දයා පතිරණ උපාසක මහත්තයෙක් ද?
දයා පතිරණ උපාසක මහත්තයෙක් ද?
Posted: 8:54 pm, December 19, 2013
දිනක් ඩෙරීඩා නම් දාර්ශණිකයා සිය නිවසේ හුදකලාව සිටින අවස්ථාවක ඔහු නානකාමරයේ සිට නිරුවතින් සාලයට පැමිණි අවස්ථාවක ඔහු දෙස පූසෙකු බලන් සිටිනවා දකිනවා. තමාගේ නිරුවත දෙස පූසා බලා සිටිනවා දිකන ඩෙරිඩා විලිබියට පත් වෙනවා. වෙනත් කිසිවකුත් නොමැති අවස්ථාවක පවා ඩෙරීඩා සිය නිරුවත මේ පුසා දකිනවා දැකීමෙන් කලබලයට පත් වන්නේ ඇයි? ඔහු අවිඥාණකව බියට පත් කරවන පූසාගේ බැල්ම යනු කුමක්ද? සත්‍ය වශයෙන්ම ඔහු බියට පත් වන්නේ ඔහුගේම ෆැන්ටසියටයි!
ස්වාධීන ශිෂ්‍ය සංගමය ආරම්භ කළ දයා පතිරණ සහෝදරයා ගැන මේ දවස් වල මුහුණු පොතේ විවිධ දාර්ශනික ලිපි සහ සාකච්ඡා පළ වෙලනවා. මේ ලේඛණ බොහොමයක් පරීශීලණය කළ විට අපට අවබෝධ වන්නේ කුමක් ද? හදිසියේම සමහර පිරිසකට මියගිය දයා පතිරණ ගේ අවතාරය දේශපාලනය වෙනුවෙන් ගණිකා වෘත්තියේ යොදවන්නට සිදුව ඇත්තේ ඇයි? දයා පතිරණ යළි ජීවමාන කිරීම මගින් මේ බහුතරයක් දෙනා අභියෝග කරන්නට උත්සහ කරන ජීවමාන ආත්මය කවුද? දයා පතිරණ තුළ ඇති සාරය ගවේෂණය කිරිමේ දේශපාලන අවශ්‍යතාවයේ අශ්ලීල ෆැන්ටසිමය අර්ථය කුමක්ද? මේ බහුතරයක් දෙනා දයා පතිරණ ගැන කියන කතා නිරීක්ෂණය කර බලන විට අපට අවබෝධ වන්නේ දයා පතිරණ යනු උපාසක මහත්තයෙක් බවයි. ඔහු මුළු ජීවිත කාලය තුළම කර තිබෙන්නේ කිරිවලින් ශ්‍රී මහා බෝධිය නැහැවීම, උදේට හවසට පන්සිල් සමාදන්වීම, සතුරාට මෛත්‍රී කිරීම, සාංගික දානයක් පිරිනැංවීම, දනට පිනට දීම වැනි පිං අතේ වැඩ පමණි. මේ නිසා දයා පතිරණ ගැන කතා කරන උක්කු බබාලාව හරහට දමා උක්කු පෙවිය යුතුය. දයා පතිරණ යනු වැසිකිලි යන විට පවා දේශපාලනිකව හැසිරුණ චරිතයකි. අපට ඇති ගැටලුව වන්නේ දයා පතිරණ නම් ෆැන්ටසිය මගින් අමතක කරන්නට හදන යථාර්ථය කුමක්ද යන්නයි.
නබකෝ නම් රැසියානු ලේඛකයා ගේ ලොලිටා නවකතාවේ ප්‍රධාන චරිතය එනම් ලොලීටාගේ පෙම්වතා වන හම්බට් හම්බට් යනු ගැටවර ලොලීටා ඉදිරියේ අසහනයට පත්වන වියපත් අයෙකි. ලොලීටා ගේ නව යොවුන් ප්‍රේමය හමුවේ හම්බට් හම්බට්ට බාධාවක් වන චරිතය නම් ක්විල්ට් ය. මේ ක්විල්ටි නිසා හම්බට් හම්බට් ගේ ජීවිතය සහ ආදරය බේරා ගැනීමට ඔහුට ක්විල්ටිට එරෙහිව කරන්නට වන කැතවැඩ ප්‍රමාණය අතිමහත්ය. ක්විල්ටි නිසා මහත් අසහනයට පත්වන හම්බට් හම්බට් සිය නව යොවුන් ප්‍රේමවන්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් ක්විල්ටිට කරන්නට සූදානම්ය. ඇත්තටම ක්විල්ටි යනු කවුද? ක්විල්ටි යනු හම්බට් හම්බට් ගේම ජීවිතයේ ෆැන්ටසියයි. තමන්ට ලොලිටා නැමති නව යොවුන් ගැවර තරුණියගේ ලිංගික පහස උපරිමයෙන් භුක්ති විදින්නට ඇති බාධාව ක්විල්ටි යැයි ඔහු කල්පනා කළත් ඇත්තටම එය ඔහුගේම ෆැන්ටසියක් මිස ක්විල්ටි තුළ ඇතැයි හම්බට් හම්බට් සිතන සාරය නොවේ. හම්බට් හම්බට් ඇත්තටම බිය ඔහුගේම නොහැකියාවට මිස ක්විල්ටිට නොවේ. ක්විල්ටි යනු ඔහුගේ නොහැකියාව බාහිරට ප්රක්ශේපණය කරනු ලබන ඔහුගේම අනෙක් අර්ධයයි.
වර්ථමානයේ නව දේශපාලනයක් වෙනුවෙන් යැයි කියා ඇතැමුන්ට දයා පතිරණ ගේ අවතාරය යළි මිනී වලෙන් නැගිට්ටවා පිල්ලියක් කර සිය සතුරන්ට එහෙරිව භාවිතා කරන්නට අවශ්‍යව ඇත. නමුත් බොහෝ දෙනා තමාගේ පොදු සතුරා ලෙස සළකන පුද්ගලයා යනු ඇත්තටම ඔවුන්ගේම ෆැන්ටසියක් මිස බාහිර යථාර්ථයක් නෙවි. අපේම ජීවිතයේ අශ්ලීල අර්ධය වෙනත් පුද්ගලයෙකු මතට වැටි යළි අප දෙසටම ප්රක්ශේපණය වන විට අප මේ තරම් බියට පත්වන්නේ ඇයි?
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය