සිරාවට පොඩි කාලේ මතක් වුනා. අපිට ඒ කාලේ හිටිය හතුරෝ සෙට් එකක්. හතුරෝ කිව්වේ අපේ ක්‍රිකට් ප්‍රතිවාදීන්. අපි කිව්වේ උඩහ උන් කියල. උන් සෙට් එක අපිට වැඩිය වැඩිමල්. අපි OL කාලේ, ඒත් උන්ගේ සමහර උන් බැඳලත් එක්ක. දෙගොල්ලොම ක්‍රිකට් ගහන්න එන්නේ එකම පොල් වත්තකට. ඉතින් ගේම උනුත් එක්ක. ( හැබැයි එළියේදී හම්බඋනාම ෆිට් )
අවුරුද්දට අපි අහස් වෙඩි ගහ ගන්නවා පොල් ඉඩමේ දෙපැත්තේ ඉඳගෙන. අපි කැත්තක යකඩ බටේට දාල තමයි aim එක ගන්නේ. පැය ගානක් යනවා වැඩේ. ෆුල්ම ආතල් ඒ කාලේ.