දරුවන් වැරදි නෑ....සංවාදයට පැතුම් එකතු වෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ ජෙනරේෂන් අවුලක් නෙවෙයි.
    පරම්පරාවක අසහනය!

    කොරෝනාව ඇවිත් අධ්‍යාපනය කඩං වැටුන,
    ඊට පස්සේ ආර්ථික අර්බුදයක් නිසා හිර උන,
    ඉගෙන ගන්න ඉස්කෝල නොතිබ්බ,
    පරක්කු වෙවී, කල් මර මර,
    වර්ජන වලට අහු උන,
    ජීවිත කඩාකප්පල් කරලා, විඳවන්න සළස්වපු උන් ගේ අසහනය පිට වී යෑම.

    අපේ පරම්පරාවට වඩා මේ පරම්පාවල වෙනස තමයි උන් අපිට වඩා ලෝකෙට විවෘත වීම. අන්තර්ජාලය එක්ක ඉන්න, ලෝකේ එක්ක ගනුදෙනු කරන, ලෝකයේ දේවල් දකින, ඒත් අපි කෙළින්නේ පිස්සුවක් බව තේරුම් ගත්ත, ඒත් ඒකට කර ගන්න දෙයක් නැති , උන්ගේ අසරණකම.

    අවුරුදු එකොළහක් ඉගෙන ගෙන එළියට ආවම, ඉගෙන ගත්ත දෙයක් නෑ කියලා හිතිලා විභාගේ එක්ක ඔය පීඩනය පිටවෙලා ගිහින් උන් සැහැල්ලු වෙන විදිය මේ. මේ අසහනයට උන්ව තේරුම් අරගෙන ආදරෙන් දේවල් තේරුම් කරලා මාර්ගයට ගන්න වගකීම තියෙන්නෙත් අපිට.

    මේ පරම්පරාව මීට වඩා ප්‍රතික්‍රියා කරාවි. උන්ගේ ජීවිත අඳුරට පත් වෙන්න වෙන්න උන් කළකිරේවී. සල්ලි භාගේ තියෙන, දරුවන්ව කොහොම හරි උගන්න ගන්න පුළුවන් පවුල් වල උන් නෙවෙයි, මේ බහුතරයක් අසරණ හිර වුන පවුල් වල උන්ගේ පීඩනය. ඒක පුපුරන කොට මීට වඩා සමාජ ගැටළු ඉදිරියට තියෙයි.

    උන්ට වරද පටවන්න එපා.
    මේ උන්ගේ වරද නෙවෙයි, මේ දවස උදාවෙනකං මුකුත් නොකළ අපේ වරද!
    මේ සිස්ටම් එකක් බිඳ වැටුනු කාලෙකට එන සමාජ කැළඹීමේම එක මුහුණුවරක්.
    අලුත් සිස්ටම් එක හදන කොට මේ ජෙනරේෂන් එක වෙනමම කළමනාකරණය කර ගන්න වෙනවා අපිට. ඔවුන්ට වෙනම අධ්‍යාපන හා ආර්ථික අවස්ථා නිර්මාණය කරන්න වෙනවා. අසහනය දුරු කරන්න වෙනවා.
    මේ යෞවන නැවුම් හිත් ශක්තිමත් කරන්න වෙනවා. බලාපොරොත්තු දල් වන්න වෙනවා.
    ආදරෙන්....

    පැතුම් කර්නර්
    #හරිත
    #රටහදනහරිපාර
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,615
    100,849
    113
    ට්‍රෙන්ඩ් වෙන මාර්තුකාවක් දකින පැතුම

    හෙල් යා ඉට්ස් හෑලි ටයිම්

    Computer Working GIF
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේක සමාජ ක්‍රමයේ වැරැද්ද
    ඒය පෙන්වා දීමද අපේ වැරැද්ද
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේක සමාජ ක්‍රමයේ වැරැද්ද
    ඒය පෙන්වා දීමද අපේ වැරැද්ද
    එක හරි ඔක කොරපු උන් නෙවෙයි වෑරදි.
    වෑරෑද්දට වෑරෑද්දක් කියලා කෙලින් කියා ගන්න තරම් පන නෑතිව එක එයා ලගෙ වෑරද්දක් නෙවි සමජ ක්‍රමයෙ වෑරද්දක් නෑත්තන් අරුගෙ මුගෙ වෑරද්ද කිය කිය නහින්න හදන තොපි වගෙ පොන්න පෑටවි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,809
    17,029
    113
    Me wage siddi walata hethu:

    1. gedara minissungei guruwarungei degolloma nosalakilla
    2. Gen Z kollonge akalpa wala waradda
    3. Pachum wage thanakola gaheth ellenna balan inna deshapalaneta enna dangalana gan kabarayange gon haaali
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕවා ඇවිල්ල නොගැලපෙන/මානසික ප්‍රශ්ණ තියන ගුරුවරුන්ට පත්වීම් දීපු එකෙයි, විදුහල්පතිවරුන්ට අසීමිත බලතල දීපු එකෙයි විපාක.

    ඔය වගේ දේවල් හදනකන් රට හදනවා බොරු
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ ජෙනරේෂන් අවුලක් නෙවෙයි.
    පරම්පරාවක අසහනය!

    කොරෝනාව ඇවිත් අධ්‍යාපනය කඩං වැටුන,
    ඊට පස්සේ ආර්ථික අර්බුදයක් නිසා හිර උන,
    ඉගෙන ගන්න ඉස්කෝල නොතිබ්බ,
    පරක්කු වෙවී, කල් මර මර,
    වර්ජන වලට අහු උන,
    ජීවිත කඩාකප්පල් කරලා, විඳවන්න සළස්වපු උන් ගේ අසහනය පිට වී යෑම.

    අපේ පරම්පරාවට වඩා මේ පරම්පාවල වෙනස තමයි උන් අපිට වඩා ලෝකෙට විවෘත වීම. අන්තර්ජාලය එක්ක ඉන්න, ලෝකේ එක්ක ගනුදෙනු කරන, ලෝකයේ දේවල් දකින, ඒත් අපි කෙළින්නේ පිස්සුවක් බව තේරුම් ගත්ත, ඒත් ඒකට කර ගන්න දෙයක් නැති , උන්ගේ අසරණකම.

    අවුරුදු එකොළහක් ඉගෙන ගෙන එළියට ආවම, ඉගෙන ගත්ත දෙයක් නෑ කියලා හිතිලා විභාගේ එක්ක ඔය පීඩනය පිටවෙලා ගිහින් උන් සැහැල්ලු වෙන විදිය මේ. මේ අසහනයට උන්ව තේරුම් අරගෙන ආදරෙන් දේවල් තේරුම් කරලා මාර්ගයට ගන්න වගකීම තියෙන්නෙත් අපිට.

    මේ පරම්පරාව මීට වඩා ප්‍රතික්‍රියා කරාවි. උන්ගේ ජීවිත අඳුරට පත් වෙන්න වෙන්න උන් කළකිරේවී. සල්ලි භාගේ තියෙන, දරුවන්ව කොහොම හරි උගන්න ගන්න පුළුවන් පවුල් වල උන් නෙවෙයි, මේ බහුතරයක් අසරණ හිර වුන පවුල් වල උන්ගේ පීඩනය. ඒක පුපුරන කොට මීට වඩා සමාජ ගැටළු ඉදිරියට තියෙයි.

    උන්ට වරද පටවන්න එපා.
    මේ උන්ගේ වරද නෙවෙයි, මේ දවස උදාවෙනකං මුකුත් නොකළ අපේ වරද!
    මේ සිස්ටම් එකක් බිඳ වැටුනු කාලෙකට එන සමාජ කැළඹීමේම එක මුහුණුවරක්.
    අලුත් සිස්ටම් එක හදන කොට මේ ජෙනරේෂන් එක වෙනමම කළමනාකරණය කර ගන්න වෙනවා අපිට. ඔවුන්ට වෙනම අධ්‍යාපන හා ආර්ථික අවස්ථා නිර්මාණය කරන්න වෙනවා. අසහනය දුරු කරන්න වෙනවා.
    මේ යෞවන නැවුම් හිත් ශක්තිමත් කරන්න වෙනවා. බලාපොරොත්තු දල් වන්න වෙනවා.
    ආදරෙන්....

    පැතුම් කර්නර්
    #හරිත
    #රටහදනහරිපාර

    මේක සමාජ ක්‍රමයේ වැරැද්ද
    ඒය පෙන්වා දීමද අපේ වැරැද්ද
    iraj-mathinta.gif

    ------ Post added on Jun 10, 2023 at 11:41 AM