දානය, දානය දානය.... දානෙ දනෙ දනෙ...
මොකක්ද ඔලුවට ආවෙ.... මොකක්ද මැවිල පෙනුනෙ
රාමුව කඩපල්ල...
මිනිස්සු හදන් ඉන්නවා දානෙ දෙන්න ඔනෙ තැන් ටිකක්...මෙ මෙ තැනට දානෙ.
දානෙ දිලා ඇවිත් සුපුරුදු කුහකකම, සුපුරුදු ආත්මාර්ථකාමි කම.
* මොකෙක්වත් වෙනුවෙන් පැයක් උබෙ කාලය දෙන්න බෑ
* උබ අහල පහල පොඩි කොල්ලො කෙල්ලො ඔලෙවල් fail වෙනවා, උබ දානෙ දෙන්න තැන් හොයනව..
* උබෙ අහල පහල මිනිස්සු නොදන්න කමට වරද්ද ගන්නව, අපි දනෙ දෙන්න තැන් හොයනව
* අපෙ අහල පහල වයසක උන්, කාත් කවුරුවත් කතාකරන්න නැතිව බලාගත්ත අත බලා ඉන්නව, අපි අරන්‍ය අනාත නිවාස හොයනව..
* වාහනෙ බයික් එකෙ යද්දි මග ඉන්න එවුන් අපෙ මුන හිදා බලනවා, හෙට දානෙට අපි කලමනාගන්න යනව...
තව...
* කෙල්ලො ඉන්නවා, වටෙන්ම ප්‍රෙශර් එක , නෑයොන්ට මුනදෙන්න බෑ..බදින්න එකෙක් නෑ.
* කොල්ලො ඉන්නවා.. බදින්න එකෙක් නෑ..
* දහම් පාසලෙ උනන්නන්න එවුන් නෑ, අපි හෙට දානයක් දෙන්න යනවා
* ලමයින්ට Online ඉගනගන්න ෆොන් එකක් , කම්පියුටරයක්, ඉන්ටර් නෙට් සිග්නල් නෑ,හදාගන්න තෙරෙන්නෙත් නෑ අපි ඔලුව ප්‍රොග්‍රෑම් කර්ගත්ත විදියට දානයක් දෙන්න තැන් හොයනවා..
ඔන්න ඔතනයි සහොදරවරුනි , අපි වැරදියට ඔලුවට දාගත්ත විදිය...
දානෙ දිලා එනවා(සම්ප්‍රදායික එක ) , හවස ඉදලා සුපුරුදු අනුන්ව කෙයා නොකරන, අනුන්ට උදව්වක් නොකරන, උදව්වක් ඔනා කෙනා නොදැක්ක ගානට ඉන්න සුපුරුදු මිනිහා එයෙත් එලියට එනවා.(හැමෝම පාහෙ ඔකයි කරන්නෙ ). බණ අහන රටක් දන්න් දෙන රටක් ,ඇයි මෙහෙම උනෙ කියනවා.එහෙම වෙන්නෙ නැද්ද ඉතින්..
තමුන්ගෙ මනුස්සකම , පරාර්ත කාමි කම , දාන චෙතනාව, පිහිටක් ඔනා එකා ගැන අනුකම්පාසහිතව බැලීම ක්‍රමයෙන් දිවුණු කරගන්න ඔනා උපදෙස්, අනුශාශනා, ජාතකකතා වලින් කියාදුන්න දේ තියරි විදියට ලෙබල් කර, දානය නිශ්චිත තැන් කිපයකට සීමා කරගන මොක්දෝ කරගන යනවා.
මිනිස්සු දානෙ දෙන්න යනවා, කහඉර පනින එකා වෙනුවෙන් බ්‍රේක් එක පාගලා උට යන්න දෙන්න හිතෙන්නේ නෑ. උ හෝ ඇය හිතන්නෙ එක දනෙ නෙවෙයි වෙන මොකක්දෝ කියලා..
ආරන්‍යට, අනාත නිවාසෙකට දානෙ දෙන එක වැරදි කතාවක් එහෙම නෙවෙයි කිව්වෙ. මිනිස්සු කරන්නෙ එතනට යනකල් වෙස්මුන දාගන. එද්දි ගලවනවා.පොය දවසෙදි පන්සල් යන්න වෙස්මුණ දාගන්නවා, පහුවදා පෙට්ටගමෙ එක.
ජිවිතරම දානයක් කරගනිල්ල...(එහෙම නැති අය)
අන්න ඒ දානෙ දෙන්න හුරුවෙද්දියි, මිනිස්සුන්ගෙ ඇතුලාන්තය දිවුණුවෙන්නෙ.
පොයදවසට වෙනවැඩ ටික නවත්තලා, මෙ බුදුදහම කියන්නෙ මොකක්ද, මෙකෙන් කට කැඩෙනකල් දිවුණු කරගන්න කියන්නෙ මොකක්ද.. අපි කරන දෙවල් බුදුදහම රවට්ටන දෙවල් නෙවෙයිද, මෙහෙම හරිද, කොටින්ම මෙවා කරලා අතහරින්න පුලුවන්ද කියන එක නැවත සිතන්න වෙනවා.
මෙත්තා කරුණා දෙකවත් නිතර තිබ්බනම් දාන දෙන්න තැන් ගෙවටෙම, පාර පුරාම..