දඹුල්ල_හා_ලෙන්_විහාර
දඹුල්ල නගරය කොළඹට කී.මී.148 ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී.72 ක් උතුරු දෙසින් ශ්‍රිලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
නගරය ආකර්ෂණීය කරන්නාවූ ප්‍රධාන ස්ථාන අතර ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය, හා දින 167කින් පමණක් තනා නිම කල බවට කියැවෙන රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වෙති.දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳු වැටිය වන නාමල් උයන නමැති නා වනයක් පිහිටන බවටද මෙම නගර උදම් අනයි.
දඹුල්ල ලෙන් විහාරය
රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
රෝස තිරිවාන කඳු වැටිය හා නාමල් උයන
මෑතකදී දඹුල්ලෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයක් වන, දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය අසබඩ පිහිටි ඉබ්බන්කටුව ප්රාග්-ඓතිහාසික සුසාන භූමිය, ලෙන් විහාරයෙන් කි.මී 3ක් ඇතුළත පිහිටා ඇති අතර, දිවයින් දේශයට ඉන්දියානු බලපෑම සම්ප්‍රාප්තියට බොහෝ කලකට පෙර දේශීය ශිෂ්ඨාචාරයක් මෙහි පැවැති බවට සාක්ෂි දෙයි.
ඉබ්බන්කටුව ප්රාග්-ඓතිහාසික සුසාන භූමිය
ඉතිහාසය
ක්‍රි. පූ 7වන සිට 3වන සියවස පමණ ඈත කලක සිටම මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව විශ්වාස කෙරේ. ලෙන් තුලැති පිළිම හා සිතුවම් ක්‍රි.පූ. 1 වන සියවස කාලයට අයත් බව කාලනිර්ණය කර ඇත. එනමුදු, මෙම සිතුවම් හා පිළිම ක්‍රි.ව. 11වන, 12වන හා 18වන වලදී පිළිසකර කොට යලිදු සායම් ආලේප කොට ඇති බව පෙනේ. අනුරාධපුර රාජධානියෙන් පිටුවහල්ව ගතකල වසර 14 දිගැති විප්‍රවාසය තුලදී (වට්ට ගාමිණී අභය ලෙසද හැඳින්වුනු) වළගම්භා රජ හට රැකවරණය සැපයූ ස්ථානය ලෙස මෙම ලෙන සැලකේ. එකල මෙම ලෙන තුල ධ්‍යාන පුරමින් වැඩ විසූ බෞද්ධ භික්ෂුන් වහන්සේලා, පිටුවහල්ව සිටි රජු හට, ඔහුගේ සතුරන්ගෙන් රැකවරණය සැලසූහ. ක්‍රි.පූ 1වන සියවසෙහිදී වලගම්බා රජු නැවත සිංහාසනාරූඪ වූ විට, දඹුල්ලේ භික්ෂූන් වහන්සේට කලගුණ සලකනු රිසි ව, දඹුල්ලේ මනස්කාන්ත ලෙන් විහාරයක් කරවීය.
මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.
දඹුල්ල ලෙන් විහාරය
දඹුල්ල ලෙන් විහාරයේ සිතුවම්
මේ තමයි අපේ දෙවල් අපිට අයිති අපේ දේවල්..මේවා වල අගයක් අපිට නෑ..දඹුල්ලට නම් ගොඩක් අය ගිහින් ඇති..බලන්න ගියාට කමක් නෑ හැබැයි මේ ලස්සන පරිසරය විනාශ කරන්න හදන්න එපා.. ඒව නම් එච්චර හොඳ වැඩ නෙමේ..මෙවැනි දේවල් රැකගන්න එක තමයි අපේ වගකීම.
__________________________________________________________________