අරමුණින් සහ දමිල දරුවන් අනිවාර්යෙන්ම අමතර භාෂාවක් ලෙස සිංහල භාෂාව කතා කිරිමට සහ ලිවිමටත්, සිංහල සංස්කෘතිය පිලිබදව දැන සිටිය යුතු නිසා තමන් නොමිලේ වතුකරයේ දමිල ළමුන්ට සිංහල භාෂාව සහ අක්ෂර පිලිබදව ඉගැන්විම සිදු කල බවත්, මේ සදහා තම පවුලේ සමාජිකයන්ගේ සහය ලැබුණු බවයි බේගම් මහත්මිය කියා සිටියේ.

    ළමුන් විසිර යාමේ උත්සවයේදි සිංහල සහ දමිල සංස්කෘතික අංග කිහිපයක් සහ නරිබැණා වේදිකා නාට්‍ය ඉදිරිපත් කෙරිණ.

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ.එච්.එම්.ෆස්ලාන් මහතා සහභාගි වු අතර, උත්සවය සදහා එම ළමුන්ගේ දෙමව්පියන්ද සහභාගි විය.