දැනගැනීම පිණිස අහන්නෙ

mpamadu

Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    දැනගැනීම පිණිස අහන්නෙ

    බුදු දහමට අනුව/ හින්දු දහමට අනුව

    මහා බ්‍රහ්මයා කියන්නෙ කවුද?
    ඔහු මොනවද කරන්නෙ, කොහෙද ඉන්නෙ?
    සර්වබලධාරී දෙවියන් සහ මහා බ්‍රහ්මයා යනු එක් කෙනෙක්ද දෙන්නෙක්ද?
    (දෙන්නෙක්නම් දෙන්නෙක් කියා කීමට හේතුව කුමක්ද?)

    මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ කවුද?
    ඔහු මොනවද කරන්නෙ, කොහෙද ඉන්නෙ?
    සාතන් සහ මාර දිව්‍ය පුත්‍රයා යනු එක් කෙනෙක්ද දෙන්නෙක්ද?
    (දෙන්නෙක්නම් දෙන්නෙක් කියා කීමට හේතුව කුමක්ද?)
     
    • Like
    Reactions: Boomslang

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    බුදු දහමට අනුව/ හින්දු දහමට අනුව
    මහා බ්‍රහ්මයා කියන්නෙ කවුද?
    ඔහු මොනවද කරන්නෙ, කොහෙද ඉන්නෙ?
    සර්වබලධාරී දෙවියන් සහ මහා බ්‍රහ්මයා යනු එක් කෙනෙක්ද දෙන්නෙක්ද?
    (දෙන්නෙක්නම් දෙන්නෙක් කියා කීමට හේතුව කුමක්ද?)

    සෑම සක්වලකම (world system) තල 31ක් තියෙනවා. එතනින් 14 වන තලයට "මහා බ්‍රහ්ම" කියනවා -> [-මෙතන කියවන්න-].

    "මහා බ්‍රහ්ම" කියන්නේ දෙවියෙක් නොවේ මට තේරෙන අන්දමට. නමුත් බුද්දාගමේ යම් තැන් වල පසු කාලිනව දේව සංකල්ප එකතු වෙලා දෙවියෙක් ලෙස අකල්පනය කරලා තියෙනවා.

    හින්දු ආගම කාශ්‍යප බුදු හාමුදුරුවෝ ගෙන් පසු ඉතරි වෙලා තියෙන ධර්මය කියලා මම අහලා තියෙනවා. කාශ්‍යප බුදු හාමුදුරුවෝ කියන්නනේ ගෝතම බුදුන්ට පෙර හිටපු බුදු හාමුදුරුවෝ. කාශ්‍යප බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට දේව සංකල්ප එකතු වෙලා මහා බ්‍රහ්මයෙක් සකස් වෙලා දැන් වෙනකොට.

    ගෝතම බුදුන්ගේ ධර්මයත් කාලයාගේ ඇවෑමෙන් හින්දු ආගම වගේ දෙයකට පරිවර්තනය වෙයි කවදහරි.


    මාර දිව්‍ය පුත්‍රයා කියන්නෙ කවුද?
    ඔහු මොනවද කරන්නෙ, කොහෙද ඉන්නෙ?
    සාතන් සහ මාර දිව්‍ය පුත්‍රයා යනු එක් කෙනෙක්ද දෙන්නෙක්ද?
    (දෙන්නෙක්නම් දෙන්නෙක් කියා කීමට හේතුව කුමක්ද?)

    මාර කියන එකත් පසු කාලයක පුද්ගලයෙක් ලෙස පරිවර්තනය වෙලා තියෙනෙවා. මාර කියන්නේ මොකක්ද?

     
    Last edited:
    • Like
    Reactions: Boomslang