දහඩිය දැමීම හඳුනා ගනිමු.
මීට සුළු මොහොතකට කලින් මේ ගැටලුව ගැන කෙනෙක් අහල තිබුන නිසා මේක දාන්න හිතුන ගොඩදෙනේක්ගේ දැනගැනීම පිණිස.
අදික දහඩිය දැමීම(hyperhydrosis ) කිව්වම ඉස්සෙල්ලම් බලන්න ඕන කාරණය තමයි මේක සාමාන්‍ය තත්වයක්ද?(physiological ) නැත්නම් රෝගී තත්වයක්ද (pathological ) කියන එක.
අදික රස්නය, physical activity , බිය වීම,තරහ යාම, උණුසුම් හෝ සැර අහාර ගැනීම, නිසා ඇතිවන දහඩිය දැමීම සාමාන්‍යයි. ඒවගේම එකම පවුලේ උනත් දෙදෙනෙකුගේ දහඩිය දැමීමේ ප්‍රතිචාරය සමාන නැහැ.ඒක නිසා එක සංසන්දනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
නමුත් දහඩිය දැමීම කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය වැඩකටයුතු වලට බාධා කරන මට්ටමට අවොත් එක pathological hyperhydrosis එකක් ලෙස සලකන්න පුළුවන්.
මේකෙත් කොටස් දෙකක් තියෙනවා.එකක් ප්‍රාථමික (primary hyperhydrosis). මේක තමයි වඩාත්ම සුලබ හේතුව.මේකට ඇත්තම හේතුවන ශරීරයේ රෝගී තත්වයක් කියන්න බැහැ. අනෙක තමයි ද්විතීක(secondary hyperhydrosis) මේක ඇතිවන්නේ ශරීරයේ වෙනත් ලෙඩක අතුරු ප්‍රතිපලයක් විදියට .උද: තයිරොයිඩ් අදි ක්‍රියාකාරිත්වය,මානසික ගැටළු(generalized anxiety disorder), බෙහෙත් වර්ග,දියවැඩියාව, මද්‍යසාර පානය, තරබාරුකම,ස්නායු රෝග(parkinson ,spinal injury )
ද්විතික හේතු අනිවාර්යෙන් හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කිරීමෙන් මේක නිට්ටාවට සුවකරන්න පුළුවන්. නමුත් ප්‍රථමික රෝගයේදී රෝග ලක්ෂණයට පමණයි ප්‍රතිකාර කරන්නේ.
කපු යට ඇඳුම් සහ කපු මේස් දමන්න සුදුසුයි.මුලික ප්රතිකර්මය නම් අත්ල iontophoresis නමැති ප්‍රතිකාරයට ලක් කිරීම.මෙහිදී sodium අයන විද්‍යුත් ධාරාවක් හරහා සමේ ස්වේද ග්‍රන්ථි නාල වලට බඳවා ඒවා block කරනවා.(ජාතික රෝහල ,මහනුවර රෝහල ආදියේ ඇත.)
දහදිය දැමීම පාලනය කරන බොන බෙහෙත් තිබේ.නමුත් අතුරු අබාද වැඩි නිසා අනිවාර්යෙන්ම චර්මරෝග විසේසඥ වරයෙකුගෙන් උපදෙස් ගත යුතුයි. තවරන ප්‍රතිකාර ලෙස aluminium chioride hexahydrate ප්‍රසිද්ද ප්‍රතිකාරයකි. Aldry ,driclor වඩාත් ප්‍රසිද්ද වෙළඳ නාමය වේ.නමුත් වියදම තරම් ප්‍රතිපල නැතිවියහැකිය.
වඩාත් ප්‍රතිරෝදී අත්ලට දහදිය දැමීම පාලනය සඳහා අත්ලට botulinam toxin විදීම කල හැක.නමුත් එක vial එකක් රුපියල් 30000ක් පමණ වේ.කොළඹ සහ නුවර චර්ම සායන වල සිදුකරයි.බෙහෙත් රැගෙන ආ යුතුයි.ප්‍රතිපල මාස 6 සිට අවුරුද්දක් පමණ පවතී.
ඇතැම් අයට නැවත ඇති නොවේ.කිහිලි ආශ්රිත දහදිය දැමීමටද මෙම ප්‍රතිකාරය කල හැක.අනෙත් ක්‍රමය නම් කිහිලි ප්‍රදේශයේ සම කොටස (axillary vault ) ශල්‍යකර්මයකින් කපා ඉවත්කෙරීමයි.
මතක තබාගතයුතු කරුණ නම් සෑමවිටම සුදුසුකම් සහිත චර්මරෝග වයිද්යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න කියන එක තමයි. මොකද සමහර අත්බෙහෙත් භාවිතය හෝ බෙහෙත් වැරදි ලෙස භාවිතය නිසා ශරීරයට වෙනත් හානි වෙන්න පුළුවන්. ඒවගේම වෙනත් නිදන්ගත රෝගයක් හඳුනාගන්න තිබු අවස්ථාව අහිමි වෙන්නත් පුළුවන්.

+7 