දවසින් යාපනයේ පොඩි රවුමක් යමු.

Jul 27, 2010
15
23
3


සති දෙකට කලින් යාපනය නයිට් මේල් එකෙ ටිකට් බුක් කලා.. හැබැයි අපි එක වැරැද්දක් කලා අපි බුක් කලේ තුන්වන පන්තියේ මැදිරියක. අලුත් කෝච්චිය උනාට තුන්වන පංතියේ මැදිරි වල ශීට් එකේ ඉදගෙන යනවා කියන එක එච්චර ලේසි වුනේ නෑ. ශීට් එක හරි කෙලින් තියෙන්නේ ආනතියක් ඇත්තෙම නෑ. ගොඩක් උස කෙනෙක්ට ගොඩක් අමාරුයි. මිල රුපියල් 1800ක් වුනා. හොදම දේ දෙවෙනි පංතියේ හරි පලවෙනි පංතියේ හරි බුකිං දාගන්න එක. රෑ 8 ට කොච්චිය යන්න තිබ්බත් කොච්චිය එද්දි නගින්න ගිහින් එක්කෙනෙක්ට තුවාල වුනා. ඒ නිසා කොළඹින් පිට වුනේ රෑ 8.30ට වගේ. කට කපලා සෙනග හිටියා හැබැයි අනුරාධපුරෙන් 3/4ක් ම බැහැලා ගියා. කොහොමහරි කන්න බොන්න ප්‍රශ්නයක් නෑ කැන්ටිමේ කෑම හොදයි. කෝපි එකක් 100යි. ශෝට් ඊට්ස් 120 වගේ වුනේ.. දන්න තරමින් උදේ 6.30 ට වගේ යාපනේට එන්න තිබුනු කෝච්චිය උදේ 7 වගේ වෙද්දි යාපනයට ආවා. පොඩි වොෂ් එකක් දාගන්න ස්ටෙශන් එකේ පහසුකම් තියෙනවා. අපි ඊලගට 1km විතර පයින්ම ටවුන් එක පැත්තට ගියා මලයන් කැෆේ එකෙන් කන්න. කෑම හරිම රසයි. ගාන වුනත් අවුලක් නෑ. අපි 8 දෙනෙක්ට ගියේ 2400යි. කෑම කාලා අපිම අයින් කරන්න ඕනේ. එක වෙනම සීන් එකක්. හැබැයි මරු. යාල් හොස්ටල් එකට කලින් කතා කරලා බයික් 4ක් රෙන්ට් එකට අරන් තිබ්බේ. හැබැයි එයාලට බයික් 4ක් එකතු කරගන්න පැයකට වැඩිය ගියා. ඒ නිස බයික් ටික අරන් එද්දි උදේ 10යි. බයික් එකක් වුනේ 2500යි හැබැයි අපේ QR වලට තෙල් ගහ ගන්න ඕනේ. මුලින්ම යාපනේ කොටුවේ පොඩි රවුමක් දැම්මා හැබැයි කට්ට අව්ව නිස වැඩිය ඇවිද්දේ නෑ.. ඊට පස්සේ ගියේ නල්ලූර්. එතන කැමරා කරන්න බෑ. හැබැයි හරි නිස්කලංක තැනක්.. ඊට පස්සේ ඉබේම වගේ ගියේ රියෝ අයිස්ක්‍රීම් එකට. රුපියල් 450කට ඔක්කොම දාපු අයිස්ක්‍රීම් එකක් ගත්තා මරේ මරු වෙලාව හැටියට. කූල් වෙලා ගියා.. නාන්න කියලා බලාගෙන KKS බීච් එකට අපි ගියට එදා කාළගුනේ හරස් වුනා. මුහුද සැර වැඩි.. අවදානමක් ගන්න ඕනේ නෑ කියලා හිතුනා. අපහු එන ගමන් කීරමලේ පොකුනෙන් නෑවා.. ශේප්. පිරිසිදු අපිරිසිදු බැලුවේ නෑ හැබැයි.. දවල්ට කන්න හිතාගෙන ආපහු යාපනේට එන ගමන් තල් අරක්කු බෝතලයක් ගන්න අමතක කලේ නෑ..2400යි. Lavin's Vegetarian Family Restaurant එකට කන්න කියලා අවේ එක්කෙනෙක්ට 1800යි කිව්ව නිසා ශේප් වෙන්න හිතගෙන 3ක් ඕඩර් කලා.. බඩගින්නේ හිටපු අපිට නොමිලේ තව එකක් හම්බුනා.. අන්තිමට මුලු බිලට තව රුපියල් 600ක ඩිස්කවුන්ට් එකකුත් දුන්නා. පින් තමා ඉතින්.. කොහොමෙන් කොහොම හරි අපි යාපනේට එද්දි ටවුන් එකේ එකම සෙනග ගොඩක්. වාහන එහෙන් දානවා මෙහෙන් දානවා. පිටකොටුව හොදයි කියල හිතුනා. ඔය අස්සේ අපේ නඩේ එක්කෙනෙක් පාර හොයගන්න බැරි වෙලා පොඩි කරදරයක් වුනා. බයික් ටික බාර දීලා KKS වලින් එන කොච්චියට නගින්න අපි හවස 6.30 වෙද්දි යාපනේ ස්ටේශන් එකට අවා.. හරියට රෑ 7 ට එහෙන් ආපු අපි පාන්දර 4.30 වෙගේ වෙද්දි ගම්පහින් බැස්සා. ගමන් හොදයි.. ටිකක් රස්නෙයි. වතුර එහෙන් ගන්න පුලුවන්.මෙහෙන් යන අපිට වතුර ගොඩක් ඕන වෙනවා එහේ රස්නෙ නිසා. කෑම හරිම ශෝක් ගනත් ශේප්. මිනිස්සු හරි හොදයි... Yarl Hostal : https://goo.gl/maps/AJtW6ggMPMNJH7Jt7 Malayan Cafe: https://goo.gl/maps/SjbS6LtZJ6jby2o56 Lavin's Vegetarian Family Restaurant: https://goo.gl/maps/oWjSDCmsbtx5yBYf9