ඒකත් මුන්ගේ බොරුවක් බන්
ජැක්සන් ගේ ventilator යන්ත්‍රය ගැන සජිත කීවේ තනිකර බොරු - යන්ත්‍ර නොමිලේ දුන් අය ප්‍රසිද්ධියේම කියයි
________
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා රෝහල් ගතකර සිටියදී සවිකර තිබූ ventilator යන්ත්‍රය පිළිබඳව ආන්දෝලනාත්මක කතා ගණනාවක් සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය අතර එම සියලු කතා වලට ඊයේ (12) දින ඒ මහතාගේ අවසන් කටයුතු මොහොතේ බාල පුත් සජිත ඇන්තනී විසින් පිළිතුරු සැපයීමක් සිදුකරන ලදී.
එහිදී ඔහු විසින් චෝදනා එල්ල වූ ventilator යන්ත්‍රය ඔවුන් විසින් මූල්‍ය දායකත්වය දරමින් රෝහලට ලබාදුන්නක් බව පැවසීමත් සමඟ ඒ වනතෙක් ඔවුන්ට එල්ල වූ චෝදනා සියල්ල මකා දමමින් මාධ්‍ය පුරා ප්‍රචාරය වන්නට විය.
නමුදු අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා රෝහල් ගතවී සිටියදී ඒ පිළිබඳව සලකා ලෝකයේ ඇති, අති නවීනතම ventilator යන්ත්‍රයක් වන Hamilton medical AG යන්ත්‍රය නොමිලේම ලබාදී ඇත්තේ MERVYNSONS නම් ආයතනය බව මේ වනවිට සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් තිබේ.
එහිදී මිලියන 15 ක් පමණ වටිනා එම යන්ත්‍රය ලබදීම සඳහා පුද්ගලිකව මැදිහත්වී කටයුතු කළ පුද්ගලයා විසින් ඊයේ දිනයේ සජිත ඇන්තනී විසින් සිදුකරන ලද ප්‍රකාශයට සිය අකමැත්ත ප්‍රකාශ කරමින් මේ පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් තබා හෙළිකර තිබේ.
එමෙන්ම ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන් මෙම යන්ත්‍රය පැය 4000 ක් ක්‍රියාත්මක කරවූ බවද ඔහු පවසයි.
එහිදී ඔහු විසින් පවසා ඇත්තේ කිසිදු ලෙසකින් තම ආයතනයට එම උපකාරය ප්‍රසිද්ධ කර හොඳ නම ලබාගැනීමට අවශ්‍යතාවයක් නොතිබූ බවත් මේ මොහොතේ ඒ පිළිබඳව හෙළිකර සිටියේ සජිත ඇන්තනී විසින් සිදුකළ ප්‍රකාශය තුළ සිදුවූ කිසිදු දෙයක් ඔවුන්වත් නොදන්නා නිසා බවත්ය.