දඹුල්ල_හා_ලෙන්_විහාර

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    දඹුල්ල_හා_ලෙන්_විහාර

    දඹුල්ල නගරය කොළඹට කී.මී.148 ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී.72 ක් උතුරු දෙසින් ශ්‍රිලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
    නගරය ආකර්ෂණීය කරන්නාවූ ප්‍රධාන ස්ථාන අතර ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය, හා දින 167කින් පමණක් තනා නිම කල බවට කියැවෙන රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වෙති.දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳු වැටිය වන නාමල් උයන නමැති නා වනයක් පිහිටන බවටද මෙම නගර උදම් අනයි.


    දඹුල්ල ලෙන් විහාරය

    450px-%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD.jpg



    රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය

    dambulla-cricket-stadium.jpg



    රෝස තිරිවාන කඳු වැටිය හා නාමල් උයන

    1489018_12193254134475.jpg



    මෑතකදී දඹුල්ලෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයක් වන, දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය අසබඩ පිහිටි ඉබ්බන්කටුව ප්‍රාග්-‍ඓතිහාසික සුසාන භූමිය, ලෙන් විහාරයෙන් කි.මී 3ක් ඇතුළත පිහිටා ඇති අතර, දිවයින් දේශයට ඉන්දියානු බලපෑම සම්ප්‍රාප්තියට බොහෝ කලකට පෙර දේශීය ශිෂ්ඨාචාරයක් මෙහි පැවැති බවට සාක්ෂි දෙයි.


    ඉබ්බන්කටුව ප්‍රාග්-‍ඓතිහාසික සුසාන භූමිය

    7137704.jpg



    ඉතිහාසය

    ක්‍රි. පූ 7වන සිට 3වන සියවස පමණ ඈත කලක සිටම මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව විශ්වාස කෙරේ. ලෙන් තුලැති පිළිම හා සිතුවම් ක්‍රි.පූ. 1 වන සියවස කාලයට අයත් බව කාලනිර්ණය කර ඇත. එනමුදු, මෙම සිතුවම් හා පිළිම ක්‍රි.ව. 11වන, 12වන හා 18වන වලදී පිළිසකර කොට යලිදු සායම් ආලේප කොට ඇති බව පෙනේ. අනුරාධපුර රාජධානියෙන් පිටුවහල්ව ගතකල වසර 14 දිගැති විප්‍රවාසය තුලදී (වට්ට ගාමිණී අභය‍ ලෙසද හැඳින්වුනු) වළගම්භා රජ හට රැකවරණය සැපයූ ස්ථානය ලෙස මෙම ලෙන සැලකේ. එකල මෙම ලෙන තුල ධ්‍යාන පුරමින් වැඩ විසූ බෞද්ධ භික්ෂුන් වහන්සේලා, පිටුවහල්ව සිටි රජු හට, ඔහුගේ සතුරන්ගෙන් රැකවරණය සැලසූහ. ක්‍රි.පූ 1වන සියවසෙහිදී වලගම්බා රජු නැවත සිංහාසනාරූඪ වූ විට, දඹුල්ලේ භික්ෂූන් වහන්සේට කලගුණ සලකනු රිසි ව, දඹුල්ලේ මනස්කාන්ත ලෙන් විහාරයක් කරවීය.


    මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.


    දඹුල්ල ලෙන් විහාරය


    dambulla-2.jpg


    dambulla-6.jpg



    දඹුල්ල ලෙන් විහාරයේ සිතුවම්

    dambulla.jpg


    381751687_fbb45322e7.jpg


    4957839332_20fdbb8b13.jpg



    මේ තමයි අපේ දෙවල් අපිට අයිති අපේ දේවල්..මේවා වල අගයක් අපිට නෑ..දඹුල්ලට නම් ගොඩක් අය ගිහින් ඇති..බලන්න ගියාට කමක් නෑ හැබැයි මේ ලස්සන පරිසරය විනාශ කරන්න හදන්න එපා.. ඒව නම් එච්චර හොඳ වැඩ නෙමේ..මෙවැනි දේවල් රැකගන්න එක තමයි අපේ වගකීම.

    __________________________________________________________________

    _________________


    _________________
    Sorry For If I Repost
    © 2011 Sun_Boy@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post in Another Sites

     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    habai ban mama nam danne dabulle thalagoi innawa kiyala witharai ara kiyanne dabulu gihin thalagoith maragena awa kiyala

    අපෝ බං මෙයා ඉන්නේ තවම වැදි යුගයේ වගේනේ :oo:
    ඔයාගේ දැනුමේ තරම මෙකේ ඉන්න අයට පෙන්නන් එපා :P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    වටිනා ත්‍රෙඩ් එකක්.... පුළුවන්නම් ට්‍රැවලර් සෙක්ශන් එකට දාගන්න...

    අඩේ...G.T අපේ ඉල්ලීමට කන් දීලා..මම දැක්කේ නෑ නේ බං..:(:(
    කොහොමද දැන් සෙක්ෂන් මාරු කරන්නේ...:(:(
    මම දන්නේ නෑ නේ...:no::no:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අඩේ...G.T අපේ ඉල්ලීමට කන් දීලා..මම දැක්කේ නෑ නේ බං..:(:(
    කොහොමද දැන් සෙක්ෂන් මාරු කරන්නේ...:(:(
    මම දන්නේ නෑ නේ...:no::no:

    :):)
    ලොක්කා සෙක්ශන් එකක් දුන්නා,
    අපිට වෙනස් කරන්න බෑ,
    මොඩ්ට PM එකක් දාන්න මූව් කරලා දෙන්න කියලා:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :):)
    ලොක්කා සෙක්ශන් එකක් දුන්නා,
    අපිට වෙනස් කරන්න බෑ,
    මොඩ්ට PM එකක් දාන්න මූව් කරලා දෙන්න කියලා:)

    ඒකනේ..මම දැක්කේ නෑ නේ..මොඩ් කිව්වේ අර ටින් ටින් ද..:eek::eek: