දැකීමෙන් ඉර හඳ පවා කඳුළු වගුරුවන ටජ්මහල්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැකීමෙන් ඉර හඳ පවා කඳුළු වගුරුවන ටජ්මහල්


    මෝගල් ගෘහ නිර්මාන ශිල්පය උපයෝගී කරගෙන ඉන්දියාවේ අග්‍රා නගරය කේන්ද්‍ර කර ගනිමින් ආදරයේ අමරණීය සංකේතය හෙවත් ටජ් මහල් ඉදි කර තිබේ.
    ටජ්මහල් ඉන්දියාවේ සොහොන් ගැබැක් ලෙස තැන වූ කිරිගරුඬ මන්දිරයකි. මෙය තම දේවිය “මුම්ටාස් මහල්” සිහිවීම පිණිස “ෂා ජෙහාන්” නම් මෝගල් අධිරාජ්‍යා විසින් ඉදි කර ඇත. මෙය ඉන්දියාවේ ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස හඳුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස ද සළකයි. පර්සියන්, තුර්කි හා ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වූ මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසට ද හැඳින්විය හැකි ය.
    1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුව ද ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකිර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගනණකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් වී ඇත‍. ටජ්මහල ඉදිකිරීමේ දී අධිරජ්‍යාගේ මග පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ඒ අතරින් “අබ්-උල්-කරීම්”, “මාමුර්-ඛාන්”, “මක්‍රමත්-ඛාන්” හා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී “උස්ටාඩ්-අහමඩ්-ලහාවුරි” විශේෂ වේ.
    ෂා-ජෙහාන් රජු
    1631 දී මෝගල් අධිරාජ්‍යයාගේ තෙවන දේවියවන “මුම්ටාස් දේවිය” ඔවුන්ගේ 14 වන දරුවගේ උපත සිදුවන අතර තුර මරණයට පත් විය. මේ පිළිබඳ බලවත් කම්පාවට පත් වූ අධිරාජ්‍යයා ටජ්මහල කර වූ බව වංශ කථාවල සඳහන් වේ. මෙහි ප්‍රධාන සොහොන් ගැබ 1648 දි ඉදිකර නිමකර ඇති අතර පරිවාර ගොඩනැගිලි ඉන් වසර 05 කට පමන පසු ඉදිකර ඇත. “ෂා-ජෙහාන්” රජු ටජ්මහල මේ ආකාරයට විස්තර කර ඇත.
    “පව්කාරයකු වුව ද මෙහි පැමිණි කල
    ඔහුගේ සියළු පෙර පව් සෝදා
    වරදකාරී හැඟීමෙන් මුදවා
    සමාව දුන් කෙනෙකු ලෙස පව්වලින් නිදහස් කළ හැකි
    දැකීමෙන් පවා සුසුම්ලෑමට හේතුවන
    ඉර හඳ පවා කඳුළු වගුරුවන
    ටජ්මහල
    මැවුම්කරුවාගේ මහිමය විදහා පෑමට
    මහ පොලව මත ඉදිකරන ලද්දකි”

    ටජ්මහල ඉදිකිරීමෙ දී පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පිය ලක්ෂණ බලපා ඇත්තා සේම එවකට ඉදිකර තිබූ මෝගල් ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ලක්ෂණ බලපා ඇත. ඒ අතර “ගුර්-එ-අමීර්”, “ඉට්මැඩ්-උඩ්-ඩුලහ් හි සොහොන් මන්දිරය (කුඩා ටජ්මහල් ලෙස ද හඳුන්වයි) හා “ජමා-මස්ජිඩ්” ඒ අතර ප්‍රධාන වේ. මීට ඉහත දී මෝගල් ගොඩනැගිලි සඳහා රතු වැලි ගල් භාවිතා වූ අතර “ෂා-ජෙහාන්” රජු විසින් කිරිගරුඬ හඳුන්වාදෙන ලදී.
    ටජ්මහලෙහි බිම් සැකැස්ම
    1) සඳරැස් උද්‍යානය (Moonlight Garden) හා යමුනා නදිය
    2) සොහොන් මන්දිරය, ඉස්ලාම් දේවස්ථානය හා ජාවෙබ්
    3) උද්‍යානය
    4) ඇතුළුවන දොරකඩ හා අනෙක් සොහොන්
    5) ටාජ් ගාන්ධි වෙළෙඳ ප්‍රදේශය
    ටජ්මහල් ගොඩනැඟිලි සංකිර්ණයේ ප්‍රධාන අංගය සොහොන් ගැබ ය. සුදු පැහැති විශාල චතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර ඇති මෙය බොහෝ මෝගල් ගොඩනැගිලි මෙන් ම “ඉවාන්” (ආරුක්කු හැඩැති දොරකඩක්), විශාල බුබ්බුලාකාර කොතක් හා කොත් කැරැල්ලකින් යුක්ත ය.
    මෙහි පාදම් සැකිල්ල ඉතා විශාල වූත් කුටීර සහිත අසමමිතික අෂ්ටාස්‍ර හැඩ ගනී. මෙහි එක පැත්තක් මීටර් 55(අඩි 180) පමණ වේ. මෙම සෑම පෙදෙසකින්ම විශාල ආරුක්කු මගවල් තනා ඇති අතර ආරුක්කු හැඩැති සඳළුතල නිමවා ඇත්තෙ ගොඩනැගිල්ලෙ සෑම පැත්තක්ම සමමිතිකවන පරිදි ය. ප්‍රාසාදශෘංග සතරක් ගොඩනැගිල්ලේ පාදමේ කොන් සතරෙහි පිහිටයි. ප්‍රධාන කුටීරයේ “ෂා-ජෙහාන්” රජුගේ හා “මුම්ටාස්” දේවියගේ ව්‍යාජ සොහොන් කොත් පිහිටයි. සත්‍ය සොහොන් ගැබ් පිහිටා ඇත්තේ ඊට පහළින් ය.
    ස්මාරකයේ ඇතුළත දිස්වන අයුරු
    ටජ්මහලේ ඇතුළත අලංකරණය සාම්ප්‍රධායික නිර්මාණවලින් ඔබ්බට ගොස් ඇත. මෙහි ඔබ්බවන ලද ගල් කැටයම් “පෙයිට්‍රා ඩුරා” ආකාර නොගනී. ඇතුළත කුටීරය සෑම පැත්තකින්ම ඇතුළුවිය හැකි අෂ්ටාස්‍ර හැඩ ගනී. එහෙත් දකුණු දිශාවේ දොර පමණක් භාවිතා වේ. ඇතුළත බිත්ති මිටර් 25 (අඩි 82) පමණ උසවන අතර ඒවා ව්‍යාජ බුබ්බුලාකාරයකින් අවසන් කර ඇත.
    ආරුක්කු 08 කින් පහත මාලය යුක්තවන අතර මේවා පිටත සමග සම්බන්ධ වී වැඩි ඉඩකඩක් ලබා දී ඇත. සෑම පහත ඇති ආරුක්කු හැඩති විවරයක්ම බිත්තියේ මධ්‍යයේ දී තවත් එවැනිම ආරුක්කු හැඩති විවරයක් හා සම්බන්ධ වේ. ඉහළ මධ්‍යයේ ඇති ආරුක්කු විවරයන්ගේ සඳළුතල මතින් වටපිටාව මැනවින් දිස්වන අතර එහි පිටත ඇති ජනේල විවරය සංකීර්ණ කැටයම් මෝස්තර සහිත “ජාලි”වලින් නිර්මිත ය. බොහෝ විට මෙය ආලෝකය ලබාගැනීම සඳහා ද භාවිතා වේ. සෑම කුටීර බිත්තියක්ම ඉතා විචිත්‍ර හා සියුම් පේකඩ, මැණික් නිර්මාණයන් ගෙන් ද කාව්‍යලේඛන නිර්මාණයන් ගෙන් ද යුක්ත ය.
    පුරාවෘත්ත
    ජීන්-බැප්ටිස්ට් ටවර්නියර්, ටජ්මහලට පැමිණි ප්‍රථම යුරෝපීය සංචාරකයන්ගෙන් අයෙකි. මෙම ස්මාරකය නිර්මාණය කරන කාලය පුරාවටම ඇගැයුම්, වර්ණනා කිරීම් හා පුද්ගලික අදහස් නොවඩුව ලැබී ඇත. පුරාවෘත්තයකට අනුව “ෂා-ජෙහාන්’ රජු සොහොන් මන්දිරය යමුනා නදිය හරහා කළුගරුඬ පාෂාණයෙන් නිර්මාණය කිරීමට සැළසුම් කල බව සඳහන් වේ.
    1665 දී අග්‍රාහි සංචාරය කළ “ජීන්-බැප්ටිස් ටැවෙර්නියර්” නම් යුරෝපීය සංචාරකයාගේ රචනා මගින් මෙම අදහස ලැබුණු බව කියැවේ. මෙය සනාථ කිරීමට “සඳරැස් උද්‍යානයේ හි තිබි හමු වී ඇති කළුගරුඬ සාක්ෂි බව කියැ වේ. එහෙත් 1990 සිදු කළ කැණීම්වල දී සොයාගෙන ඇත්තේ කිරිගරුඬ කළු පාටට හැරී ඇති බවකි. 2006 දී පුරාවිද්‍යාඥයකු විසින් ප්‍රතිසංස්කරණයට ලක් කර ඇති “සඳරැස් උද්‍යානයේ” සුදු ස්මාරකයේ අඳුරු සෙවනැල්ලක් දිස්වන ලෙසට තනා ඇති ජල තටාකයක් නිසා මෙම මතය වඩාත් තහවුරුවන බව ද පැවසේ.
    මෙම නිර්මාණය සඳහා දායක වූ ඇතැම් නිර්මාණ ශිල්පීන්ගේ මරණයන් සම්බන්ධව කිසිඳු සාක්ෂියක් ඉතිරි වී නොමැත. ඊට අමතර ව ඇතැම් නිර්මාණකරුවන් මෙවැනි තවත් නිර්මාණ නොකිරීමට දිවුරුම් දී ඇති බව ද වාර්තා වේ. තව ද 1830 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ “විලියම් බෙන්ටින්ක්” සාමිවරයා වරෙක ටජ්මහල බිඳහෙලා එහි ඇති වස්තු වෙන්දේසි කිරීමට උත්සහ දරා ඇති බව ද සඳහන් වේ. මේ සඳහා ද සාක්ෂි නොමැත.
    සංචාරක ව්‍යාපාරය
    වාර්ෂිකව සංචාරකයන් මිලියන 2-4 පමණ ටජ්මහල් නැරඹීමට පැමිණෙති. ඒ අතරින් 200,000 පමණ විදේශිකයන් ය. ඉන්දියානු පුරවැසියන්ට විදේශිකයන්ට සාපේක්ෂව සුළු මුදලක් අය කෙරේ. බොහෝ විදේශිකයින් සීතල මාසවන ඔක්තෝබර්, නොවැම්බර් හා පෙබරවාරිවල පැමිණෙති. ටජ්මහල් මන්දිරය අසලට රථවාහන පැමිණිය නොහැකි අතර නරඹන්නන් මන්දිරය කරා රථගාල්වල සිට පයින් හෝ විදුලි බස් රියෙන් පැමිණිය යුතු ය. “කාවස්පුරාස්” (උතුරු උද්‍යානය) දැනට ආගන්තුක මධ්‍යස්ථානයක් ලෙස භාවිත වේ.
    ටජ්මහල් සංකීර්ණයට දකුණු ඩෙසින් ඇති කුඩා නගරය “ටාජ් ගාන්ජි” හෝ “මුම්ටාසාබාද්” ලෙස හඳුන්වයි. මුල් කාලයේ අමුත්තන් සඳහා නවාතැන් පොළක් හා වෙළෙඳපොළල්වලින් යුක්ත විය. සංචාරක ආකර්ශනය දිනාගත් මෙය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධ ය. මිලියන 100 ක ඡන්දයකින් තේරුණු නව ලොව පුදුම හතට ද මෙය ඇතුළත් වේ.
    උද්‍යානය සෑම දිනකම උදෑසන 06.00 සිට සවස 07.00 දක්වා විවෘත ව පවතින අතර සිකුරාදා දින මධ්‍යම 12.00 ත් සවස 02.00 ත් අතර යාඥා සඳහා දේවස්ථානය විවෘත වේ. මෙම සංකීණය රාත්‍රියේ නැරඹීම සඳහා රාමදාන් මාසෙ සිකුරාදා දින හැර පුර පසොළොස්වක පොහෝ දින ඊට පෙර දින හා පසු දින විවෘත ව පවතී. ආරක්ෂක හේතුන් මත විනිවිද පෙනෙන ජල බෝතලය, කුඩා විඩියෝ කැමරාවක්, නිශ්චල ඡායාරූප ගත හැකි කැමරාවක්, ජංගම දුරකතන හා කුඩා කාන්තා අත් බෑග හැර අනෙක් බඩු බාහිරාදිය ගෙන යෑමට අවසර නොදේ.


    http://colomboweek.com/2015/05

     
    • Like
    Reactions: NK123

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    facts-about-taj-mehal.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මාත් මේ කියන්න ආවෙ..
    සුකල සුකල මරල දාල ආදරේ සංකේතය ලු

    :lol::lol:

    එක හරි ඇත්තටම ඕක හින්දු දෙවොලක්ලු .පස්සේ හම්බ අදිරාජයා ඔය පැත්ත අල්ල ගත්තට පස්සේ ඕකත් උන්ගේ දෙයක් කියල කොන කපල කන්වර්ට් කරලා තියෙන්නේ ..

    කොටින්මේ මේකේ ගොඩක් පැති ඕකම බිත්තිවලින් වහලදාළ තියෙනේ .හින්දු ලකුණු මකන්න .

    දැන් ඉන්දියන් ආණ්ඩුවත් ඕක දන්නවා වුනාට නොදන්නවා වගේ ඉන්නවලු වලියයි කියලා :lol:

    මේකතාව කිව්වේ ඉන්දියන් එකෙක් .උගේ කතාව පිළිගන්න පුළුවන් .පේනවනේ අපේ දේවල් විනාස කරලා මුන්ගේ ඒවා කියල කියන්න දගලාන හැටි මෙහෙත්