දාස මුදලාලිගේ කතාව

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
දාස මුදලාලිගේ කතාව

දාසලා සමතලා කළ හැටි

මුලින්ම කළේ පෙව්මන්ට්‌ එකේ කපුරු බෝල විකිණීමයි...

දියුණුවට පාර හැදුනෙ පීරිසි කෝප්ප විකිණීමෙන්...

රෙදිපිළි විකුණා සේවකයින් පන්දහසකගෙ හාම්පුතා වුණා...

දේශපාලන පලි ගැනීම දාස සමූහ ව්‍යාපාරය බිමට සමතලා කළා..

ලිබන් හින්නි අප්පුහාමි, නවලෝක මුදලාලි, සපත්තු රණවන, පී. ජී. මාටින් පරපුරේ තවත් පතාකයකු මේ සතියේ අභාවප්‍රාප්ත විය.

ඒ ඩියුරෝ නාමයේ අයිතිකරුය. වෙනත් නමකින් කිවහොත් දාස මුදලාලිය.

60-70 දශකයේ දාස මුදලාලි යෑයි කී සැණින් මුළු ලංකාවම දැන හැඳිනගෙන සිටි දාස මුදලාලි එක්‌ යුගයක ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මරණය අමතක කළ නොහැකි මරණයක්‌ වන්නේ එබැවිනි.

හඳට ගියොත් හඳෙත් කිරි පැණි කඩයක්‌ තිබේ යෑයි එය මාතර මුදලාලි කෙනෙකුගේ යෑයිද කතාවක්‌ තිබේ. එයින් අදහස්‌ වන්නේ මාතර මිනිස්‌සු ශූර ව්‍යාපාරිකයන් බවය.

දකුණෙන් බිහිවූ මැලිබන් හින්නි අප්පුහාමි, නවලෝක මුදලාලි, පී. ජී. මාටින් වැනි ව්‍යාපාරික යෝධ පුරුක්‌ අතරට මාතර තලල්ලේ උපන් දාස මුදලාලිත් එක්‌ වන්නේ ඒ අයුරිනි.

ගුණදාස උපන්නේ තලල්ල ගමේ සාමාන්‍ය පවුලකය. පවුලේ සාමාන්‍ය බව කිවහොත් ඔහුගේ මව පවුලේ යෑපුමට කොහු ලණු ඇඹරූ බවද කියයි. පියා ගොවියෙකි.

ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනක්‌ද එක්‌ සහෝදරියක්‌ද විය. තරුණ විය ලබන්නටත් පෙරම ඒ සහෝදරයෝ කොළඹට පැමිණ සිටියහ.

අවුරුදු පහ ලබන විට දාස ළමයා කොළඹ සිටින අයියලා සොයා ආවේ ගමේ ඉඳල නං මිනිහෙක්‌ වෙන්න බෑ යන මතයේ එල්බ ගනිමිනි. අයියලා සිටියේ මරදානේය. මරදානේ බිස්‌නස්‌ කරමිනි. බිස්‌නස්‌ කීවාට විශාල ව්‍යාපාර නොවේ. කුඩා කඩ කාමරවල සුළු සුළු දැ විකුණමිනි.

වැඩිමහල් ඩැනී සහෝදරයා, කල්පනා කළේ තවමත් පස්‌ හැවිරිදි වූ මේ බාලයාට අකුරු ඉගැන්වීමටය. ඩැනී සහෝදරයා දාස ළමයා දැම්මේ මරදානේ සෙන්ට්‍රල් එකටය.

දාස ළමයා ඉගෙනීමෙහි දක්‍ෂයකු විය. නමුත් දඟකාරයකු විය. පාසලේ එක්‌ ගුරුවරයකු සුරුට්‌ටු බොන්නෙකි. ඔහු නිතර ගිනි පෙට්‌ටිය මේසය මත තබාගෙන සිටී. දවසක්‌ කුඩා දාස ගෙඹි පැටියකු අල්ලා ගුරුතුමාගේ ගිනි පෙට්‌ටියට ඇතුළු කළේය.

දඟකාරයා අසුවිණි. ගුරුවරයා දාස අල්ලා ගැනීමට පැන්නේය. දාස පන්තියෙන් පැන්නේය. ඒ ඔහුගේ පාසල් ගමනේ අවසානයයි.

එමෙන්ම ඔහුගේ ජීවන ගමන්මග කුමක්‌දැයි දෛවය සනිටුහන් කළ කඩඉමද එයයි.

පාසලෙන් පැන්න දාස ළමයා අයියලා යන අඩිපාරේම යන්නට ඉටා ගත්තේය. හේ වෙළෙඳාමට බැස්‌සේය.



ඒ වෙළෙඳාම එකල පදික වේදිකා වෙළෙඳාමේ කුඩාම වෙළෙඳාම විය. ඒ කපුරු බෝල විකිණීමයි. දරුවා කුඩා බැවින් ගැනුම්කරුවන්ගේ අනුකම්පාවද ඔහු වෙත යොමු විණි. කුඩා දාසගේ කපුරු බෝල වෙළඳාම සරු විය.

අනතුරුව හේ කපුරු බෝල වෙළෙඳාමට තවත් වෙළෙඳාමක්‌ එකතු කළේය. ඒ ලේන්සු වෙළෙඳාමයි. ඔහු මරදාන පදික වේදිකාව දිගේ එහාටත් මෙහාටත් ඇවිද්දේ එක්‌ අතක කපුරු බෝලත් අනිත් අතෙහි ගැහැනු පිරිමි ලේන්සුත් එල්ලා ගෙනය.

අප මතක තබාගත යුතු දෙයක්‌ තිබේ. ඒ කුඩා දාස ළමයා මෙසේ ඇවිදින්නේ අද මෙන් දියුණු මරදානේ නොවන බවය. එකල අද මෙන් නිරන්තරව දිවෙන යාන වාහන නොවීය. මේසා කඩ සාප්පු තොගයක්‌ද නොවීය.

කුඩා දාස ළමයාගේ වටිනා පුරුද්දක්‌ තිබිණි. ඒ දවසේ වියදම සහ ආදායම අකුරටම කුඩා නෝට්‌ පොතක පැන්සලකින් ලියා තැබීමය. එමෙන්ම මුදල් සුරක්‍ෂිතව තබා ගැනීමය.

වෙළෙඳාම මරදානට පමණක්‌ සීමා කර ගැනීමෙන් වැඩිපුර උපයා ගත නොහැකි බැව් තේරුම් ගත් දාස අත්කරත්තයක්‌ මිලට ගත්තේය. අත් කරත්තයත් සමග දාසගේ වෙළෙඳාම දියුණු වන්නට විය.

ඒ අත් කරත්තයේ තිබුණේ ලේන්සු කපුරුබෝල පමණක්‌ නොවේ. අරුමෝසම් බඩු සෙල්ලම් බඩු ආදියෙන්ද අත් කරත්තය පිරී තිබිණි. කුඩා දාස බොරැල්ල දෙමටගොඩ වනාතමුල්ල රාජගිරිය හැම පාරකම අත්කරත්තය තල්ලුකර ගෙන ගියේය. ගිනි අව්වේ සෙරෙප්පු නොලද දෙපයින් ඔහු ඇවිද්දේය. මෙසේ යන එන අතුරතුර පාර අයිනේ පීරිසි කෝප්ප රාශියක්‌ විකිණීමට තබා තිබෙනු ඔහුට දක්‌නට ලැබිණි.

සියල්ලටම ගාන කීයදැයි ඔහු අයිතිකරුගෙන් ඇසුවේය. අයිතිකරු කීවේ ඉහළ ගණනකි. අත්කරත්ත වෙළෙන්දකු වුවද දාස සෑහෙන මුදලක්‌ ඉතිරි කර ගෙන සිටියේය. මඳක්‌ කල්පනා කළ දාස තමා ළඟ තිබූ මුළු මුදලම වැය කොට පීරිසි කෝප්ප ''සේල් එකම'' මිලට ගත්තේය. අනතුරුව ඔහු කපුරු බෝල ලේන්සු සෙල්ලම් බඩු අත්හැර දමා පීරිසි කෝප්ප වෙළෙඳාමේ යෙදෙමින් ගෙයින් ගෙට ගමන් කරන්නට විය.

ඒ වෙළෙඳාම සරු සාර එකක්‌ විය. ගත් ගානට වඩා ලොකු මුදලක්‌ ඔහු ළඟ එකතු වන්නට විය.

නමුත් වැඩිමහල් සහෝදරයන්ගෙන් ඔහුට සහයෝගයක්‌ ලැබුණේ නැත.

''ඉස්‌කෝලෙකට දැම්ම ඉගෙන ගත්තෙ නෑ. නාහෙට නාහන මෝඩයෙක්‌. උඹට දියුණු වෙන්න නම් බෑ.''

සහෝදරයන්ගෙන් ලැබුණේ එවැනි රිදවුම්ය.

''නෑ මම කොහොම හරි මිනිහෙක්‌ වෙනවා.''

අයියාගේ කඩ කෑල්ලේ පැදුරක නිදා ගන්නා අතරේ දාස ඉටා ගත්තේය.

ඔහුගේ සාර්ථකම බිස්‌නස්‌ එක වූයේ පීරිසි කූට්‌ටම් බිස්‌නස්‌ එකය. එයින් ලැබුණු ලාභයෙන් ඔහු බොරැල්ලේ කඩ කාමර දෙකක්‌ කුලියට ගත්තේය. හාල්, පොල්, දෙල් එළවළු, දත් බෙහෙත් සිසිල් බීම ඒ කඩ කාමර දෙකේම තිබිණි. උණක්‌ හැදුණත් ඔහු කඩේ වැසුවේ නැත. උණ පිටින්ම වෙළෙඳාම් කළේය.

ඒ වෙළෙඳාම් කෙතරම් සරු වීද යත්, ටැක්‌සියක්‌ මිලට ගත්තේය. රථ වාහන ඉතා අඩු ඒ කාලයේ ටැක්‌සිය හොඳ ආදායම් මාර්ගයක්‌ විය. ඒ අයුරින් බොරැල්ල හන්දියට ටැක්‌සි හතක්‌ දමන්නට තරම් ඔහු පොහොසතකු වී සිටියේය.

මේ කියන කාලය 1958 පමණ වන කාලයයි.

දාස සිටියේ කසාද බැඳිය යුතු තරුණ වයසේය. කොළඹ කොතෙකුත් තරුණියන් සිටියද කසාද බඳින්නට සුදුසු යුවතියක්‌ සොයන්නට ඔහු ගියේ ගමටය. තලල්ලටය. තරමක පවුලකට ඔහු යෝජනාවක්‌ යෑවීය. එහෙත් ඒ ගෙදරින් මේ තරුණයාට කැමති වූයේ නැත. හේතුව ඔහුගේ නිවස කටු මැටි ගෑ එකක්‌ වීමය. තරුණියගේ නිවස සුදුහුණු පිරියම් කළ එකකි. එහෙත් කේන්දර බැලූ දෛවඥයා තරුණියගේ මවුපියන්ට කීවේ තරුණයාගේ හඳහන බලසම්පන්න වාසනාවන්ත එකක්‌ බවත් එබැවින් බය නැතිව විවාහ කරන ලෙසත්ය.

කසාදය සිදු වූයේ ඒ අන්දමටය. මනාලයා කොළඹ ජැන්ඩි පහට ඉන්නා කෙනෙක්‌ බව මනාලිය දැන ගත්තේ කොළඹට ආ පසුය.

කමිස මසා විකිණීමේ සිතුවිල්ල තරුණ දාසට පහළ වූයේ විවාහයෙන් පසුවය. කමිස මහන්නට ඔහු දෙමටගොඩ පරණ පාරෙන් ගෙයක්‌ කුලියට ගත්තේය.

කමිස මසන්නට ටේලර් ගෙන්වා ගත්තේද ගමෙනි. කමිස කැපුවේ බිම එලාගෙන අත් කතුරෙනි. රෙදි වර්ග ගැන ඉවක්‌ මෙන්ම පුදුමාකාර දැනුමක්‌ ඔහුට තිබිණි. රෙදි කැබැල්ලක්‌ අත ගා බලා එහි නූල් ගනකම අනුව එහි මිල ගනනය කරන්නට තරම් තාක්‌ෂණික දැනුමක්‌ ඔහුට එකල තිබිණි.

අවුරුදු දෙකක්‌ තිස්‌සේ ම ඔහු කමිස මැසුවේය. එහෙත් කුලි ගෙදරකය.

1969 වනවිට රජයේ කර්මාන්ත ඇමැති පිලිප් ගූණවර්ධන මහතාය. දාස පිලිප් ඇමැතිවරයා ළඟට ගොස්‌ ඇඳුම් මැසීමේ කර්මාන්ත ශාලාවක්‌ පටන් ගැනීමට අවසර ඉල්ලීය.

නියම දාස සමූහ ව්‍යාපාරය බිහිවන්නේ එතැන් සිටය. පිලිප්ගෙන් අවසරය ලැබිණි. රෙදි වර්ග දෙකක්‌ ඔහු ලංකාව තුළ නිෂ්පාදනය කළේය. පිටරටින් ගෙන්වන රෙදිවලට වඩා ඒවා මිලෙන් අඩුවිය. රෙදි පිළි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිහිප දෙනා අතර දාස නමැති ව්‍යාපාරිකයා ඉහළම තැනකට පත්වන්නේ සෙසු තරගකරුවන් අබිබවමිනි.

නවසිය හැත්තෑවේ බලයට පත් වන්නේ බණ්‌ඩාරනායක මැතිනියයි. දාස මුදලාලි තුළ බණ්‌ඩාරනායක මැතිනියට තිබුණේ ඉතාම භක්‌තිවන්ත ගෞරවයකි. ඔහු ඉහළින්ම සැලකූ නායිකාව මැතිනියයි. කිසිදාක යූ. එන්. පී. කාරයකු නොවූ දාස මුදලාලි ශ්‍රී ලංකාකාරයකු වූයේ සිරිමා මැතිනිය නිසාය. මැතිනියද පෙරළා ඊට කළ ගුණ දැක්‌වූවාය.

70-77 සිරිමා රජය කාලය පිටරටින් භාණ්‌ඩ ගෙන්වීමේදී දැඩි නීති තිබූ යුගයකි. විශේෂයෙන් රෙදි පිළි විදේශ රටවලින් ගෙන්වීම සීමා කර තිබිණි. ඉහළට යා හැකි නම් දේශීය නිෂ්පාදකයාට ඉහළට යැමේ අවස්‌ථාව සිරිමා රජය කාලයේ තිබිණි. ඉන් ඉහළම ප්‍රයෝජන ගත්තේ දාස මුදලාලිය.

දාස මුදලාලිගේ දීප්තිමත්ම යුගය උදාවී තිබිණි. එකල දාස සමූහ ව්‍යාපාරය ඉදිරිපත් කරන පිබිදෙන ගායක පුරපුර නම් ගුවන් විදුලි වැඩසටහනක්‌ තිබුණේ බොහෝ දෙනකුට මතක ඇත. එඩ්වඩ් ජයකොඩි, ප්‍රිය සූරියසේන වැනි ගායකයන් බිහිවූයේද පිබිදෙන ගායක පරපුර හරහාය.

ඩියුරෝ සින්තටික්‌ සාරි, ඩියුරෝ කමීස, ඩියුරෝ මදුරුදැල්, මේස්‌ බැනියම්, යට ඇඳුම් උණුවතුර බෝතල් ආදී වශයෙන් එක දිගට නම් වැලක්‌ එකල දාස නිෂ්පාදන වශයෙන් එම වැඩසටහනින් අපට ඇසිණි. ඒ දාස මුදලාලිගේ සශ්‍රීකවත් කාලයේ හඬයි.

ඔහුගේ කර්මාන්ත ශාලාවල වැඩට ගත්තේ තලල්ල ගමේ තරුණ තරුණියන්ය. ඔහුගේ ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‌ෂවරු වූයේ ඔහුගේ සහෝදරයන්ගේ දූ දරුවන්ය. අදටත් බොරැල්ල මංසන්දියේ යෝධ ටැඹක්‌ සේ උසට උසේ පෙනී සිටින දාස ගොඩනැඟිල්ල ඔහුගේ සැලසුමකි. 1975 වන විට ඔහුගේ සේවක සංඛ්‍යාව පන්දහසකි.

මේ දකුණේ මිනිසා දකුණට බෙහෙවින් ආදරය කළේය. ලණු ඇඹරූ අම්මා සිහි කරමින් තලල්ලේ ගැහැනුන්ට ලණු අඹරන්නට මැෂිං ගෙන ගොස්‌ දුන්නේය. තලල්ලට ඉස්‌පිරිතාලයක්‌, පන්සලක්‌ ළමා උද්‍යානයක්‌ සාදා දුන්නේ ඔහුය.

එහෙත් මේ උත්සාහවන්ත මිනිසාගේ ධෛර්යය සශ්‍රීක බව බිඳ වැටෙන යුගයද ඒ සමගම උදා විය. ඒ 1977 යූ. එන්. පී. ආණ්‌ඩුව බලයට පත්වීමත් සමගය.

77 යූ. එන්. පී. රජයේ මුදල් ඇමතිවරයා අය වැය කතාව කරමින් කීවේ දාසලා සමතලා කළ යුතු බවයි. එය එපරිද්දෙන්ම සිදුවිය. පක්‍ෂයක්‌ බලයට පත් වූ විට අනිත් පක්‍ෂයෙන් පලිගැනීමේ සිරිත මෙහිදී ක්‍රියාත්මක විය.

දාස මුදලාලිට බැංකු ණය දීම ප්‍රතික්‍ෂේප විණි. බැංකු අයිරාදීම නැවතිණි. ඔහුගේ දේපළ වතුපිටි අනිසි ලෙස රජයට පවරා ගැනිණි. ඔහුගේ ව්‍යාපාර තවදුරටත් කරගෙනයා නොහැකි තැනට බාධා එල්ල වන්නට විය. දාස ගොඩනැඟිලි පාළුවට යන්නට පටන් ගත්තේ එතැන් සිටය. හේතුව ඔහු සිරිමා බණ්‌ඩාරනායකගේ මිනිහකු වීම වන්නට පුළුවන.

අද දාස මුදලාලිට වඩා ප්‍රකෝටිපතියෝ මේ රටේ සිටිති. එහෙත් ඒ ප්‍රකෝටිපතියෝ පේව්මන්ට්‌ එකේ දුක්‌විඳ පොහොසත් වූවෝ නොවෙති. ඔවුහු කෝටිපතියන්වී සිටින්නේ දේශපාලකයන් උදව් කිරීමෙන් බැංකු වලින් කෝටි ගණන් ණය ලබාගැනීමෙනි. එය යුගය වෙනස්‌වන විට යුගයට සරිලන අන්දමට වෙනස්‌ වීමට නුවණ ඇත්තවුන්ගේ බිස්‌නස්‌ ක්‍රමය විය හැක.

එහෙත් දාස මුදලාලි පටන් ගත්තේ පහළම තැනිනි. එහෙයින් ඔහු කෝටිපතියා වීමේ කතන්දරය ගොඩනැගෙන්නේ ගලින්ගල ගඩොලිනි. එබැවින් ඔහුගේ කතාන්දරය රසවත් එකක්‌ වන්නේ දුක්‌විඳීමෙහිත් උත්සාහයේත් එකතුවක සැබෑ කතාන්දරයක්‌ වන හෙයිනි. දාස මුදලාලි වෙනුවෙන් දිගු සටහනක්‌ තබන්නට සිදුවුණේද එබැවිනි.

මෙම ලිපියට කරුණු සැපයීමේදී නීතිඥ ඩෙරික්‌ සමරසේකර මහතා දැක්‌වූ සහයෝගය අගය කොට සලකමු.

චන්ද්‍රසිරි දොඩංගොඩ
ඡායාරූප පිටපත් කිරීම - ගාමිණි මුණසිංහ - කමල් බෝගොඩ
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Dasa Mahathaneni , Oba thuma nisa boho denek Bada ginna niva gena atha. Oba thuma nisa 5000 families bada ginna niva gena atha. Oba thuma Nivan dakina thuru , pohosath family vala ipadimata mema pina hethu vasana veva kiya prathana karami.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Dasa Mahathaneni , Oba thuma nisa boho denek Bada ginna niva gena atha. Oba thuma nisa 5000 families bada ginna niva gena atha. Oba thuma Nivan dakina thuru , pohosath family vala ipadimata mema pina hethu vasana veva kiya prathana karami.




    ඇයි බං මට මේක දැක්කම ඉබේටම හිනා යන්නේ?
    :rofl::rofl::rofl:
    :dull::dull::dull:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ape rate vitarada ban andu maru weddi rate prathipaththi wenas wenne..aiyo ape watina minissu apema modayo wisinma nathi karagannawane
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    70-77 yugayedi , Dasa confectionary works , sponser karala Radio eke vada satahan gananavak giya. A davas vala desiya nispadakayata hodha place ekak thibuna. J R genapu nidahas arthike nisa thamai, desiya Nispadakaya ta kela une. Nidahas Arthike result eka, Lanka gahanu Arabi gihilla salli evve nathi nam Lankava kapothi. Eta vada hodai, Lankava thulama Ganika Nivasa haduvanam.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    පට්ට ස්ටොරිය මචං,, TFS... අපි ජිවිතේ මොනවද කරලා තියෙන්නෙ කියල තේරෙන්නෙ මේ වගේ කතාවක් දැක්කම තමයි.. :sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    Oya kathawata me kallath ekathu wenna one. :rofl::rofl::rofl:

    The Sunday Leader has received evidence that in September 1996, when the President was also holding the finance ministry portfolio and serving as both the President and the finance minister, she had taken a decision to fully write off over Rs. 650 million due as interest to the People's Bank from the Dasa Group of Companies, whose owner and proprietor, S.D. Gunadasa was a long time political supporter of the Bandaranaike family and the Sri Lanka Freedom Party (SLFP). The Dasa Supermarket at Colpetty established in early 1977 was one of Sri Lanka's first supermarkets. At that time 'Dasa Mudalali,' as S.D. Gunadasa was popularly called, advertised his supermarket as a 'one stop shop.'

    In the early part of 1995, the Dasa Group of companies owned and controlled by S.D. Gunadasa was heavily in debt to the People's Bank from which they had borrowed heavily to run and operate their several business enterprises. Among these business entities were Dasa Textile Ltd., Dasa Industries and Duro Synthetic Textile Mills Ltd. The balance outstanding to the People's Bank from the Dasa Group of Companies was Rs. 845 million plus interest amounting to Rs. 656 million - making a total of Rs. 1501 million or Rs. 1.5 billion.

    Interest written off

    S.D. Gunadasa appealed to the President who was also the finance minister then. At a meeting held on September 19, 1996 at Temple Trees chaired by Kumaratunga both in her capacity as President and Finance Minister, it was decided to write off the total interest due to the People's Bank by the Dasa Group. That is a sum of Rs. 656 million. It was also decided that the Urban Development Authority (UDA) should return to the Dasa Group a land comprising in extent 22 acres situated at Peliyagoda plus another property at Borella junction. The UDA was directed to return both these valuable properties to S.D. Gunadasa.

    This was not all. The same meeting at Temple Trees chaired by the President also directed that the Dasa Group of Companies be issued with a fresh garment export quota by the Industrial Development Ministry and that that Ministry should give all necessary assistance to the Dasa Group to revive the production lines of their garment business.

    One may wonder as to how the President could have taken all these decisions by herself at a Temple Trees meeting. Unlike in the Yashodha dispute where the recent inquiry report has been submitted to the bank's board for consideration, in the Dasa Group of Companies, the President unilaterally decided to write off all interest owed by the Dasa Group to the bank which was well over Rs. 650 million. The decision to write off interest due from a customer can only be taken by the bank's board at a properly constituted meeting but here a single individual decided on the matter.

    Double standards

    In addition to writing off the total interest, the Dasa Group was helped by the President by the grant of valuable land belonging to the state and also by the issue of fresh garment quotas over and above the quotas already given.

    The above decisions show the double standards of President Kumaratunga - depending on the political alliance or allegiance of the customer. A huge helping hand to Dasa and contempt and vilification for Yashodha.

    And to top it all, the President speaks of corrupt deals with moral indignation. So much for Kumaratunga's righteousness. Over to the Bribery Commission.

    CBK caught in black and white

    Finance Minister,
    Finance and Planning Ministry,
    The Secretariat, Colombo 01.

    Your Excellency,

    Dasa Group of Companies

    Rescheduling of non-performing facilities and
    granting of fresh facilities - People's Bank.

    1. The facilities granted to the Dasa Group of Companies by the People's Bank have been transferred to the non-performing category and the position as at 31.12.98 is as follows.

    Name of the Borrower Amount granted Balance o/s Accrued Int. as as at 31.12.98 at 31.12.98 at
    normal rate
    Dasa Textile mills Ltd. 12.50m 20.40m 25.22m

    Mr. S. D. Gunadasa 125.00m 128.14m 118.79m

    Deutsch Lanka Textile Mills Ltd 449.20m 456.56m 305.50m

    Dasa Industries 81.31m 79.01m 93.92m

    Duro Synthetic Textile Mills Ltd 192.05m 160.39m 112.70m

    862.06m 844.50m 652.13m

    2. Recovery position

    The bank approved proposals for rescheduling of the above facilities. However, these proposals could not be implemented due to the delay in fulfilling the required conditions by the company. Thereafter, several discussions were held with the company requiring the repayment programme but no satisfactory progress was made.

    Subsequently, a meeting was held at Temple Trees on September 19, 1996 chaired by Your Excellency to finalise a repayment programme relating to the said facilities. The decisions arrived at this meeting were as follows:

    i) Action should be taken by the UDA to return the 22 acre land at Peliyagoda and the property at Borella junction to Chairman, Dasa Group of Companies, Mr. S.D. Gunadasa.

    ii) The total interest due on the company be written off by the bank.

    iii) The company should pay at least 10% of the loan capital to the bank. It was suggested to sell the property at Borella after receiving it back from the UDA to raise funds for this purpose.

    iv) The outstanding loan balance after paying 10% as stated above should be rescheduled by the bank in consultation with the company.

    v) The company should be issued with fresh garment export quota by the Industrial Development Ministry and facilitate with all necessary assistance to revive the production line and the business.

    3) The land at Borella referred to in para 2(i) above has been divested in the company as per the Gazette extraordinary notification no. 1027/15 of May 15, 1998. However, since the company has not taken action to pay the 10% of non-performing outstanding as stated under para 2 (iii) above, the bank could not implement the proposed rescheduling programme.

    4) As the company did not respond positively to implement the rescheduling programme agreed upon at the meeting held at Temple Trees on September 19, 1996 the bank served letters of demand on September 2, 1998. On receipt of the letters of demand, the company has come forward once again to negotiate with the bank, for a repayment programme. Accordingly, another discussion was held at Temple Trees on October 7, 1998, chaired by Coordinating Secretary to the President, Mr. Sarath Gonagala and in consequence the company has requested the following by their letter dated October 7, 1998.

    a) A loan facility for the purpose of paying 10% of the capital outstanding as agreed at the meeting on September 19, 1996 against the mortgage of the property.

    b) To write off all accrued interest upto date, on the loan outstanding.

    c) Granting of fresh bank facilities to revive the closed-down and existing business operations and.

    d) Rescheduling of the balance outstanding i.e. 90% of the nonperformance outstanding at a concessionary rate of interest.

    The above requests were considered by the board of directors of the bank and it was decided to refer the matter for Your Excellency's attention, in view of the following:

    i) In terms of the agreement signed between the government of Sri Lanka and the People's Bank in 1998, fresh facilities cannot be considered for customers whose facilities are in the non-performing category.

    ii) If a loan is granted to repay 10% of the capital outstanding in order to meet the required condition for rescheduling the non-performing facilities, it cannot be considered as a repayment by the borrower.

    iii) Granting of fresh facilities as requested by the company will be subject to single borrower exposure limit of the bank, which is Rs. 1,025 m. The total group exposure presently stands at Rs. 844.5 m. Moreover the bank cannot consider fresh facilities due to the poor performance of the company.

    iv) The forced sale value of the properties already mortgaged to the bank as security for these facilities is Rs. 870 m. The property situated at Borella which is to be mortgaged has been valued at Rs. 115 m. The bank considers facilities upto a maximum of 50% of forced sale value of the property under normal circumstances and 60% under special circumstances.

    6. In view of the foregoing, we seek a directive from Your Excellency, in the capacity of Finance Minister, in terms of Section 42 A of the People's Bank Amendment Act No 61. of 1980, in regard to the request made by the Dasa Group of Companies.

    Yours faithfully,

    Gamini Fernando
    Chairman

    - http://www.thesundayleader.lk/archive/20040307/spotlight-more.htm

    Banks scandal: Big names owe billions to state banks

    By Chandani Kirinde

    More than 100 companies - including some big names - owe billions of rupees to state banks, parliament was told. A motion introduced by Kandy District PA parliamentarian Thilina Bandara Tennekoon and taken up for an adjournment debate provided a list of the companies which owe huge sums plus interest to the Bank of Ceylon and the People's Bank.

    The list includes: Yasodha Holdings Rs. 3027 million, Hingurana Sugar Corporation Rs.1068 million, Grayline Apparels (Pvt) Ltd Rs.811 million, Good Fellow (Pvt.) Ltd. Rs. 582 million, S.D. Gunadasa Rs. 521 million, Rekan Lanka (Pvt) Ltd. Rs. 422 million, Sheik Industries Rs. 304 million, Pelwatta Sugar Corporation Ltd. Rs. 271 million, Duro Synthetic Textiles Mills Ltd. Rs. 269 million and United Spinning and Weaving Mills Ltd. Rs. 212 million.

    Responding to the MP's plea for these huge sums to be recovered forthwith, Deputy Finance Minister Bandula Gunawardena said the government would introduce new legislation for the recovery of bank loans shortly. He assured the government had no intention of writing off the loans of any of the defaulters.
     
    Last edited: