matath oya prashne thibuna. niwana avashya wanne ipadunu nisa.
api lamun nohada hitiyoth jeewaya awasan wewi. niwan dakinna dagalanna one naha. (habai saththu welaa ipadei neda?)
සත්තු ඉපදෙන ක්‍රමයක් ඔ්ප පාතික
සත්තු යැයි අදහස් කළේ තිරිසන් සතුන් ද?
මිනිසුන්, දෙවිවරුන් ආදීනුත් ඕපපාතික ඉපදෙනවා. කිනම් භවයක වුවත් ඉපදීම දුකක්. කෙලෙස් තිබෙනකම්, නිවන් අවබෝධ නොවන තාක් දිගටම ඉපදි, ඉපදි මැරෙනවා.
දැන් නිවන යන කාරණය ලොව පුරා තිබෙන ආගම් සමඟ ගත්කළ ගැටළුවක් ද?
නැහැ. ගැටළුව නම් බුදු දහමත් තවත් එක් ආගමක් / ඇදහීමක් / දෙවියන්/ දේවත්වය මූලික වූ ආදී (එනම්, යූටියුබ්, විමීයෝ, ඩේලි මෝෂන් ආදී සේවාවක් මෙන් තවත් මෙටාකැෆේ වැනි සේවාවක්) ලෙස වරදවා වටහා ගැනීමයි. තවද, ගෝලීය ආගම් තරඟයට බුදු දහම අදාළ නැහැ.
යම්කිසි නිෂ්පාදනයකට අදාළ නොවන ව්‍යාපාරයක් සමඟ අන් ව්‍යාපාරිකයින්ට ගැටළුවක් නැහැනේ. එසේ නමුත් යම් යම් දෑ පොදුවේ අඩංගු වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් ගත්කළ බුදු දහමේ මුඛ්‍ය පරමාර්ථය, අභිප්‍රාය වෙනස්.
මිනිසුන් ඕපපාතිකව ඉපදීම තරමක් භයානකයි. හොඳ භාරකරුවෙක් ලැබුනේ නැතොත් ජීවිතේ අනාථයි. යහපත් දෙමාපියෝ ඉඳලත් කීදෙනෙක් නම් ජීවිතය නාස්ති කර ගන්නවා ද. එලකිරියෙත් කුණුහරප කියාගෙන දෙමාපියන්ටත් ලැජ්ජ කරන අතලොස්සක් ඉන්නවනේ.
ඔය විදියට හිතුවොත් ගබ්සාව හරි වෙන්න ඕනේ.
ගබ්සාව ප්‍රාණඝාතයක්, එහි වෙනසක් නැහැ. මවගේ ගැටළුවක් නිසා හෝ කර්මානුරූප හේතුවක් මත අතහැර ගියවිට තමයි වැඩීම නතර වී මළ දරු උපත් සිදු වෙන්නේ.
ඔබ බිත්තර (උදා. කුකුල් බිත්තර) කෑමත් ප්‍රාණඝාතයක්. බිත්තරය තුළ ප්‍රතිසන්ධිය ලද අයෙක් ඉන්නවා, නැතිනම් එය වර්ධනය වෙන්නේ නැහැ. කුණුවෙනවා. එය තහවුරු කර ගැනීමටයි ඔබ බිත්තර වතුර භාජනයකට දමා බලන්නේ. යට යන ඒවා තමයි හොඳ. ඉතිං පිළිගන්නේ නැතිනම්, මිනිස්සුත් වතුර උඩ පාවෙන්න ගන්නේ මළාට පසුව තමයි, නැතිනම් ගිලෙනවා.
අතහැර ගිය මොහොතේ සිට කුණු වීම ආරම්භ වෙනවා, දැන් ඉතිං ප්‍රාණඝාතයක් නොකර බිත්තර කන්න පුළුවන් ද? පුළුවන්, ඒකට
චුතූපපාත ඤාණය හෙවත් සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ ලබාගෙන තියෙන්න ඕන

එතකොට, අන්න ගියා මචං, දැන් කන්න පුළුවන් කියලා තම්බාගෙන කෑ හැකියි.
හැබැයි ඉහත සඳහන් නුවණ ලබාගත් අයෙක්, ඔය ජරා, හිරිකිත ශරීර කොටස් තමන්ගේ පෝෂණයට යැයි ආදී දෑ පවසමින් කන්න පෙළඹෙන්නේ නැහැ.
නමුත් සිතන්න, මුල් කාලයේ දී මව් කුස තුළ සිටින අපට මෙන්ම බිත්තරය තුළ සිටින කෙනාට ද වේදනාව දැනෙනවා හා සංවේදන තිබෙනවා. කුඩා කාලය ගැන ඉතා පැහැදිලි මතකයක් නැහැ වගේ දැන් අපට ඒවා මතක නැහැ මව් කුසක ස්වභාවය හා ඊට බැසගත් අයෙකු උපත ලබන තෙක් ලබන වේදනාව බුදු රජාණන් වහන්සේ දීර්ඝව දේශනා කරලා තියනවා. (එක් කළොත් මෙම පණිවිඩය ගොඩක් දිග වෙනවා)
දැන් ඔබ බිත්තර උණු වතුරට දමා තම්බන විට එහි ප්‍රතිසන්ධිය ලබා සිටින කෙනාට අධික වේදානාවක් දැනෙනවා. හිතන්න ඔබ පණ පිටින් තම්බන විට කෙසේ දැනේද? එළෙසමයි.
කුකුළන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධයක් නැතත් ඔබ හංස, තාරා ජෝඩු; දරුවන් සමඟ සතුටින් ඉන්නවා දැකලා ඇති. දැන් ඔබ එයත් අවහිර කරලා ජීවිතය පුරා ඔබට දිනපතා හෝ සතිපතා කන්න ලදරු කළල (බිත්තර) ප්‍රසූත කරන කුඩා මඩු, හෝ විශාල ප්‍රසූතාගාර රට පුරා පවත්වාගෙන යන තත්වයට කටයුතු සලස්වා තිබීමෙන් ඔබ සංසාරයට එකතු කර ගන්නා අකුසල කර්ම කෙතරම් දැයි මා සමඟ වාද නොකර අවංකව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.
විවේකයක් ලද විට අදාළ වන දහම් කරුණු කියවා බලන්න.
ඔය විදියට හිතුවොත් ගබ්සාව හරි වෙන්න ඕනේ.
ආතල් එකක් අරගෙන ළමය බිහි කරන්නේ නැතුව දුකක් දෙන්නේ නැතුව මරල දානව
ඕපපාතිකව ඉපදෙන සත්තු අපේ ගෙදරත් ඉන්නවා. දෙහිකොළයා, දරමිටියා වගේ උන්, ටික දවසකින් මැරිලා යනවා. ගම්වල ඉන්න අයට නම් ඕව මැජික් නොවේ. දැන් මේ සමහර ඇත්තන්ට අනුව උන්වත් තලල දාන්න ඕන. නොදකිං.
උපත් පාලනය හොදයි

කතෝලික ආගමේ තියෙනව උපත් පාලනයත් පාපයක් කියල
බුදු දහමෙත් තියනවා. මොඩර්න් සොසයිටියේ අය වැඩේ කරන්න ඕන නිසා නෑ කියාගෙන එන්න හදයි.
භික්ෂු භික්ෂුණීන්ට තවත් ගැහැනියෙක් හෝ පිරිමෙයික් එක්ක සංවාසයත් තහනම් කලා. ඒ කියන්නෙ අලුතෙන් ලමයි හැදෙන එකත් නවතලා තමා ශ්‍රමණ භාවයට එනකොට එන්නෙ.
ඔතනදි විරුද්ධ ලිංගිකයෙක් එක්ක විතරක් නෙමෙයි, විශමලිංගික, සමලිංගික, පණ්ඩුක, සත්තු, මලමිනී සහ පණ නැති භෞතික වස්තූන් යන සියල්ල සමගම ලිංගිකව හැසිරීමත් තහනම් කලා. එතනිනුත් නොනැවතී උවමනාවෙන් ශුක්‍ර මෝචනය කරමින් ලිංගික තෘප්තියක් ලැබීමත් තහනම් කලා. හැබැයි ඉහත සියල්ල ශ්‍රමණයන්ට අදාලව තමා දේශනා වෙන්නෙ.
ඒ නිසා ඕක "එහෙම් පිටින්ම" ගිහියන්ට අදාල කර ගන්න එක උපසම්පදා ශීලය ගිහියන්ට ආරෝපණය කරන්න හදන නොගැලපෙන උත්සහයක්. ගිහි ජීවිතයෙ අරමුණු විවිධයි. පැවිදි ජීවිතයෙ එකම අරමුණයි.
ඒ අරමුණ තමා වහ වහා නිවන් අවබෝධය. සබ්බ දුක්ඛ නිස්සණ නිබ්බාන සච්චිකරනත්ථාය ඒතං කසාවත්තං දත්වා පබ්බාජේතමං භන්තේ අනුකම්පං උපාදාය කියලා; "සියලු දුක් වලින් මුදවන උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස, අනුකම්පා කොට මා හට පැවිද්ද ලබාදෙන්න" කියලා උක්කුටියෙන් ඉඳගෙන පැවිද්ද ඉල්ලන්නෙත් නිර්වාණය තමන්ම සාක්ෂාත් කරගන්නයි. පැවිදි වීමේදි මුඛ්‍ය පරමාර්ථය නිවනයි. ගිහි ජීවිත වල මුඛ්‍ය පරමාර්ථ විවිධයි.
නමුත් ගිහියන්ටත් ගිහිකම තුල ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න\මාර්ගය වඩන්න පුලුවන්. ඒ තුල අර කියාපු "වහ වහා අවබෝධය" වත් "මුඛ්‍ය පරමාර්ථය" වීම වත් කියන දෙකම නැහැ.
හරි.