ද්‍රෝහියාට ඔබත් සහය දෙනවාද ?
........................................................................................................................................................................................................................................................
ඔහු ද්‍රෝහියෙකි, රට පාවා දෙන්නෙකි, මුදල් ගසා කෑවෙකි, අත්ලස් දුන්නෙකි තවත් සම හරක්ට අනුව දඩෝරියෙකි.මදක් සිතන්න මාස දෙකකට ආසන්න කාලයක් තුළ ඔහුට පට බැදුන නම් බොහෝමය නොකී දෙයක් නැති තරම්ය. ඔහු නොකළ දෙයක්ද නැති තරම්ය. දූෂණය නොකරපු ස්ත්‍රියක් නැති තරම්ය. අතවර නොකළ ස්ත්රියකද නැති තරම්ය. මේවා කියන සමහර උදවිය ඔහු තම මවද දූෂණය කළ බව කීමටද නොපැලිකෙන බව නම් ස්ථීරය.
ශ්‍රවෙන්ද්‍ර සිල්වා මහතා නිහඩ වීරයෙකි, නැසී ගිය ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාද නිහඩ වීරයෙකි. සැබෑව, එය එසේමය. නමුත් මදකට සිතන්න. සරත් ෆොන්සේකා මහතාත් යුද්ධය අවසන් වී විශ්‍රාම ගොස් දේශපාලනයට නොපිවිසියේ නම් ඔහුද අද නිහඩ වීරයෙකි. ඔහු කළ එකම වරද රට වෙනුවෙන් හඩක් නැගීමය. නමුත් අද ඔහු ද්‍රෝහියෙකි. සැබෑව, එය එසේමය. ඔහු ද්‍රෝහියෙකි. ජනතාවට කොඩිවින කරන හාල්පාරු දේශපාලකයන්ට හා ඔහුගේ සගයන්ට සැබෑ ද්‍රෝහියෙකි.
ආණ්ඩුවේ බංකොලොත් මාධ්‍යයන්ට මීට වඩා දෙයක් නැත. ඔවුන්ට ද්‍රෝහියෙක් හමුවී ඇත. ඔහු තරම් ද්‍රෝහියෙක් මේ සතර ලෝකය තුළත් නැති තරම්ය. අපි ද්‍රෝහීන්ට ඉඩ තබන්නේ නැති බව ලොවට හඩගා ඔවුහු පවසති. සැබෑව එය එසේමය. ඔහු ද්‍රෝහියෙකි. රට විනාශයට පත් කරමින් සිටි LTTE සංවිධානය නැති කිරීමට හමුදාවට නායකත්වය ලබා දුන් ද්‍රෝහියායි. සිරිලක්දිව එක්සේසත් කිරීමට කැපවූ ද්‍රෝහියෙකි. මෙයින් ආණ්ඩුවේ මාධ්‍ය ඔප්පු කරන්නේ ඔවුන් මැරුණු කොටියාට නැවත පණ දීම නොවේද ? LTTE සංවිධානයට කඩේ යෑමක් නොවේද ?
LTTE සංවිධානයේත් බංකොලොත් දේශපාලකයන්ගේත් ද්‍රෝහියාට ජයෙන් ජය. අපි ඔබට සහය දී අපිත් මෙලෙසම ද්‍රෝහීන් වන්නෙමු.

)
. ඔයාට මේවා දකිද්දි මහින්ද පරාද වෙනව වගේ පේන වන නම් අපිට කරන්න දෙයක් නැහැ 