දරුවන් ලැබීමෙන් පසු උදරය එල්ලා වැටෙන්නේ ඇ
ගර්භනී අවධිය කාන්තාවකගේ දිවියේ සුවිශේෂීම අවධියක් බව රහසක් නොවෙයි. ගර්භනීත්වය මෙතරම් සුවිශේෂවත්දී මවක් තම සියලු ශක්තීන් මෙන්ම සිතුම් පැතුම් පවා වැය කරන්නේ තම දරුවා වෙනුවෙනි. මේ අතර ගර්භනී අවධියෙන් පසුව බොහෝ කාන්තාවන් සුලබව මුහුණ දෙන තත්ත්වයක් ඇත. එනම්, ගර්භනීත්වයෙන් පසුව ද තව දුරටත් උදරයේ මහත් වීම එලෙසම පැවතීම හෝ උදරය එල්ලා වැටීම වැනි තත්ත්වයි. ප්‍රසූතියෙන් පසුව උදරයේ මහත අඩු නොවීම පිළිබඳව නූතන කාන්තාවන් නම් තරමක් සැලකිලිමත් වන බව පෙනෙයි. මෙහිදී බොහෝදෙනෙකුට ඇති ගැටලුව නම් ප්‍රසූතියෙන් පසුව තවදුරටත් උදරය යථා තත්ත්වයට පත් නොවන්නේ, කුමන හේතුවක් නිසාද යන්නත් එය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කුමක් කළ යුතු ද යන්නත්ය.
සාමාන්‍යයෙන් මවකගේ කුසයේ වැඩෙන දරුවකු කිලෝ තුනකට ආසන්න බරකින් යුතු වෙයි. ඊට අමතරව කුසයේ ඇති තරලය ද කිලෝ එකක් පමණ වෙයි. මේ සියල්ල දරා ගන්නා පිණිස මේ අවධියේ කාන්තාවකගේ කුසයේ මාංශපේෂි ඇදීමකට ලක් වීමෙන් ඇතිවන මේ තත්ත්වය ගැන සැලකිලිමත් වීමෙන් බොහෝදුරට මෙය මඟහරවා ගැනීමට ද හැකියාවඇත. ප්‍රසූතියේදී දුර්වල වූ මාංශපේෂි යථා තත්ත්වයට පත්වීමට ඉතාම සුදුසු ව්‍යායාමයකි. ර්ථඥතමඪජ ටතධධප ඥයඥපජඪඵඥ ව්‍යායාමය. ස්වභාවික දරු උපතක් සිදු කළ මවක් රෝහලෙන් පිටවීමට පෙරම මේ මේ ව්‍යායාමය පුහුණු වීම ඵලදායී වේ.
ගර්භනී අවධියේ කාන්තාවකගේ සිරුරේ ඇති ප්‍රෙජෙස්ටරෝන් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙයි. මෙය මෙසේ සිදුවීමෙන් උදරයේ මාංශපේශි ලිහිල් වීමක් සිදුවෙයි. දරුවා කුසයේ රඳවා ගැනීම පහසු කිරීම, කිරි එරීම පහසු කිරීම ආදිය මේ නිසා වඩා හොඳින් සිදුවෙයි.
මේ අවධියේ මවගේ කුසය සැහැල්ලු ගතියකින් යුතුය. එමෙන්ම කුසයේ තරල රඳා පැවතීම ද වැඩිය. හෝර්මෝනවල බලපෑම මෙන්ම දරුවාගේ වර්ධනය පහසුවන පිණිස ද ගර්භනී අවධියේ මෙසේ මවුකුස සකස් වේ. නමුත් ප්‍රසූතියෙන් පසුව ද එකවරම හෝර්මෝනවල බලපෑම අඩු නොවේ.
මාශපේශිවල ඇදීම ක්‍රමයෙන් අඩු වී යනතුරු මේ තත්ත්වය තිබිය හැකි වේ. ක්‍රමයෙන් මාංශ පේෂි ශක්තිමත් භාවයට පත්වන විට මේ තත්ත්වය ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙයි. තවත් විදිහකින් කියනවා නම් මාස 1 1/2ක් පමණ යනතුරු ගර්භනී අවධියේ හෝර්මෝනවල වෙනස්කම් එලෙසම පවතී.
දරු ප්‍රසූතියෙන් පසු දරුවාට සුවිශේෂ අවධානයක් දීම උතුම් මවකගේ ගුණයක් වුවද අද, මවක් තම සෞඛ්‍ය ගැන ද එතරම්ම සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ.
විශාල උදරය ඇතුළුව අධික තරබාරුව දියවැඩියාව අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට ලෙහෙසියෙන්ම මඟ කියයි. එපමණක් ද නොව නැවත වතාවක් සිදුවන දරු උපතකදී අධික තරබාරුව ප්‍රසූතිය අසීරු හා අවදානම් තත්ත්වයකට පත් කළ හැකිය.
එමෙන්ම විශාල උදරයක් සහිත අයගේ බඩ වියලීමේ ගතිය සෙසු අයට සාපේක්ෂව වැඩිය. එවැනි බොහෝ කතුන්ට වැසිකිලියාමේ අවශ්‍යතාව මතු වන්නේ ද සමහරවිට දින කීපයකට වරක්ය. ඊට අමතරව ස්ථුල අයට පිළිකා අවදානම ද වැඩි බව හඳුනාගෙන තිබේ.
බොහෝ මවුවරුන් දරුවා ලද පසු දරුවාගේත් තමාගේත් කටයුතු පහසු වන පිණිස රාත්‍රී ඇඳුමෙන්ම මුළු දිනයම (නයිට්ඩ්රෙස් එක සහ හවුස්කෝට් එක) ගත කරන අයුරු දැකිය හැකි වේ. එහෙත් මවකට මෙයින් සිදුවන අවාසි රැසකි. ඇයගේ සිරුරේ නිසි පෙනුම මේ ඇඳුමින් අහිමි වී යයි. විශේෂයෙන් උදරයේ විශාලත්වය මෙයින් සැඟවෙන නිසා ඒ පිළිබඳ හැඟීමද ඇගෙන් දුරස් වී යයි. ඊට අමතරව මතුවන සෞඛ්‍ය ගැටලු රැසකි. බොහෝ මවුවරුන්ගේ රාත්‍රී ඇඳුම විසබීජ ආකරයකි. දරුවාගේ සෙම්, සොටු, දහදිය, මුත්‍රා, ආහාර, ඉඳුල් මේ සියල්ල මවකගේ මේ රාත්‍රී ඇඳුමේ තැවරී තිබෙන්නට පුළුවන. මෙය මවට මෙන්ම දරුවාට ද හිතකර තත්ත්වයක් නොවේ.
මෙවැනි කරුණු රාශියක් සලකා බලන කල දරුවකු ලද පමණින් මවක් තම සිරුර ගැන හෝ මෙවැනි තත්ත්ව මගින් අනාගතයේ මතුවිය හැකි විවිිධ සෞඛ්‍ය ගැටලු නොසලකා හැරීම නොකළ යුතුම දෙයක් බව මැනවින් වටහා ගත යුතුය. මන්ද රුවෙන් සුවෙන් සපිරි මවක් මුළු පවුලටම මහත් පී‍්‍රතියක් හා ආශිර්වාදයක්ම වන නිසාය.
නූතනයේ බොහෝ මවුවරුන් දරුවන් ලැබීමට සිටින කාලයේදී මෙන්ම දරුවන් ලද පසුව ද පාලනයකින් තොරව ආහාර ගැනීමට ඇති නැඹුරුව ඔවුන් තරබාරු වීමට බලපාන බව හඳුනාගෙන ඇත.ආහාර ගැනීමේදී ආහාර පාලනයක් සහිතව ගැනීමේ යහපුරුද්ද අද බොහෝදෙනෙකු වෙතින් ගිලිහී ගොසිනි. උදාහරණයක් ලෙස ආහාර අපතේ හැරීම නොකළ යුතු දෙයක් වූ බැවින් බොහෝ මවුවරු තම බිළිඳුන්ට, කුඩා දරුවන්ට කවා ඉතිරිවන ආහාර හෝ රසකැවිලි ටික ආහාරයට ගෙන අවසන් කරයි. ආහාර අපතේ යැවීම ඉන් වැළකුණ ද මවට ඉන් සිදුවන්නේ යහපතක් නම් නොවේ.
හුස්මක් සමඟ උදරය ඇතුළට ගෙන තත්ත්පර 20 -30 පමණ ඒ අයුරින් සිට උදරය නිදහස් කරන්න. නැවත එයම සිදු කරන්න. මෙය හැකි තරම් වාර ගණනක්, දවසකට තුන්වතාවක්වත් කිරීම සුදුසු වේ. මෙය ස්වභාවික ආකාරයට දරුවන් ලද කාන්තාවන්ට කළ හැකි මනා ව්‍යායාමයක් වේ.
නමුත් සීසර් සැත්කමක් මඟින් දරුවන් ලද කාන්තාවකගේ උදරයේ වේදනාවක් සහිත බැවින් ප්‍රසුතියෙන් සති 6කින් පමණ පසු මෙම ක්‍රියාකාරකමෙහි නිරත විය හැකි වේ. ඊට අමතරව ඇවිදීම ද උදරයේ මහත අඩු කරගැනීමට සුදුසුම ව්‍යායාමයකි.
දරුවන් ලැබීමෙන් පසු උදරය එල්ලා වැටෙන්නේ ඇයි?
සීසර් සැත්කමකින් සති 06කට පසු ව්‍යායාම් අරඹන්න. උදරය පෙර තිබූ තත්ත්වයට පත්කර ගන්නට මෙන්න උපදෙස් 

ගර්භනී අවධිය කාන්තාවකගේ දිවියේ සුවිශේෂීම අවධියක් බව රහසක් නොවෙයි. ගර්භනීත්වය මෙතරම් සුවිශේෂවත්දී මවක් තම සියලු ශක්තීන් මෙන්ම සිතුම් පැතුම් පවා වැය කරන්නේ තම දරුවා වෙනුවෙනි. මේ අතර ගර්භනී අවධියෙන් පසුව බොහෝ කාන්තාවන් සුලබව මුහුණ දෙන තත්ත්වයක් ඇත. එනම්, ගර්භනීත්වයෙන් පසුව ද තව දුරටත් උදරයේ මහත් වීම එලෙසම පැවතීම හෝ උදරය එල්ලා වැටීම වැනි තත්ත්වයි. ප්‍රසූතියෙන් පසුව උදරයේ මහත අඩු නොවීම පිළිබඳව නූතන කාන්තාවන් නම් තරමක් සැලකිලිමත් වන බව පෙනෙයි. මෙහිදී බොහෝදෙනෙකුට ඇති ගැටලුව නම් ප්‍රසූතියෙන් පසුව තවදුරටත් උදරය යථා තත්ත්වයට පත් නොවන්නේ, කුමන හේතුවක් නිසාද යන්නත් එය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කුමක් කළ යුතු ද යන්නත්ය.

උදරයේ විශාලත්වය අඩු නොවීමට හේතු
සාමාන්‍යයෙන් මවකගේ කුසයේ වැඩෙන දරුවකු කිලෝ තුනකට ආසන්න බරකින් යුතු වෙයි. ඊට අමතරව කුසයේ ඇති තරලය ද කිලෝ එකක් පමණ වෙයි. මේ සියල්ල දරා ගන්නා පිණිස මේ අවධියේ කාන්තාවකගේ කුසයේ මාංශපේෂි ඇදීමකට ලක් වීමෙන් ඇතිවන මේ තත්ත්වය ගැන සැලකිලිමත් වීමෙන් බොහෝදුරට මෙය මඟහරවා ගැනීමට ද හැකියාවඇත. ප්‍රසූතියේදී දුර්වල වූ මාංශපේෂි යථා තත්ත්වයට පත්වීමට ඉතාම සුදුසු ව්‍යායාමයකි. ර්ථඥතමඪජ ටතධධප ඥයඥපජඪඵඥ ව්‍යායාමය. ස්වභාවික දරු උපතක් සිදු කළ මවක් රෝහලෙන් පිටවීමට පෙරම මේ මේ ව්‍යායාමය පුහුණු වීම ඵලදායී වේ.

හෝර්මෝනවල බලපෑමක්
ගර්භනී අවධියේ කාන්තාවකගේ සිරුරේ ඇති ප්‍රෙජෙස්ටරෝන් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙයි. මෙය මෙසේ සිදුවීමෙන් උදරයේ මාංශපේශි ලිහිල් වීමක් සිදුවෙයි. දරුවා කුසයේ රඳවා ගැනීම පහසු කිරීම, කිරි එරීම පහසු කිරීම ආදිය මේ නිසා වඩා හොඳින් සිදුවෙයි.
මේ අවධියේ මවගේ කුසය සැහැල්ලු ගතියකින් යුතුය. එමෙන්ම කුසයේ තරල රඳා පැවතීම ද වැඩිය. හෝර්මෝනවල බලපෑම මෙන්ම දරුවාගේ වර්ධනය පහසුවන පිණිස ද ගර්භනී අවධියේ මෙසේ මවුකුස සකස් වේ. නමුත් ප්‍රසූතියෙන් පසුව ද එකවරම හෝර්මෝනවල බලපෑම අඩු නොවේ.
මාශපේශිවල ඇදීම ක්‍රමයෙන් අඩු වී යනතුරු මේ තත්ත්වය තිබිය හැකි වේ. ක්‍රමයෙන් මාංශ පේෂි ශක්තිමත් භාවයට පත්වන විට මේ තත්ත්වය ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙයි. තවත් විදිහකින් කියනවා නම් මාස 1 1/2ක් පමණ යනතුරු ගර්භනී අවධියේ හෝර්මෝනවල වෙනස්කම් එලෙසම පවතී.

උදරයේ විශාලත්වය ගැන නොසැලකිලිමත් වීම
දරු ප්‍රසූතියෙන් පසු දරුවාට සුවිශේෂ අවධානයක් දීම උතුම් මවකගේ ගුණයක් වුවද අද, මවක් තම සෞඛ්‍ය ගැන ද එතරම්ම සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ.
විශාල උදරය ඇතුළුව අධික තරබාරුව දියවැඩියාව අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට ලෙහෙසියෙන්ම මඟ කියයි. එපමණක් ද නොව නැවත වතාවක් සිදුවන දරු උපතකදී අධික තරබාරුව ප්‍රසූතිය අසීරු හා අවදානම් තත්ත්වයකට පත් කළ හැකිය.
එමෙන්ම විශාල උදරයක් සහිත අයගේ බඩ වියලීමේ ගතිය සෙසු අයට සාපේක්ෂව වැඩිය. එවැනි බොහෝ කතුන්ට වැසිකිලියාමේ අවශ්‍යතාව මතු වන්නේ ද සමහරවිට දින කීපයකට වරක්ය. ඊට අමතරව ස්ථුල අයට පිළිකා අවදානම ද වැඩි බව හඳුනාගෙන තිබේ.

බබා ලැබුණාට පසු මවත් ලස්සනට සිටිය යුතුයි
බොහෝ මවුවරුන් දරුවා ලද පසු දරුවාගේත් තමාගේත් කටයුතු පහසු වන පිණිස රාත්‍රී ඇඳුමෙන්ම මුළු දිනයම (නයිට්ඩ්රෙස් එක සහ හවුස්කෝට් එක) ගත කරන අයුරු දැකිය හැකි වේ. එහෙත් මවකට මෙයින් සිදුවන අවාසි රැසකි. ඇයගේ සිරුරේ නිසි පෙනුම මේ ඇඳුමින් අහිමි වී යයි. විශේෂයෙන් උදරයේ විශාලත්වය මෙයින් සැඟවෙන නිසා ඒ පිළිබඳ හැඟීමද ඇගෙන් දුරස් වී යයි. ඊට අමතරව මතුවන සෞඛ්‍ය ගැටලු රැසකි. බොහෝ මවුවරුන්ගේ රාත්‍රී ඇඳුම විසබීජ ආකරයකි. දරුවාගේ සෙම්, සොටු, දහදිය, මුත්‍රා, ආහාර, ඉඳුල් මේ සියල්ල මවකගේ මේ රාත්‍රී ඇඳුමේ තැවරී තිබෙන්නට පුළුවන. මෙය මවට මෙන්ම දරුවාට ද හිතකර තත්ත්වයක් නොවේ.
මෙවැනි කරුණු රාශියක් සලකා බලන කල දරුවකු ලද පමණින් මවක් තම සිරුර ගැන හෝ මෙවැනි තත්ත්ව මගින් අනාගතයේ මතුවිය හැකි විවිිධ සෞඛ්‍ය ගැටලු නොසලකා හැරීම නොකළ යුතුම දෙයක් බව මැනවින් වටහා ගත යුතුය. මන්ද රුවෙන් සුවෙන් සපිරි මවක් මුළු පවුලටම මහත් පී‍්‍රතියක් හා ආශිර්වාදයක්ම වන නිසාය.

ආහාර පුරුදුවල බලපෑම
නූතනයේ බොහෝ මවුවරුන් දරුවන් ලැබීමට සිටින කාලයේදී මෙන්ම දරුවන් ලද පසුව ද පාලනයකින් තොරව ආහාර ගැනීමට ඇති නැඹුරුව ඔවුන් තරබාරු වීමට බලපාන බව හඳුනාගෙන ඇත.ආහාර ගැනීමේදී ආහාර පාලනයක් සහිතව ගැනීමේ යහපුරුද්ද අද බොහෝදෙනෙකු වෙතින් ගිලිහී ගොසිනි. උදාහරණයක් ලෙස ආහාර අපතේ හැරීම නොකළ යුතු දෙයක් වූ බැවින් බොහෝ මවුවරු තම බිළිඳුන්ට, කුඩා දරුවන්ට කවා ඉතිරිවන ආහාර හෝ රසකැවිලි ටික ආහාරයට ගෙන අවසන් කරයි. ආහාර අපතේ යැවීම ඉන් වැළකුණ ද මවට ඉන් සිදුවන්නේ යහපතක් නම් නොවේ.

Pelvic floor exercise ව්‍යායාමය සිදු කරන ආකාරය
හුස්මක් සමඟ උදරය ඇතුළට ගෙන තත්ත්පර 20 -30 පමණ ඒ අයුරින් සිට උදරය නිදහස් කරන්න. නැවත එයම සිදු කරන්න. මෙය හැකි තරම් වාර ගණනක්, දවසකට තුන්වතාවක්වත් කිරීම සුදුසු වේ. මෙය ස්වභාවික ආකාරයට දරුවන් ලද කාන්තාවන්ට කළ හැකි මනා ව්‍යායාමයක් වේ.
නමුත් සීසර් සැත්කමක් මඟින් දරුවන් ලද කාන්තාවකගේ උදරයේ වේදනාවක් සහිත බැවින් ප්‍රසුතියෙන් සති 6කින් පමණ පසු මෙම ක්‍රියාකාරකමෙහි නිරත විය හැකි වේ. ඊට අමතරව ඇවිදීම ද උදරයේ මහත අඩු කරගැනීමට සුදුසුම ව්‍යායාමයකි.

වැදගත් වුනා නම් Rep+ පාරක් දීලා යන්න අයියලා අක්කලා..