දැනගැනීම පිණිස

samee2100

Member
Mar 11, 2010
154
19
0
දැනගැනීම පිණිස

මේ ලඟදි අපේ අම්මට ටෙස්ට් එකක් කර පේරාදෙණිය හොස්පිටල් එකෙන්. ටෙස්ට් එක කරේ එක doctor කෙනෙක්, ටෙස්ට් එකෙන් පස්සේ රෙපොර්ට් එක ලිවේ තව doctor කෙනෙක්. අන්තිමට රෙපොර්ට් එක sign කරේ channel කරන්න ගියපු කෙනා. එතකොට 3 දෙනෙක් ටෙස්ට් එකට සම්බන්ද උනා.

අන්තිමට result එක තමා අපේ අම්මට cancer එකක්. එකක් නෙමේ දෙකක් .. තැන් දෙකක තියනවා කියල තියෙන්නේ. එකක් Thairoid අනික අමාශයේ. පේරාදෙණියෙන් කිව පුළුවන් තරම් ඉක්මනට මේ cancers දෙකම අයින් කරන්න ඕන කියල.

මම ගොඩක් මානසිකව වැටුන නිසා ආයේ ටෙස්ට් කරන්න ඕන කියල මහරගම හොස්පිටල් එකේ doctor බලවර්දන channel කරා. මම රට ඉඳල හැම තැනටම කතා කරලා වාහන හොයල අම්මව ආයේ ටෙස්ට් එක කරන්න doctor බලවර්දන ලඟට යැව්වා. යනකොට අර පේරාදෙණියෙන් sign කරපු රෙපොර්ට් එකයි scan (x - ray වගේ eka ) ekai ඔය දෙකම අරන් ගිය. මුළු දවසම ගොඩක් දුර ඉඳල ඇවිත් මහන්සිවෙලා ටෙස්ට් එකට doctor ලගට ගිහින් අම්ම report පෙන්නල් පේරාදෙණියෙන් දුන්න ඒවා. Doctor බලවර්දන බලපු ගමන් "මොකාද මේ රෙපොර්ට් එක ලියපු බුරුව" කියල අම්මගෙන් අහල. scan එකේ හැටියට අතින් ලියල ලොකු දොස්තර මහත්තය අත්සන් කරලා තියන එක සම්පුර්ණයෙන් x -ray එකත් එක්ක ගැලපෙන් නෑ කියල.(Doctor බලවර්දන එහෙම කිවම මට දැනුන සැහැල්ලුව කොච්චරද කියාගන්න බැ)

මම අම්මට කිව අපහු පේරාදෙණියේ හොස්පිටල් යන්න කියල.

අම්ම එදා පේරාදෙණියේ යනකොට doctorsla strike . අම්මගෙන් සැරෙන් අහල අයි බෝඅර්ඩ් එකක් දල තියනවා පෙන් නැද්ද කියල. අම්ම විස්තරේ කියල කොළඹින් මෙහෙම කිව කියල. ඊට පස්සේ ආයේ බලල.

එතන හිටපු වෙන Doctor කෙනෙක් අම්මගේ කතාව අහගෙන ඉඳල report අරගෙන ලියපු කෙනා හොයාගෙන ගිහින් අහල එත් අම්මට පෙන්න ඒ ටෙස්ට් එකට සම්බන්ද උනා දොස්තරලා එක්කෙනෙක්වත් ඇවිත් නෑ එලියට.

අන්තිමට වෙලා තියෙන්නේ x - ray එකේ තිබ්බ එක හරි. එත් අතින් ලියපු කෙනා ලියල තියෙන්නේ අම්මට කලින් ටෙස්ට් කරපු එක්කෙනාගේ x - ray එකේ විස්තරළු කියල පිලි අරගෙන. (computer එක බලද්දී ලිස්ට් එකේ අම්මට උඩින් නම තිබ්බ කෙනාගේ විස්තර ටික ලියල තියෙන්නේ.)

මට කියන්න තියෙන්නේ. මේ වගේ දෙයක් මුලින්ම දැන ගත්තම හදිස්සි වෙලා අපහු එතනට යන්නේ නැතුව හොඳ දොස්තර කෙනෙක් channel කරල අපහු වාරයක් check කරගන්න. අම්ම බැරි වෙලා හරි අපහු එතනටම ගියානම් හේතුවක් නැතුව අම්මව operate කරනවා.

අම්මට අමාරු වෙලා තියෙන්නේ Thairoid ලෙවෙල් එක වෙනස්වෙලා නිසා.

ඒ වගේ අවස්ථාවක හැම දේම හොඳට හිතල වැඩ කරන්න. දෙපාරක් check කරගන්න.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔ්න තැනක ඔහොමමයි. කාලකණ්ණියෙක් දෙන්නෙක් (ඔව් ඔව් ඩොකාලා තමයි) ඉන්නවා මුලු field එකම විනාස කරන. මටත් ඔහොම එකක් වුනා. ඔච්චර ලොකු දෙයක් නම් නෙවේ. ඒත් ටයිප් කරන්න කම්මැලියි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    waraddak una nam adugane awith samawaganna tharam wath nihathamaani wenna bari ekai pudume
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අනෙක් අය දැනුවත් කිරිම ගොඩක් වටිනවා, බොහෝම ස්තූති. අම්මට නිදුක් නිරෝගීභාවය ප්‍රාර්ථකා කරනවා.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හැබැයි ඔය වගේ සිදුවීමකදි ගත වෙච්ච පැය ගානෙ විඳවපු දුක, ජීවිතේ ගැන වෙනස් විදියට හිතන්න ඉඩ හදල දෙනව නේද?
     

    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    [QUOTE=රඹා;21165279]හැබැයි ඔය වගේ සිදුවීමකදි ගත වෙච්ච පැය ගානෙ විඳවපු දුක, ජීවිතේ ගැන වෙනස් විදියට හිතන්න ඉඩ හදල දෙනව නේද?[/QUOTE]


    ඔව් මචන් දවස් 4ක් වගේ ඇතුලත හැමදේම සිද්ද උනා. අම්ම අපිව උස් මහත් කරන්න ගොඩක් දුක් වින්ද කෙනෙක් ඉතින් ඒවගේ දෙයක් කිවම මම කොච්චර මානසිකව වැටුනත් මම ඒක අම්මට පෙන්නුවේ නෑ. කරන්න ඕන හැමදේම හොඳට කල්පනා කරලා බලල කරා. ඒ දවස් 4ම මම office එකේ කිසිම වැඩක් කරේ නෑ.ඒ ප්‍රශ්නෙන් මම ඉගන ගත්ත දේ තමා කොච්චර දක්ෂ දොස්තර මහතෙක් උනත් අත් වැරදීම් වෙන්න පුළුවන් ඒක නිසා ඒවගේ දේකදී තව දක්ෂ දොස්තර මහත්තයෙක් හොයල ඒ ලෙඩේම චෙක් කරගන්න ඒක හොඳයි කියන ඒක.අපේ අම්මට වෙලාවට පපුවේ අමාරුව තිබුනේ නෑ එහෙනම් තත්වේ මීට වඩා වෙනස් වෙන්න තිබුන.
     
    Last edited: