ද්විකෝටිකය ගැන

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ද්විකෝටිකය ගැන

පළමුකොට ම කිවයුතු කරුණක් තිබෙනවා. මා මේ ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට මිස මුහුණු පොතට නො වෙයි. කාලය වෙබ් අඩවියට ලියන ලිපි දෙතුන් දෙනකු මුහුණු පොතේ පිටපත් කරනවා. ඒ අය එසේ කරන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මා එය නවත්වන්න යන්නේ නැහැ. එහෙත් මුහුණු පොතේ පළවන සෑම ප්‍රතිචාරයක් ම මා කියවන්නේ නැහැ. කියවන ඇතැම් ප්‍රතිචාරවලට පමණක් මා පිළිතුරු ලියනවා. ඒත් එයත් කලාතුරකින්. මුහුණු පොතේ අන් අයගේ ගිණුම් මා කියවන්නේ නැහැ. ඇතැම් විට මගේ මුහුණු පොත් මිතුරන්ගේ කැමැත්ත පළ කරන හෝ බෙදා හදා ගන්නා හෝ ලිපි ආදිය මගේ මුහුණු පොත් ගිණුමටත් ලැබෙනවා. මා ඉන් සමහරක් කියවා ඉතා සුළු ප්‍රමාණයකට පමණක් ප්‍රතිචාර දක්වනවා.





මුහුණු පොත පරිහරණය කරන්නන් බොහෝ බුද්ධිමත්. සයිටම් ගැන ඔවුන් දරණ මතය කෙතරම් විදග්ධ දැයි මට හිතෙනවා. ඔවුන් දන්නේ එක ම විසඳුමයි. ඒ සයිටම් අහෝසි කිරීම. ඔවුන්ගේ විසඳුම පමණක් ක්‍රියාත්මක කළ යුතු යැයි ඔවුන් කියනවා. ආණ්ඩු විරෝධී, අපේ කම ගැන කතාකරන ජනමාධ්‍යත් ඒ මතයට පක්‍ෂයි. ඒ අයට අනුව මා නිදහස් අධ්‍යාපනයට විරුද්ධයි. ඔවුන් නිදහස් අධ්‍යාපනය ගැන කියන්නේ කුමක් ද යන්න පැහැදිලි නැහැ. මේ ගැන මා ලිපි රාශියක් ලියා තිබෙනවා. එහෙත් මා ඉදිරිපත් කරන තර්ක බුද්ධිමතුන්ගේ තර්ක බුද්ධියට හසුවන බවක් පෙනෙන්නේ නැහැ. මා සයිටම් සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා, අනුරුද්ධ පාදෙණිය සමග විවාදයකට කැමතියි. චතුර අල්විස්ට එය සංවිධානය කළ හැකි ද?





ඇතැම් විට මගේ ලිපි ගැන ප්‍රතිචාර ඒ ඒ අයගේ ගිණුම්වල පළ කරන බව මට ඇතැමුන් කියා තිබෙනවා. ඒ සමහරුන් එවැනි ප්‍රතිචාර තම ගිණුම්වල පළ කරන්නේ මගේ ගිණුමෙහි අදාළ ලිපියට ප්‍රතිචාර දක්වන ගමන් බව කියා තිබෙන බවත් ආරංචියි. එහෙත් එවැනි ප්‍රතිචාර මගේ ගිණුමේ නම් පළ වී නැහැ. චින්තනය සම්බන්ධයෙන් ජෙරමි ලෙන්ට් ගැන මා ලියු ලිපියට දැක් වී යැයි කියන ප්‍රතිචාර එයට උදාහරණයක්. ජෙරමි ලෙන්ට් යථාර්ථයක් තිබෙන බව පිළිගන්නවා. ඔහු යථාර්ථයට එක් එක් සංස්කෘතියෙහි එක් එක් තේරුම් දෙන බව කියනවා. එහෙත් මා දක්වන ඥානවිභාගයෙහි යථාර්ථයක් කියා දෙයක් නැහැ. ඊනියා යථාර්ථ ද අපේ නිර්මාණ! බුදුදහමෙහි ද ඊනියා යථාර්ථයක් නැති බව මගේ විශ්වාසයයි. එහෙත් වයි කරුණාදාස මහතාගේ සහ තවත් අයගේ පොත්පත්වල සඳහන් දෙයින් ගම්‍යවන්නේ යථාර්ථයක්, ධර්ම වාදයක්, ක්‍ෂණ වාදයක් මෙරට ථෙරවාදයට යම් කිසිවකු යම් කාලයක එකතු කර ඇති බවයි.





ඇතැමුන් ක්වොන්ටම් භෞතිකය නිවැරදි යැයි සිතන බවක් පෙනෙනවා. තවත් සමහරුන් සිතන්නේ චතුස්කෝටිකය නිවැරදිය කියා. මේ හැම එකක් ම මිනිසුන්ගේ නිර්මාණ බව බොහෝ දෙනා සිතන්නේ නැහැ. නිව්ටෝනීය භෞතිකය ඇතුළු සම්භාව්‍ය භෞතිකය ද්විකෝටිකයේ. අප බොහෝ විට නිව්ටෝනීය හා සම්භාව්‍ය භෞතිකය නිවැරදි ලෙස සලකනවා. මතක තබා ගත යුතු කරුණක් නම් අයින්ස්ටයින්ගේ විශේෂ මෙන් ම සාධාරණ සාපේක්‍ෂතාවාදයත් සම්භාව්‍ය භෞතිකයට අයත් බව. අයින්ස්ටයින් සම්මත ක්වොන්ටම් විවරණවලට විරුද්ධ වුණා.





අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය භෞතිකයෙන් (හා ආශ්‍රිත ගැලීිලිය සාපේක්‍ෂතාවදයෙන්) වෙනස් වන්නේ අවකාශය හා කාලය එකම අවකාශ –- කාලයක් ලෙස සැලකීමෙන්. නිව්ටන් අවකාශය හා කාලය වෙන වෙන ම ගත්තා. ඒ වගේ ම කාලය ඒ ඒ නිරීක්‍ෂකයාට නිරපේක්‍ෂ ලෙසත් ගත්තා. එහෙත් අයින්ස්ටයින්ට කාලයත් සාපේක්‍ෂයි. අයින්ස්ටයින්ගේ පරිණාමන සමීකරණ නිව්ටන්ගේ පරිණාමන සමීකරණවලින් වෙනස්.





අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය විශේෂ සාපේක්‍ෂතාවාදයෙන් වෙනස් වන්නේ මූලික වශයෙන් අවකාශ –- කාලය ද්‍රව්‍ය හා විකිරණ මගින් නිර්ණය වන බව කීමෙන්. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද්‍රව්‍ය හා විකිරණ නිර්ණිත අවකාශ –- කාලයක චලනය වෙනවා. එහෙත් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි අවකාශ - කාලය නිර්ණය වන්නේ ද්‍රව්‍ය හා විකිරණ මගින්. එමෙන් ම ද්‍රව්‍ය හා විකිරණ එලෙස නිර්ණිත අවකාශ –- කාලයෙහි චලනය වෙනවා! එය තරමක් දුරට පොළොව සකස් කරමින් නටනවා වගේ වැඩක්.





නිව්ටන් මෙන් ම අයින්ස්ටයින් ද ද්විකෝටික ඇරිස්ටෝටලීය න්‍යාය පිළිගත්තා. එක් අංශුවකට එක් මොහොත පැවතිය හැක්කේ එක් තැනක පමණක් බව ඔවුන්ගේ අදහස වූවා. එය අපේ අත්දැකීමයි. අප අපේ ලෝක නිර්මාණ කර ගන්නේ මේ අත්දැකීම් මතයි. එමෙන් ම යමක් සත්‍ය නම් එහි නිෂේධය අසත්‍ය යැයි අප කියනවා. යමක් අසත්‍ය නම් එහි නිෂේධය සත්‍ය යැයි අප කියනවා. එයත් අපේ පෘථග්ජන අත්දැකීම් මත පදනම් වන්නක්. එක් අංශුවක් එක් මොහොතක එක් තැනක පවතිනවා යන්න සත්‍ය නම් එහි එක් නිෂේධයක් වන (යම් ප්‍රස්තුතයක නිෂේධය ප්‍රකාශ කරන අයුරු කිහිපයක් ම තිබෙන්න පුළුවන්) අංශුව ඒ මොහොතෙහි වෙනත් තැනක ඇත යන්න අසත්‍යයක්. ද්විකෝටිකය පදනම් වන්නේ අපේ පෘථග්ජන අත්දැකීම් මත. ද්විකෝටික න්‍යාය දෙවියන් දුන් දෙයක් නොව අපේ නිර්මාණයක්.





නාථ දෙවියන් ගැන අප කලකට ඉහත කතා කළා. දෙවියන් සමග කටයුතු කරන අය දන්නවා නාථ දෙවියන් යන්නෙන් එ දේව මණ්ඩලයෙහි විවිධ අය කියැවෙන බව. මේ ඇතැමුන් බූමාටු දෙවියන් වන්න පුළුවන්. නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගන්නවා කියන්නේ මේ දේව මණ්ඩලයෙන් දැනුම ලබා ගන්න එක. කොහොමටත් අප දැනගත් දෙයක් තමයි නාථ දෙවියන්ට එක් විට තැන් හයක ඉන්න පුළුවන් කියන එක. එය මගේ අත්දැකීමක් නොවන බව කිව යුතුයි. මට දෙවියන් සමග සංනිවේදනය කිරීමේ හැකියාවක් නැහැ.





චතුස්කෝටික න්‍යායෙහි ප්‍රස්තුතයක් සත්‍ය වන්නේ නම් එහි නිෂේධයත් සත්‍ය විය හැකියි. එමෙන් ම යම් ප්‍රස්තුතයක් අසත්‍ය නම් එහි නිෂේධයත් අසත්‍ය විය හැකියි. එය සමහරුන්ගේ අත්දැකීමක් නොවන්න පුළුවන්. අප අපේ ලෝක තනා ගන්නේ අපේ අත්දැකීම් මත පදනම් ව. අංශුවක් මේ මොහොතේ මෙතන ඇතැයි කියන එක මෙන් ම වෙනත් තැනක ද ඇතැයි කියන එකත් සත්‍ය වන්න පුළුවන්. අංශුවක් මෙතන ඇත කියන එකේ එක් නිෂේධයක් විය හැකියි අංශුව වෙනත් තැනක ඇතැයි කීම. (මෙහි දී කිව යුත්තක් නම් නිෂේධය යන්න ද්වි අගය මත පදනම් වූ සංකල්පයක් බව.) ඇරිස්ටෝටලීය න්‍යාය කෝටික දෙකක් පමණක් නොව ද්වි අගය (අගය දෙකක්) සහිත න්‍යායක්. සාමාන්‍යයෙන් භාවිත චතුස්කෝටික න්‍යාය කෝටික හතරක් මත ද අගය දෙකක් මත ද පදනම් වූ න්‍යායක්. විවිධ අගය හා විවිධ කෝටික මත පදනම් වූ න්‍යාය තිබෙනවා. මේ ඇතැම් න්‍යාය අත්දැකීම් මත පදනම් නොවූ වියුක්ත න්‍යාය වෙන්න පුළුවන්.





ක්වොන්ටම් භෞතිකයේ ඇතැම් නිරීක්‍ෂණ ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් ව විස්තර කරන්න බැහැ. බටහිරයන් තමන්ට ක්වොන්ටම් භෞතිකය නොතේරෙනවා යැයි කියන්නේ එබැවිනුයි. ක්වොන්ටම් භෞතිකයේ ඒ නිරීක්‍ෂණ චතුස්කොටික න්‍යාය මත පදනම් ව විස්තර කරන්න පුළුවන්. අංශුවක් එක විට දෙතැනක තිබිය හැකි බව චතුස්කෝටික න්‍යායට එකඟයි. මා ක්වොන්ටම් භෞතිකය සිංහල බෞද්ධයනට තේරෙනවා යැයි කියන්නේ නාථ දේව කතා අප අසා ඇති බැවින්. ඒ අපේ අත්දැකීම් නොවුණත් දෙවියන් සමග ගනුදෙනු කරන අයගේ අත්දැකීම්.





එහෙත් මෙයින් කියැවෙන්නේ නැහැ ක්වොන්ටම් භෞතිකයවත්, එහි අර්ථකථනවත් සත්‍ය යැයි කියා. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ චතුස්කෝටික න්‍යාය සත්‍ය යැයි කියා. මේ සියල්ල අපේ නිර්මාණ. මේ සියල්ල බොරු. බොරුවෙහි නිෂේධය සත්‍ය විය යුතු නැහැ. එසේ වන්නේ ද්විකෝටිකයට අනුව. බොරුව බොරුවක් බව අවබෝධ කර ගැනීම සත්‍යය අවබෝධ කර ගැනීමක් විය හැක්කේත් ද්විකෝටිකයේ. ඉංගිරිසි භාෂාව ද්විකෝටිකයේ. සිංහල භාෂාව චතුස්කෝටිකයේ. අප යනඑන ගමන් වැනි ප්‍රකාශ කරන්නේ එබැවිනුයි.











මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.





http://www1.kalaya.org





නලින් ද සිල්වා





2017 ජූනි 23
 
  • Like
Reactions: s.a.s

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක ව

සයිටම් මගින් මතුවෙන වෛද්‍යවරුන්ගේ කුහක වත



සයිටම් ප්‍රශ්නය දැන් ඔඩු දුවලා. මේ ප්‍රශ්නය විසඳලා හුඟක් කල්. ඊයේ රාජිත ඉදිරිපත් කෙළේ කලකට පෙර ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ යෝජනා. එහෙත් පෙරටුගාමින් හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ ප්‍රශ්නය විසඳා නැති බවයි. ප්‍රශ්නය විසඳීම යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ සයිටම් අහෝසි කිරීමයි. එහෙත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මුල දී එවැනි ඉල්ලීමක් තිබුණේ නැහැ. සයිටම් අහෝසි කිරීම ඔවුන්ගේ ඉල්ලීමක් වූයේ මේ ඊනියා සටන පටන් ගෙන ටික කලක් ගියාට පස්සෙ. එය පැහැදිලි ව ම දේශපාලන ඉල්ලීමක්. වෛද්‍ය සංගමයත් දේශපාලනයක යෙදී ඉන්නවා. වෛද්‍ය සංගමයේ ඇතැමුන් ඉදිරි මැතිවරණයක දී ඇමතිවරුන් ලේකම්වරුන් වීමට බලාපොරෙත්තුවෙන් ඉන්නවා. එක් ප්‍රධානියකු ජනාධිපති වෙන්නත් බලාගෙන ඉන්නවා. අද ඇහුවොත් ඔවුන් කියාවි එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා.




සයිටම් ඇති කෙළේ පහුගිය ආණ්ඩුවෙන්. එය එස් බී ගේ පනතක් වුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන. එහෙත් එහි වගකීම ඒ දෙදෙනාට පවරා අනෙක් අයට ඇඟ බේරා ගන්න බැහැ. මුළු කැබිනට් මණ්ඩලය ම එයට වග කිව යුතුයි. එදා ඔවුන් එයට විරුද්ධ වූවා නම් ඒ බව රටට කියා ඇමතිකමින් අස්වෙන්න තිබුණා. එහෙත් චම්පක ඇතුළු කිසිවකු එදා අස් වූයේ නැහැ. අනෙක් අතට දිනේෂ්ට අද කියන්න බැහැ ඒක එස් බීගෙ පනතක් තමන් කෙළේ ඉදිරිපත් කිරීම පමණක් කියා. ඔහුත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. සයිටම් ජාතක කෙළේ පහුගිය ආණ්ඩුව. අද ඔවුන්ට සයිටම් උප්පැන්න සහතිකයට පියා ලෙස තම නම නොදී ඉන්නට බැහැ. සයිටම් ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කිරීම ගැන ඒකාබද්ධ විපක්‍ෂයත් වග කිව යුතුයි.



සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් ඇතුල් වූ සිසුනට පහර දීම අනුමත කරන්න බැහැ. එහෙත් ඔවුන්ට එහි බලෙන් කඩා වැදීමට අවසරයක් තිබුණේ නැහැ. රජයේ දේපොළවලට හානි කර බලය ලබා ගැනීම විජේවීරගේ සිට එන බංකොළොත් ප්‍රතිපත්තියක්. අන්තරේ කැඳවුම්කරු හා පුබුදු ජාගොඩ පරස්පර කතා කියනවා. ඔවුන් කියනවා තමන් බුද්ධි අංශයේ කණින් රිංගා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල් වුණා කියලා. අනෙක් අතට කියනවා සෞඛ්‍ය ඇමති හමුවීමට වෙලාවක් ලබා ගෙන තිබුණා කියා. එසේ වෙලාවක් ලබා ගෙන තිබුණා නම් පොලීසිය දැන හිටින්න ඇති මේ සිසුන් මොකාට ද එන්නෙ කියා. නැතත් බුද්ධි අංශය දැන සිටින්න ඇති. ආණ්ඩුව මෙන් ම අන්තරේ ද බුද්ධි අංශය හෑල්ලුවට ලක් කිරීමට කැමතියි. ආණ්ඩුවත් පෙරටුගාමීනුත් බුද්ධි අංශයට විරුද්ධයි. පුබුදු ජාගොඩට පරස්පර ගැන කිසිම අවබෝධයක් නැහැ. ඔහු තමන් නොදන්නා ක්වොන්ටම් භෞතිකයක් ගැන පොතක් ලියා එවැනි ම පුද්ගලයකු වූ කාලෝ ෆොන්සේකාගේ ගෞරවයට පාත්‍ර වුණා. අන්තරේ සිංහල සංස්කෘතිය වෙනුවෙන් පෙළපාලි යන්නේ නැහැ.



කොහොමටත් අන්තරේ කැඳවුම්කරුට පොලීසිය පහර දී නැති පාටයි. ඔහුට බැටන් පහර, කඳුළු ගෑස්, ජල ප්‍රහාර වදින්නේ නැත්තේ ඔහු ගුරුකමක්වත් කරවා ගෙන ද? එහෙත් පෙරටුගාමීන් ඒවා විශ්වාස කරන්නේ නැහැ. අන්තරේ කැඳවුම්කරු පෙරටුගාමියෙක් ද නැත්නම් පසුගාමියෙක් ද? ඔහු පෙරමුණේ ඇවිත් ප්‍රහාරයට ලක්වීමට පෙර පසුබැස අනෙක් ශිෂ්‍යයන්ට පෙරට යෑමට ඉඩ සලසනවා ද? ඔහු අනෙක් සිසුන්ට පොලීසියට මුහුණ දීමට අවස්ථාව ලබා දෙන අන්දමේ නායකයෙක් වෙන්න ඕන! ඔහු ගැන ආණ්ඩුවට ආඩම්බර හිතිල ද කොහෙ ද පොලීසිය ඔහු රක්‍ෂිත බණ්ධනාගාරගත කිරීමට කටයුතු කරලා ඔහු ආරක්‍ෂා කිරීමට.



එදා සයිටම් ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මහින්ද රාජපක්‍ෂ ඇතැම් සයිටම් සිසුන්ට ශිෂ්‍යත්ව පවා ලබා දුන්නා. එදා සයිටම් ලියා පදිංචියට විරුද්ධ නම් ඇමතිවරුන්ට ඊනියා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවෙන් දොට්ට බහින්න පුළුවන්කම තිබුණා. එදා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් නොවූයේ සුදු වෑන්වලට බයේ ද? අද ඒකාබද්ධ විපක්‍ෂය හොරගල් අහුලනවා. ඔවුන්ට සයිටම් දරුවාට උප්පැන්න නොදී ඉන්න බැහැ. එදා එස් බී කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපතිකමට පත්කර ගැනීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාලට උපදෙස් දුන්නේ කුමක් සඳහා ද යන්න අද කාලෝවත් එස් බීවත් කියන එකක් නැහැ. කාලෝගේ පියා ඇපොතිකරිවරයෙක්. වෛද්‍යවරු ඇපොතිකරිවරුන්ට සැලකුවේ නැහැ. කාලෝට ඒ ගැන දොස්තරලා සමග කහටක් තිබුණේ නැද්ද? කාලෝ සුපුරුදු පරිදි රැල්ලත් එක්ක යනවා. ඔහුගේ සභාපති කාලයේ අවුරුදු පහ පහුගිය ජනවාරි මාසෙ අවසන් වුණා. ඔහු අද ඉන්නෙ මාස හයක සේවා දිගුවක් සමග. මා ඔහට අභියෝග කරනවා විද්‍යාව ගැන මෙන් ම සයිටම් ගැන ද මා සමග විවාදයකට එළඹෙන ලෙස.



මෙරට බටහිර වෛද්‍යවරුන් ඔය කියන තරමේ බුද්ධිමතුන් නො වෙයි. ඔවුන්ට පුළුවන්ද ඩෙංගු (ඩෙංගි) රෝගයට ප්‍රතිකාරයක් නිර්දේශ කිරීමට. ඔවුන්ට පුළුවන් බටහිර සඟරාවක යමක් තිබුණොත් අපට එය කියා දෙන්න. ඔවුන් කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන කියන්නේ කුමක් ද? එයට ප්‍රතිකාරයක් තබා හේතුවවත් ඔවුන් දන්නවා ද? එහෙත් ඔවුන්ට සමාජයේ වැදගත් කමක් ලබා දී තිබෙනවා. සයිටම් පිළිබඳ රැස්වීමේ දී සයිටම් විරෝධි වෛද්‍යවරයකුට පහර දීලා. පහර දුන්නේ කවුද?



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කියමින් විරුද්ධ වන්නේ කුමකට ද? ඔවුන් පෞද්ගලික ව්‍යවසායන්ට විරුද්ධ නැති බව චැනල් සේවයේ යෙදීමෙන් පෙන්නුම් කරනවා. ආසිරි රෝහලෙන් දැන් පණිවුඩ ලැබෙනවා ඉරිදා පෞද්ගලික වෛද්‍යවරුන් හමුවීමට කැමති ද කියා. සතියේ දිනවල වර්ජනය කර සතිඅන්තයේ පෞද්ගලික ව සේවය කිරීමට වෛද්‍යවරුන් උත්සාහ කරනවා ද? බටහිර වෛද්‍යවරුන්ට අවශ්‍ය හදිසි නීති පනවා ගෙන මැතිවරණ කල් දැමීමට ද? බටහිර වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වලට විරුද්ධ නැහැ. නිිදහස් අධ්‍යාපනයට විරුද්ධ යැයි කියන මා අවුරුදු දහයක් රැකියාව නැතිව සිටිය දී පෞද්ගලික ආයතනයක උගන්වන්න ගියේ නැහැ. අනෙක් අයට එය නොදැණුනත් මගේ දරුවන්ට පමණක් ඒ නිසා කරදර ඇති වුණා.



බටහිර වෛද්‍යවරුන් පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධත් නැහැ. අද රටේ ශාන්ත තෝමස් ත්‍රිත්ව කාන්තා වැනි පෞද්ගලික විද්‍යාල තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන්ගේ දූ පුතුන් එහි ඉගෙන ගත්තා, ඉගෙන ගන්නවා. එයට අමතර ව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. බටහිර වෛද්‍යවරුන්ගේ දුවලා පුතාලා ඒවාහි ඉන්නවා. එමෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාව පෞද්ගලික විශ්වවිද්‍යාලවල හැදෑරීමට මෙරටින් පිටරට යනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ අයගේ දරුවන් ඒ විශ්වවිද්‍යාලවල ඉගෙන බටහිර වෛද්‍යවරුන් වෛද්‍යවරියන් සේවය කරන අයත් ඉන්නවා. ඒ විශ්වවිද්‍යාලවලට සිසුන් යවා කොමිස් ගන්නා අයත් ලංකාවේ ඉන්නවා. ඒ වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ආපසු පැමිණ පැරණි ඇක්ට් 16 පරික්‍ෂණයට පෙනී සිටි අයත් මෙරට රෝහල්වල අනිසි ආකාරයෙන් සායනික පුහුණුව ලබා ගත් අයත් ඉන්නවා. අර පරීක්‍ෂණයට සිසුන් පුහුණු කරන පෞද්ගලික විද්‍යාලත් කොළඹ තියෙනවා. බටහිර වෛද්‍යවරුන් ඒ කිසිවකට විරුද්ධ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ සමාජවාදීන්වත් ජ වි පෙ සමාජවාදීන්වත් පෙරටුගාමී සමාජවාදීන්වත් ඒ කිසිවකට විරුද්ධ නැහැ.



මොවුන් මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වීම පමණයි. සයිටම් ආයතනයේ අනෙක් උපාධිවලටත් ඔවුන් විරුද්ධ නැහැ. සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය අඩු නම් එය උසස් කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ආණ්ඩුව ඒ සඳහා එකඟ වී තිබෙනවා. මේ පිළිබඳ මා ලියූ ලිපි බොහොමයි. පෙරටුගාමීන්ටත් වෛද්‍යවරුන්ටත් කාලෝටත් නොතේරුණත් අද ඇත්තේ සයිටම් උපාධිධාරීන්ගේ තාවකාලික ලියා පදිංචිය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණය තීරණය කර ඉවරයි ඔවුන්ට තාවකාලික ලියා පදිංචිය දිය යුතු ය කියා. කාලෝ එයට වීරුද්ධව ඉහළ අධිකරණයට ගිහින්. අපි තීන්දුව එනකම් බලා ඉමු.



