දරුවා බොරු කියනවද ?

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
දරුවා බොරු කියනවද ?

දරුවා බොරු කියනවනම් මොකද කරන්නේ

දරුවන් ( Kids ) බොරු කියන්නේ දරුවන්ට කතා කරන්න තේරෙන දා සිට. මව්කුස පිළිසිඳ ගත මොහොතේ සිට තම අවශ්‍යතා සපුරා ගැනීමට සෑම දරුවෙක්ම විවිධ ප්‍රතිචාර දක්වති. ඔබේ දරුවා කුසේ සිටියදී ඔබ නිදා සිටින ඉරියව්ව දරුවාට අපහසුවක් ගෙන දුන් විට ඔබට ඒ බව දැනගන්නට පා පහරක් එල්ල කළා මතකද? එයින් කියැවුණු දේ වහා වටහා ගත ඔබ පහසු ඉරියව්වකින් නිදාගන්නට උත්සහ කරන්නට ඇති. එපමණක් නොව තවත් බොහෝ අවස්ථා වල තම හැඟීම් දැන්වීමට විවිධ ඉරියව් ප්‍රතිචාර දක්වන්නට ඇතිවාට සැක නැත.



දරුවා ( Kids ) බිහි වූ දා සිට ද මේ මේ ප්‍රතිචාර තවත් වෙනස් ආකාර වලින් ඔබට දැනෙන්නට ලැබුනා නේද? උදාහරණයක් ලෙස දරුවා බඩගින්නට, නිදිමතට, වෙනත් අපහසුවකට අඬන ආකාරයේ ඇති වෙනස්කම් ඔබට වෙනත් කවුරුත් වටහා නොදුන්නත් අත්දැකීමෙන් එය වටහා ගැනීමට ඔබට හැකියාව තිබිණි. දරුවෝ තම අවශ්‍යතා පෙන්වා දීමට එවැනි තවත් ක්‍රියාවන්හි යෙදෙති. බොරු කීමත් එවැන්නකි.



එහෙත් මේ බොරු කීම නම් ඇඩීම තරම් සැහැල්ලුවෙන් බාරගැනීමට ඔබ අකමැතියි නේද?

” මේ ළමයා හරියට බොරු කියනවා, කාගෙන් ඉගෙනගෙනද මම දන්නේ නෑ. ”



දරුවෝ බොරු කීමෙන් ඔබ අනෙක් අය ඉදිරියේ අපහසුවට පත් වීම වලක්වා ගැනීමට මෙවැනි දේ කියන්නට පෙළඹුනත් දරුවා ඇත්තටම බොරු කියන්නේ ඇයිදැයි සොයා බැලුවාද ? බොරු කිවා යැයි කියමින් දඬුවම් කරන්නට ගත උත්සාහය වෙනුවට බොරු කීමේ විපාක දරුවාට වටහා දීමට උත්සහ කලාද? දරුවකුගේ වැදීමත් සමඟ අවශ්‍යතා වෆිවෙන අතර ඒවා ඉටුකර ගැනීමට අවස්ථාවක් නොවූ විට එය ඉටුකරගත හැකි ක්‍රම ගැන සොයා බලන්නට පුරුදු වේ. බොරු කීමට පටන් ගන්නෙත් මේ එක් ක්‍රමයක් ලෙසිනි.



එහෙත් වැඩිහිටියන් කියන බොරු තරම් දරුවන් කියන බොරු අමානුෂික නොවන බව පළමුව වටහා ගැනීම අවශ්‍යය. දරුවකු බොරු කියන්නේ ඔබ හෝ වෙනත් අයෙකු අපහසුවට පත් කර සතුටු වීමට හෝ වෙනත් කලබගෑනියක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් නොවේ. එහි ඇත්තේ තම අවශ්‍යතාව ඉටුකරගැනීමේ අහිංසක ආශාවක් පමණි.



ගෙදර පැමිණි විට දරුවා ( Kids )බොරු කියන්නේ ඇයි?


” අද ටීචර් එලියට වත් යන්න දුන්නේ නෑ. දවසෙම රූප අඳින්නයි, අකුරු ලියන්නයි දුන්නා. ”

පෙර පාසල හෝ පාසල නිම වී නිවසට පැමිණෙන දරුවා එසේ පැවසුවා යැයි සිතන්න. එහෙත් දරුවා කියා ඇත්තේ අත්තක් නොවේ. පාසලේ බොහෝ වෙලාවක් සෙල්ලම් කර තිබේ. එසේ නම් එසේ කිවුවේ ඇයි ?



නිවසට පැමිණි වහාම නැවත පොත පතේ වැඩ කරන්නට යැයි ඔබ කරන කරදරයෙන් බේරී දරුවාට සෙල්ලම් කිරීමට අවශ්‍යය. එය ඉටු කර ගැනීමට නම් තමා ගැන ඔබේ සිතේ අනුකම්පාවක් ඇති කළ යුතුය. දරුවා එවැනි බොරුවක් කිවේ එබැවිනි.



එමෙන්ම වයස අවුරුදු 4න් පසු දරුවන් ඊර්ෂ්‍යාව, තරහව ආදී දේ හඳුනා ගන්නා අතර මේ කාලයේදී තම අවශ්‍යතාත් වැඩිවන නිසා බොරු කීමත් වැඩි වේ. පෙර පාසල් වයසේ දරුවන් වැඩිපුර බොරුකීම ඊට ඉම උදාහරණයකි.



