'අපේ අම්මා' චැනල් එක අයිති වයසක මනුස්සයගෙ මේ දවස්වල සමාජ මාධ්‍ය හැසිරීම් ගැන කොහොමත් මට එච්චර පැහැදීමක් නෑ. ඒ චැනල් එකේ වැඩසටහන් කරන විදිය ගැනත් මුල ඉඳලම තිබුණෙ ඊට නොදෙවෙනි, බඩ දඟලන හැඟීමක්. විශේෂයෙන්ම අර 'ආදරෙන් පිළිගන්නවා...' කියන පසුබිම් කටහඬ.
හැබැයි මේ දවස්වල රැල්ලක් විදියට ඒ මනුස්සයව හුදෙකලා කරලා ගහන ගැහිල්ලත් ඊට වඩා මාර, හොඳ එකක් නෙමෙයි කියලයි මටනං හිතෙන්නෙ.
මෙහෙම දිගින් දිගටම සමාජයක් විදියට ඒ මනුස්සයව බයිට් එකට ගැනීමෙන් සිද්ධ වෙන එකම දේ, ඒ වයසක මනුස්සයා ගොඩගන්න බැරි විදියෙ අගාධයකට තව තවත් තල්ලු වෙන එක විතරයි. ඇත්තටම එහෙම වෙන්න ඕනද? එහෙම වෙද්දි සතුටුද?
දැන් කොහොමද කියන්න මම දන්නෙ නෑ... ඒත් එක්තරා කාල සීමාවක 'අපේ අම්මා' කියන්නෙ ජනප්‍රියත්වයේ උඩම තැනක හිටපු යූටියුබ් චැනල් එකක්. කරන විදිය කටේ තියන්න බැරි වුණාට ඒකෙ ගොඩක් Contents ඇත්තටම ප්‍රයෝජනවත්. ඉතිං එහෙම කාලයක් හිතාගන්නත් බැරි තරම් ඉහළ ජනප්‍රියත්වයක ඉඳලා, පස්සෙ ඒ කිරුළ ටිකෙන් ටික තමන්ගෙන් ගිළිහෙද්දි මිනිස්සුන්ට උන්හිටිතැන් අමතක වෙන එක පුදුමයක් නෙමෙයි. ඇත්තටම ඒක විහිළුවට ගන්නවට වැඩිය අනුකම්පා කරන්න ඕන තත්වයක්. දේවල් අතෑරගන්න බැරුව වයසට ගිහිල්ලත් කරුම ගෙව ගෙවා ඉන්න අය මේ රටේ තව ඕන තරම් ඉන්නෙ. ඒ සමහර අයට මිනිස්සු ඡන්දෙත් දෙන්නෙ.
ඒ වගේම ඇත්තටම ඔය 'අපේ අම්මා' කරන චෝදනාවල අතරින් පතර එකක් දෙකක්වත් ඇත්තක් තියෙන්නම බැරිද? උන්දැගෙ දුර්වලකම් ටික පාවිච්චි කරලා මිනිස්සු අතරේ අප්‍රසාදයක් හදලා අර උපයගත්ත ජනප්‍රියත්වය විනාස කරගන්නකල් හිනා වෙවී බලාගෙන ඉන්න තව අය ඉන්නවා වෙන්න බැරිද? මං මේ නිකමට අහන්නෙ...
තරගකාරී ක්ෂේත්රයක ඇත්තටම එහෙම වෙන්න බැරිද?
අනිත් කාරණේ,
එච්චර වයසට යන්න කලිනුත්, තව කෙනෙකුගෙ සාර්ථකත්වයක් දරාගන්න බැරුව පිච්චෙන, හීල්ලෙන, 'ඒක එච්චර උඩ දාන්න දෙයක් නෙමෙයි' කියලා ඔප්පු කරන්න රටේ නැති තර්ක ඉදිරිපත් කරන අපේ අම්මගෙ වයසෙන් බාගයක්වත් නැති අය අපට එදිනෙදා ජීවිතේ කොච්චර මුණගැහෙනවද?
එහෙම වටපිටාවක ඔය 'අපේ අම්මා' චැනල් එකේ අයිතිකාරිව බයිට් එකට ගන්න අයට තමන් ඒ වයසට එද්දි එහෙම නොවී ඉඳියි කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?
ඇත්තටම ඒ මනුස්සයා පව් නැද්ද?
https ://www.facebook.com/100004320636569/posts/2648014132019249/?mibextid=rS40aB7S9Ucbxw6v