~~ දාර්ශනිකයකු වූ සටන් නළුවා බෲස්ලී ~~
බෲස් ලී පුතු සහ බිරිය සමඟ
මේ වීඩියෝ ටිකත් බලන්නකො බෲස්ලීගෙ:

කාලෙකින් නූලක් දාන්න බැරි උනා නිස අද මම බෲස්ලී ගැන පොඩ්ඩක් හොයලා බලනකොට හම්බුන දේවල් ඔයාල එක්ක බෙදාගන්න හිතුනා...

බලලා කොමෙන්ටුවක් දාලා යන්න අනික් අයටත් බලන්න..!

දාර්ශනිකයකු වූ සටන් නළුවා බෲස්ලී
1940 වසර ඔවුන් සැලකුවේ මකරාගේ වසර ලෙස ය. ඒ මකරාගේ වසරේ මකර හෝරාවේ උපත ලද පුතුට ඔවුහු බෲස් ජූන් ෆෑන් ලී ලෙසින් නම් තැබූහ.
චීන ඡ්‍යොතිෂය අනුව මෙදා උපන් දරුවා ඉතා බලසම්පන්න දරුවකු වෙතැයි ඔවුහු විශ්වාස කළහ.
ඇත්තෙන්ම පසු කලෙකදී බෲස් ලී යනුවෙන් ලොව පතළ වූ මේ දරුවා බලසම්පන්න දරුවෙක් ම වූයේ ය.
බෲස් ලී ගේ පියා චීන ඔපෙරාවන්හි විකට නළුවෙකි. හොංකොං දේශයේ වැසියන් වූ ඔවුහු මේ අවදියේ අමෙරිකාවේ සංචාරයක නිරත ව සිටියහ.
එනිසා අමෙරිකාවේ උපන් පුතුට කෙදිනක හෝ එහි පුරවැසි අයිතිය ලැබෙන බව ඔවුහු හොඳාකාරවම දැන සිටියහ.
කැලිෆෝර්නියාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර චයිනා ටවුන් හි රෝහලක උපන් මේ දරුවාට අමෙරිකානු හෙදියක තැබූ නම වූයේ ජුන් ෆැන් ය.
ලී යන්න මවුපියන් දුන් නමය. තෙමස් හැවිරිදි වියේදී හොංකොං බලා ආ ගමනේදී බෲස් ලී දහඅට හැවිරිදි විය තෙක් එහිම රැඳුණේය.
හොංකොං දේශය එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විය. දෙවැනි ලෝක මහා යුද සමයේදී ජපන්නු හොංකොං යටත් කර ගත්හ. පසුව යුද්ධය අවසන් වෙද්දී ඉංග්රීසිහු යළි එහි බලයට පැමිණියහ.
පිටරැටියන් තම දේශය අරක් ගෙන සිටිනු දුටු තරුණ බෲස් ලී ගේ සිතේ විප්ලවකාරී අදහස් ඇතිවීම පුදුමයක් නොවීය.
පාසලේ ඉංග්‍රීසි ජාතික පිරිමි ළමයි නිතරම චීන කොලුවන්ට වඩා තමන් ඉහළ බව අඟවමින් කටයුතු කරද්දී එය නොරිස්සූ බෲස් ලී නිතර ඉංග්‍රීසි ජාතික කොල්ලන් හා පොර ඇල්ලුවේය.
රණ්ඩු සරුවල් කළේය. මාෂල් ආට්ස් කලාව හැදෑරීමට ඔහුගේ සිත පෙළඹවූයේ ද මේ අවදියයි.
කුඩා අවදියේ ඔහු එතරම් නිරෝගී දරුවෙක් නොවීය. එහෙත් වයස අවුරුදු 13 දී පමණ හෙතෙම කුංෆු ඉගෙනීම ආරම්භ කළේය. ඉන් පසු බෲස් ලී ශක්ති සම්පන්න දරුවකු ලෙස වැඩිණි.
වසර 5 ක් පමණ ගත වෙද්දී ඔහු කුංෆු කලාවේ අති දක්ෂයෙක් විය. බෲස් ලී හොඳ නර්තන ශිල්පියෙක් ද විය. වයස යන්තම් අවුරුද්දක් පිරෙද්දී ප්‍රථමවරට චිත්‍රපටයක රඟපෑ බෲස්ලී වයස අවුරුදු 18 වෙද්දී චිත්‍රපට 20 ක පමණ රඟපා තිබිණි.
ඒ සියල්ලට දක්ෂයෙක් වූවත් ඔහු කුඩා කල ඉගෙනීමට දක්ෂයෙක් නොවීය. එනමුත් ඔහු කුංෆු සටන්කලාවටත් රංගනයටත් නර්තනයටත් අති දක්ෂයෙක් වූයේය.
වයස අවුරුදු 18 සම්පූර්ණ වෙද්දී ඔහුගේ අනාගතය ඇත්තේ අමෙරිකාවේ යැයි සිතූ බෲස්ලී ගේ මවුපියෝ ඔහු එහි යැවීමට කටයුතු යෙදූහ.
ඒ අනුව 1959 වසරේදී බෲස් ලී අමෙරිකාව බලා නැව් නැග්ගේ ඩොලර් 100 ක් අතැතිවය.
සැන් ෆ්රැන්සිස්කෝ බලා ආ ඔහුගේ ප්‍රථම රැකියාව වූයේ නර්තනය ඉගැන්වීමය.
පසුව නර්තනය අත් හළ ඔහු ඉගෙනීමට සිත් යොමු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස බෲස් ලී ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙක් වූයේය.
වොෂිංටන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු දර්ශනය හැදෑරුවේය. සටන් කලාවේ මූලධර්ම හා දර්ශනය පිළිබඳව ඔහු එකල බොහෝ සෙයින් ලිව්වේය.
ඔහු මෙහිදී සිය සටන්කලාවේ පරිපූර්ණත්වයට පත්වූයේ ඒ පිළිබඳ සම්පූර්ණ හැදෑරීම් කරමිනි.
සටන් කලාවේ ශාරීරික, මානසික හා අධ්‍යාත්මික වටපිටාව පිළිබඳ ඔහු සතු දැනුම ඉතා ඉහළ විය. විශ්වවිද්‍යාලයේ ගත කළ තෙවසරක කාලයේදී ඔහු එහි සිසුන්ට කුංෆු ඉගැන්වීය.
වාහන නැවතුම් පොළ ගරාජ සහ එළිමහනේ ඔහු මේ ඉගැන්වීම් කරගෙන ගියේය.
පනස් හා හැට වැනි දශකවල අමෙරිකාවේ කුංෆු හා කරාටේ එතරම් ප්‍රචලිත වදන් නොවීය. 1963 දී බොහෝ දෙනාගේ ඉල්ලීම පිට බෲස්ලී සැබෑ කුංෆු ඉගැන්වීමේ පාසලක් ඇරඹුවේය. ඒ සියැට්ල් හි චයිනා ටවුන්වලය.
අමෙරිකාවට ගොඩ බැස වසර 5 ක් ගත වෙද්දී බෲස් ලී තනිකරම සටන් කලාවට නව ක්‍රමවේද හඳුන්වා දෙමින් එහි සීමා පුළුල් කළේය. ඒ සමඟම ඔහු සටන් නළුවකු ලෙස සිනමාවට ද අවතීර්ණ විය.
බෲස් ලී ට සිය බිරිය හමුවූයේ වොෂිංටන් විශ්වවිද්‍යාලයේ දීය. ඔහුගෙන් චීන දර්ශනය ඉගෙන ගත් සිසුවියක වූ ඇය පසුව ඔහුගෙන් සටන් ක්‍රම ද ඉගෙන ගත්තාය. මේ ගුරුගෝල සබඳතාව තවත් ඉදිරියට ගෙන යමින් 1964 දී ඔවුහු විවාහ වූහ.
බෲස් ලී පුතු සහ බිරිය සමඟ
සටන් කලාව උගන්වමින් සිසු පරපුරක් බිහි කළ ඔහුට ලොව පුරා අංක එකේ සටන්කරුවෙකු ලෙස ප්‍රචලිතවීමට වැඩි කලක් ගත නොවීය.
