සාමාන්‍යයෙන් දවස් ගණනාවකින් හදල දෙන repair එකක් අනිත් වැඩ ඔක්කොම නවත්වලා වැඩකරන අය ඔක්කොම බැහැලා හැදුවොත් ඊට වඩා අඩු කාලයකින් දෙන්න පුළුවන් විය හැකියි. නමුත් එහෙම කිරීමේ හැකියාවක් නැහැ. මොකද කලින් බාරගත්ත හා දැනට කරගෙන යන jobs තියෙනවා. ඒවාත් අපි වගේම customer කෙනෙක්ගේ. ඒවා ඔක්කොම නවත්තලා අලුතින් ගත්ත customer ගේ වැඩේ විතරක් කරන්න බැහැ. මේකෙන් අදහස් කරන්නේ නැහැ අලුත් customer ගේ වැඩේ neglect කරනවා කියල. හැම customer කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වැඩේ පමණයි. අනිත් ඒවා ඔහුට වැඩක් නැහැ. එකේ වරදක් කියන්නත් බැහැ. නමුත් එහෙම කියල අනිත් customer ලට අසාදාරනයක් වෙන්නත් බැහැ. අලුත් customer ගේ වැඩේ ඉවරවෙලා වාහනේ deliver කරනකන් workshop එකට මුදල් එන්නේ නැහැ. නමුත් එම වැඩේ සහ ඒ වෙනකන් යන අනිත් වැඩ වලට materials, parts, ලයිට් බිල්, වතුර බිල්, supplier credit, උපකරණ, සේවක වැටුප්, etf epf, වෙනත් වියදම් ගෙවන්න ඕනේ. දිනපතා බඩු ගණන් යනවා. ඉස්සර 10,000 ගණන් වලට තිබ්බ බඩු දැන් 75,000 පමණ වෙනවා. අනික වැඩ ඇදන් ගියා කියල මුදල් කඩන්න බැහැ. එහෙම කරන සුලුතරයකුත් ඇති. බහුතරයක් වැඩේ ඉක්මනට ඉවර වෙන තරමට තමයි ඉක්මනින් මුදල් ගන්න පුලුවන්. Labour rates ලංකවේ සැහෙන අඩුයි. ඔය job එකම වෙන රටක කලොත් customer ට මීට වඩා සෑහෙන ගානක් ගෙවන්න වෙනවා. Insurance claim job වලට ගෙවීම් ලැබෙනකොට මාසයක් විතර යනවා. එතකොට එහෙම වැඩ විතරක් high priority දීල ඉවර කරලා වැඩක් නැහැ. මොකද එවල payments එනකන් මාසයක් workshop එක දුවන්නේ කොහොමද? Workshop එකක් කියන්නේ ව්‍යාපාරයක්. Charity එකක් නෙවේ. ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නම් ලාබය ලැබෙන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ නැහැ එම වැඩ දවස් ගණන් අතහැර දානවා කියල. එම වැඩත් ගලපාගෙන ගමන යන්න ඕනේ. මොකද නැතිනම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැහැ. නිවැරදි parts නිවැරදි මුදලට ගන්න හොයන්න සෑහෙන කාලයක්, ශ්‍රමයක් යනවා. ඇතැම්විට කඩවල් වල තිබෙනවා යැයි කියන parts ඔවුන් ගාව ඇත්තටම නැහැ. වෙන කොහෙන් හරි හොයල දෙනවා. සමහරවිට කුරියර් කරන parts damage වෙලා. එතකොට ඒවා නැවත යවල අයේ මුල ඉදන් හොයන්න වෙනවා. මේවට කාලය ගතවෙනවා. තමන්ගේ වාහනයක් අදුරන්නේ නැති තැනක දාලා යන්නේ යම් විස්වාශයකින්. ඒක ඒ විදිහට රැකෙන විදිහට වැඩේ කරලා දෙන්න කාලය ගතවෙනවා. වාහනයක් දාපු ගමන් workshop එකකට හදන්න ගන්න බැහැ. එකේ inventory ගන්න ඕනේ. වාහනේ අපු විදිහේ photos, videos, written documents, damages ඔක්කොම ගන්න ඕනේ. job card දාන්න ඕනේ. කස්ටමර් ගේ approval ගන්න ඕනේ. ගොඩක් customerලා තමන්ගේ වාහනේ අදුනන්නේ නැහැ. වාහනේ තිබ්බ scratches, dents, damages දන්නේ නැහැ. ඉතින් වාහනේ හදලා ඉවරවෙලා දෙනකොට ලයිට් එකක් කැඩිලා කිව්වොත් workshop එකෙන් දාලා දෙන්න වෙනවා. ඒවා වලක්වා ගන්නත් එක්ක තමයි inventory ගන්නේ. වැඩේ ඉවර වෙලා after repair inspection, pre delivery inspection වගේ ඒවා කරන්න ඕනේ. ඊළගට ගොඩක් අය වැඩේ ඉවර වෙලා වාහනය බාරගන්න නියමිත දවසට එන්නේ නැහැ. එතකොට ආයේ එම වහනය කොනක ඉදන් wash කරලා, clean කරලා දෙන්න වෙනවා. මේ වගේ පොඩි පොඩි කියල හිතන වැඩවලට කාලය යනවා. ඉහලින් දාලා තියෙන videos වල තියෙන්නේ rally cars, race දුවන ඒවා repair කරන ඉක්මන. නමුත් අපි මේ කතා කරන්නේ පාරේ දුවන passenger car ගැන. බහුතරයක් අය professional opinion වලට වඩා පිළිගන්නේ තමන්ගේ wife එහෙම නැතිනම් අල්ලපු ගෙදර එක්කෙනා කියන දේවල්. එහෙම නැතුව professional කියන දේ නෙවේ. සමහර කාරනා තියෙනවා නොදැනුවත් බාවය නිසා ඇතිවන. පොඩිම උදාහරණයක් ගත්තොත් දැන් 3M original double tape එකක් 7,900/= වගේ වෙනවා. නමුත් වෙලදපොලේ duplicate ඒවා ඊට වඩා අඩුවෙන් තිබෙනවා. හැබැයි ඒ ගැන දන්නා කෙනෙක්ට හැර පිටින් බලන කෙනෙක්ට වෙනස හොයන්න බැහැ. ඉතින් කව්රුහරි හරි original එකේ හරි ගාන දාල bill කරනකොට අපි හිතන්න ඉඩ හිතනවා මේ මොකද මගෙන් වැඩිපුර ගාන කපන්නේ කියල. Doctor ට සර් කියන සමාජය technician ට ගරාජ් බාස් කියනවා. Blue collar jobs සුත් තියෙනවා. ඒවාටත් වෙනම ඉගෙනගෙන, degree අරන්, අත්දැකීම් අරන්, මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.
ඉතින් ඔය ඔක්කොම කාරණා සලකලා බැලුවොත් අපිට දවස් ගණන් කියන වැඩ ඊට වඩා අඩු කාලයකින් ඉවර කරලා බාරදෙන්න workshop වලට පුලුවන් විය හැකියි. නමුත් ඉහත සදහන් කරලා තියෙන ඒවා සහ margin එකක් තියෙලා තමයි ඔවුන් අපිට දවස් දෙන්නේ.