දහම් ප්‍රශනයක් ....?

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ?
    නෑ.
    මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?

    අව්‍යාකත ප්‍රශ්න. (න + වි+ ආ+ කත> න+ ව්‍යාකත> අව්‍යාකත = විවරණය නොකරන ලද)

    ලෝකය සදාකාලිකද? ලෝකය සදාකාලික නොවේද? ලෝකයේ කෙලවරක් තියේද ලෝකයේ කෙළවරක් නොමැතිද? ජීවය ශරීරයත් එකක්ද? ජීවය හා ශරීරය වෙන් වෙන් ව පවතීද? සත්වයෝ මරණින් පසු පවතිත් ද? සත්වයෝ මරණින් පසු නොපවතිත්ද? සත්වයෝ මරණින් පසු පවතින්නේ ද නොපවතින්නේද වේද? සත්වයෝ මරණින් පසු නොපවතින්නේද නොපවතින්නේ නොවන්නේ වේද?

    ඔන්න ඔය 10 තමයි ඒ ප්‍රශ්න දහය. ඔය ප්‍රශ්න 10 පිළිබද අසන්නේ මාලුංක්‍ය පුත්ත තෙරණුවෝ. එත්නදී තමයි ඊතල පහර වැදුණු පුද්ගලයාගේ උපමාව දැක්වෙන්නේ. මාලුංක්‍ය පුත්ත හිමියන්ට අමතරව වච්ඡගොත්ත පරිබ්‍රාජකයාත් ඒ පිළිබද විමසනවා.(අග්ගිවච්ඡගොත්ත සූත්‍රය)
    කොසොල් රජතුමා ඛේමා තෙරණියගෙන් මරණින් පසු සත්වයෝ පවතිත් ද යන අවසන් ප්‍රශ්න හතර අහලා තිබෙනවා.(ඛේමා සූත්‍රය)
    අනුරාධ සූත්‍රයෙත් ඔය අව්‍යාකත ප්‍රශ්නවල අවස්න් ප්‍රශ්න 4 ගැන සදහන් වෙනවා.

    ඔය ප්‍රශ්නවලට බුදුරජානන් වහන්සේ පිළ්ඊතුරු නොදීමට එක හේතුවක් තමයි එ දේවල් නිර්වාණගාමි වෙන්න අදාළ නොවෙන එක. අනෙක් හේතුව සමහර ප්‍රශ්නවලට "ඔව් නෑ" වශයෙන් ඍජු පිළිතුරු දීමට නොහැකි වීම. එකළ පෘථුජ්ජන මිනිසුන්ට ඔය දේවල් වටහා ගෑනීමට තරම් හැකියාවක් නොමැතිවීමත් තවත් හේතුවක් වෙන්න ඇති.

    උදාහරණයක් අරන් බලන්නකෝ. බුදු දහම අනාත්මවාදියි. එතකොට "මම" යැයි නොනැසෙන සුළු වූ භවයෙන් භවයට යන්නා වූ යමෙක් නෑ.
    එතකොට කවුරු හරි කෙනෙක් ඇවිත් ඇහුවම "මරණින් පසු සත්වයා සිටීද" කියලා මොකද්ද දෙන්න පුළුවන් උත්තරය.
    "ඔව්" කියන්න බෑ. ඇයි? මම කියලා කෙනෙක් නොමැති නම්, මරණින් පසු ඔහු සිටීනවා කියන්නත් බෑ.
    "නෑ" කියලා පිළිතුරු දුන්නොත්? මරණින් පසු නති වෙන්න නම් "මම" කියලා කෙනෙක් මේ භවය තුළ ඉන්න ඕනි. හැබයි එහෙමත් නෑ.
    කෙටියෙන්ම කිව්වොත් මරණින් මතු ඇතිවෙන්න හෝ නැති වෙන්න "මම" කියලා ස්ථීර වූ ආත්මයක් නෑ.
    අනෙක් අතට මරණින් මතු සත්වයා නැතැයි කිව්වොත් එය අසන කෙනා උච්ඡේදවාදී දෘෂ්ටියේ පිහිටන්න පුළුවන්. සත්වයා පවති කිව්වොත් සාස්වතවාදි දෘෂ්ටියට වැටෙන්න පුළුවන්.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    කොහෙද ඉතින් "අ" යන්න තේරෙන්නේ නෑ කියන්නේ මුන්ට නේ ..... "අ" නෙමේ බං "" යන්නෙන් කොහොමද විරුද්ද අර්ථය

    මෙතන භාෂා දෙකක් තියෙනවා. ඒක මෙහමයි ගලපන්න ඕනේ.

    පළමුව, "ලෝකය" කියන්නේ මඝදී පදයක්. මේ පදය සන්ධර්භ 2කක භාවිතා වෙන්නේ මෙහෙමයි

    සන්ධර්භ (context) 1

    ලොක
    චින්තා, භික්ඛවෙ, අචින්තෙය්‍යා, න චින්තෙතබ්බා; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස.

    -> මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.

    මෙතැන බුදුන් දේශනා කරනවා මේ විශ්වයේ ස්වභාවය, නැතිනම් "ලෝක විෂය".

    සන්ධර්භ (context) 2

    කතමො ච, භික්ඛවෙ, ලොකස්ස සමුදයො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං .. මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

    -> මහණෙනි, ලෝකයේ ඇතිවීම කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි .. පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

    මෙතැන ලෝකය තේරුම් ගන්න ඕනේ ටිකක් වෙනස් විදියකට. මෙතැන ලෝකය කියන්නේ තම තමන්ගේ හිතේ හදා ගන්න ලෝකය. බුදුන් දේශනා කරනවා දුක නිර්මාණය වෙන ආකාරය - "ලෝක සමුදය". ඉන්පසු දුක නැතිවෙන්නේ "ආලෝකය පහළ" වෙලා.

    බුදුන් නිවනට ආදේශ කෙලේ "ආලෝකය" සහ දුකට "ලෝකය". මෙතන ම්ඝදී භාෂාවෙන් ලෝකය කියන්නේ අඳුර - නැතිනම් ආලෝකයේ විරුද්ද පදය.

    සිංහල භාෂාවේ මවු භාෂාව ම්ඝදී. මේවට කියනව "ප්‍රකුර්ති භාෂා" කියලා. මේ භාෂා වල නීති බොහෝ විට සමානයි. මේවා "අ" හෝ "ආ" භාවිතා කරලා විරුද්ද පද නිර්මාණ කරනවා.

    ම්ඝදී භාෂාව වෙනස් නොවෙන එකක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් සිංහල පද වෙනස් වෙන්වා. පැරණි සිංහල දුකට "ලෝක" කියලා කියන්න ඇති.
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    උදාහරණයක් අරන් බලන්නකෝ. බුදු දහම අනාත්මවාදියි. එතකොට "මම" යැයි නොනැසෙන සුළු වූ භවයෙන් භවයට යන්නා වූ යමෙක් නෑ.

    බුදු දහමට ආත්ම හෝ අනාත්ම වාදයක් නැත.

    ආත්මයක් ඇත (ශාස්වත වාදය) <- මේක බුදුන් ප්‍රතික්ෂේප කල එක අන්තයක්
    අනාත්මවාදක් ඇත (උච්චේද වාදය) <- මේක බුදුන් ප්‍රතික්ෂේප කල අනිත් අන්තය

    බුදුන් දේශනා කලේ හේතු එල දහමක්. එතකොට "මම ඉන්නව" (ආත්මවාද) කියන එක එක අන්තයක්. "මම නැත" (අනාත්මවාද) කියන එක තව අන්තයක්.

    බුදුන්ගේ දේශනාවේ තියෙන්නේ මේ අන්ත දෙකම අතහැර, මම හෝ මගේ කියන අදහසින් කිසිම දෙයක් බදා ගැනීම නොසුදුසු බවයි. නොසුදුසු වන්නේ බදා ගන්න දේවල් විපරිණාමයට ලක් වෙන නිසා.
     
    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මෙතන භාෂා දෙකක් තියෙනවා. ඒක මෙහමයි ගලපන්න ඕනේ.

    පළමුව, "ලෝකය" කියන්නේ මඝදී පදයක්. මේ පදය සන්ධර්භ 2කක භාවිතා වෙන්නේ මෙහෙමයි

    සන්ධර්භ 1

    ලොක
    චින්තා, භික්ඛවෙ, අචින්තෙය්‍යා, න චින්තෙතබ්බා; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස.

    -> මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.

    මෙතැන බුදුන් දේශනා කරනවා මේ විශ්වයේ ස්වභාවය, නැතිනම් "ලෝක විෂය".

    සන්ධර්භ 2

    කතමො ච, භික්ඛවෙ, ලොකස්ස සමුදයො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං .. මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

    -> මහණෙනි, ලෝකයේ ඇතිවීම කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි .. පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

    මෙතැන බුදුන් දේශනා කරනවා දුක නිර්මාණය වෙන ආකාරය "ලෝක සමුදය". ඉන්පසු දුක නැතිවෙන්න "ආලෝකය පහළ විය"

    බුදුන් නිවනට ආදේශ කෙලේ "ආලෝකය". උන්වන්සේ දුකට ආදේශ කලේ ලෝකය. මෙතන ම්ඝදී භාෂාවෙන් ලෝකය කියන්නේ අඳුර - නැතිනම් ආලෝකයේ විරුද්ද පදය.

    සිංහල භාෂාවේ මවු භාෂාව ම්ඝදී. මේවට කියනව "ප්‍රකුර්ති භාෂා" කියලා. මේ භාෂා වල නීති බොහෝ විට සමානයි. මේවා "අ" හෝ "ආ" භාවිතා කරලා විරුද්ද පද නිර්මාණ කරනවා.

    ම්ඝදී භාෂාව වෙනස් නොවෙන එකක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් සිංහල පද වෙනස් වෙන්වා. පැරණි සිංහල දුකට "ලෝක" කියලා කියන්න ඇති.
    පිළිතුරට අනුව ප්‍රශ්නය සැදීමට හොදම උදාහරනයක් තමයි මේ ....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Begining ekak tiyenawa.e tamai illusion eka patan gatta dawasa.real begining ekak ne.eka hariyata api ninde idan dream eka real world eka kiyala hitanawa wage wedak.dan api dream eka patan gatte kothnada kiyala ahanawa.patan gatta tanak tiyenawa e tamai nidagatta welawa.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බුදු දහමට ආත්ම හෝ අනාත්ම වාදයක් නැත.

    ආත්මයක් ඇත (ශාස්වත වාදය) <- මේක බුදුන් ප්‍රතික්ෂේප කල එක අන්තයක්
    අනාත්මවාදක් ඇත (උච්චේද වාදය) <- මේක බුදුන් ප්‍රතික්ෂේප කල අනිත් අන්තය

    බුදුන් දේශනා කලේ හේතු එල දහමක්. එතකොට "මම ඉන්නව" (ආත්මවාද) කියන එක එක අන්තයක්. "මම නැත" (අනාත්මවාද) කියන එක තව අන්තයක්.

    බුදුන්ගේ දේශනාවේ තියෙන්නේ මේ අන්ත දෙකම අතහැර, මම හෝ මගේ කියන අදහසින් කිසිම දෙයක් බදා ගැනීම නොසුදුසු බවයි. නොසුදුසු වන්නේ බදා ගන්න දේවල් විපරිණාමයට ලක් වෙන නිසා.

    අඩුම සූත්‍ර පිටකයේ පළවෙනි පොතේ, පළවෙනි සූත්‍රයවත් කියවලා තියෙනව නම් ඔය කතාව කියන්නෑ නොව.

    ශරීරය තුළ ආත්මය යැයි යමක් පවතින බව පිළිගැනීම ආත්මවාදයි. ඒ නිසා තමයි "මම" යැයි යමෙක් පවතින බව විශ්වාස කරන්නේ. මේ ලොව උපත ලබන සියලු දෙනාට "මම" "මාගේ" යන හැගීම තියෙනවා. ඒ කියන්නේ හැමෝම තුළම ආත්මවාදි හැගීම තියෙනවා.

    මේ ආත්මවාදී පිරිස කොටස් දෙකක් ඉන්නවා. එක පිරිසක් ශාස්වතවාදී යි. අනෙක් පිරිස උච්ඡේදවාදී යි.

    ශාස්වතවාදී පිරිස හිතනවා "මේ ශරීරය සහ ඒ තුළ පවතින ආත්මය කියන්නේ එකක් නෙවෙයි දෙකක්" කියලා. (අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං) එතකොට මරණයේ දි සිද්ධ වෙන්නේ මේ ශරීරය විනාශවෙලා යන එක. නමුත් ආත්මය දිගටම පවතිනවා. නැවත භවයකට යනවා. එමනිසා ශරීරය විනාස වුණාට පසුවත් ආත්මය දිගටම පවතින බව ඔවුන් විශ්වාස කරනවා.

    උච්ඡේදවාදි පිරිස හිතන් ඉන්නේ "ශරීරයත් ආතමයත් එකක්" කියලා.(තං ජීවං තං සරීරං) එතකොට මේ ශරීරය විනාශයට පත් වෙනවාත් සමගම ආත්මයත් විනාශයට පත් වෙනවා. ඔවුන්ගේ විශ්වාසය අනුව පුද්ගලයාගේ පැවැත්ම තියෙන්නේ උපතත් මරණයත් අතර පමණයි. මරනින් පසු එය අවසන්. ඔවුනුත් ආත්මවාදය පිළිගන්නවා. ආත්මය යැයි යමක් පවතින බවත් මරණයේ දී එය අවසන් වී යන බවත් ඔවුන් විශ්වාස කරනවා.

    බ්‍රහ්මජාල සූත්‍රය කියවන්න. කෙනෙකුට ශාස්වතවාදී හෝ උච්ඡේදවාදී දෘෂ්ටිය ඇති වෙන්නේ ඇයි කියන හේතුව බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරලා තියෙනවා.

    මෙතන භාෂා දෙකක් තියෙනවා. ඒක මෙහමයි ගලපන්න ඕනේ.

    පළමුව, "ලෝකය" කියන්නේ මඝදී පදයක්. මේ පදය සන්ධර්භ 2කක භාවිතා වෙන්නේ මෙහෙමයි

    සන්ධර්භ (context) 1

    ලොක
    චින්තා, භික්ඛවෙ, අචින්තෙය්‍යා, න චින්තෙතබ්බා; යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස.

    -> මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.

    මෙතැන බුදුන් දේශනා කරනවා මේ විශ්වයේ ස්වභාවය, නැතිනම් "ලෝක විෂය".

    සන්ධර්භ (context) 2

    කතමො ච, භික්ඛවෙ, ලොකස්ස සමුදයො? චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං .. මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

    -> මහණෙනි, ලෝකයේ ඇතිවීම කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි .. පින්වත් මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

    මෙතැන ලෝකය තේරුම් ගන්න ඕනේ ටිකක් වෙනස් විදියකට. මෙතැන ලෝකය කියන්නේ තම තමන්ගේ හිතේ හදා ගන්න ලෝකය. බුදුන් දේශනා කරනවා දුක නිර්මාණය වෙන ආකාරය - "ලෝක සමුදය". ඉන්පසු දුක නැතිවෙන්නේ "ආලෝකය පහළ" වෙලා.

    බුදුන් නිවනට ආදේශ කෙලේ "ආලෝකය" සහ දුකට "ලෝකය". මෙතන ම්ඝදී භාෂාවෙන් ලෝකය කියන්නේ අඳුර - නැතිනම් ආලෝකයේ විරුද්ද පදය.

    සිංහල භාෂාවේ මවු භාෂාව ම්ඝදී. මේවට කියනව "ප්‍රකුර්ති භාෂා" කියලා. මේ භාෂා වල නීති බොහෝ විට සමානයි. මේවා "අ" හෝ "ආ" භාවිතා කරලා විරුද්ද පද නිර්මාණ කරනවා.

    ම්ඝදී භාෂාව වෙනස් නොවෙන එකක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් සිංහල පද වෙනස් වෙන්වා. පැරණි සිංහල දුකට "ලෝක" කියලා කියන්න ඇති.

    පාලි වියරණය අමු අමුවේ භුදිනවා නේද.

    පාලි භාෂාවේ "ලෝකය" යැයි පදයක් නැත. "ලෝකො" යැයි නාම පදයක් ඇත.
    "ලෝක" කියන පදය පාලි භාෂාවේ යෙදෙන්නේ "ලොව(world), ආලෝකය (light)" යන අර්ථ වලිනි.
    එයිනුත් "ආලෝකය " සදහා "ලෝක" යන පදය භාවිතයේ නැති තරම් විරලය.
    ඔබ කියන්න පරිදි අඳුරට "ලෝක" යැයි භාවිතයක් පාලියේ නැත. "ලෝක" සහ "ආලෝක" යන පද දෙකම පාලියේ දි "ආලෝකය" යන අරුතින්ම යොදා ඇත.

    පහළ දැක් වෙන්නේ පාලි නිඝණ්ඩුවේ ආලෝකය යන පදයට දී තිබෙන පාලි පද සමූහයයි. ඒ අනුව " ආලෝකය = භාසො, පකාසො, ලොකො, ආලෝකො, උජ්ජොතා"

    cam.jpg

    ඔන්න ඕකයි කියලා තියෙන්නේ,

    යො නිරුත්‌තිං න සික්‌ඛෙය්‍ය
    සික්‌ඛන්‌තො පිටකත්‌තයං
    පදෙ පදෙ විකඞ්‌ඛෙය්‍ය
    වනෙ අන්‌ධගජො යථා

    පාලි භාෂාව ගැන දැනුමක් නැතිව ත්‍රිපිටකය ඉගෙන ගත්ත කෙනා හරියට අන්ධ අලියෙක් වගේ. අන්ධ අලියෙක් කැලේ ඇවිදිද් දි තියන තියන පියවරක් පාසා ගස් වල ගල් වල හැප්පෙනවා. අන්න ඒ වගේ, පාලි භාෂාව නොදත් කෙනා ත්‍රිපිටකයේ පදක් පදයක් පාසා සැක කරනවා. වැරදියට ග්‍රහණය කරගන්නවා.

    අනික මඝදී භාෂාව නෙවෙයි "මාගධි භාෂාව"
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    කොහෙද ඉතින් "අ" යන්න තේරෙන්නේ නෑ කියන්නේ මුන්ට නේ ..... "අ" නෙමේ බං "" යන්නෙන් කොහොමද විරුද්ද අර්ථය (negativity) එන්නේ ???

    :rofl: ;) :rofl:
    සිංහලත් හරියට බැරි, ඉංග්‍රීසිත් හරියට බැරි, පාලි මෙලෝකෙ දෙයක් දන්නෙ නැති, සිවුරක් පොරෝගත්ත ඉන්ජො බන කියන්න ගියාම ඔහොම වෙනව
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අඩුම සූත්‍ර පිටකයේ පළවෙනි පොතේ, පළවෙනි සූත්‍රයවත් කියවලා තියෙනව නම් ඔය කතාව කියන්නෑ නොව.

    ශරීරය තුළ ආත්මය යැයි යමක් පවතින බව පිළිගැනීම ආත්මවාදයි. ඒ නිසා තමයි "මම" යැයි යමෙක් පවතින බව විශ්වාස කරන්නේ. මේ ලොව උපත ලබන සියලු දෙනාට "මම" "මාගේ" යන හැගීම තියෙනවා. ඒ කියන්නේ හැමෝම තුළම ආත්මවාදි හැගීම තියෙනවා.

    මේ ආත්මවාදී පිරිස කොටස් දෙකක් ඉන්නවා. එක පිරිසක් ශාස්වතවාදී යි. අනෙක් පිරිස උච්ඡේදවාදී යි.

    ශාස්වතවාදී පිරිස හිතනවා "මේ ශරීරය සහ ඒ තුළ පවතින ආත්මය කියන්නේ එකක් නෙවෙයි දෙකක්" කියලා. (අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං) එතකොට මරණයේ දි සිද්ධ වෙන්නේ මේ ශරීරය විනාශවෙලා යන එක. නමුත් ආත්මය දිගටම පවතිනවා. නැවත භවයකට යනවා. එමනිසා ශරීරය විනාස වුණාට පසුවත් ආත්මය දිගටම පවතින බව ඔවුන් විශ්වාස කරනවා.

    උච්ඡේදවාදි පිරිස හිතන් ඉන්නේ "ශරීරයත් ආතමයත් එකක්" කියලා.(තං ජීවං තං සරීරං) එතකොට මේ ශරීරය විනාශයට පත් වෙනවාත් සමගම ආත්මයත් විනාශයට පත් වෙනවා. ඔවුන්ගේ විශ්වාසය අනුව පුද්ගලයාගේ පැවැත්ම තියෙන්නේ උපතත් මරණයත් අතර පමණයි. මරනින් පසු එය අවසන්. ඔවුනුත් ආත්මවාදය පිළිගන්නවා. ආත්මය යැයි යමක් පවතින බවත් මරණයේ දී එය අවසන් වී යන බවත් ඔවුන් විශ්වාස කරනවා.

    බ්‍රහ්මජාල සූත්‍රය කියවන්න. කෙනෙකුට ශාස්වතවාදී හෝ උච්ඡේදවාදී දෘෂ්ටිය ඇති වෙන්නේ ඇයි කියන හේතුව බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරලා තියෙනවා.

    පාලි වියරණය අමු අමුවේ භුදිනවා නේද.

    පාලි භාෂාවේ "ලෝකය" යැයි පදයක් නැත. "ලෝකො" යැයි නාම පදයක් ඇත.
    "ලෝක" කියන පදය පාලි භාෂාවේ යෙදෙන්නේ "ලොව(world), ආලෝකය (light)" යන අර්ථ වලිනි.
    එයිනුත් "ආලෝකය " සදහා "ලෝක" යන පදය භාවිතයේ නැති තරම් විරලය.
    ඔබ කියන්න පරිදි අඳුරට "ලෝක" යැයි භාවිතයක් පාලියේ නැත. "ලෝක" සහ "ආලෝක" යන පද දෙකම පාලියේ දි "ආලෝකය" යන අරුතින්ම යොදා ඇත.

    පහළ දැක් වෙන්නේ පාලි නිඝණ්ඩුවේ ආලෝකය යන පදයට දී තිබෙන පාලි පද සමූහයයි. ඒ අනුව " ආලෝකය = භාසො, පකාසො, ලොකො, ආලෝකො, උජ්ජොතා"

    View attachment 112149

    ඔන්න ඕකයි කියලා තියෙන්නේ,

    යො නිරුත්‌තිං න සික්‌ඛෙය්‍ය
    සික්‌ඛන්‌තො පිටකත්‌තයං
    පදෙ පදෙ විකඞ්‌ඛෙය්‍ය
    වනෙ අන්‌ධගජො යථා

    පාලි භාෂාව ගැන දැනුමක් නැතිව ත්‍රිපිටකය ඉගෙන ගත්ත කෙනා හරියට අන්ධ අලියෙක් වගේ. අන්ධ අලියෙක් කැලේ ඇවිදිද් දි තියන තියන පියවරක් පාසා ගස් වල ගල් වල හැප්පෙනවා. අන්න ඒ වගේ, පාලි භාෂාව නොදත් කෙනා ත්‍රිපිටකයේ පදක් පදයක් පාසා සැක කරනවා. වැරදියට ග්‍රහණය කරගන්නවා.

    අනික මඝදී භාෂාව නෙවෙයි "මාගධි භාෂාව"
    මේ පැහැදිලි කරලා තියෙන්නේ උත්තර නැතිවෙන්න
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    තව පොඩි දෙයක් එකතු කරන්නම් ධර්ම කාරණා විස්තර කරන්න යද්දී මෙහෙම දේශනා කරල තියෙන්නේ කියල තව කෙනෙක් ව දැනුවත් කරද්දී එක සත්‍යක් කියල තමන්ට විශ්වාස නම් විතරක් ඉදිරිපත් කරන්න මොකද ගෙනහැර දක්වන්නේ එසේ මෙසේ පුත්ගලයෙක් අදාල කරගෙන නෙවේ බුදුවරයෙක් අදාල කරගෙන කියන දේ බොරුවක් වුනොත්, ඒ බොරුවට අදාල කරගත්තු පුත්ගලයා අනුව විපාකය තීරණ වෙන්න පුළුවන්. එකයි මාත් පොඩි කාරණයක් කියල නැවැත්තුවේ විශ්වාසයක් ඇතුව. ත්‍රිපිටකය වැරදි බාවිතයට විපාක තියනව වෙන් වෙන් ව.
     
    • Like
    Reactions: shadow134 and S_M_S

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ශරීරය තුළ ආත්මය යැයි යමක් පවතින බව පිළිගැනීම ආත්මවාදයි. ඒ නිසා තමයි "මම" යැයි යමෙක් පවතින බව විශ්වාස කරන්නේ.
    නමුත් බුදු ද‍හම මේක හදුන්වන්නේ "මමත්වය" කියල.

    මේ දෙකේ වෙනස මේකයි

    ආත්මය -> මැරූනට පස්සේ වින්ඥානය ඊලග ආත්මයට අරගෙන යනවා. ආත්ම වාද තියෙන්නේ ආගම් වල.
    මමත්වය -> මැරූනට පස්සේ වින්ඥානය ඊලග ජිවිතයට අරගෙන යනනේ නැත. සෑම උපතකම අලුත් වින්ඥානයක් සකස් වෙනවා.

    මමත්වයේ තිපරිවට්ටය මෙක්යි

    -> ම්න්ඥතාව (පෘතග්ජන සතත්වගේ මනස) -> අන්ඥතාව (මාර්ග එල ලාබියාගේ තත්වය) -> ප්‍රග්ඥාව (අරිහත් එල ලාබියාගේ තත්වය)

    සත්වයාගේ දැක්ම පිරිසිදු වුනහම ම්න්ඥතාවය නැතිවෙලා අන්ඥතාවය මතු වෙනවා. අරිහත් එල්යේදී ප්‍රග්ඥාව මතුවෙනවා. ප්‍රග්ඥාව මතුවුන අවස්ථවේ මමත්වය අම්පුර්න්න්ම නැතිවෙනවා. මමත්වය නැතිවිට අයෙමත් උපතක් සිදුවෙන්නේ නැත.

    "ලෝක" කියන පදය පාලි භාෂාවේ යෙදෙන්නේ "ලොව(world), ආලෝකය (light)" යන අර්ථ වලිනි.
    "ආලෝකෝ උදපාදී" කියන්නේ ආලෝකය පහල විය. එතකොට ආලෝකයට එන්නේ අඳුරේ සිට (ලෝකය).

    මම මේ පෙන්වන්නේ අවුරුදු 1800 පස්සේ මතු වුන, බුදුන් සිරි ලක වාසය කරමින් එලි දැක්වූ සිරි සධර්මය.

    සිරි සධර්මය තියෙනව මෙතන -> http://panhinda.sirisaddharmaya.net

    මේක මම මේ නුලේ කරන අන්තිම ප්‍රතිචාරය.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බුදුන්වහන්සේ ලෝකයේ ආරම්බය ගැන පැහැදිලිව සදහන් කරලා තියනවද ? මම අහලා තියනවා (හරිද දන්නේ නෑ) බුදුන් වහන්සේ මිනිසුන් ලෙස අපට උත්තර හොයන්න එපා කියපු ප්‍රශ්න කිහිපයක් තියනවා කියලා ... ඒ මොනවාද ?

    danna widiyata nam kiyala thiyenne wishwaye arambaya saha size eka minissunta therum ganna be kiyala.