අප අමතක නොකළ යුතු කරුණක් නම් රජයේ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන්ට ද ලැබෙන්නේ තාවකාලික ලියා පදිංචියක් පමණක් බව. ඔවුන්ට ස්ථිර ලියා පදිංචිය ලැබෙන්නේ සීමාවාසික ව වැඩිදුර සායනික පුහුණුවක් ලැබීමෙන් පසුව. එතෙක් ඔවුන්ට වෛද්‍යවරුන් ලෙස සේවය කරන්න බැහැ. එයින් කියන්නේ ඔවුන්ගේ උපාධිය ප්‍රමිතියෙන් අඩු බව ද? සයිටම් උපාධිධාරීන්ගේ සායනික පුූහුණුව වැඩි කරන්න තාවකාලික ලියා පදිංචිය දීමෙන් පසුව පුළුවන්. එහෙත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ ඒ පුහුණුව තාවකාලික ලියා පදිංචියට පෙර ම දීමට. මා නම් පෞද්ගලික ව එයට කැමති නැහැ. මගේ අදහස අනුව සයිටම් උපාධීිධාරීන්ට අවශ්‍ය නම් සීමාවාසික ව අවුරුදු එකහමාරක පුහුණුවක් ලබා දිය හැකියි. සයිටම් සෙද්ධාන්තික පුහුණුව ඉහළ මට්ටමක ඇති බව වෛද්‍ය සභාවේ බොහෝ දෙනා තම වාර්තාවේ පිළිිගෙන තිබෙනවා. වෛද්‍ය සභාව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිළිගත්තේ ඔවුන්ට රෝහලක්වත් නැතිව. වෛද්‍ය සභාවේ දෙබිඩි ප්‍රතිපත්තිය ගැන අධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා.



සයිටම් ප්‍රශ්නය දඩමීමා කරගෙන ආණ්ඩුව පෙරළන්න බැහැ. පෙරටුගාමීන් හා ජ වි පෙ සයිටම් හරහා තම පක්‍ෂ ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා. සයිටම් නිසා විය හැක්කේ ආණ්ඩුව හදිසි නැති පනවා මැතිවරණ අහෝසි කර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තවත් නැති කිරීමයි.











මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.





http://www1.kalaya.org





නලින් ද සිල්වා





2017 ජූනි 24
 

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
බටහිර චාටර්, ක්‍රිස්තියානි චාටර් කියන බුවාට තියෙන්නේ අන්ත ක්‍රිස්තියානි මෙක්සිකන් පෘතුග්‍රිසි නමක්නේ. ඉස්සෙල්ලා නම වෙනස් කරගත්තොත් තමා හොද? පෘතුග්‍රිසීන්ට රෙද්ද උස්සපු පරම්පරාවේ එකෙක්නේ..
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බටහිර චාටර්, ක්‍රිස්තියානි චාටර් කියන බුවාට තියෙන්නේ අන්ත ක්‍රිස්තියානි මෙක්සිකන් පෘතුග්‍රිසි නමක්නේ. ඉස්සෙල්ලා නම වෙනස් කරගත්තොත් තමා හොද? පෘතුග්‍රිසීන්ට රෙද්ද උස්සපු පරම්පරාවේ එකෙක්නේ..

පාපක ගැන අහල තියෙනවද ? :dull:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Na huththo, Monada පාපක kiyanne

පාපක කියන්නෙ මහ පව්කාර නමක් කියල හොඳ නමක් හොයාගෙන ගියා පස්සෙ තේරුම් ගන්නව නම කියන්නෙ නිකං පුද්ගලයව අඳුනගන්න සංකේතාත්මකව යොදන දෙයක් විතරයි නමෙන් පුද්ගලයෙක්ව මනින්න බෑ කියල :yes:
 

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පාපක කියන්නෙ මහ පව්කාර නමක් කියල හොඳ නමක් හොයාගෙන ගියා පස්සෙ තේරුම් ගන්නව නම කියන්නෙ නිකං පුද්ගලයව අඳුනගන්න සංකේතාත්මකව යොදන දෙයක් විතරයි නමෙන් පුද්ගලයෙක්ව මනින්න බෑ කියල :yes:

    Sitha Niwana Katha ban, Wenas karanna kamathi na, ekai :lol::lol: ;);):lol::lol::lol: ubalath ithin u kiyana dewal mudunin pili aran innawa. :sorry::sorry:
     