1965 වසරේදී බෲස් ලීගේ පුත් බ්‍රැන්ඩන් ලී උපන්නේය. සටන් කලාවට කෙතරම් ආදරය කළත් බෲස් ලී එය විකුණාගෙන කෑමට අකැමැති වූයෙන් රැකියාවක් ලෙස රඟපෑමට වැඩි වැඩියෙන් අවතීර්ණ විය.
මේ ඇතැම් චිත්‍රපටවල රූගත කිරීම් වලදී බෲස් ලී ගේ සටන්වල හා පා පහරවල ඇති වේගවත්කම නිසා කැමරාවට නියම ලෙස දර්ශන රූගත කිරීමට ද නොහැකි වූ බව වාර්තා විය. එනිසා මදක් වේගය අඩුකරන ලෙස ඔවුහු ඔහුගෙන් ඉල්ලා සිටියහ.
1967 හා 1971 අතර කාලය බෲස් ලී ට තරමක අමාරු කාලයක් වූ අතර ඔහුගේ දියණිය ෂැනොන් එමරි ලී උපන්නේත් මේ කාලයේදීය.
පවුලට ආදායම් ඉපයීම සඳහා ඔහු වැඩි වැඩියෙන් චිත්‍රපට හා රූපවාහිනී කතා මාලාවල රඟපෑම කළේය. ඒ අතර දී සටන් කලාව ඉගැන්වීම ද කරගෙන ගියේය.
මේ අතර කාලයේදී බෲස් ලී බොහෝ සෙයින් සිය සටන් කලා ක්‍රමවේද ගැන පතපොත ලිව්වේය. සටන් කලාව සඳහා ශාරීරික ව්‍යායාමවල ඇතිවැදගත්කම ගැන ඔහු නිතර අධ්‍යයනය කළේය.
සාමාන්‍යයෙන් බෲස් ලී වැඩක් නොකරන වේලාවක් නැති තරම්ය. එක්කෝ ඔහු පොතක් කියවයි. නැතහොත් ව්‍යායාම කරයි.
මේ අතරම බොක්සිං තරගයන්ද නරඹයි. බෲස් ලී සිය ආහාර වේ, ගැන ද වැඩි සැලකිල්ලක් දැක්වූයේය. විටමින් ගැනීම සහ චීන ඖෂධ පැළෑටි ආහාරයට ගැනීම ද ඔහු අතපසු නොකළේය.
සටන් ක්‍රම ගැන ඔහුගේ වූ අති උනන්දුව පසු කලෙක ඔහුගේ නිදන්ගත ශාරීරික වේදනාවලට හේතු වූ බවද පැවසේ.
1970 වසරේ එක් උදෑසන බෲස් ලී ශරීරය උණුසුම් කරන ව්‍යායාම වලින්තොරව අධික බරක් එසවීමට යෑම නිසා ඉතා දැඩි ලෙස රෝගාතුර විය. ඇඳටම සීමා වූ ඔහුට වෛද්‍යවරු කුංෆු ද තහනම් කළහ. එවර ඔහු හයමසක් ම ඇඳේම සිටියේය.
පසුව තමාම සකස්කරගත් ව්‍යායාම් වැඩ සටහන් අනුගමනය කළ බෲස් ලී යළිත් පය ගසා ඇවිදීමට සමත් විය. තම පණ සේ ආදරය කළ කුංෆු සටන් කලාවේ යළි නිරතවීම ඔහුගේ එකම අභිප්‍රාය වූයේය.
බෲස් ලී යනු නිරන්තරයෙන්ම සිතෙහි කතා මවාගන්නා පුද්ගලයෙකි. ඒ කතා රූපවාහිනී කතා මාලා ලෙසින් එළි දැක්වීමට ඔහු සමත් විය. කුංෆු ද එවැනි කතා මාලාවකි. පසුව ඔහු සිය සිසුවකු වූ ජේම්ස් කෝබස් ද සමග එක්ව තිර රචනා විශාල සංඛ්‍යාවක් බිහි කළේය.
ද සයිලන්ට් තේලුට්, ද බිග් බොස්, ෆිස්ට් ඔෆ් ෆියුරි, ද වේ ඔෆ් ද ඩ්‍රැගන්, රිටර්න් ඔෆ් ද ඩ්‍රැගන්, ද ගේම් ඔෆ් ඩෙත්, සහ එන්ටර් ද ඩ්‍රැගන් එලෙස ඔහුගේ සිතේ ඇඳුණු කතා ඔස්සේ තැනුණු චිත්‍රපටය.
එහෙත් අවාසනාවකට මෙන් මේ චිත්‍රපට වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් කුල්මත් කරනු දැකීමට ඔහු ජීවතුන් අතර නොසිටියේය.
දිනය 1973 ජූලි මස 20 වැනිදාය. බෲස් ලී ලක ලැහැස්ති වී සිටියේ එකල ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ ජෝනිස් ලෙසන්බි සමග රාත්‍රී ආහාරය සඳහා පිටත ගොස් චිත්‍රපටයක් තැනීම සඳහා කතා කර ගැනීමටය.
එහෙත් රාත්‍රී 7.30 ට පමණ ඇතිවූ හිසරදය නිසා ඔහු ඒ ගමන නැවැත්වීය. වේදනානාශක බෙහෙත් පෙති කීපයක් බිව් බෲස් ලී ඇදට ගියේ මදක් විවේක ගැනීමට ය. එහෙත් ඒ සැතැපීම ඔහුගේ සදාකාලික සැනසීම විය.
ඒ නින්දෙන් බෲස් ලී යළි නොනැගිට්ටේය. සිහිමුර්ජා තත්ත්වයෙන් රෝහල් ගත කළ බෲස් ලී ;රීහලේ දී අවසන් සුසුම් හෙළීය.
බෲස් ලී ගේ මරණය වෙනුවෙන් පැවැති මරණ පරීක්ෂණය සඳහා රටවල් ගණනාවකින් කීර්තිමත් පරීක්ෂකයෝ ගණනාවක් පැමිණියහ. එම මරණ පරීක්ෂණය දින නවයක් පැවැත්විණ.
අවසන් තීන්දුව වූයේ වේදනාව සමනය සඳහා දුන් බෙහෙතෙහි අඩංගු යම් රසායනික ක්රියාකාරීත්වයක් නිසා මොලය ඉදිමීමෙන් සිහිමුර්ජා වී බෲස් ලී ගේ මරණය සිදු වූ බවයි. ඔහුගේ මොලයෙහි බර ග්‍රෑම් 1400 සිට ග්‍රෑම් 1675 දක්වා වැඩිවී තිබු බවද සොයා ගැනිණි.
අවසානයේ වයස අවුරුදු 32 දී බෲස් ලී සමුගත්තේ ලොවට අග්‍රගණයේ සටන් නළුවකු පමණක් නොව විචක්ෂණ දාර්ශනිකයකු ද අහිමි කරමිනි’
ප්‍රසිද්්ධ කොයි පුද්ගලයාගේත් මරණය පිටුපස අභිරහසක් ඇත්තේ යැයි සැක කරන්නාක් මෙන් බෲස් ලී ගේ මරණය ගැන ද බොහෝ සැක සංකා පහළ විය.
සිය සටන්කලා පරපුරේ රහස් විදේශිකයනට ඉගැන්වීම නිසා තිබුණු තවත් සටන් පුහුණුකරුවකු වූ ඩිම් මැක් ගේ කොන්ත්‍රාත්තුවකට අනුව බෲස් ලී මැරූ බව ඉන් එක් කටකතාවක්විය. ‘ඔනි’ නම් වූ විපත් කල්ලියට ශාපයක් නිසා බෲස් ලී මිය ගිය බව තවත් කතාවකි.
කෙසේ වුවද බෲස් ලී අද ජීවතුන් අතර නැතත් ඔහුගේ ආත්මය තවමත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ හදවත්වල ජීවත් වන්නේය...
source :
http://www.dinamina.lk/manchu/art.asp?id=2010/07/20/mpg16_0&pt=p&h=

Last edited: