දයාබර පුතුන් දෙදෙනාම සම්බුදු සසුනට පූජා &#3482

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දයාබර පුතුන් දෙදෙනාම සම්බුදු සසුනට පූජා &#3482

    දයාබර පුතුන් දෙදෙනාම සම්බුදු සසුනට පූජා කළ අම්මා

    image_ab5a3ddc0a.jpg
    සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා තමා දෙනෙත්වන්ව ආරක්ෂා කළ තමාට සිටි එකම සිඟිති පුතුන් දෙදෙනාම සඟ සසුනට පූජා කිරීමට තරම් දානපතිනියක් වීමට වාද්දුවේ මැලෑගම යමුනා කුමුදුනි මහත්මිය සමත් වූවාය.


    ඇය මේ මහා පිංකම අම්බලන්ගොඩ, ඉඩම්තොට සුවිසුද්ධාරාම විහාරස්ථානයේදී බක් පුර පුන් පොහෝදා පෙරවරුවේ හික්කඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයීය ලේකම් හා විහාරාධිපති ප්‍රවීණාචාර්ය මාදුවේ උපනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

    මෙලෙස සඟ සසුනට පූජා කෙරුණේ අට හැවිරිදි එස්.එන්.ඩී. මලිත් සහ ඔහුගේ එකම සොහොයුරා වන දස හැවිරිදි එස්.එන්.ඩී. එරන්ද කුල කුමරුවන් දෙදෙනාය.

    මේ අයිය මලෝ කුල කුමරුවන් දෙදෙනා සඟ සසුනට පූජා කෙරුණේ ඔවුන් දෙදෙනාගේ මව වූ යමුනා කුමුදුනීගේ දෙනෙතින් ගලා හැලෙන කඳුළු කැට වරුසා මැදින්ය. ඒ මේ ගෙවීගිය බක් පුන් පොහෝදා හිමිදිරියේ දීය. ඒ අවස්ථාවේදී පරිසරය පවා මේ මහඟු පින් කමට ආශිර්වාද කලේ සිහින් සිරි පොද වැසි බිමට වැස්සීමට ඉඩ සලස්වාලමින්ය.

    එදින අට හැවිරිදි එස්.එන්.ඩී. මලිත් වාද්දුවේ මදුරන්ද යන නමින්ද ඔහුගේ සොහොයුරා වන දස හැවිරිදි එස්.එන්.ඩී. එරන්ද වාද්දුවේ නිමලානන්ද යන නමින්ද සසුන්ගත වූහ.

    සිය දරුවන් දෙදෙනාම සඟසුනට පූජා කළ වාද්දුවේ යමුනා කුමුදුනී මහත්මිය මේ තමා කළ අනභිභවනීය පිංකම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවාය.

    ‘‘ඇත්තටම මමත් මගේ මහත්තයත් මේ දරුවන් දෙදෙනා මෙලොවට බිහි කළේ මහණ කරන්න නම් නොවේ. අපිට එවැනි අදහසක් හීනෙකින්වත් තිබුණේ නැහැ. මේ අයියමලෝ දෙදෙනා බහ තෝරලා කතා කරන්න පුළුවන් දවසේ ඉඳලාම හාමුදුරුවන්ට ලොකු ගෞරවයක් දැක්වුවා.
    හාමුදුරුවන්ට ගොඩක් ආදරය කළා. ඒ දෙන්නාම කතා කරන්න පුළුවන් දවසේ ඉඳලාම පාරේ හාමුදුරු නමක් ගියොත් අනේ අපි දෙන්නත් මහණ කරන්න කියලා කරදර කරනවා. බස් එකක ගියත් මේ ආකාරයට කරදර කරනවා.

    image_11d29f3572.jpg
    අපි ඒ දෙන්නා මහණ නොකරන නිසා හාමුදුරු කෙනෙක් දැක්කම ඒ හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහිල්ලා කියනවා අනේ හාමුදුරවනේ අපි දෙන්නත් පන්සලට එක්කගෙන ගිහිල්ලා මහණ කරන්න කියලා. මේක අපිට ලොකු හිසරදයක් වුණා.


    පස්සේ මමයි මගේ මහත්තයයි මේ දෙන්නාම හොඳ මහණ කරන්න කියලා. මහණ දහමේ හිටියොත් ලොකු තැනකට යන්න පුළුවන් මේ දෙන්නම හරියන්නේ මහණ කමටයි කියලා කිව්වා. අපිට එදා ලොකු දුකක් ඇති වුණා.

    අපි තව ටික කාලයක් හිටියා මේ දෙන්නාට මේක අමතක වේවි කියලා. ඒත් ඒ දෙන්නා වැඩේ අත්හැරියේ නැහැ. එන්න එන්නම කරදරකළා මහණ කරන්න කියලා. අන්තිමට මමයි මගේ මහත්තයයි බොහෝම අමාරුවෙන් හිත හදාගත්තා මේ දෙන්නා සඟසසුනට පූජා කරන්න. අපි මේ කරන පරිත්‍යාගය සඟසසුනට ලොකු හයියක් කියලා මේ දෙන්නා ගැන සිතට එන විට හිත හදා ගන්නවා.
    කවදා හරි මා මේ කළ පින්කමෙන් මගේ පුතාලා දෙන්නා නායක හාමුදුරුවරු වෙලා සඟසසුන බැබලෙව්වොත් ඒ පිනම ඇති අපි ට නිවන් දකින්න.
    සඟ සසුනට මහණ කිරීමට දරුවන් නොදෙනා මව්වරුන් සිටින මෙකල මට දැන් ලොකු සතුටක් දැනෙනවා. මම සඟ සසුනට, සඟසසුනේ චිරස්තිථියට ලොකු දානමය පින්කමක් කළා කියලා. මේ අපූරුම පිංකම පිළිබඳව අදහස් දැක්වූ හික්කඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි විහාරාධිපති මාදුවේ උපනන්ද හිමියෝ මෙසේ පැවසූහ.

    ‘‘එක දරුවෙක් පමණක් බිහි කරලා ජාමේ බේරා ගන්නා මව්වරුන් සිටින මෙවන් වකවානුවක මහණ කරන්න කුලදරුවන් නොමැතිව මෙරට සංඝ ශාසනය දැඩි අර්බුදයකට ලක්ව සිටිනා අවස්ථාවක මේ අම්මා තමන්ට සිටි පිරිමි දරුවන් දෙදෙනාම බුදුසසුනට පූජා කිරීම එසේ මෙසේ සුළුපටු කාරණයක් නම් නොවේ. මේ අම්මා මේ කළ උදාර පිංකම මුළු රටටම මහඟු ආදර්ශයක්.
    බුදුසසුනට ලොකු ශක්තියක්. අපි මේ රටේ අනෙක් අම්මලාගෙනුත් ඉල්ලා සිටිනවා බුදුසසුන තවදුරටත් රැක ගැනීමට දරුවන් පූජා කරන්න කියලා.






    කරන්දෙණිය
    සුසිල් එම්. ප්‍රියන්ත
     
    • Haha
    • Like
    Reactions: siri_ayya and dxx

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    පින තමා ඉතින්. :) :yes: ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    pina katada.?

    ළමයි දෙන්නගෙ පින එයාලටම විපාක දුන්නා. දෙමාපියන්ගෙ පිනට "අපිත් මහන වෙන්න ඕන" වගේ දැක්මක්, අදහසක් ඉබේම ඇතිවෙච්ච දරුවො දෙන්නෙක්ට අම්ම තාත්ත වෙන්න පුළුවන් වුනා. ඒ දරුවො සාසනයට පූජා කරල ඒකෙනුත් දෙමාපියො පිනක් තමා රැස් කරගත්තෙ. ධර්මධර, ත්‍රිපිටිකයෙ තියෙන දේවල් වලින්ම දහම සරලව පැහැදිලි කරලා තේරුම් කරලා දීලා නිවනටම යොමු කරවන ගුරු ස්වාමීන්වහන්සේලා ඇසුරේ මේ පොඩි නම දෙන්නා හැදුනොත් ඉතින් ඒ දෙන්නගෙ සසර කෙලවරක් දකින එක ලොකු ඈතක නැති වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Tz4400

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    නොදරුවන්ව පාවාදී ජිවිතේට ඇතුලත් කරනවට වඩා වදිහියෝ උනාට පස්සේ පාවාදී වෙන්න දුන්නනම් මේක මිට වඩා සාර්ථකයි
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    are you doing that ?


    නොදරුවන්ව පාවාදී ජිවිතේට ඇතුලත් කරනවට වඩා වදිහියෝ උනාට පස්සේ පාවාදී වෙන්න දුන්නනම් මේක මිට වඩා සාර්ථකයි