දරුවන් මේ ලෝකෙට බිහි කරන එක වැරද්දක්ද?

AnuradhaRa

Well-known member
  • මොනවා කියන්නද . මම ඔය උඩ කියල තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. මිනිස්සු ටික මරල දැම්මනම් උන් දුකෙන් මුදවා ගන්න තිබ්බ. තිරිසන් සත්තු ටික මරුවන්ම් උන්ව තිරිසන් අපායෙන් මුදවාගන්න තිබ්බ. කොටින්ම පරමාණු බෝම්බයක් ගහල ඔක්කොම ඉවර කරලා දැම්මනම් හරි ඔය ලොජික් වලට අනුව. කවුරුත් දුක් විදින්නේ නෑ .

    ඔය විදියට හිතුවොත් ගබ්සාව හරි වෙන්න ඕනේ.
    ආතල් එකක් අරගෙන ළමය බිහි කරන්නේ නැතුව දුකක් දෙන්නේ නැතුව මරල දානව 🤭
    ගබ්සාවනං කොහොමත් වැරදියි මචං. මිනි මරනව වගේ වැඩක්නෙ
    උපත් පාලනය හොදයි :)
    කතෝලික ආගමේ තියෙනව උපත් පාලනයත් පාපයක් කියල :shocked:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක

    ඔය ත්‍රෙඩ් එකේ ලොජික් එක විදියට ගබ්සාව වැරදි නෑ .
    දුකක් දෙන්නේ නැතුව ළමය බිහි නොකර ඉන්න එක නේ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අපෙ තාත්තා මට කිව කතාවක්
    එයා කසාද නොබැද ඉන්න ඉදලා තියෙන්නෙ,දවසක් ඉස්පිරිතාලෙ අසනීප වෙලා ඉන්නකොට එයාගෙ සහෝදර සහෝදරියෝ එයා උන්නද මලාද බලන්නවත් ආවෙ නෑලු(ආච්චී සීයයි වයස නිසා එන්න අමාරු නිසා ආවෙ නෑලු). එයා ඉස්පිරිතාලෙ ඉන්නකොට එයාට එහාපැත්තෙ ඇදේ ඉදලා තියෙන්නෙ අපෙ සීයා(අම්මගෙ තාත්තා),සීයට එයාගෙ ලමයි සලකනව දැකලා තාත්තට හිතිලා මම තනිකඩව හිටියොත් මාව අන්තිමෙට බලාගන්න කෙනෙක් නෑ නේද කියලා ඊටපස්සෙ එයා සනීප වෙලා ආවට පස්සෙ අපේ ගෙවල් පැත්තෙ මගුල් කපුකම් කරන කෙනෙක්ට කීවලු එයාට කෙනෙක් හොයන්න කියලා ඊටපස්සෙ කෙනෙක්ව හොයලා ඒ අපෙ අම්මා ඊටපස්සෙ දෙන්න ඉතින් බැදලා මාව හැදුවා ඊටපස්සෙ නංගි කෙනෙක් හැදුවා,ගෙවල් පැත්තෙ කාලකන්නි හුත්තිගෙ පුතෙක් තාත්තා එක්ක රන්ඩුවක් දාගෙන ඊටපස්සෙ අම්මා ශොක් වෙලා නංගි බඩ ඇතුලෙම නැති උනා(නංගි කෙනෙක් හම්බෙන්න හිටිය කතාව මම ලගදි දන්නෙ),තාත්තා මට කියනවා එයා මාව හැදුවෙ එයාගෙ ජීවිත රක්ශනය විදිහටලු ඒ උනාට එයා එහෙම හිතලා කරේ වැරැද්දක්ලු,ඒයා කියනවා එයා අසනීප උනාම වැඩිහිටි නිවාසෙකට ගිහින් දාන්නලු එක්කො ගේ පිටිපස්සෙ ලනු ඇදක් දාලා ඒකට දාන්නලු,එයාලා නිසා මගෙ ජීවිතේ නාස්ති කරගන්න එපාලු මට මගෙ ගමන යන්නලු.(හැබැයි මම ඒ දෙන්නට එහෙම කරන් නෑ මට පුලුවන් උපරිමෙන් මම ඒ දෙන්නව බලාගන්නවා)
     
    AnuradhaRa

    Well-known member
  • අපෙ තාත්තා මට කිව කතාවක්

    මටත් නංගි කෙනෙක් ඉන්නව :)
     
    • Love
    Reactions: Himazharin

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    nop kawuruwath ipadila ne.ipadila kiyala samutiyen hadagena tiyenne.metana wela tiyenne sithakata rewatila witarai.lamai hadana,hadanne nethi katha okoma samutiye katha.
    Emios gay බණ අහපුවාම

    Confused Kid Cudi GIF by Apple Music

    Confused Thinking GIF by MOODMAN
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔය මොන රෙද්දක් වත් නෑ බන් මොකක් හරි ගේමක් ගහලා මේ පෘථිවිය පුපුරලා දැම්මා නම්.
    මෙ පකෝ බෝලේ කැරකි කැරකි තියෙනකම් නම් කවදාවත් මේකෙන් ගැලවීමක් නෑ.
     
    • Love
    • Dislike
    Reactions: krisco and sahases

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    YES!

    ඕපී එකෙන් කතාකරන්න හදන දේම නෙමෙයි මේ රිප්ලයි එක අහන්නෙ නේ ?

    බෞද්ධ දහම තුල "උප්පද්දවන" අයෙක් නැහැ, ඉපැදෙන අය පමණයි ඉන්නෙ. මහානිධාන සූත්‍රය අනුව දෙමව්පියන්ගේ එකතු වීමත් එකතුවීම හා සමපාතව ඉපදෙන්න හේතු සාධක ඇති සත්වයෙකුත් සිටිය යුතුයි. කන්ඩිශන්ස් ගොඩක් බැලන්ස් වීම මත තමා මනුශ්‍ය ගැබක දරුවෙක් පිහිටන්නෙ. ඒ ඉපදීම අම්මා, තාත්තා හෝ ඉපදෙන දරුවාට වත් පාලනයක් නැහැ.

    බෞද්ධ ඉගැන්වීම මතම හිතුවොත් , සියලුම මිනිසුන් ලමයි හදන එක නතර කලොත් ඒ ඉපදෙන්න සුදුසු සත්වයෝ අණ්ඩජ, ජලාබුජ, සංසේජද හෝ ඕපපාතික යන ආකාර හතරෙන් එකකට යටත්ව බිහිවෙයි. ඒ කිව්වෙ මනුශ්‍ය උපත අණ්ඩජ, සංසේජද,ඕපපාතික යන ආකාර වලින් සිදුවෙන්න පටන් ගනීවි.

    එහෙමත් නැතිනම් මනුශ්‍ය උපතක් සඳහා අවශ්‍ය කරුණු සම්පූර්ණ නොවීම නිසා (සුදුසු දෙමාපියන් නොසිටීම) වෙනත් උපතක් සඳහා අවශ්‍ය කරුණු සියලල්ම සම්පූර්ණ නම් (දේව, තිරිසන් අපාය) එතනට යාවි කර්මානුරූපව. හරියට කාල විපත්තියකට අහුවුනා වගේ. මනුශ්‍ය උපතකට සුදුසුකම් තිබුනත් ඒ කාලයේ මනුෂ්‍යයින් අතර "දෙමව්පිය එක්වීම" සිදු නොවෙන නිසා ඒ කර්මයට බලවත් වෙලා ප්‍රතිඵල දෙන්න අවස්ථාව ඇහිරී යනවා. එම නිසා වෙනත් කර්මයක් විපාකයක් විදිහට ඉදිරියට ඒවි.

    ඉහත දෙකම අනුමාන, ඕකෙන් කෝක හරි වෙන්න ඉඩ තියනවා.

    රාගා ද්වේශ මෝහ නැති කරනවානම් ළමයි හදන්න බෑ. මදර් මේරිට වගේ ඉබේ ළමයෙක් හැදුනොත් ඇරෙන්න.
    ------ Post added on Jan 1, 2023 at 3:47 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    YES!

    රාගා ද්වේශ මෝහ නැති කරනවානම් ළමයි හදන්න බෑ. මදර් මේරිට වගේ ඉබේ ළමයෙක් හැදුනොත් ඇරෙන්න.
    ------ Post added on Jan 1, 2023 at 3:47 PM
    එතකොට අම්බපාලි , මහා පදුම දේවිය ඉපදුනේ කොහොමද කියලා කවුරු හරි ඇහුවොත් මොකද්ද කියන්නේ ?
    ඔය වගේ බහුබූත උපතවල හැම ආගමේම තියනව බන් :rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    රාගා ද්වේශ මෝහ නැති කරනවානම් ළමයි හදන්න බෑ.

    ජෙනරලි ඔව්, නමුත් එකඟ නැහැ.

    ශ්‍රමණභාවය කියන්නෙම ළමයින්ගෙන් ඈත් වීමක්නෙ. ඒ වගේම භික්ෂු භික්ෂුණීන්ට තවත් ගැහැනියෙක් හෝ පිරිමෙයික් එක්ක සංවාසයත් තහනම් කලා. ඒ කියන්නෙ අලුතෙන් ලමයි හැදෙන එකත් නවතලා තමා ශ්‍රමණ භාවයට එනකොට එන්නෙ.

    ඔතනදි විරුද්ධ ලිංගිකයෙක් එක්ක විතරක් නෙමෙයි, විශමලිංගික, සමලිංගික, පණ්ඩුක, සත්තු, මලමිනී සහ පණ නැති භෞතික වස්තූන් යන සියල්ල සමගම ලිංගිකව හැසිරීමත් තහනම් කලා. එතනිනුත් නොනැවතී උවමනාවෙන් ශුක්‍ර මෝචනය කරමින් ලිංගික තෘප්තියක් ලැබීමත් තහනම් කලා. හැබැයි ඉහත සියල්ල ශ්‍රමණයන්ට අදාලව තමා දේශනා වෙන්නෙ.

    ඒ නිසා ඕක "එහෙම් පිටින්ම" ගිහියන්ට අදාල කර ගන්න එක උපසම්පදා ශීලය ගිහියන්ට ආරෝපණය කරන්න හදන නොගැලපෙන උත්සහයක්. ගිහි ජීවිතයෙ අරමුණු විවිධයි. පැවිදි ජීවිතයෙ එකම අරමුණයි.

    ඒ අරමුණ තමා වහ වහා නිවන් අවබෝධය. සබ්බ දුක්ඛ නිස්සණ නිබ්බාන සච්චිකරනත්ථාය ඒතං කසාවත්තං දත්වා පබ්බාජේතමං භන්තේ අනුකම්පං උපාදාය කියලා; "සියලු දුක් වලින් මුදවන උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස, අනුකම්පා කොට මා හට පැවිද්ද ලබාදෙන්න" කියලා උක්කුටියෙන් ඉඳගෙන පැවිද්ද ඉල්ලන්නෙත් නිර්වාණය තමන්ම සාක්ෂාත් කරගන්නයි. පැවිදි වීමේදි මුඛ්‍ය පරමාර්ථය නිවනයි. ගිහි ජීවිත වල මුඛ්‍ය පරමාර්ථ විවිධයි.

    නමුත් ගිහියන්ටත් ගිහිකම තුල ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න\මාර්ගය වඩන්න පුලුවන්. ඒ තුල අර කියාපු "වහ වහා අවබෝධය" වත් "මුඛ්‍ය පරමාර්ථය" වීම වත් කියන දෙකම නැහැ.
     
    Last edited:

    නිවන් යන එක නෙමේද අරමුණ වෙන්න ඕනෙ එතකොට? ළමයි එහෙම හදල පස්සෙ හෙමීට ඒක කරගන්න පුලුවන් නේද.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    fine. so what caused all this? if everything is illusion why illusion happened? Why we need to work towards get rid of it?
    Nothing to get rid off.nothing caused anything.

    නිවන් යන එක නෙමේද අරමුණ වෙන්න ඕනෙ එතකොට? ළමයි එහෙම හදල පස්සෙ හෙමීට ඒක කරගන්න පුලුවන් නේද.
    Who goes to nivana?No one was there in the first place.
    ------ Post added on Jan 1, 2023 at 5:27 PM
     
    • Like
    Reactions: kevin_levin

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Nothing to get rid off.nothing caused anything.

    Who goes to nivana?No one was there in the first place.
    ------ Post added on Jan 1, 2023 at 5:27 PM
    නිවන් දැක්කම නෙමෙද දුකින් මිදෙන්න පුලුවන්? ඒක නෙමේද බුදු දහමෙ තියෙන්නෙ?
    නිවන් දැක්ක කියන කෙනා ඒකට යන මාර්ගෙ නෙමෙද තියෙන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    නිවන් දැක්කම නෙමෙද දුකින් මිදෙන්න පුලුවන්? ඒක නෙමේද බුදු දහමෙ තියෙන්නෙ?
    නිවන් දැක්ක කියන කෙනා ඒකට යන මාර්ගෙ නෙමෙද තියෙන්නෙ?
    Niwan dakinna kenek ne.niwan dakinna kenek hitiyema nethi bawa realize wena point eka tama niwan dekima.udu gam bala pinanawa kivve ekai.
     
    • Like
    Reactions: kevin_levin

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    matath oya prashne thibuna. niwana avashya wanne ipadunu nisa.
    api lamun nohada hitiyoth jeewaya awasan wewi. niwan dakinna dagalanna one naha. (habai saththu welaa ipadei neda?)
    සත්තු ඉපදෙන ක්‍රමයක් ඔ්ප පාතික
    සත්තු යැයි අදහස් කළේ තිරිසන් සතුන් ද?
    මිනිසුන්, දෙවිවරුන් ආදීනුත් ඕපපාතික ඉපදෙනවා. කිනම් භවයක වුවත් ඉපදීම දුකක්. කෙලෙස් තිබෙනකම්, නිවන් අවබෝධ නොවන තාක් දිගටම ඉපදි, ඉපදි මැරෙනවා.

    දැන් නිවන යන කාරණය ලොව පුරා තිබෙන ආගම් සමඟ ගත්කළ ගැටළුවක් ද?
    නැහැ. ගැටළුව නම් බුදු දහමත් තවත් එක් ආගමක් / ඇදහීමක් / දෙවියන්/ දේවත්වය මූලික වූ ආදී (එනම්, යූටියුබ්, විමීයෝ, ඩේලි මෝෂන් ආදී සේවාවක් මෙන් තවත් මෙටාකැෆේ වැනි සේවාවක්) ලෙස වරදවා වටහා ගැනීමයි. තවද, ගෝලීය ආගම් තරඟයට බුදු දහම අදාළ නැහැ.
    යම්කිසි නිෂ්පාදනයකට අදාළ නොවන ව්‍යාපාරයක් සමඟ අන් ව්‍යාපාරිකයින්ට ගැටළුවක් නැහැනේ. එසේ නමුත් යම් යම් දෑ පොදුවේ අඩංගු වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් ගත්කළ බුදු දහමේ මුඛ්‍ය පරමාර්ථය, අභිප්‍රාය වෙනස්.

    මිනිසුන් ඕපපාතිකව ඉපදීම තරමක් භයානකයි. හොඳ භාරකරුවෙක් ලැබුනේ නැතොත් ජීවිතේ අනාථයි. යහපත් දෙමාපියෝ ඉඳලත් කීදෙනෙක් නම් ජීවිතය නාස්ති කර ගන්නවා ද. එලකිරියෙත් කුණුහරප කියාගෙන දෙමාපියන්ටත් ලැජ්ජ කරන අතලොස්සක් ඉන්නවනේ.

    ඔය විදියට හිතුවොත් ගබ්සාව හරි වෙන්න ඕනේ.
    ගබ්සාව ප්‍රාණඝාතයක්, එහි වෙනසක් නැහැ. මවගේ ගැටළුවක් නිසා හෝ කර්මානුරූප හේතුවක් මත අතහැර ගියවිට තමයි වැඩීම නතර වී මළ දරු උපත් සිදු වෙන්නේ.
    ඔබ බිත්තර (උදා. කුකුල් බිත්තර) කෑමත් ප්‍රාණඝාතයක්. බිත්තරය තුළ ප්‍රතිසන්ධිය ලද අයෙක් ඉන්නවා, නැතිනම් එය වර්ධනය වෙන්නේ නැහැ. කුණුවෙනවා. එය තහවුරු කර ගැනීමටයි ඔබ බිත්තර වතුර භාජනයකට දමා බලන්නේ. යට යන ඒවා තමයි හොඳ. ඉතිං පිළිගන්නේ නැතිනම්, මිනිස්සුත් වතුර උඩ පාවෙන්න ගන්නේ මළාට පසුව තමයි, නැතිනම් ගිලෙනවා.

    අතහැර ගිය මොහොතේ සිට කුණු වීම ආරම්භ වෙනවා, දැන් ඉතිං ප්‍රාණඝාතයක් නොකර බිත්තර කන්න පුළුවන් ද? පුළුවන්, ඒකට චුතූපපාත ඤාණය හෙවත් සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ ලබාගෙන තියෙන්න ඕන :ROFLMAO: එතකොට, අන්න ගියා මචං, දැන් කන්න පුළුවන් කියලා තම්බාගෙන කෑ හැකියි. :giggle:

    හැබැයි ඉහත සඳහන් නුවණ ලබාගත් අයෙක්, ඔය ජරා, හිරිකිත ශරීර කොටස් තමන්ගේ පෝෂණයට යැයි ආදී දෑ පවසමින් කන්න පෙළඹෙන්නේ නැහැ.

    නමුත් සිතන්න, මුල් කාලයේ දී මව් කුස තුළ සිටින අපට මෙන්ම බිත්තරය තුළ සිටින කෙනාට ද වේදනාව දැනෙනවා හා සංවේදන තිබෙනවා. කුඩා කාලය ගැන ඉතා පැහැදිලි මතකයක් නැහැ වගේ දැන් අපට ඒවා මතක නැහැ මව් කුසක ස්වභාවය හා ඊට බැසගත් අයෙකු උපත ලබන තෙක් ලබන වේදනාව බුදු රජාණන් වහන්සේ දීර්ඝව දේශනා කරලා තියනවා. (එක් කළොත් මෙම පණිවිඩය ගොඩක් දිග වෙනවා)

    දැන් ඔබ බිත්තර උණු වතුරට දමා තම්බන විට එහි ප්‍රතිසන්ධිය ලබා සිටින කෙනාට අධික වේදානාවක් දැනෙනවා. හිතන්න ඔබ පණ පිටින් තම්බන විට කෙසේ දැනේද? එළෙසමයි.
    කුකුළන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධයක් නැතත් ඔබ හංස, තාරා ජෝඩු; දරුවන් සමඟ සතුටින් ඉන්නවා දැකලා ඇති. දැන් ඔබ එයත් අවහිර කරලා ජීවිතය පුරා ඔබට දිනපතා හෝ සතිපතා කන්න ලදරු කළල (බිත්තර) ප්‍රසූත කරන කුඩා මඩු, හෝ විශාල ප්‍රසූතාගාර රට පුරා පවත්වාගෙන යන තත්වයට කටයුතු සලස්වා තිබීමෙන් ඔබ සංසාරයට එකතු කර ගන්නා අකුසල කර්ම කෙතරම් දැයි මා සමඟ වාද නොකර අවංකව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.

    විවේකයක් ලද විට අදාළ වන දහම් කරුණු කියවා බලන්න.

    ඔය විදියට හිතුවොත් ගබ්සාව හරි වෙන්න ඕනේ.
    ආතල් එකක් අරගෙන ළමය බිහි කරන්නේ නැතුව දුකක් දෙන්නේ නැතුව මරල දානව 🤭
    ඕපපාතිකව ඉපදෙන සත්තු අපේ ගෙදරත් ඉන්නවා. දෙහිකොළයා, දරමිටියා වගේ උන්, ටික දවසකින් මැරිලා යනවා. ගම්වල ඉන්න අයට නම් ඕව මැජික් නොවේ. දැන් මේ සමහර ඇත්තන්ට අනුව උන්වත් තලල දාන්න ඕන. නොදකිං.

    උපත් පාලනය හොදයි :)
    කතෝලික ආගමේ තියෙනව උපත් පාලනයත් පාපයක් කියල :shocked:
    බුදු දහමෙත් තියනවා. මොඩර්න් සොසයිටියේ අය වැඩේ කරන්න ඕන නිසා නෑ කියාගෙන එන්න හදයි. :LOL:

    භික්ෂු භික්ෂුණීන්ට තවත් ගැහැනියෙක් හෝ පිරිමෙයික් එක්ක සංවාසයත් තහනම් කලා. ඒ කියන්නෙ අලුතෙන් ලමයි හැදෙන එකත් නවතලා තමා ශ්‍රමණ භාවයට එනකොට එන්නෙ.

    ඔතනදි විරුද්ධ ලිංගිකයෙක් එක්ක විතරක් නෙමෙයි, විශමලිංගික, සමලිංගික, පණ්ඩුක, සත්තු, මලමිනී සහ පණ නැති භෞතික වස්තූන් යන සියල්ල සමගම ලිංගිකව හැසිරීමත් තහනම් කලා. එතනිනුත් නොනැවතී උවමනාවෙන් ශුක්‍ර මෝචනය කරමින් ලිංගික තෘප්තියක් ලැබීමත් තහනම් කලා. හැබැයි ඉහත සියල්ල ශ්‍රමණයන්ට අදාලව තමා දේශනා වෙන්නෙ.

    ඒ නිසා ඕක "එහෙම් පිටින්ම" ගිහියන්ට අදාල කර ගන්න එක උපසම්පදා ශීලය ගිහියන්ට ආරෝපණය කරන්න හදන නොගැලපෙන උත්සහයක්. ගිහි ජීවිතයෙ අරමුණු විවිධයි. පැවිදි ජීවිතයෙ එකම අරමුණයි.

    ඒ අරමුණ තමා වහ වහා නිවන් අවබෝධය. සබ්බ දුක්ඛ නිස්සණ නිබ්බාන සච්චිකරනත්ථාය ඒතං කසාවත්තං දත්වා පබ්බාජේතමං භන්තේ අනුකම්පං උපාදාය කියලා; "සියලු දුක් වලින් මුදවන උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස, අනුකම්පා කොට මා හට පැවිද්ද ලබාදෙන්න" කියලා උක්කුටියෙන් ඉඳගෙන පැවිද්ද ඉල්ලන්නෙත් නිර්වාණය තමන්ම සාක්ෂාත් කරගන්නයි. පැවිදි වීමේදි මුඛ්‍ය පරමාර්ථය නිවනයි. ගිහි ජීවිත වල මුඛ්‍ය පරමාර්ථ විවිධයි.

    නමුත් ගිහියන්ටත් ගිහිකම තුල ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න\මාර්ගය වඩන්න පුලුවන්. ඒ තුල අර කියාපු "වහ වහා අවබෝධය" වත් "මුඛ්‍ය පරමාර්ථය" වීම වත් කියන දෙකම නැහැ.
    හරි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    ගබ්සාව ප්‍රාණඝාතයක්, එහි වෙනසක් නැහැ. මවගේ ගැටළුවක් නිසා හෝ කර්මානුරූප හේතුවක් මත අතහැර ගියවිට තමයි වැඩීම නතර වී මළ දරු උපත් සිදු වෙන්නේ.
    ඔබ බිත්තර (උදා. කුකුල් බිත්තර) කෑමත් ප්‍රාණඝාතයක්. බිත්තරය තුළ ප්‍රතිසන්ධිය ලද අයෙක් ඉන්නවා, නැතිනම් එය වර්ධනය වෙන්නේ නැහැ. කුණුවෙනවා. එය තහවුරු කර ගැනීමටයි ඔබ බිත්තර වතුර භාජනයකට දමා බලන්නේ. යට යන ඒවා තමයි හොඳ. ඉතිං පිළිගන්නේ නැතිනම්, මිනිස්සුත් වතුර උඩ පාවෙන්න ගන්නේ මළාට පසුව තමයි, නැතිනම් ගිලෙනවා.

    අතහැර ගිය මොහොතේ සිට කුණු වීම ආරම්භ වෙනවා, දැන් ඉතිං ප්‍රාණඝාතයක් නොකර බිත්තර කන්න පුළුවන් ද? පුළුවන්, ඒකට චුතූපපාත ඤාණය හෙවත් සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ ලබාගෙන තියෙන්න ඕන :ROFLMAO: එතකොට, අන්න ගියා මචං, දැන් කන්න පුළුවන් කියලා තම්බාගෙන කෑ හැකියි. :giggle:

    හැබැයි ඉහත සඳහන් නුවණ ලබාගත් අයෙක්, ඔය ජරා, හිරිකිත ශරීර කොටස් තමන්ගේ පෝෂණයට යැයි ආදී දෑ පවසමින් කන්න පෙළඹෙන්නේ නැහැ.

    නමුත් සිතන්න, මුල් කාලයේ දී මව් කුස තුළ සිටින අපට මෙන්ම බිත්තරය තුළ සිටින කෙනාට ද වේදනාව දැනෙනවා හා සංවේදන තිබෙනවා. කුඩා කාලය ගැන ඉතා පැහැදිලි මතකයක් නැහැ වගේ දැන් අපට ඒවා මතක නැහැ මව් කුසක ස්වභාවය හා ඊට බැසගත් අයෙකු උපත ලබන තෙක් ලබන වේදනාව බුදු රජාණන් වහන්සේ දීර්ඝව දේශනා කරලා තියනවා. (එක් කළොත් මෙම පණිවිඩය ගොඩක් දිග වෙනවා)

    දැන් ඔබ බිත්තර උණු වතුරට දමා තම්බන විට එහි ප්‍රතිසන්ධිය ලබා සිටින කෙනාට අධික වේදානාවක් දැනෙනවා. හිතන්න ඔබ පණ පිටින් තම්බන විට කෙසේ දැනේද? එළෙසමයි.
    කුකුළන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධයක් නැතත් ඔබ හංස, තාරා ජෝඩු; දරුවන් සමඟ සතුටින් ඉන්නවා දැකලා ඇති. දැන් ඔබ එයත් අවහිර කරලා ජීවිතය පුරා ඔබට දිනපතා හෝ සතිපතා කන්න ලදරු කළල (බිත්තර) ප්‍රසූත කරන කුඩා මඩු, හෝ විශාල ප්‍රසූතාගාර රට පුරා පවත්වාගෙන යන තත්වයට කටයුතු සලස්වා තිබීමෙන් ඔබ සංසාරයට එකතු කර ගන්නා අකුසල කර්ම කෙතරම් දැයි මා සමඟ වාද නොකර අවංකව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.

    විවේකයක් ලද විට මෙම කරුණු සඳහා අදාළ වන සූත්‍ර කියවා බලන්න.
    අපෝ මම ඔය මවු කුස ගැන කියලා තියන බයිලාව දැකල තියනව බන්.
    ඔක අරන් එන්න එපා. හිනා යනව ඒ කියලා තියන දේවල් එක්ක. 🙃

    උණුවතුර බිව්වම බඩේ ඉන්න ළමය පිච්චෙන කතායි , කළුවරේ දුක් විදින කතායි වගේ, මල මුත්‍ර එක්ක ජිවත් වෙන් කතා වගේ මහා මෝඩ විදියට හිතල කියලා තියන දේවල්.
     
    AnuradhaRa

    Well-known member
  • දැන් ඔබ බිත්තර උණු වතුරට දමා තම්බන විට එහි ප්‍රතිසන්ධිය ලබා සිටින කෙනාට අධික වේදානාවක් දැනෙනවා. හිතන්න ඔබ පණ පිටින් තම්බන විට කෙසේ දැනේද? එළෙසමයි.
    කුකුළන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධයක් නැතත් ඔබ හංස, තාරා ජෝඩු; දරුවන් සමඟ සතුටින් ඉන්නවා දැකලා ඇති. දැන් ඔබ එයත් අවහිර කරලා ජීවිතය පුරා ඔබට දිනපතා හෝ සතිපතා කන්න ලදරු කළල (බිත්තර) ප්‍රසූත කරන කුඩා මඩු, හෝ විශාල ප්‍රසූතාගාර රට පුරා පවත්වාගෙන යන තත්වයට කටයුතු සලස්වා තිබීමෙන් ඔබ සංසාරයට එකතු කර ගන්නා අකුසල කර්ම කෙතරම් දැයි මා සමඟ වාද නොකර අවංකව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.
    :sorry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,731
    113
    එකමත් එක රටක
    හැබැයි ඉහත සඳහන් නුවණ ලබාගත් අයෙක්, ඔය ජරා, හිරිකිත ශරීර කොටස් තමන්ගේ පෝෂණයට යැයි ආදී දෑ පවසමින් කන්න පෙළඹෙන්නේ නැහැ.
    මොනවද උබ ඔය "ජරා" , "හිරිකිත" කියලා අදහස් කරේ?? :rofl:
    මහලොකුවට නුවන ලබා ගත්ත කෙනෙක් නම් දෙයක් දිහා බලන්න පුලුවන් වෙන්න ඕනේ.
    ජරාව , හිරිකිතයි වගේ දේවල් දෙයක් දිහා ඇලෙන්න ගියාම එන සිතුවිලි නෙවෙයි ද ? ඔය කියන නුවන වඩවා ගත්ත මනුස්සයට වැඩිය,
    දොස්තර , නර්ස් ඇත්ත තත්වය අවබෝද කරගෙන ජරාව , හිරිකිත කියන්නේ නැතුව ඇත්ත තත්වය අවබෝද කරගෙන ඒවා දිහා බලනව බන්. 🙃
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නිවන් යන එක නෙමේද අරමුණ වෙන්න ඕනෙ එතකොට?ළමයි එහෙම හදල පස්සෙ හෙමීට ඒක කරගන්න පුලුවන් නේද.

    අරමුණු විවිධයි කියලා තමයි මම කිව්වෙ. කැමති අයට කැමති විදිහට කරන්න පුලුවන්. නිවන් යන එක තමා බෞද්ධයෙකුගෙ අරමුණ විය යුත්තෙ. නමුත් හැමවිටම තියෙන්නෙ ඒ අරමුණද අපේ?

    උදෙන්ම නැගිටලා වැඩට යන්නෙ නිවන් යන අරමුණෙන් ද ? දවල්ට කන්නෙ නිවන් යන අරමුණෙන් ද ? ගෙවල් හදන්නෙ නිවන් යන අරමුණෙන් ද? දානයක් දෙන්නෙ "මේ දානය නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට හේතු වේවා" කියලද, "මේ දානය මට මේ ජීවිතේදිම ලැබේවා හෝ කාම සුගති වලට හේතුවේවා" කියලද ? කොටින්ම කිව්වොත් ග්‍රීන්තන්ඩර් වෙච්ච මම සෑම සිතුවිල්ලකම සෑම ක්‍රියාවකම බුදුහාමුදුරුවො කියන එක අහනවද ? ඔලුව ගිනිගත්ත කෙනෙක් ඒක නිමන්න හදනවා වගේ නිර්වාණාවබෝධයට මාර්ගය වඩනවද ?

    නැහැ.
    මගෙ සිත තුල බුදුහාමුදුරුවො ගැන අචල ශ්‍රද්ධාවක් නැහැ. බුදුන් කියූ සමහර දේවල් ගැන සැකය මන් තුලත් සමහරවිට උපදිනවා. සමහර දේවල් මම සැහැල්ලුවට ගන්නවා. සමහර ඒවා කල්දානවා. මම ගෙයක් හැදුවම, වාහනයක් ගත්තම ඒ තුල නිවනට එල්ල වෙච්ච අරමුණුම නෙමෙයි තියෙන්නෙ. මම එලිකිරි එන්නෙ නිවන් දකින්නද? මම දැනුවත්ව සහ නොදැනුවත්ව කෙලෙස් වලට හසුවෙන්න අවස්ථා බොහොම වැඩියි.

    එහෙත් භික්ශුවකගෙ ශීලය සැමවිටම සකස් කරලා තියෙන්නෙ නිවනට එල්ලකරලාමයි. උදෙන්ම නැගිටින්නෙ සිහියෙන්, කාමරය අතුපතු ගාලා මිදුල අමදින්නෙ ඉරියාපත පබ්බයෙන්, ආහාර ගන්නෙ ප්‍රත්‍යවේක්ශාවෙන්/සිහියෙන්, ආරාමය සකස් කරගන්නෙ නිවන් දකින තෙක් කය රැකගන්න කියන උවමනාවෙන්. නිවන් අවබෝධයට අවශ්‍ය කරන "සිහිය" (සම්මා සතිය) තුලමයි භික්ෂු චර්යාව ගොඩනැගෙන්නෙ. සීලය රකින්නා වූ භික්ෂුව දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙළෙස් වලට හසුවෙන්න අවස්ථා අඩුයි.

    මම ඉහත කී දේවල් කිරීම තුල මගේ සාංසාරික පුරුද්ද, වෙනස්වන උනන්දුව සහ ක්‍රියාත්මක වීම මත මගේ ගමන නිවනටත් අපායටත් කියන දෙටම යොමුවීමට සම්භාවිතාවය තියනවා. නමුත් භික්ෂු විනය තුල හැසිරෙනවානම් අපායගාමී වීම ඇත්තේම නැහැ, දිව්‍ය, බ්‍රහ්ම හෝ නිවන තමා උරුමය.

    ඒ නිසා "ලමයි" හදන අපි ඉන්නෙ ඉතාමත්ම අනතුරුදායක තැනක. අපිට සාපේක්ෂව භික්ෂුව ඉන්නෙ ඉතාමත් ආරාක්ෂාකාරී තැනක.
     
    • Like
    Reactions: S_M_S