දාඩිය ගඳ ඉවසන්න බැරිද?

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දාඩිය ගඳ ඉවසන්න බැරිද?



    දාඩිය කියන්නේ අපිට මොන තරම් කරදරයක් වුනත් ඒවා නිසා ඇඟේ උෂ්ණත්වය පාලනය වෙනවා වගේම අනවශ්‍ය විෂබීජ ඉවත් වෙනවා. ඒත් සමහර අයට වගේම සමහර වේලාවට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි පුර දාඩිය දැමීම සිදු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට නළල, බෙල්ල, අල්ල, කිහිලි වගේම ඉකිලි ආශ්‍රිතවද වැඩි පුර දාඩිය දැමීම සිදු වෙන්න පුළුවන්. එහෙම වුනහම අප්‍රසන්න ගන්ධයක් නිකුත් වෙනවා වගේම ඔබව ලැජ්ජාවට පත් වෙන එකත් නවත්තන බැරි කරුණක්.

    ඉති මේ අධික ලෙස දාඩිය දැමීමට අතිරික්ත බර, දියවැඩියාව, හෝමෝන වෙනස් කම්, කේන්තිය, පරිසර වෙනස්කම්, අධික ලෙස වෙහෙස වීම, හදවත් හෝ පෙනහළු ගැටළු, ශ්වසන රෝග, ගර්භණි වීම, මානසික පීඩනය, රක්තවාතය වගේ වගේ ගොඩක් දේවල් බලපාන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පැහැදිලි හේතුවක් නැතිවම අධික ලෙස දාඩිය දානවනම් වෛද්‍යවරයෙක් හමු වෙන එක හොඳයි.

    පරිසර වෙනස්කම් වගේ දේවල් නිසා ඇතිවන දාඩියටනම් අපිට ගෙදර තියෙන දේවල් වලින්ම පිළියම් යෙදුවහැකි.මොකද සමහර අයට දිර්ඝකාලිනව ඩියෝ වර්ග පාවිච්චි කලහම කිහිල්ලේ නොයෙක් ආසාත්මිකතා ඇති වෙනවා.

    දෙහි මගින්


    දෙහි කියන්නේ දාඩිය දැමීම සීමා කරන්න හොඳ පිලියමක්. එහි අඩංගු සිට්‍රික් ඇසිඩ් මඟින් කිහිල්ලේ ඇති බැක්ටීරියා විනාශ කරනවා වගේම එහි තියෙන මිහිරි සුවඳ නිසා ස්වභාවික ඩියෝඩර්න් එකක් විදිහට යොදා ගන්නත් පුළුවන්. හැබැයි දෙහි පාවිච්චි කලාට පස්සෙ ඉර එලියට යන්නේ නැතිව ඉන්න පරිස්සම් වෙන්න ඕනේ. මේ පිළියම පාවිච්චි කරන්න හොඳම වෙලාව තමයි රාත්‍රිය.

    ක්‍රමය 1

    අවශ්‍ය ද්‍රව්‍ය

    දෙහි
    වතුර

    මුලින්ම දෙහි ගෙඩිය බාගෙට කපලා කිහිලි තුල අතුල්ලන්න පටන් ගන්න. ඊට පස්සෙ අතුල්ලන ගමන්ම හිමින් දෙහි ඉස්ම එලියට එන විදිහට දෙහි බෑය මිරිකන්න. හොඳ ප්‍රතිඵල ගන්නනම් සෝදා අරින්න කලින් මුළු රැයක්ම තියන්න ඕනේ. හැබැයි එහෙම බැරිකමක් තියෙනවනම් විනාඩි 15 කට 30 කට පස්සෙ සෝදා හරින්න. ඒ වගේම සැලකිය යුතු කරුණක් තමයි ඔබේ හම සන්වේදිනම් අලේප කිරීමට පෙර දෙහි සමඟ වතුර කලවම් කරන්න. ආලේපය සඳහා කොටන් බෝල් හරි රෙදි කැබැල්ලක් හරි යොදා ගන්න පුළුවන්. හැබැයි එක දවසක් කලාටනම් මදි. දිගටම කරන්න වෙනවා.

    ක්‍රමය 2

    අවශ්‍ය ද්‍රව්‍ය

    දෙහි - තේ හැඳි 1
    බේකින් සෝඩා - තේ හැඳි 1
    කපු රෙදි කැබැල්ලක්

    මුලින්ම දෙහි හා බේකින් සෝඩා සමාන ප්‍රමාණ වලින් කුඩා භාජනයක මිශ්‍ර කර ගන්න. ඊට පස්සෙ කපු රෙදි කැබැල්ල පාවිච්චි කරලා මුළු කිහිල්ල පුරාම තවරන්න. ඊට මිනිත්තු 20 කට 30 කට විතර පස්සෙ වතුර වලින් සෝදා හරින්න. මේකත් දිගටම කරන්න වෙනවා.

    ක්‍රමය 3 ( මේ මඟින් දාඩිය දමන ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය මන්දගාමී කිරීමට උදව් වේ )

    අවශ්‍යද්‍රව්‍ය

    දෙහි - මේස හැඳි 1 හෝ 2
    ලුණු - මේස හැඳි 1

    මුලින්ම දෙහි හා ලුණු කුඩා භාජනයක මිශ්‍ර කර ගන්න. ඊට පස්සෙ ඒ මිශ්‍රණය අත් මඟින් දාඩිය දමන ප්‍රදේශ වල සුමුදුව පිරි මදින්න. ඊට පස්සෙ විනාඩි 15 කට 20 කට පස්සෙ වතුර මඟින් සෝදා හරින්න. අනිත් ක්‍රම වගේම මේ ක්‍රමයත් දිගටම කරන්න වෙනවා.

    පොල්තෙල් මගින්


    පොල්තෙල් වල අඩංගු ලොව්රික් ඇසිඩ් වලින් දාඩිය දැමීමට හේතු වන බැක්ටීරියා විනාශ කරන්න උදව් වෙනවා. ඒ වගේම එහි ඇති සැහැල්ලු සුවඳ නිසා ඔබට ප්‍රබෝධමත් ගතියක් ඇති කරන්නත් පුළුවන්. නමුත් ඇඳුම් වල පැල්ලම් ඇති කරන්නත් පුළුවන් නිසා ඒ ගැනනම් ප්‍රවේසම් වෙන්න වෙනවා.තවත් දෙයක් තමයි හොඳ පිරිසිදු පොල්තෙල් පාවිච්චි කරන්න.

    ක්‍රමය 1

    අවශ්‍ය ද්‍රව්‍ය

    පොල්තෙල්

    ඇඟිලි තුඩු යොදාගෙන ශරීරයේ දාඩිය දමන ප්‍රදේශ වල සමට පොල්තෙල් උරා ගන්නකම් සුමුදුව පිරිමදින්න. හොඳම ප්‍රතිඵල ගන්නනම් ස්නානය කිරීමෙන් පසුව ආලේප කරන්න. මේ ක්‍රමෙත් දිගටම කරන්න ඕනේ.

    ක්‍රමය 2

    අවශ්‍ය ද්‍රව්‍ය

    පොල්තෙල් - කෝප්ප 1
    කුඩු කරපු කපුරු - ග්රෑම් 10

    මුලින්ම පොල්තෙල් සමඟ කුඩු කරපු කපුරු කලවම් කරලා පේස්ට් එකක් හදා ගන්න. ඊට පස්සෙ දාඩිය දමන තැන් වල කිහිප වරක්ම තවරලා විනාඩි 45 ක් 60 තබන්න. ඊට පස්සෙ වතුරෙන් හෝදන්න. මේකත් දිගටම කරන්න.


    ඉතින් මේ පිළියම් නිකම් වියදමක් නැතිවම කර ගන්න පුළුවන් නිසා ට්‍රයි එකක් දීලා බලන්න.

    මුල් පළකිරීම : ස්වර්ණමා බ්ලොග් අඩවිය :D
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    avatar258970_1.gif
    +rep
    avatar258970_1.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දාඩිය ගඳ ඉවසන්න බැරිද කියල ඇහුවම මම හිතුවෙ අනුන්ගෙ දාඩිය ගඳ දැනෙන්නෙ නැතිවෙන්න මොකක් හරි ක්‍රමයක් හොයාගෙන කියල

    anyway thanks for sharing
     
    දාඩිය ගඳ ගහන්නේ , කන කෑම වල තියෙන විස නිසා බඩවැලේ සිවිය සිහින් වුණාම බඩවැලේ අපවිත්‍ර කොටස් ලේ වලට කාණ්දු වුණාමයි.

    නැත්තම් බුදු හාමුදුරුවන්ගේ ශරීරයෙන් සුවඳ හැමුවෙ කොහොමද ?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;19950447 said:
    දාඩිය ගඳ ගහන්නේ , කන කෑම වල තියෙන විස නිසා බඩවැලේ සිවිය සිහින් වුණාම බඩවැලේ අපවිත්‍ර කොටස් ලේ වලට කාණ්දු වුණාමයි.

    නැත්තම් බුදු හාමුදුරුවන්ගේ ශරීරයෙන් සුවඳ හැමුවෙ කොහොමද ?
    Are you serious buddy?????
     
    Are you serious buddy?????

    කොච්චර ඩියෝඩ්‍රන්ට් ගැහුවත් පොඩ්ඩක් අව්වට/මහන්සියට රත් වෙලා දාඩිය දාපු ගමන් අර ඩියෝඩ්‍රන්ට් වල සුවඳයි ඉව්සන්න බැරි දාඩිය ගඳයි කළවම් වෙලා වමනෙ යන විදියෙ ස්මෙල් එකක් හමන්නෙ මොකෝ එහෙනම් ?
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;19950465 said:
    කොච්චර ඩියෝඩ්‍රන්ට් ගැහුවත් පොඩ්ඩක් අව්වට රත් වෙලා දාඩිය දාපු ගමන් අර ඩියෝඩ්‍රන්ට් වල සුවඳයි ඉව්සන්න බැරි දාඩිය ගඳයි කළවම් වෙලා වමනෙ යන විදියෙ ස්මෙල් එකක් හමන්නෙ මොකෝ එහෙනම් ?
    බුදු හාමුදුරුවො ගැන කියපු කතාව උබේ විශ්වාසේ, ඒක උබට අදාලයි. ඒ ගැන මම මුකුත් කියන්නේ නැ.. නමුත් විද්යාත්මක සාදකයක් ගැන විශ්වාසේට කියන්න එපා.. බ්ලඩ් වලට විස කලවම් උනාම දාඩිය විතරක් දාලා ශේප් වෙනවනම් හරි ශොක්. අනික දාඩිය ගද වෙන්නේ ශරීරයේ අබ්යන්තර අවුලක් වගේම බාහිර අපවිත්‍රකම නිසා වැඩෙන බැක්ටීරීයා නිසා.. මිනිස්සුන්ගේ කිහිලි ප්‍රදේශවලට වඩා දාඩිය දානවා පිට ප්‍රදේශයෙන්.. ඒත් පිට ගද නැනේ කාගෙවත්.. ඒ තමා වාතාස‍්රය නැතිකම නිසා කිහිලිවල බැක්ටීරියා වර්දනය ඉහල යම නිසා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;19950447 said:
    දාඩිය ගඳ ගහන්නේ , කන කෑම වල තියෙන විස නිසා බඩවැලේ සිවිය සිහින් වුණාම බඩවැලේ අපවිත්‍ර කොටස් ලේ වලට කාණ්දු වුණාමයි.
    බඩවැලේ යන්නෙ කටින් කාපු දේවල්නෙ බන්. මොනවද අපවිත්‍ර කොටස් කිව්වෙ? කක්කද?
     
    ස්ථීර ප්‍රතිකාර නැද්ද බං? :frown:

    ගිනියම් කියල වර්ග නොකරන එළවලු එක්ක විතරක් මිරිස් තුනපහ අඩුවෙන් දාලා තම්බපු හාලෙ බත් තුන් වේලටම කාපං මාස 3ක්. කරල බලපං.
     
    බුදු හාමුදුරුවො ගැන කියපු කතාව උබේ විශ්වාසේ, ඒක උබට අදාලයි. ඒ ගැන මම මුකුත් කියන්නේ නැ.. නමුත් විද්යාත්මක සාදකයක් ගැන විශ්වාසේට කියන්න එපා.. බ්ලඩ් වලට විස කලවම් උනාම දාඩිය විතරක් දාලා ශේප් වෙනවනම් හරි ශොක්. අනික දාඩිය ගද වෙන්නේ ශරීරයේ අබ්යන්තර අවුලක් වගේම බාහිර අපවිත්‍රකම නිසා වැඩෙන බැක්ටීරීයා නිසා.. මිනිස්සුන්ගේ කිහිලි ප්‍රදේශවලට වඩා දාඩිය දානවා පිට ප්‍රදේශයෙන්.. ඒත් පිට ගද නැනේ කාගෙවත්.. ඒ තමා වාතාස‍්රය නැතිකම නිසා කිහිලිවල බැක්ටීරියා වර්දනය ඉහල යම නිසා..

    මගෙ පෝස්ට් එක හරියට කියව්ලා වටහගෙන නෑ වගේ.