දස්කොන් සහ ප්‍රමිලා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    2851@2x.jpg

    ලංකා රාජ වංශ කතාවේ අවසාන සිංහල රජතුමා වුණු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගේ බිසවක් වූ ප්‍රමිලා, තමන්ගේ විවාහ බන්ධනය ගැන එතරම් සතුටින් ඉඳපු කෙනෙක් නෙවෙයි. University of Ceylon Review පොතේ සඳහන් වෙන විදියට නම් මේකට හේතුවෙලා තියෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අශීලාචාර ගති පැවතුම්. වයස අවුරුදු 17දී සිහසුනට පත්වුණු ඔහු, මතට ලොල් වුණු සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන්නට පෙළඹුණු කෙනෙක්. ජනප්‍රවාදයේ ඔහුව "සෙල්ලම් නිරිඳු" විදියට හඳුන්වලා තියෙන්නෙත් මේ නිසාමයි.

    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා යටතේ සිටි දස්කොන් අදිකාරම, ප්‍රංශ සම්භවයක් ඇති කෙනෙක්. ඔහුගේ කඩවසම් පෙනුමක් වගේම, ශෘංගාරාත්මක කවි කීමේ හැකියාව රජ වාසලේ ඉඳපු හැමදෙනාගේම හිත ගත්තු දෙයක්. රජතුමාගේ බිසෝවරු හුඟක් දෙනා දස්කොන්ට කැමැත්තක් දැක්වූවා. ඒත් ඔහුගේ ආදරේ ලැබුණේ ඒ අතර ඉඳපු ප්‍රමිලා බිසවට පමණයි. රහසේ ආදරය කරත්, රජ මැදුරේ ඉඳපු අයට නම් මේ සම්බන්ධය නොරහසක්. මේ දෙදෙනා අතර හුවමාරු වුණු කවි ගණනාවක් ගැන ඉතිහාස පොත්වල සඳහන් වෙනවා.

    එක දවසක් ප්‍රමිලා වෙනුවෙන් මාළිගයේ බලි තොවිල් යාගයක් පවත්වන්න සූදානම් කළා. ඒ වෙනුවෙන් ඇගේ නිරුවත් රූපය අඹන්නත් නියම වුණා. ඇගේ සිරුරේ තට්ටම් ප්‍රදේශයේ තිබූ ලපයකුත් හරියටම එහි ලකුණු කරලා තිබීම නරේන්ද්‍රසිංහ රජතුමාගේ විපරමට ලක් වුණේ කවුරුවත් නොහිතපු විදියට. ඒක ලකුණු කරපු බලි ඇදුරන්ගෙන් අහලා බලද්දී දැනගන්න ලැබුණේ දස්කොන් අදිකාරම් ඒ ගැන කියූ බවයි. තමන්ට හිතවත්ව ඉඳපු රාජ්‍ය නිලධාරියෙක් විදියට, දස්කොන් මේ කරපු දෙයින් රජතුමා කෝප වුණා. ඉතිහාසයෙන් දිගහැරෙන සමහර වාර්තාවල තියෙන්නේ දස්කොන්ගේ හිස ගසා දැමුණු බවයි. ඔහුව උල සිඳුවා මරණ ලද බවත් ඇතැම් පොත්වල සඳහන් වෙනවා.

    කොහොම වුණත්, අසම්මත ආදරක පැටළුණු දස්කොන් - ප්‍රමිලා අවසානය දැක්කේ ඔන්න ඔය විදියට.
    ප්‍රමිලා බිසව ගැන ඉන් පසුව කිසිම සදහනක් ඉතිහාස කතාවල සදහන්නො නොවන අතර, එම දිනවලදී රජ බිසවක් මරණයට පත්වූ බවත්, එ් ඇය විය හැකි බවත් විශ්වාස කෙරේ.
    මෙම සිද්ධියෙන් පසුව දස්කොන් සමීපව ඇසුරු කළ ගොන්සාල්වෙස් පියතුමන්ද සිරගත කළ අතර, ඔහු විසින් මේ සම්බන්ධයෙන් දස්කොන්ට සිංහල අකුරු කළ සූරියගොඩ කිත්සිරි තෙරැන් සම්බන්ධ ඇතැයි පැවසූ පසු උන් වහන්සේද හිසගසා මරාදමන ලදි.
    සූරියගොඩ තෙරැන් අප හොදින් දන්නා වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ගුරු හාමුදුරැවන්ය. බුද්ධ ශාසනයට රජුගෙන් පෙර සිට කිසිම අනුග්‍රහයක් නොතිබූ බව දත් ශ්‍රී සරණංකර හිමියන්ද තමාට අනතුරක් වේදෝයි බියෙන් පලාගොස් සැගව ඇත.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රජ්ජුරුවොයි, දස්කොනුයි කොලුකාරයෝ කියල ඇඟවීමක් ඔය කතාවේ තියෙනව නේද? මූලාශ්‍රවල නම් මම දන්න තරමින් නැහැ!
     
    • Like
    Reactions: Asmodeus

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    Ganayo tikath pramilath ekka nidi wadala wage.
     
    • Dislike
    Reactions: kalaweddha

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    TFS

    ඔය කතා වල කියන තරම් සිංහල බිසෝවරු ඇත්තටම ලස්සනද බං? අර ඉස්සර කාලෙ ගත්ත photos වල උසස් පැලැන්ති වල ගැහැනු අයගෙ එහෙම ලොකු ලස්සනක් නෑ නේ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    TFS

    ඔය කතා වල කියන තරම් සිංහල බිසෝවරු ඇත්තටම ලස්සනද බං? අර ඉස්සර කාලෙ ගත්ත photos වල උසස් පැලැන්ති වල ගැහැනු අයගෙ එහෙම ලොකු ලස්සනක් නෑ නේ.

    She is Indian.

    1675949840070.png

    ------ Post added on Feb 9, 2023 at 7:07 PM
    @Don GasCan
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Gascon is a French guy, Gaspard Gascon came to Sri Lanka with his father, Gascon later become "Daskon" that's how to pronounce Gascon. actually, in French Garcon means a boy.