දවස්‌ එකහමාරක්‌ නොකා ඉඳලා ලංකාව රිදියෙන්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    දවස්‌ එකහමාරක්‌ නොකා ඉඳලා ලංකාව රිදියෙන්

    දවස්‌ එකහමාරක්‌ නොකා ඉඳලා ලංකාව රිදියෙන් සැරසූ ඉන්දික

    indika.jpg
    ඉන්දික චතුරංග දිසානායක
    ගම - මහනුවර වයස - 29
    පාසල - මැනික්‌දොළ මධ්‍ය මහා විද්‍යාලය, කිංග්ස්‌වුඩ් විද්‍යාලය
    පවුලේ විස්‌තර - අම්මා, තාත්තා, අයියා, නංගී, බිරිඳ
    ක්‍රීඩා සමාජය - නාවික හමුදාව

    මේ දවස්‌වල ඔස්‌ට්‍රේලියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා පිලේ වැඩියෙන් කැපී පෙනුණේ බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. මේ සටහන ලියන විට ඔවුන් ලෝකඩ පදක්‌කම් දෙකක්‌ සහ එක්‌ රිදී පදක්‌කමක්‌ දිනාගෙන තිබුණා.
    එහිදී රිදී පදක්‌කම දිනාගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩකයෙක්‌ විසිනුයි. ඔහු කිලෝ ග්‍රෑම් 69 බර පංතියෙන් ස්‌නැච් ක්‍රමයට කිලෝ 137 ක්‌ සහ ක්‌ලීන් ඇන්ඩ් ජර්ක්‌ ක්‍රමයට කිලෝ 160 ක්‌ ඔසවමින් එම දක්‌ෂතාව දක්‌වලා තිබුණා.
    ඒ නිසා මේ දිනාගත් පදක්‌කම ගැන සහ පවුලේ විස්‌තර දැනගන්න ඔහු වෙනුවෙන් මීවිත ඉඩ වෙන්කරන්න හිතුවා. මේ ශ්‍රී ලංකාව රිදියෙන් සැරසූ ඉන්දික චතුරංග දිසානායක.
    පොදුරාජ්‍යමණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්‌කමක්‌ දිනා ගත්තා?
    මගේ පළමු පොදුරාජ්‍ය මණ්‌ඩලීය පදක්‌කම මේ. ගොඩක්‌ සතුටුයි ඒක දිනාගන්න ලැබීම ගැන.
    රන් පදක්‌කමකට යන්න තිබුණා?
    ඔවු දෙවැනි උත්සාහයේදී සහ තුන්වැනි උත්සාහයේදී ගත් එසවීම සාර්ථක වුණානම් මට රන් පදක්‌කමට යන්න තිබුණා.
    ඒ එසවීම් දෙක අසාර්ථක වෙන්න හේතුව?
    indika2.jpg

    මං හිතන්නේ මගේ තිබුණ තාක්‌ෂණික දෝෂයක්‌ නිසා තමයි මට ඒ එසවීම් දෙකම හරියට කරන්න බැරි වුණේ.
    මේ ජයග්‍රහණය ලබා ගත්තේ ආබාධයක්‌ තියෙද්දී?
    ඔව්. මගේ අත් දෙකේම වැලමිට ළඟින් නැමෙන කොටසේ ලොකු වේදනාවක්‌ තියෙද්දී තමයි මේ තරගයට සහභාගි වුණේ.
    ජයග්‍රහණය ගැන ගෙදර අය මොකද කිව්වේ?
    එයාලා අන්තර්ජාලයෙන් තරගය නරඹලා තිබුණා. ගොඩක්‌ සතුටු වුණා මට රිදී පදක්‌කමක්‌ දිනාගන්න පුළුවන් වුණ එක ගැන.
    ගියවර පොදුරාජ්‍ය මණ්‌ඩලීය තරගාවලියේදී රිදී පදක්‌කම අහිමි වුණා නේද?
    අන්තිම මොහොතේ මට ඒකේදී රිදී පදක්‌කම අහිමි වුණා. ඒකත් අවාසනාවන්ත සිදුවීමක්‌.
    පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල කීයකට සහභාගි වෙලා තියෙනවාද?
    මේ මගේ තුන්වැනි එක.
    කොහොමද මේ බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවුණේ?
    මැනික්‌දොළ මහා විද්‍යාලයෙන්
    කවුද මේ ක්‍රීඩාව කරන්න කියලා යොමු කළේ?
    පොඩිකාලේ ආසාවක්‌ තිබුණා ඇඟ ටිකක්‌ හදාගන්න. ඒ ආසාව නිසා තමයි ක්‍රීඩාවට යොමු වුණේ.
    මේ වගේ ක්‍රීඩාවකට යොමු වීමේදී ගෙදරින් අවුලක්‌ තිබුණේ නැද්ද?
    නැහැ කිසිම ප්‍රශ්නයක්‌ තිබුණේ නැහැ.
    ඒ කාලේ හිතුවද බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් මේ තරම් දුරක්‌ එන්න ලැබෙයි කියලා?
    නැහැ එහෙම හිතුණේ නෑ.
    එතකොට ජාතික මට්‌ටමට එයි කියාලා හිතුණේ?
    සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්‌සේ හිතුණා දිගටම මේ දේ කරන්න ඕනේ කියලා.
    මේ රැකියාවද?
    ඔව් මේක දැන් මගේ රැකියාව වෙලා තියෙන්නේ.
    indika1.jpg
    කෑම පාලනය කරන්නේ කොහොමද?

    ලංකාවේ අපේ ආහාර රටාව එක්‌ක අපිට කෑම පාලනය කරන එක ටිකක්‌ අමාරුයි. ඒත් අපි කිසියම් බර පංතියකට වෙන් වුණාට පස්‌සේ කොහොමහරි ඒ බර මට්‌ටමේ බර තියාගන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන් කෑම පාලනය කරන්න වෙනවා.
    මේ තරගාවලිය කිට්‌ටුවෙලා කොහොමද කෑම පාලනය කළේ?
    අන්තිම මාස දෙක තුනේ බත් කෑවේ දවල්ට විතරයි. ඒත් එක හැන්දක්‌ වගේ. වැඩියෙන් කෑවේ එළවළු තම්බලා. මස්‌ තම්බලා ඒ වගේ ආහාර.
    ඇත්තද මේ තරගයට කලින් දවස්‌ දෙකක්‌ විතර නොකාම හිටියා කියන්නේ?
    ඔව් අන්තිම දවස්‌ එකහමාරක්‌ විතර කෑම ගත්තෙම නෑ. වතුර, ජීවනී ශක්‌තිජනක පානයන් වගේ පාවිච්චි කරලා හිටියේ.
    මේ ඉන්න තත්ත්වය ගැන තෘප්තිමත්ද?
    ඉන්න තත්ත්වය ගැන තෘප්තිමත්. ඒත් රට වෙනුවෙන් මීට වඩා දෙයක්‌ කරන්න තිබුණා කියලා මට හිතෙනවා මේ තත්ත්වේ ඉන්නව නම්. ජාතික පුහුණුකරු අර්. බී. වික්‍රමසිංහ ඇතුළු මගේ පුහුණුකරුවන් ඒ හැමදෙනාටම ගොඩක්‌ ස්‌තූතිවන්ත වෙනවා.
    අනාගත බලාපොරොත්තුව?
    ළඟම තියෙන ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට හොඳ තත්ත්වයක්‌ ලබා දීලා ඔලිම්පික්‌ පරිසාධන මට්‌ටමට යන්න තමයි දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව.
    ගයාශාන් විතානආරච්චි ඔස්‌ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්‌ට්‌ සිට...
    ඡායාරූප - සිලෝන් ඇත්ලටික්‌ස්‌
     
    • Like
    Reactions: sudu23