~~ දයාබර දිනපොත ~~

~~ දයාබර දිනපොත ~~

වසර කිහිපයකට පෙර ආදරවන්තයො දෙන්නෙක්ට ආදරේ මුලින්ම හැගුණු දවසක දිනපොතේ ඔවුන් මෙන්න මේ විදියට
සටහන් තබනවා.

Girl >

දයාබර දිනපොත,
මම දැක්කා එයා මාව පහු කර ගෙන ගියා.මට මොහොතකට ලෝකයම නතර වුනා වගේ දැනුණා.පුංචි කාලෙ
ඉදන්ම මම එයාව දැක්කම හිනා වෙනවා.ඒත් අද මට එයා එක්ක හිනා වෙන්න ලොකු බයක් දැනුණා.එයා රගර්
ටීම් එකේ කැප්ටන්, ඉතින් මම වගේ සාමාන්‍ය කෙනෙක් එක්ක එයා කවදාවත්ම ආයෙත් හිනා වෙන්නෙ නෑ කියලා
මම දන්නවා.

Boy >

දයාබර දිනපොත,
අද මම ප්‍රැක්ටිස් ඉවර වෙලා එන අතරෙදි එයා මාව පහු කරගෙන ගියා.ඉස්සර විද්‍යාව පංතියෙදි එයා මගේ ළග
වාඩි වෙලත් තියෙනවා.මම එයත් එක්ක හිනා වෙන්න උත්සහ කලා, ඒත් එයා බිම බලා ගෙනම මාව නොදැක්කා
වගේ යන්න ගියා.දගකාර කෙල්ලො කිහිප දෙනෙක්ගෙ ආදරේ එකපාර ලැබුණත් ඒ වගේ අහිංසක කෙල්ලෙක්
මට අයිති නෑ කියලා මට දැන් හිතෙනවා.

ටික දිනකට පසු ඔවුන් නොසිතූ පරිදි ආදරේ ඔවුන්ව ළං කරනවා.ඒත් ඒ ආදරේ හරිම ඉක්මණින් නැති වෙලා යනවා.
එදා ඒ දෙන්නගේ දිනපොතේ වෙන්ව යාම ගැන සටහන් තැබෙන්නේ මෙන්න මේ විදියට.

Girl >

දයාබර දිනපොත,
මම අද ඔහුගෙන් වෙන් වුණා.මම එයාට කියුවා මම සතුටින් නෑ කියලා.ඒත් ඒ ඇයි කියලවත් එයා ඇහුවෙ නෑ.මම හිතුවා
එයා මට නවතින්න කියාවි කියලා. ඒත් එයා මොනවත් කියුවෙ නෑ.සමහර විට එයාටත් මගෙන් වෙන් වෙන්න ඕන වෙලා
තියෙන්න ඇති.මම කාලයක් පෙරුම් පුරලා දිනා ගත්තු මගේ ආදරේ ඒ විදියට අද මගෙන් ඈත් උණා.

Boy >

දයාබර දිනපොත,
ඇය අද මගෙන් වෙන් වුණා.ඇය කියුවා ඇය සතුටින් නෑ කියලා.මට ඇයි කියලා අහන්නත් දුක හිතුණා.මට වුවමනා වුණා
ඇයව නතර කරන්න.ඒත් ඇය මාත් එක්ක ඉන්නේ සතුටින් නෙවෙයි නම් මම ඇයව නතර කරන්නේ කොහොමද,
මම හීන දැකපු මගේ ආදරේ ඒ විදියට අද මට අහිමි වුණා.

උපුටා ගැනීමකි........:love:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
නෑ දල්ලේ පාටයි වාගේ
සිපගන්නත් ලෝබයි ඈගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    nczgw7.jpg
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔයාගෙ ත්‍රෙඩ් දැක්කොත් මම බම්ප් නොකර ඉන්නෙ නෑ සුදූ.. :)
     
    • Haha
    Reactions: Rapunzel003