දවස් ගණන් යනව කිව්වට ඇත්තටම ගරාජ් එකේ වාහන repair කරන විදිහ

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    මල්ලි... වැඩේ දවසක් දෙකක් ඇදගෙන ගියොත් තමයි කීයක් හරි වැඩිපුර කස්ටමගෙන් කඩාගන්න පුලුවන්

    - මීට ලන්කාවෙ ගරාජ් බාස්
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    ape awun engine repair akak karahama neethi godai, mul 3000 km wala RPM aka aduwen thiygena yann one , kadu wala yanna baa.

    Mun engine aka rebuild kara next day, dyno akata hari track akata hari damma.
     
    • Like
    Reactions: NRTG and Son Goku

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    ල්න්කාවෙ වැඩිම වෙලාවක් යන්නෙ කෑලි හොයන්නනෙ. හදෙනුත් අරන් එන්න වෙනව. ඔරිජිනල් නැති උනාම පට්ටලේට දාල ලියවන්නයි වැඩ කීයක්ද?
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ape awun engine repair akak karahama neethi godai, mul 3000 km wala RPM aka aduwen thiygena yann one , kadu wala yanna baa.

    Mun engine aka rebuild kara next day, dyno akata hari track akata hari damma.
    Engine break-in period එකේදි high rpm (>4500RPM) / high load දුවන්න එපා කියන එක සාදාරනයි

    Track built engines කොහොමත් 200,000-300,000 දුවන්නෙ නැහැනෙ බන් (oil change -> track -> store -> oil change -> track -> store ...... rebuild/swap -> track)

    3,000KM නම් තේරුමක් නැහැ. 500-1000KM දුවල oil condition එක අව්ලක් නැත්තම්, ඊට පස්සෙ break-in ඉවරයි
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    Engine break-in period එකේදි high rpm (>4500RPM) / high load දුවන්න එපා කියන එක සාදාරනයි

    Track built engines කොහොමත් 200,000-300,000 දුවන්නෙ නැහැනෙ බන් (oil change -> track -> store -> oil change -> track -> store ...... rebuild/swap -> track)

    3,000KM නම් තේරුමක් නැහැ. 500-1000KM දුවල oil condition එක අව්ලක් නැත්තම්, ඊට පස්සෙ break-in ඉවරයි
    yeah 3000 wage therumak naa. kadenna thiyanwanm kadenawa stress karapu gaman. ape awun ge jame beraganna thama longer intervals kiyanne.
     
    • Like
    Reactions: NRTG and Son Goku

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මමනං හෙන ආස වැඩක් මේ වගේ පිට්ස්ටොප් වල වීඩියෝ බලන එක.
    ෆෝමියුලා වන් වල රෝද හතර මාරු කරල, එයා වෙන්ට් ක්ලීන් කරල යවන්න තප්පර 2.3යි අවම... පිස්සු හැදෙනවනෙ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මල්ලි... වැඩේ දවසක් දෙකක් ඇදගෙන ගියොත් තමයි කීයක් හරි වැඩිපුර කස්ටමගෙන් කඩාගන්න පුලුවන්

    - මීට ලන්කාවෙ ගරාජ් බාස්
    මේක නම් කියලා වැඩක් නෑ බන්. වැඩේ දවසම අදිනවා. වෙන එව්වා බලනවා අන්තිමට එකෙක්ගේ දවසෙ පඩියට වඩා ගානක් වැඩ කුලිය.

    බඩු ගේන්න ඔක්කොම එක ත්‍රී වීලර් එකේ යවන්නෙ. ඊටපස්සෙ හැම එකාටම හයර් එක ඇඩ් කරනවා. ඌට ඕනෙ කඩෙන් ගේන්නත් ඕනෙ. ඒකටත් ඌට කොමිස් හම්බෙනවා ඇති.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    වෙලා යන්න හේතු ගොඩයි. parts හොයන්න කාලේ යනවා. ඊළඟට ගරාජ් වල කලින් භාර ගත්ත වාහන තියෙනවා. ඒවා ඉවර කරලා තමයි අනික්වට යන්නේ. ඊ ගාවට මූලිකම දේ ගරාජ් බාස් ගෝලයෝ එකෙක් දෙන්නෙක් දාගෙන වැඩ. කට්ටියක් හිටියත් මේ වගේ වාහනේකට team එකක් බස්සන්න විදිහක් නෑ. එතකොට ගෝලයො ගන්නෙ අඩු පඩියට ඒ නිසා හොඳට වැඩ දන්න mechanicලා අඩුයි, වැඩ දන්න එකා පනින ප්‍රශ්නයකුත් තියෙනවා. මූලිකම දේ තමයි ලංකාවේ තරගය අඩුයි. එක පාරේ ළඟම ගරාජ් දෙකක් තියෙනවා නම් උන් දෙන්නා හොඳ service එකක් දෙන්න නෙවෙයි හදන්නේ උන් දෙන්නා ඇර ගන්න.පිට ගමක එකෙක්ට business කරන්න දෙන්නෙ නෑ. එතකොට බාස් දන්නවා පරක්කු වෙලා වැඩේ කරාට ප්‍රශ්නයක් නෑ කියලා.
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    සාමාන්‍යයෙන් දවස් ගණනාවකින් හදල දෙන repair එකක් අනිත් වැඩ ඔක්කොම නවත්වලා වැඩකරන අය ඔක්කොම බැහැලා හැදුවොත් ඊට වඩා අඩු කාලයකින් දෙන්න පුළුවන් විය හැකියි. නමුත් එහෙම කිරීමේ හැකියාවක් නැහැ. මොකද කලින් බාරගත්ත හා දැනට කරගෙන යන jobs තියෙනවා. ඒවාත් අපි වගේම customer කෙනෙක්ගේ. ඒවා ඔක්කොම නවත්තලා අලුතින් ගත්ත customer ගේ වැඩේ විතරක් කරන්න බැහැ. මේකෙන් අදහස් කරන්නේ නැහැ අලුත් customer ගේ වැඩේ neglect කරනවා කියල. හැම customer කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වැඩේ පමණයි. අනිත් ඒවා ඔහුට වැඩක් නැහැ. එකේ වරදක් කියන්නත් බැහැ. නමුත් එහෙම කියල අනිත් customer ලට අසාදාරනයක් වෙන්නත් බැහැ. අලුත් customer ගේ වැඩේ ඉවරවෙලා වාහනේ deliver කරනකන් workshop එකට මුදල් එන්නේ නැහැ. නමුත් එම වැඩේ සහ ඒ වෙනකන් යන අනිත් වැඩ වලට materials, parts, ලයිට් බිල්, වතුර බිල්, supplier credit, උපකරණ, සේවක වැටුප්, etf epf, වෙනත් වියදම් ගෙවන්න ඕනේ. දිනපතා බඩු ගණන් යනවා. ඉස්සර 10,000 ගණන් වලට තිබ්බ බඩු දැන් 75,000 පමණ වෙනවා. අනික වැඩ ඇදන් ගියා කියල මුදල් කඩන්න බැහැ. එහෙම කරන සුලුතරයකුත් ඇති. බහුතරයක් වැඩේ ඉක්මනට ඉවර වෙන තරමට තමයි ඉක්මනින් මුදල් ගන්න පුලුවන්. Labour rates ලංකවේ සැහෙන අඩුයි. ඔය job එකම වෙන රටක කලොත් customer ට මීට වඩා සෑහෙන ගානක් ගෙවන්න වෙනවා. Insurance claim job වලට ගෙවීම් ලැබෙනකොට මාසයක් විතර යනවා. එතකොට එහෙම වැඩ විතරක් high priority දීල ඉවර කරලා වැඩක් නැහැ. මොකද එවල payments එනකන් මාසයක් workshop එක දුවන්නේ කොහොමද? Workshop එකක් කියන්නේ ව්‍යාපාරයක්. Charity එකක් නෙවේ. ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න නම් ලාබය ලැබෙන්න ඕනේ. මේකෙන් අදහස් වෙන්නේ නැහැ එම වැඩ දවස් ගණන් අතහැර දානවා කියල. එම වැඩත් ගලපාගෙන ගමන යන්න ඕනේ. මොකද නැතිනම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැහැ. නිවැරදි parts නිවැරදි මුදලට ගන්න හොයන්න සෑහෙන කාලයක්, ශ්‍රමයක් යනවා. ඇතැම්විට කඩවල් වල තිබෙනවා යැයි කියන parts ඔවුන් ගාව ඇත්තටම නැහැ. වෙන කොහෙන් හරි හොයල දෙනවා. සමහරවිට කුරියර් කරන parts damage වෙලා. එතකොට ඒවා නැවත යවල අයේ මුල ඉදන් හොයන්න වෙනවා. මේවට කාලය ගතවෙනවා. තමන්ගේ වාහනයක් අදුරන්නේ නැති තැනක දාලා යන්නේ යම් විස්වාශයකින්. ඒක ඒ විදිහට රැකෙන විදිහට වැඩේ කරලා දෙන්න කාලය ගතවෙනවා. වාහනයක් දාපු ගමන් workshop එකකට හදන්න ගන්න බැහැ. එකේ inventory ගන්න ඕනේ. වාහනේ අපු විදිහේ photos, videos, written documents, damages ඔක්කොම ගන්න ඕනේ. job card දාන්න ඕනේ. කස්ටමර් ගේ approval ගන්න ඕනේ. ගොඩක් customerලා තමන්ගේ වාහනේ අදුනන්නේ නැහැ. වාහනේ තිබ්බ scratches, dents, damages දන්නේ නැහැ. ඉතින් වාහනේ හදලා ඉවරවෙලා දෙනකොට ලයිට් එකක් කැඩිලා කිව්වොත් workshop එකෙන් දාලා දෙන්න වෙනවා. ඒවා වලක්වා ගන්නත් එක්ක තමයි inventory ගන්නේ. වැඩේ ඉවර වෙලා after repair inspection, pre delivery inspection වගේ ඒවා කරන්න ඕනේ. ඊළගට ගොඩක් අය වැඩේ ඉවර වෙලා වාහනය බාරගන්න නියමිත දවසට එන්නේ නැහැ. එතකොට ආයේ එම වහනය කොනක ඉදන් wash කරලා, clean කරලා දෙන්න වෙනවා. මේ වගේ පොඩි පොඩි කියල හිතන වැඩවලට කාලය යනවා. ඉහලින් දාලා තියෙන videos වල තියෙන්නේ rally cars, race දුවන ඒවා repair කරන ඉක්මන. නමුත් අපි මේ කතා කරන්නේ පාරේ දුවන passenger car ගැන. බහුතරයක් අය professional opinion වලට වඩා පිළිගන්නේ තමන්ගේ wife එහෙම නැතිනම් අල්ලපු ගෙදර එක්කෙනා කියන දේවල්. එහෙම නැතුව professional කියන දේ නෙවේ. සමහර කාරනා තියෙනවා නොදැනුවත් බාවය නිසා ඇතිවන. පොඩිම උදාහරණයක් ගත්තොත් දැන් 3M original double tape එකක් 7,900/= වගේ වෙනවා. නමුත් වෙලදපොලේ duplicate ඒවා ඊට වඩා අඩුවෙන් තිබෙනවා. හැබැයි ඒ ගැන දන්නා කෙනෙක්ට හැර පිටින් බලන කෙනෙක්ට වෙනස හොයන්න බැහැ. ඉතින් කව්රුහරි හරි original එකේ හරි ගාන දාල bill කරනකොට අපි හිතන්න ඉඩ හිතනවා මේ මොකද මගෙන් වැඩිපුර ගාන කපන්නේ කියල. Doctor ට සර් කියන සමාජය technician ට ගරාජ් බාස් කියනවා. Blue collar jobs සුත් තියෙනවා. ඒවාටත් වෙනම ඉගෙනගෙන, degree අරන්, අත්දැකීම් අරන්, මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.
    ඉතින් ඔය ඔක්කොම කාරණා සලකලා බැලුවොත් අපිට දවස් ගණන් කියන වැඩ ඊට වඩා අඩු කාලයකින් ඉවර කරලා බාරදෙන්න workshop වලට පුලුවන් විය හැකියි. නමුත් ඉහත සදහන් කරලා තියෙන ඒවා සහ margin එකක් තියෙලා තමයි ඔවුන් අපිට දවස් දෙන්නේ.
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ow modular enne rally cars thawa parts thinawa, mewa lankwa ekka compare karala damma neme fun ekata damme topic eka ;)
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ow modular enne rally cars thawa parts thinawa, mewa lankwa ekka compare karala damma neme fun ekata damme topic eka ;)
    කමෙන්ට් ටික කියෝපුවම මටත් හිතුනෙ...
    ආතල් එකට කියන එකත් සීරියස් ගන්න උන්නෙ මේකෙ ගොඩක් ඉන්නෙ...😂
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,757
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ ගරාජ් එකකට දවසට වාහන සීයක් ආවත් ඌ ඉස්සෙල්ලාම කරන්නේ ඔක්කොමටික ගලවලා කොට උඩ තියන එක. ඊට පස්සේ තමයි හයි කරනෙක ගැන කල්පනාකරන්නේ
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ලංකාවේ ගරාජ් එකකට දවසට වාහන සීයක් ආවත් ඌ ඉස්සෙල්ලාම කරන්නේ ඔක්කොමටික ගලවලා කොට උඩ තියන එක. ඊට පස්සේ තමයි හයි කරනෙක ගැන කල්පනාකරන්නේ
    @NRTG නම් ජීවිතේට ගරාජ් එකකට ගිහින් නැහැ වගේ :rolleyes:
     
    • Haha
    Reactions: NRTG