අපි තවත් උදාහරණයක් බලමු.

පාසලේ දිවීමේ තරඟයක් තිබෙන අවස්තාවක ඊට සහභාගී වන්නැයි ගුරුතුමිය සෑම දරුවෙක්ගෙන්ම ඉල්ලා සිටි මොහොතක සමහර දරුවන් ඊට ඉදිරිපත් වන්නේ නැත. ඊට හේතුව විමසු විට

” මට අද අම්මා දුවන්න එපා කිවුවා ” ,

” මට ඊයේ උන තිබුන නිසා අම්ම කිවුවා අව්වේ ඉන්න එපා කියලා”

” මගේ කකුල රිදෙනවා ”

මෙවැනි පිළිතුරු එම දරුවන් දෙනවාට සැක නැත. එහෙත් මේවායින් බහුතරයක් අසත්‍යය. දරුවා එසේ කිවේ ගුරුතුමිය රැවටීමට හෝ දුවන්නට තිබෙන අකමැත්ත නිසා නොව, අනෙක් ය ඉදිරියේ පැරදීමට ඇති අකමැත්ත නිසාය. පැරදුනොත් මිතුරන් තමන්ට හිනා වෙයි යන බිය නිසාය. නැතහොත් එවැනි වෙනත් හේතුවක් නිසාය. එවැනි අවස්තාවක ගුරුතුමිය කල යුත්තේ දරුවාට දඬුවම් කිරීම හෝ බලෙන් එයට සහභාගී කරවීම නොවේ. දරුවා බොරු කියන්නට හේතුව සොයා බලා එසේ නොකරන්නැයි දරුවාට වැටහීමක් ලබා දීමයි. එහෙත් එය කල යුත්තේ අනෙක් දරුවන් ඉදිරියේ නොවේ.



එමෙන්ම දරුවා අකමැති දෙයක් කරන්නට කීමත්, කැමති දෙයක් නොකර සිටින්නැයි පැවසීමත් නිසා දරුවෝ බොරු කීමට පෙළඹෙති.



දරුවෝ ( Kids ) බොරු කියනවා නම් මොකද කරන්නේ?


ඔබ බොරු කියනවා ද ? පළමුව ඔබ බොරු කීම වහාම නතර කල යුතුය. එහෙත් අපේ බොහෝ මව්වරු දරුවා ඉදිරියේ තබාගෙන බොරු කියති. එය බොරුවක් බව දරුවා දැනගත් විට



” ඔයාට එකෙන් වැඩක් නෑ යැයි පවසමින් තරවටු කරති. එහෙත් එය නිවැරදි හෝ සාර්ථක ක්‍රියාවක් නොවේ. එයින් සිදු වන්නේ දරුවා බොරු කීමට පෙළඹීමය.

source http://thewoman.lk/kids-tell-lies-sometimes/
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,835
    8,172
    113
    Kotahena
    eka eyata adaren therum karala denna oni. kaa essarahawath wiwechanaya karanna hoda na.




    හරියට නිකන් ඔයා මේ සයිට් එකේ ඉන්න මෙම්බර් ලගේ දරුවන් ගැන ආදරේට පොස්ට් දානවා වගේ බොරු කියල රවට්ටලා ට්‍රැෆික් ගන්න ලින්ක් එක ගහගන්නවා?


    එතකොට මේකේ ඇඩ්මින් ලා ආදරෙන් ඔයාට පැහැදිලි කරලා දුන්නද ඒක නරකයි :love: කියල? එතකොට ඔයාල කන්නේ බොන්නේ කොහොමද එහෙම කරාම?
     
    Last edited:
    • Like
    Reactions: nishi_gurl

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    හරියට නිකන් ඔයා මේ සයිට් එකේ ඉන්න මෙම්බර් ලගේ දරුවන් ගැන ආදරේට පොස්ට් දානවා වගේ බොරු කියල රවට්ටලා ට්‍රැෆික් ගන්න ලින්ක් එක ගහගන්නවා?


    එතකොට මේකේ ඇඩ්මින් ලා ආදරෙන් ඔයාට පැහැදිලි කරලා දුන්නද ඒක නරකයි :love: කියල? එතකොට ඔයාල කන්නේ බොන්නේ කොහොමද එහෙම කරාම?


    malli ai oya e gana kalabala wenne. mama admin ta kiyalai me post danne. ithin malli oya e gana worry wenna epa. therunadaaaaaaaaaaaaa :love: :love: ;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes::yes:
    it's the best option if u don't know how to raise a psychopath. psychopathic children tend to lie more and they get really good at it as they grow older. it's from their parents do they learn basic principles of manipulation. and kill the parents too if possible.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,172
    113
    Kotahena
    night_walk3r

    malli ai oya e gana kalabala wenne. mama admin ta kiyalai me post danne. ithin malli oya e gana worry wenna epa. therunadaaaaaaaaaaaaa :love: :love: ;)

    එතකොට admin කිව්වද කෙල්ලෙක් වගේ Id එකක් හදාගෙන පෝස්ට් දාන්න කියලත්, අයියේ? ඔයා හරියට බොරු කියනවානේ

    අැයි එ්?