සිංහල භාෂාව යනු නොවැදගත් භාෂාවක් ද

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.

    1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.

    2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.

    3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.

    4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.

    5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.

    6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.

    7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.

    8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.

    9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.

    10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.

    11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.

    12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.

    13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.

    14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.

    15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.

    16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.

    17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

    සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.

    ~උපුටාගැනීමකි~

    ප:ලි
    මුලින්ම කියන්න ඕනේ සිංහල භාෂාව ගැන මගේ කිසිම කහටක් හිතේ නෑ. ඒක හරිම සුන්දර භාෂාවක්. දැන් මේ ලිපිය කියවල ඉවර උනාට පස්සේ සිංහලයෙක් විදියට හෙන ගැම්මක් හිතට ආව නේද අපේ සංස්කෘතිය ඉතිහාසය ගැන? අපි සිංහලයො විදියට හැමදාම අපේ මුතුන්මිත්තෝ කරපු දේවල්, අපේ සංස්කෘතිය, අවුරුදු 2600 පරණ ආගම ගැන පම්පෝරි ගැහුවා මිසක් රටක් විදියට එකතු වෙලා වැඩ කරලා රට ගොඩදාන්න උත්සහ කලේ නෑ නේද? එහෙම සැලැස්මක් අපිට නෑ නේද?
    ඉතින් එහෙම වැඩ කරපු ජාතීන් සහ රටවල් අපි ආගම සංස්කෘතිය ගැන මනෝ පාරවල් ගහන අතරේ අපිව පහු කරන් ඉස්සරහට ගිහින් ඉවරයි. ඒකේ ප්‍රතිපලයක් විදියට අවුරදු 250ක් පරණ ඉතිහාසයක් විතරක් තියෙන ඇමෙරිකාව ලෝක බලවතා වෙලා මුළු ලෝකෙම පාලනය කරන්න පටන් අරං. ඒ මදිවට අවුරුදු 50ක් පරණ ඉතිහාසයක් විතරක් තියෙන බංගලාදේශයෙන් අපිට ණය ගන්නත් උනා. බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කරද්දී හුරේ දැම්ම අපේ සීයලාගේ මුණුපුරු මිනිපිරියන්ට තාමත් ලෝකේ ජනප්‍රියම භාෂාව වෙච්ච ඉංග්‍රීසි කියන්නේ මැජික් එකක්. හොඳම විහිලුව ලංකාව කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය කොලනියක් විදියට තිබ්බ රටක් වීම. ඉංග්‍රීසි යටත් විජිතයක් වෙලා තිබ්බ රටවල් වලින් ඉංග්‍රීසි බැරිම රට ලංකාවද කියලා මට පොඩි සැකයකුත් තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් එකාට ඊට වඩා දේකුත් නෑ ඉතිං. ශ්‍රී ලංකාවේ ඉන්න බහුතරයක් මෝඩයෝ IQ level එක සහ උගත්කම මනින්නේ ඉංග්‍රීසි කියන භාෂාවෙන්නේ දැන්.
    ආතල් කුඩු කලා නං සමාවෙන්න ඕනේ. උඩ ලිපියට මං ලියපු හෑල්ලේ කිසිම සම්බන්දයක් නැතුව ඇති. එහෙමයි කියල ඇත්ත නොකියත් බෑනේ.
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    Pake Sinhala wadak na ban. Podi kaale indanma English walin igena ganna one lankawe un. Ape un okkoma heena dakinne UK, Aussie, NZ yannane. Eth IELTS pass wenna ba. Sinhala demallui thambiyoth katha karanne iskole igenagena nemene. E ganata danagattama athi. Sinhala Demala huththawal okkoma nawattala aye English walin witarak igannuwa nan me rata goda ganna lesi. Balapalla international school wala Cambridge syllabus eke 1 wasare podi unta ugannana dewalui jathika pasal wala ugannana dewal walai wenasa. Ai me ekama ratak krama 2k?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම සිංහල භාෂාවට අගෞරව කරන්නේ නැහැ. මොකද, මමත් සිංහල කොල්ලෙක්. අනික ඉතින් මට වෙන ඕනම භාෂාවකට වඩා සිංහල පුළුවන්. ඉංගිරිසියත් බොහොම අමාරුවෙන් ගැටගහගෙන තමයි කතා කරන්නේ. හැබැයි පුතේ, සිංහල භාෂාවේ වැදගත්කම තියෙන්නේ මේ දූපතේ ඉන්නකම් විතරයි! මෙතනින් එළියට ගියහම ඕකේ ඒ හැටි වැදගත්කමක් නැහැ! කොටින්ම සිංහල, දෙමළ, චීන, ජපන් වගේ භාෂා එක ethnicity එකකට සීමා වෙච්ච භාෂා. භාෂාවක් ජාත්‍යන්තර මට්ටමට යන්න ඕන නම් අඩු තරමේ ඒ භාෂාව ethnicities දෙකක්වත් පාවිච්චි කරන භාෂාවක් වෙන්න ඕන. ඉංගිරිසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, අරාබි, හින්දි, මැලේ, රුසියන් වගේ භාෂා ඒ වගේ lingua franca මට්ටමට දියුණු වෙච්ච භාෂා. අර මම කියපු චීන, ජපන් වගේ භාෂා වුණත් ජාත්‍යන්තර භාෂා හැටියට හදාරන්නේ ඒ රටවල් බලවත් නිසා සහ ඒ භාෂා කතා කරන අය සංඛ්‍යාත්මකව වැඩි නිසා. එතනිනුත් යටත් විජිතකරණය සහ තොරතුරු තාක්ෂණය නිසා ඉංගිරිසිය තමා global scale language එකක් හැටියට තියෙන්නේ. හැබැයි මම නම් කියන්නේ ඉංගිරිසිය වුණත් අපේ හදවතේ භාෂාව නෙමෙයි. අනික ඔය කිව්වත් වගේ ඉංගිරිසිය global language එක වෙන්නේ විශේෂ වාග්විද්‍යාත්මක හේතුවකට වඩා මම කියපු ඓතිහාසික හේතු මත. ඒ නිසා ආසියාවටම පොදු lingua franca එකක් හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉන්දුනීසියා, උර්-දු වගේ භාෂා ඒ විදිහට standardize කරලා හදාගත්තු භාෂා. ඒ නිසා එහෙම හදන්න බැහැ කියනවා නම් බොරුවක්!
     
    TFS your valuable thoughts
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.

    1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.

    2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.

    3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.

    4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.

    5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.

    6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.

    7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.

    8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.

    9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.

    10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.

    11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.

    12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.

    13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.

    14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.

    15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.

    16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.

    17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

    සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.

    ~උපුටාගැනීමකි~

    ප:ලි
    මුලින්ම කියන්න ඕනේ සිංහල භාෂාව ගැන මගේ කිසිම කහටක් හිතේ නෑ. ඒක හරිම සුන්දර භාෂාවක්. දැන් මේ ලිපිය කියවල ඉවර උනාට පස්සේ සිංහලයෙක් විදියට හෙන ගැම්මක් හිතට ආව නේද අපේ සංස්කෘතිය ඉතිහාසය ගැන? අපි සිංහලයො විදියට හැමදාම අපේ මුතුන්මිත්තෝ කරපු දේවල්, අපේ සංස්කෘතිය, අවුරුදු 2600 පරණ ආගම ගැන පම්පෝරි ගැහුවා මිසක් රටක් විදියට එකතු වෙලා වැඩ කරලා රට ගොඩදාන්න උත්සහ කලේ නෑ නේද? එහෙම සැලැස්මක් අපිට නෑ නේද?
    ඉතින් එහෙම වැඩ කරපු ජාතීන් සහ රටවල් අපි ආගම සංස්කෘතිය ගැන මනෝ පාරවල් ගහන අතරේ අපිව පහු කරන් ඉස්සරහට ගිහින් ඉවරයි. ඒකේ ප්‍රතිපලයක් විදියට අවුරදු 250ක් පරණ ඉතිහාසයක් විතරක් තියෙන ඇමෙරිකාව ලෝක බලවතා වෙලා මුළු ලෝකෙම පාලනය කරන්න පටන් අරං. ඒ මදිවට අවුරුදු 50ක් පරණ ඉතිහාසයක් විතරක් තියෙන බංගලාදේශයෙන් අපිට ණය ගන්නත් උනා. බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කරද්දී හුරේ දැම්ම අපේ සීයලාගේ මුණුපුරු මිනිපිරියන්ට තාමත් ලෝකේ ජනප්‍රියම භාෂාව වෙච්ච ඉංග්‍රීසි කියන්නේ මැජික් එකක්. හොඳම විහිලුව ලංකාව කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය කොලනියක් විදියට තිබ්බ රටක් වීම. ඉංග්‍රීසි යටත් විජිතයක් වෙලා තිබ්බ රටවල් වලින් ඉංග්‍රීසි බැරිම රට ලංකාවද කියලා මට පොඩි සැකයකුත් තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් එකාට ඊට වඩා දේකුත් නෑ ඉතිං. ශ්‍රී ලංකාවේ ඉන්න බහුතරයක් මෝඩයෝ IQ level එක සහ උගත්කම මනින්නේ ඉංග්‍රීසි කියන භාෂාවෙන්නේ දැන්.
    ආතල් කුඩු කලා නං සමාවෙන්න ඕනේ. උඩ ලිපියට මං ලියපු හෑල්ලේ කිසිම සම්බන්දයක් නැතුව ඇති. එහෙමයි කියල ඇත්ත නොකියත් බෑනේ.

    ⁣භාෂා ගැන උඩින් අතගාපු පොරක් ලියපු හින මානයක්.
    හොදම උදාහරණය අංක 13.
    සුද්ද සිංහල හෝඩියේ ඇ ඈ ස්වරනැ. ඒවා පසුව ඇඩ් කලේ.

    15ත් වැරදි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    ⁣භාෂා ගැන උඩින් අතගාපු පොරක් ලියපු හින මානයක්.
    හොදම උදාහරණය අංක 13.
    සුද්ද සිංහල හෝඩියේ ඇ ඈ ස්වරනැ. ඒවා පසුව ඇඩ් කලේ.

    15ත් වැරදි.
    Sinhalunge pampori ne ban. Ganan ganna epa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඔව්වයින් එෆ්බි එකේ ඉන්න හෙළ යක්ක පුත්තු අන්දන්න පුළුවන් වුනාට මේකේ ඉන්න 9 ඉන්චස් එළකිරි සර්ලව නම් අන්දන්න ටිකක් අමාරු වෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දොරමන්දලාවට ආව එකෙක් ලියපු හැල්ලක් විය හැක. මෙහිදී පොර සිංහල බාශාව සන්සන්දනය කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව එක්ක . ඉංග්‍රීසි කියන්නේ මොන තරම් සරළ භාෂාවක්ද කියල තේරෙන්නේ වෙනත් භාෂාවක් ගැන දැනගත්තම. සිංහල වගේම ගොඩක් ශබ්ධ පරාසයක අක්ෂර තීන වෙනත් භාෂා ඕනා තරම් තියේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    ඔව්වයින් එෆ්බි එකේ ඉන්න හෙළ යක්ක පුත්තු අන්දන්න පුළුවන් වුනාට මේකේ ඉන්න 9 ඉන්චස් එළකිරි සර්ලව නම් අන්දන්න ටිකක් අමාරු වෙයි.
    Ekenma

    දොරමන්දලාවට ආව එකෙක් ලියපු හැල්ලක් විය හැක. මෙහිදී පොර සිංහල බාශාව සන්සන්දනය කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව එක්ක . ඉංග්‍රීසි කියන්නේ මොන තරම් සරළ භාෂාවක්ද කියල තේරෙන්නේ වෙනත් භාෂාවක් ගැන දැනගත්තම. සිංහල වගේම ගොඩක් ශබ්ධ පරාසයක අක්ෂර තීන වෙනත් භාෂා ඕනා තරම් තියේ.
    Sinhalunge kohomath hama ekema wadeta wada katayam wadine
    ------ Post added on Jun 11, 2023 at 10:54 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලංකාව ඇතුලෙවත් සිංහලු සිංහලෙං කතා කරන්න ලැජ්ජයි බං.
    සිංහලු දෙන්නෙක්ටම උනත් අඩු කුළේ ෆීලිං එකක් එනව සිංහලෙං කතා කරනකොට.
    බොරුනං ඔය ස්ටා හොටෙල් එකක රිසෙප්ශන් එක ගාව ටිකක් ඉඳල බලපං.
    බැරි බැරි ගාතෙ කඩ්ඩෙං කොටා ගන්නෙ.
    අලුත් ඉස්කෝලෙ යන පරම්පරාවෙ පෙරට සාපේක්ශව බහුතරයක් මුල ඉඳල ඉගෙන ගන්නෙ ඉංග්‍රීසි මාද්‍යෙන්,
    අපේ ළමයි දෙන්නම ඉංග්ලිශ් මීඩියම් කරන්නෙ , අපි යන කාලෙ මේ ඉස්කෝල වල ඉංග්ලිශ් මීඩියම් තිබ්බෙවත් නෑ.

    දැං වැඩිම ඉල්ලුම ඉංග්ලිශ් මීඩියම් පංති වලට.