දාමය

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මම හරි කවුරුහරි අද උදේ 6ට නැගිට්ටනං මේ ලෝකය ඉස්සරහට යන විදියක් තියෙනව

මම හරි කවුරුහරි අද උදේ 7ට නැගිට්ටනං වෙන්ඩ තිබුණ දේවල් කොච්චර km ගාණක් ඈතට කොච්චර කෙටි කාලයකදි වෙනස් වෙයිද?

අද දුර ඈතක ඉන්න වෙනකෙනෙක් කරපු වැඩක් මගේ ජීවිතයටත් වෙනස්කමක් කරයිද? මං නිසා කවුරුහරි පාර හරහා දාගන්ඩ බැරුව ටිකක් වෙලා නතර කරං හිටියනං ලෝකෙ වෙන්ඩ තිබුණ දේවල් කොච්චර වෙනස් වෙයිද?

වෙන්ඩ තිබිච්ච ඇක්සිඩන්ට් එකක් තත්පරයකින් මිස් වෙයිද? නොවෙන්ඩ තිබුණ ඇක්සිඩන්ට් එකක් වෙයිද?

අද මම කාට හරි කෝල් කලොත් එයාගෙ ජීවත ගමන කොච්චර වෙනස් වෙයිද? එයා නිසා අනිත් අයගෙ වැඩ කටයුතු, සිතුවිලි දාමය කොච්චර වෙනස් වෙයිද.. මේක ඈතට ඈතට ඉන්දියාවට ලෝකෙ කෙරෝලටම යනකං වෙයි නේද..

12 monkeys කතාවෙ අනාගතේ වෙන සමහරක් දේවල් ඒ ආකාරයටම වෙන්ඩ තියල තව සමහරක් විතරක් වෙනස් කරන්ඩ යනව. එක වෙනසක් මේ මුළු සමස්ථයටම බලපානව කියන එක ඩිරෙක්ටර්ලට මිස් වුණාද..
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
තනියම ඉන්නකොට තියෙන සිතුවිලි දාමය, ෆෝන් එකක් රිං වෙනකොට වෙනස් වෙනව. වහින්ඩ ගත්තම වෙනස් වෙනව. ඒ වෙනසින් නොවෙන්ඩ තිබුණ මතකයන් අපේ මනසට එනව. අරමුණු එනව. එකම මතකය අරමුණ වුණත් තත්පරයක් පහු වෙලා අපේ මනසට ආවොත් ඊටත් වඩා ලොකු වෙනසක් මේ ලෝකෙටම වෙනව
 
Last edited:

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මටත් ඕකම හිතෙනව බන් නිතරම...විකාරයි වගේ:rolleyes::rolleyes:

    ප.ලි:
    දැන් උඹ මේ ත්‍රෙඩ් එක දාපු නිසා තව පොඩ්ඩෙන් මගේ අනාගතේම ඉවර වෙන්න තිබ්බා...බොසා ආව කියහංකො එක පාරටම..කියව කියව ඉද්දි...ජොබටත් කෙලවෙනව තව පොඩ්ඩෙන්...:lol::lol::lol:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මටත් ඕකම හිතෙනව බන් නිතරම...විකාරයි වගේ:rolleyes::rolleyes:

    ප.ලි:
    දැන් උඹ මේ ත්‍රෙඩ් එක දාපු නිසා තව පොඩ්ඩෙන් මගේ අනාගතේම ඉවර වෙන්න තිබ්බා...බොසා ආව කියහංකො එක පාරටම..කියව කියව ඉද්දි...ජොබටත් කෙලවෙනව තව පොඩ්ඩෙන්...:lol::lol::lol:

    :D
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මටත් ඕකම හිතෙනව බන් නිතරම...විකාරයි වගේ:rolleyes::rolleyes:

    ප.ලි:
    දැන් උඹ මේ ත්‍රෙඩ් එක දාපු නිසා තව පොඩ්ඩෙන් මගේ අනාගතේම ඉවර වෙන්න තිබ්බා...බොසා ආව කියහංකො එක පාරටම..කියව කියව ඉද්දි...ජොබටත් කෙලවෙනව තව පොඩ්ඩෙන්...:lol::lol::lol:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    It wasn't planned just reason and result

    මෙහෙම දෙයක් තියෙනව මචං. ඉස්සරහට වෙන දේ දැන්ම තීන්දු වෙලා ඉවරයි..

    රීසන් ගොඩක් මේ ලෝකෙ නෑනෙ.. මං කිව්වෙ හැම දේම ඩබල් ඩබල් වෙන්නෙ නෑනෙ. අද ලෝකෙ තියෙනව විදිය අදට වෙන විදියක් නෑනෙ

    ඒ නිසා හේතුවට අනුව ප්‍රථිඵලය දැනටමත් තීන්දු වෙලා ඉවරයි. අපේ සිතුවිලිත් එහෙමනෙ. අපි මේක ඇතුලෙ හිර වෙලා ඉවරයි..
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක එන්නෙම හැමදේම නිශ්චිත නීති වලට අනුව තීරණය වෙන පොඩි වෙනසකිං මාර විශාල බලපෑමක් කරන්න පුලුවන් predetermined system එකක් කියල ගත්තාම. ඒත් ඇත්තටම ලෝකෙ එහෙමද ? ගොඩක් දේවල් සිද්ධ වෙන්නෙ equilibrium එකක් තියෙන complex system එකක් විදිහට. ඉතිං අපි කරන පොඩි වෙනසකිං පොඩි බලපෑමක් වුනාට ඒක වෙනස් කලොත් හෙන විශාල වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මාත් මැරෙන දවස මේ මොහොතෙ තීරණය වෙලා ඉවරයි...