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    පාපක කියන්නෙ මහ පව්කාර නමක් කියල හොඳ නමක් හොයාගෙන ගියා පස්සෙ තේරුම් ගන්නව නම කියන්නෙ නිකං පුද්ගලයව අඳුනගන්න සංකේතාත්මකව යොදන දෙයක් විතරයි නමෙන් පුද්ගලයෙක්ව මනින්න බෑ කියල :yes:
    http://timesofindia.indiatimes.com/...n-osamas-name-booked/articleshow/58661632.cms

    සිද්දියක් කියන්නද? ඉන්දියාවේ ඉන්නවා බුවෙක්. නම කරපු හදියක්. තව එකෙක් ඉන්නවා සදාම් හුසේන් කියලා. ඌට රස්සාවක් කරන්න බැ. කවුරුත් රස්සා දෙන්නේ නැ.. බොරුනම් හොයලා බලන්න.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    dull.gif
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sitha Niwana Katha ban, Wenas karanna kamathi na, ekai :lol::lol: ;);):lol::lol::lol: ubalath ithin u kiyana dewal mudunin pili aran innawa. :sorry::sorry:

    උඹ හිතන්නෙ නම වෙනස් කරනව කියන්නෙ ලේසි වැඩක් කියලද ? ඕව කරගන්න පැය කීයක් රස්තියාදු වෙන්න ඕනෙද ? ඊට පස්සෙ දිවුරුම් ප්‍රකාශ දෙන්නයි 50මුද්දර අලෝ අලෝ අස්සං කරන්නයි පත්තර වල දාන්නයි :dull: හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලනව කියන්නෙ මේවට :yes: කියන දේවල් අදාලම නෑ නමයි වාසගමයි තමා ලොකුම අවුල :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    http://timesofindia.indiatimes.com/...n-osamas-name-booked/articleshow/58661632.cms

    සිද්දියක් කියන්නද? ඉන්දියාවේ ඉන්නවා බුවෙක්. නම කරපු හදියක්. තව එකෙක් ඉන්නවා සදාම් හුසේන් කියලා. ඌට රස්සාවක් කරන්න බැ. කවුරුත් රස්සා දෙන්නේ නැ.. බොරුනම් හොයලා බලන්න.

    මේ නමට එහෙම ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ :yes:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උඹ හිතන්නෙ නම වෙනස් කරනව කියන්නෙ ලේසි වැඩක් කියලද ? ඕව කරගන්න පැය කීයක් රස්තියාදු වෙන්න ඕනෙද ? ඊට පස්සෙ දිවුරුම් ප්‍රකාශ දෙන්නයි 50මුද්දර අලෝ අලෝ අස්සං කරන්නයි පත්තර වල දාන්නයි :dull: හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලනව කියන්නෙ මේවට :yes: කියන දේවල් අදාලම නෑ නමයි වාසගමයි තමා ලොකුම අවුල :yes:

    9fff4c4863.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    කිසිම දෙයක් නොමැත. නොමැති කියා දෙයක්ද නොමැත..
    මේ මොන කෝටිකයද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ක්ෂණ වාදය කියන්නෙ මොකක්ද බං ?

    ක්ශණික හෝ පැවතීමක් ගැන පිලිගැනීමට වෙන්න ඕනෙ :yes:


    කිසිම දෙයක් නොමැත. නොමැති කියා දෙයක්ද නොමැත..
    මේ මොන කෝටිකයද ?

    මේ ප්‍රකාශයක් :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ද්වි කෝටිකයයි, චතුස් කෝටිකයයි මෙතන වෙන වෙනම දාපන්කො.. සරලව කෙටියෙන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ක්ශණික හෝ පැවතීමක් ගැන පිලිගැනීමට වෙන්න ඕනෙ :yes:

    රූපයක ආයුෂ චිත්තක්ෂණ 17යි
    එක් සිතක ආයුෂ චිත්තක්ෂණ එකයිලු.
    අභිධර්මයේ එහෙම තියෙනව නේ..
    යමක් පැහැදිලි කරගන්ඩ විතරයි මේ ක්ෂණ කතාව ගන්නෙ. පස්සෙ ඒකත් අත අරිනව.
    උගන්නනකොට හැමදේම එකපාර ඔලුවට දාන්ඩ බෑනෙ