දරුණු ගණයේ රොකට් ප්‍රහාරයක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    ගාසා තීරෙදි රෙකෝර්ඩ් කරපු වීඩියෝ එකක් නෙවේ කියලා ෂුවර් ද? 🙄 ඊශ්‍රායල් පලස්තීනකාරයොත් කොරවෙනවා මේවා දැක්කොත්.🥴
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සිරාවටම ආසයි බන් පොඩි කාලේට යන්න. ඉස්සර අපි අවුරුදු එන්න කලින්ම රතින්නා ගන්න විදියක් කල්පනා කරනවා. මම ගෙනාවේ ජම්බෝ පැක් එක ඒක රු 65 තිබ්බේ 1995 වගේ. තව සුපිරිම එකක් තිබ්බා හනුමා කියලා. අවුරුද්ද ලබනකොට දාන්නේ රෑ 12 වෙනකන් නැගිටලා ඉන්නවා. අහස්කුරු ගස්ලබු බටේ දාල ඇරියේ 🥰
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    සිරාවට පොඩි කාලේ මතක් වුනා. අපිට ඒ කාලේ හිටිය හතුරෝ සෙට් එකක්. හතුරෝ කිව්වේ අපේ ක්‍රිකට් ප්‍රතිවාදීන්. අපි කිව්වේ උඩහ උන් කියල. උන් සෙට් එක අපිට වැඩිය වැඩිමල්. අපි OL කාලේ, ඒත් උන්ගේ සමහර උන් බැඳලත් එක්ක. දෙගොල්ලොම ක්‍රිකට් ගහන්න එන්නේ එකම පොල් වත්තකට. ඉතින් ගේම උනුත් එක්ක. ( හැබැයි එළියේදී හම්බඋනාම ෆිට් )

    අවුරුද්දට අපි අහස් වෙඩි ගහ ගන්නවා පොල් ඉඩමේ දෙපැත්තේ ඉඳගෙන. අපි කැත්තක යකඩ බටේට දාල තමයි aim එක ගන්නේ. පැය ගානක් යනවා වැඩේ. ෆුල්ම ආතල් ඒ කාලේ.