නැහැ මචන් එහෙම කිරල මැනල නම් කෑම ගන්නේ නැහැ. ඩයට් ප්ලෑන් එකක් දුන්න. එකේ විදිහට නම් කන්නේ නැහැ. (මම ඉන්නේ බෝඩිමක). හැබැයි ප්‍රධාන කෑම වෙල් වලට අමතරව තව පලතුරු, බිත්තර, මාළු අඩංගු කෑම ගන්නවා. ප්‍රධාන කෑම වෙල් අතර මැද්දෙන්.
ගොඩ් අය කට පාළනය කර ගන්නේ නැ
ප්‍රධාන කෑමවේල් වලට අමතරව ටිකෙන් ටික හෙන කැලරි ගොඩක් තියන කෑම ඇගට එකතු කර ගන්නවා. ඉතිං ජිම් ගියාට කිසි ප්‍රයෝජනයක් නැ. ජිම් යන නිසා ඔය සයිස් එකෙන් වත් ඉන්නවා.
ඔය මාළු අඩංගු කෑම කිව්වේ කට්ලට්, රෝල්ස් එහෙමනේ. එල තමයි ඔහොම කෑවොත්. පළතුරු නම් අව්ලක් නෑ. සචියා කිව්ව ටික හොදට ඔලුවට දාගන්න. අද ඉදලා කෑම රටාව වෙනස් කරන්න. කෑම කන්න පැය බාගයකට කලින් හොදට වතුර වීදුරුවක් බොන්න. ප්‍රධාන කෑම වේල් වලට අමතරව ගන්න කෑම වේල් පුළුවන් තරම් නවත්තන්න. ඕවා පුරුද්දට ගියාම අමතර වෙලාවල් වලට නිකමට වගේ බඩගිනි වෙනවා. ඒ නිසා ඒ පුරුද්ද නැති කර ගන්න. හොදට වතුර බොන්න. නැත්තං ඊලගට එන්නේ සීනි කේස් එක. දවසම ඉදගන නම් වැඩ කරන්නේ බඩගිනි වෙනවා. ඒ නිසා පැයකට සැරයක් විනාඩි 5 ක් වත් සිට් එකෙන් නැගිටලා එහෙ මෙහෙ ඇවිදින්න බලන්න.
අඩුම තරමේ මුලදි මිනිත්තු 15 ක් වත් වර්ම් අප් එක්ක මූලික ව්‍යායාම් කරන්න මල්ලි. ඊට පස්සේ චැලේන්ජ් එක. 
