පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින්න පුළුවන් . ඒ බව සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 /1 (අ) වගන්තියෙ. එම වගන්තිය කියවන්නම් . (ඈ) වන ඡේදයේ විධිවිධාන වලට යටත් ව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියොත් මිස ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස 6කට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නො හැරිය යුත්තේ ය. පාර්ලිමේන්තුවට පුලුවන් ඕනම වෙලාවක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්න පාර්ලිමේන්තුව විසුරවා හරින්න .එතකොට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය විස්සයි. විස්සක් වාඩිවෙලා එකොළහක් කැමති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.