දයා_අල්විස් අභාවප්‍රාප්ත වෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    දයා_අල්විස් අභාවප්‍රාප්ත වෙයි

    රංගන ශිල්පි දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ රිය අනතුරකට ලක්ව දින 10ක් පමණ තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. වැඩිදුර කරුණු දැක්වුවා එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසුවේ මීට දින 10කට පමණ පෙර දයා අල්විස් මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවයි. ඒ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිහිසුන්ව සිටියදීයි.

    එහිදී සිදු කරන ලද සී.ටී. ස්කෑන්වලදී ඔහුගේ මොලයෙන් විශාල ප්‍රමාණයේ ලේ ගැලීම් තුන හතරක් ඇති බවට අනාවරණ වූ බවද වෛද්‍ය සුසිත මහතා පවසනවා. සිදු කරන ලද ශල්‍යකර්මවලින් එම ලේ ගැලීම් නැවතීමට සමත් වුවද ඒ වන විටත් ඔහු යන්ත්‍රවල බලයෙන් සිටි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පවසනවා. ඒ අතරම අල්විස් මහතාගේ වකුගඩු, අක්මාව සහ හෘදය වස්තුවද දිගින් දිගටම අයහපත් අතට හැරුණු බවත් මොලයේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් තිබියදී ඔහුට හෘදයාබාධයක් ඇති වූ බවද වෛද්‍ය සුසිත මහතා පවසනවා.

    ඊයේ උදෑසන සිට ඔහුගේ රුධිර පීඩනය අඩු වූ බවත් ඉන් පසුව ඖෂධ මගින් රුධිර පීඩනය පවත්වාගෙන ආ බවත් එහෙත් අවාසනාවන්ත ලෙස අද අලූයම 3.50ට පමණ ඔහු මරණයට පත්වූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.




    logo.png
     
    • Like
    Reactions: Magodis-Thuma

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :( :( :(

    නිවටයා, බෝඩිමේ වෙද මහත්තයා :( :( :(
    මේ චරිත දෙක මැරෙනකං අමතක වෙන්නේ නෑ..
    කැ* ත්‍රීවිල්කාරයෝ... :angry:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :( :( :(

    නිවටයා, බෝඩිමේ වෙද මහත්තයා :( :( :(
    මේ චරිත දෙක මැරෙනකං අමතක වෙන්නේ නෑ..
    කැ* ත්‍රීවිල්කාරයෝ... :angry:

    හැබැයි ඉතින් කැ* ත්‍රීවිල්කාරයෝම තමයි හදිසියකදි උදව්වට ඉන්නෙ ලේ බහින මිනිහෙක් කාර් වෑන් වලට ගන්න බෑ කියද්දි කැ* ත්‍රීවිල්කාරයෝම තමයි පිහිටවෙන්නෙ...

    මම ත්‍රීවිල්කාරයෙක් නෙමෙයි :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි ඉතින් කැ* ත්‍රීවිල්කාරයෝම තමයි හදිසියකදි උදව්වට ඉන්නෙ ලේ බහින මිනිහෙක් කාර් වෑන් වලට ගන්න බෑ කියද්දි කැ* ත්‍රීවිල්කාරයෝම තමයි පිහිටවෙන්නෙ...

    මම ත්‍රීවිල්කාරයෙක් නෙමෙයි :rolleyes:

    :no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් දැකලා තියෙන්නේ
    මෙයාව වසූදා එකේ තමා වැඩියම :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ....

    අවුරුද්දට කලින් නිමල් මෙන්ඩිස්
    අවුරුද්ද ඉවර වුණා විතරයි හරූන් ලන්ත්‍රා
    දැන් ඔහු.........:(
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    nobp7t.png


    මනුස්සයෙක් මරුනහම ඒ මනුස්සයට නිවන් සුව ලැබෙන්න ඕනේ කියල ප්‍රාර්ථනා කරහමත් රේප් කපන උන් ඉන්නේ... දයා අල්විස් වගේ වටිනාමනුස්සයෝ අකාලේ නැති වෙන කාලේ.. මේ වගේ කාලකන්නි මැරෙන් නැනේ....