මේ ජෙනරේෂන් අවුලක් නෙවෙයි.
පරම්පරාවක අසහනය!
කොරෝනාව ඇවිත් අධ්‍යාපනය කඩං වැටුන,
ඊට පස්සේ ආර්ථික අර්බුදයක් නිසා හිර උන,
ඉගෙන ගන්න ඉස්කෝල නොතිබ්බ,
පරක්කු වෙවී, කල් මර මර,
වර්ජන වලට අහු උන,
ජීවිත කඩාකප්පල් කරලා, විඳවන්න සළස්වපු උන් ගේ අසහනය පිට වී යෑම.
අපේ පරම්පරාවට වඩා මේ පරම්පාවල වෙනස තමයි උන් අපිට වඩා ලෝකෙට විවෘත වීම. අන්තර්ජාලය එක්ක ඉන්න, ලෝකේ එක්ක ගනුදෙනු කරන, ලෝකයේ දේවල් දකින, ඒත් අපි කෙළින්නේ පිස්සුවක් බව තේරුම් ගත්ත, ඒත් ඒකට කර ගන්න දෙයක් නැති , උන්ගේ අසරණකම.
අවුරුදු එකොළහක් ඉගෙන ගෙන එළියට ආවම, ඉගෙන ගත්ත දෙයක් නෑ කියලා හිතිලා විභාගේ එක්ක ඔය පීඩනය පිටවෙලා ගිහින් උන් සැහැල්ලු වෙන විදිය මේ. මේ අසහනයට උන්ව තේරුම් අරගෙන ආදරෙන් දේවල් තේරුම් කරලා මාර්ගයට ගන්න වගකීම තියෙන්නෙත් අපිට.
මේ පරම්පරාව මීට වඩා ප්‍රතික්‍රියා කරාවි. උන්ගේ ජීවිත අඳුරට පත් වෙන්න වෙන්න උන් කළකිරේවී. සල්ලි භාගේ තියෙන, දරුවන්ව කොහොම හරි උගන්න ගන්න පුළුවන් පවුල් වල උන් නෙවෙයි, මේ බහුතරයක් අසරණ හිර වුන පවුල් වල උන්ගේ පීඩනය. ඒක පුපුරන කොට මීට වඩා සමාජ ගැටළු ඉදිරියට තියෙයි.
උන්ට වරද පටවන්න එපා.
මේ උන්ගේ වරද නෙවෙයි, මේ දවස උදාවෙනකං මුකුත් නොකළ අපේ වරද!
මේ සිස්ටම් එකක් බිඳ වැටුනු කාලෙකට එන සමාජ කැළඹීමේම එක මුහුණුවරක්.
අලුත් සිස්ටම් එක හදන කොට මේ ජෙනරේෂන් එක වෙනමම කළමනාකරණය කර ගන්න වෙනවා අපිට. ඔවුන්ට වෙනම අධ්‍යාපන හා ආර්ථික අවස්ථා නිර්මාණය කරන්න වෙනවා. අසහනය දුරු කරන්න වෙනවා.
මේ යෞවන නැවුම් හිත් ශක්තිමත් කරන්න වෙනවා. බලාපොරොත්තු දල් වන්න වෙනවා.
ආදරෙන්....
පැතුම් කර්නර්
#හරිත
#රටහදනහරිපාර