pala sonnayo
ammek appek nathiwa jathaka wechcha tho wage ponna wesige puthalata me sindu wala agayak naha thamai.
pala sonnayo
අඩෝ උබට බොහොම පිං මේක දැම්මට..!මං මේ සින්දුවට පණ වගේ ආදරෙයි.ඒත් මං දැනං හිටියෙ නෑ මේකෙ
දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුනා,තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ,පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ කියන කෑලිවලන් රංබණ්ඩ මහත්තය කියන්ට හදන්නෙ මොකද්ද කියල...ඒවගේම මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ කියන එකේ සැගවිල තියෙන්නෙ දැන් අම්ම නැතිවෙලා කියල..මගේ හිතේ ඇඳිල තිබුනෙම ඉදිකඩ ලග ඉන්න අම්මව..කපුගේ මහත්තයගෙ අඳෝනාවෙ වියංගෙ තේරුනෙත් දැං...
මං හරිනං රංබණ්ඩා මහත්තය ලියල තියෙන්නෙ ප්‍රසිද්ධ සින්දු 3යි.මේකයි,උලලේනොයි,සුමනොයි...උලලේනො ලිව්වෙ භීෂණ සමයෙ පණ බේරගන්ට කැලේට රිංගුව කොල්ලෙක් ගැන..
සුමනෝ එකේ කතාව මං අහගත්තෙ කපුගේ නැතිවෙන්ට අවුරුද්දකට විතර කලින් ආව ලක්හඩේ ඉරිද හවස බණ්ඩාර ඇහැළියගොඩ මහත්තය කරපු 'නෑසෙන ගී රස' වැඩසටහනෙන්.ඒ රංබංඩා සෙනෙවිරත්න මහත්තය නැතිඋන අලුත..සුමනෝ ගීතයේ තියෙන්නෙ තමා ආදරය කරපු තරුණිය මියගියපු සොවින් තැවෙන්නෙක්ගෙ අඳෝනාව..ඇත්තටම ඒ කෙල්ල රංබණ්ඩ මහත්තයගෙ නෑනාලු.එක සැරයක් එයා කොළඹ ඉඳල චීත්තෙකුත් අරං නෑන බලන්ට ගමේ එද්දි නෑන හදිස්සියෙම මැරිල වළඳාලත් ඉවරලු..ඒක මාර ගීතයක්..පද වලින් කලු සුදු වර්ණ පවා මතුකරනවා.කපුගේ ඔය කතාව කියල radio එකේ live ඉකි ගගහ ඇඬුව..කපුගේ මාර බොක්කක් තිබ්බ මිනිහෙක්නෙ.නියම පිරිමි කටහඩක් තිබ්බ ගායකයෙක්.නියම සංගීතඥ්ඥයෙක්..
මේ සින්දු අහල දැං ඉන්න ඔක්කොම වගේ හරක් කොහෙං හරි tune එකක් හොයාගෙන ඒකට ගූ වචන ටිකක් දාල පොන්* කටහඩින් සල්ලි හම්බකරන්ට,බොරුවට දවසින් දෙකෙන් ජනප්‍රිය වෙන්ට,මහන්සි නොවී කරන ගොංපාට් ආතල් දැක්කම පවූ...කියල හිතෙනවා....
සුමනෝ
Uploaded by wishwa chinthana
සුමනෝ
පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
ගුණදාස කපුගේ
රං බණ්ඩා සෙනෙවිරත්න
ගුණදාස කපුගේ
ගීතය අසා රස විඳින්න
from http://sinhalageepadamala.blogspot.com/2009/05/blog-post_2307.html
උලලේනෝ
Uploaded by Dilnuwan Amaraweera
බොහෝම ස්තුතියි සහෝ මේ නූලට!
Youtube video upload කරපු wishwa chinthana,Dilnuwan Amaraweera යන අයට හා http://sinhalageepadamala.blogspot.com/ටත් ස්තුතියි!