    මෙතන ඉඳං මං මැරෙනකං සිද්ධි දාමය දශමයක්වත් වෙනස් නොවී ඉස්සරහට යනව
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඕක එන්නෙම හැමදේම නිශ්චිත නීති වලට අනුව තීරණය වෙන පොඩි වෙනසකිං මාර විශාල බලපෑමක් කරන්න පුලුවන් predetermined system එකක් කියල ගත්තාම. ඒත් ඇත්තටම ලෝකෙ එහෙමද ? ගොඩක් දේවල් සිද්ධ වෙන්නෙ equilibrium එකක් තියෙන complex system එකක් විදිහට. ඉතිං අපි කරන පොඩි වෙනසකිං පොඩි බලපෑමක් වුනාට ඒක වෙනස් කලොත් හෙන විශාල වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි.

    අද ලංකාවෙ නියර් මිස් කොච්චර වෙනවද :angry:
    පොඩ්ඩ එහා වුණොත් මරණයක් :angry:
    ගොඩක් දේවල් සිද්ධ වෙන්නෙ equilibrium එකක් තියෙන complex system එකක් විදිහට.
    උඹ ඉතිං මේව කොහෙන් හොයාගන්නවද මම දන්නෙ නෑ. මට මේ නිකං ඔලුවට එන දේවල් මම දාන්නෙ.. නිකං ඔලුවට ආවට ඇත්තනෙ කියන කතාව
    අර ප්‍රයිම් නම්බර්ස් කතාව මොකද බං :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕල් ආ ස්ක්‍රිප්ටඩ්. දෝ යු තින්ක් යූ චේන්ජ්ඩ්, නෝ ඉට්ස් නොට්. ඉට් වෝස් රිට්න්
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඕල් ආ ස්ක්‍රිප්ටඩ්. දෝ යු තින්ක් යූ චේන්ජ්ඩ්, නෝ ඉට්ස් නොට්. ඉට් වෝස් රිට්න්

    අපි හිතනව නෙමේ. ඒ විදියට හිතන්ඩ අපි පෙළඹෙව්ව

    පොළඹන පොළඹන පැත්තට අපි යන්නෙත් අපිට විඥානයක් කියල දෙයක් තියෙන නිසා..

    ස්වඡන්දතාවයක් නැත්තං විඥානයක් තියෙන්නෙ කොහොමද කියල සමහරු අහනව.. :rolleyes:

    අපි හැමෝම එකම මිනිහෙකුගෙ සාම්පල්

    සාම්පල් කිව්වෙ ඒ වියුක්ත මිනිසා මුහුණ දෙන අත්දැකීම් අනුව කාලය ගතවෙද්දි දාගන්න වෙස් මූණු...වෙස් මූණු වලින් අපි හැමෝම වෙනස්. අරය හොඳයි කියයි, මෙයා නරකයි කියයි, අරය කැතයි කියයි මෙයා ලස්සනයි කියයි
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි හිතනව නෙමේ. ඒ විදියට හිතන්ඩ අපි පෙළඹෙව්ව

    පොළඹන පොළඹන පැත්තට අපි යන්නෙත් අපිට විඥානයක් කියල දෙයක් තියෙන නිසා..

    ස්වඡන්දතාවයක් නැත්තං විඥානයක් තියෙන්නෙ කොහොමද කියල සමහරු අහනව.. :rolleyes:

    අපි හැමෝම එකම මිනිසෙකුගෙ සාම්පල්

    සාම්පල් කිව්වෙ ඒ මිනිසා මුහුණ දෙන අත්දැකීම් අනුව කාලය ගතවෙද්දි දාගන්න වෙස් මූණු...
    ස්වඡන්දතාවයක් :oo:

    ඔන්න ඉතින් හිතනවා සුමට වක්‍ර පෘෂ්ටයක් අතගාලා මේක සුමටයි වක්‍රයි කියලා.. තව අවධානයෙන් අතගෑවොත් සුමටයි කිව්වට මේක තව සුමටව දැනෙන්න තිබ්බා මේකේ වක්‍රය තව ලොකු උනානම් කියලා.... දැන් සුමට බව දැනෙන්න ඩිස්ටර්බ් වෙනවා වක්‍රතාවය නිසා කියලා.... එතකොටම හිතෙනවා සුමට බව වක්‍රතාවයේ ශ්‍රිතයක් කියලා.. පොඩ්ඩක් නින්දක් දාලා ඇහැරුණාම හිතෙනවා මේ මොන මොඩ සිතුවිල්ලක්ද ජිල් බෝලෙකුයි ඊට වඩා ගොඩක් ලොකු ගල් කැටයකුයිපොඩි වැලි කැටයකුයි සැලකුවාම වක්‍රතාවය අඩු වැඩි වීම සුමට බවට අදාල නොවන බව. එතකොට හිතෙනවා වක්‍රතාවය සුමටබවට ස්වායක්තයි කියලා...
    තේරුමක් නෑ අපරදේ හිතුවේ :sorry: