දැන් ඉතින් හොරා කාපු සෙට් එකට මොකද වෙන්නේ ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    අපරාධ නඩු වලට වෙනම අධිකරණයක් පිහිටුවනවා කියලා කියනවා මතකයි. දැනට විමර්ශනය කරලා තියෙන ඒව මුලින් ගනී. අනිත් අඩුපාඩු කියලා බොරුවට අයින් කරන් තියෙන ඒව ආයේ දායි. කරන්න පුළුවන් දේවල් ටිකක් අව්රුදූ 5 කරයි.

    ඔය මොන අධිකරණය පිහිටෙව්වත් වැඩක් වෙන්නේ නෑ බන් කොහෙන් ගියත් අන්තිමට Supreme court එකේ හිර වෙලා පච වෙලා එන්නේ නඩු දාපු උන්. කොමිසමක් වුණත් එහෙමයි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    අර ගෝඨාභය දිනපු වෙලාවේ, පාරවල් වල ඔෆිස් වල රාජ්‍ය ලාංජන ගැසීම, චිත්‍ර ඇඳීම වගේ සති දෙකක් තුනක් යනකම් ෆේස්බුක් එකේ වගේම සමාජයෙත් පොඩි ආතල් එකක් තියෙයි.සමහර විට මහ මැතිවරණය දක්වා ඒ ත්‍රිල් එකේම ජනතාව තියා ගන්න ඕනෙ නිසා ඔය පොඩි ඇච්චො බැච්චො කිහිප දෙනෙක් හිරේ යයි(කිසිම විදිහකින් රනිල් ,මහින්ද ,සිරිසේන වගේ ටොප්ම සර්කල් එකේ කවුරුත් හිරේ යන්නෙ නෑ)

    ඒ නන්දන වින්ඳන කාලය ඉවර උනාට පස්සෙ අනුරට තෝර ගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් මේ IMF වැඩ සටහන මේ අයුරින්ම පවත්වාගෙන යන එක. එහෙම උනොත් එදාට දැන් අනුර වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් ඔහුගේ විරුද්ධවාදීන් වෙලා අපි අනුරට සහයෝගය දෙන තැනට ඇවිල්ල ඉන්න පුළුවන්.
    Imf එක කිව්ව දේවල් නම් නොකර ඉන්න එකක් නැහැ නේද. කොහෙවත් එහෙම දෙයක් කියලාවත් නැහැනේ.

    හැබැයි මිනිහට යන්න තියෙන පාර නම් ලේසි එකක් නෙමේ. එහෙත් අරගලකාරයෝ බලන් ඉන්නවා හොර කාපු සල්ලි අරන් හොරුනව හිරේ දයි කියල. බදු වැඩි වෙච්ච උන් බලන් ඉන්නවා බදු අඩු කරලා සහන දෙයි කියලා. රට ගැන හිතන උන් බලන් ඉන්නවා බදු අඩු නොකර, විදේශ සංචිත තර කරයි කියල,
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔය යාළුවො කියල කියන්නේ මේ රටේ ලොකුම ව්‍යාපාර, ඔය ව්‍යාපාර ආරක්‍ෂා කරගන්න ඕන. ප්‍රමුඛතා අංක එක ඒක. ඉන්දියාව හැදෙනකොට තිබුණු අංකුර සමාගම් වලට දීපු සහන සහ ආරක්‍ෂාව නිසා අද ඒ සමාගම් මහාපරිමාණ යෝධ බහුජාතික සමාගම් වෙලා මුළු රටටම කන්න දෙනවා. එත් ලංකාවේ වුනේ එකේ අනිත් පැත්ත, මෝඩ මූසල කොමියුනිස්ට් ගැති ආණ්ඩු ඇවිත් ජනසතු ක්‍රම ගෙනත් ලොකු ව්‍යාපාර වනසල දැම්ම. දැන් යන්තම් අමාරුවෙන් ඇදීගෙන යන ව්‍යාපාර තියෙන්නේ. උඹ ටිකක් හොයල බලපන් අනිත් රටවල් දෙන සහන, විදුලි බිල ආදීය ලංකාවේ සමාන තත්ත්ව ගැන. මෙහෙම හරි ගෙනියන එක ගැන සතුටු වෙන්න ඕන, දැන් ඇරියස් පිරිමහගන්න ගිහින් ඔය ටිකත් කෙළවුනොත් රට යන්නේ විශාල අර්බුදයකට.
    දියුනු වෙන රටක ජනතාවට අනිවා සහන දෙන්න ඔනේ.
    විදුලිය ජලයට දුන්න සහන දැන් නෑ... දැන් වෙන්නේ කරන නාස්තියටත් එක්ක අපි ගෙවන එක.
    මන්ඩලේ විදුලි/ වතුර අවුලක් ආවොත් රෑකට එනවද? ඒත් බහුතරය ඔටී කරනවා.

    මෙච්චර දවසක් උනේ මුල් ඔලුව විතරක් මාරු වුන එක, ක්‍රම එහෙමමයි. මොකද හැමදාම ඇමතිලා හැමදාම ඉන්නව පක්ශෙ මොකක උනත්.
    බදු නොගෙවන එක හා ඒවා අයකර ගන්න එක කොහොමද ඇරියස් එකක් වෙන්නේ? එක පාරට ගන්න බෑ පරන ඒවා ඒත් ටිකෙන් ටික ගන්න ඔනේ.
    මොකද අපි ඔය කොයි සමා ගමටත් බදු ගෙවල ගන්නේ, උන් අපේ බදු ආණ්ඩුවෙන් පිල්ලි ගහන එක කරන්නේ
    සියල්ල ජනසතු කිරීම කියන්නේ යල් පැන ගියපු ක්‍රමයක්, ඒකයි නියමිත බදු පිල්ලි ගැහිල්ලයි හොරකමයි කියන්නේ වෙනම දේයක් යාලුවා.
     
    • Haha
    Reactions: Jack London

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    Imf එක කිව්ව දේවල් නම් නොකර ඉන්න එකක් නැහැ නේද. කොහෙවත් එහෙම දෙයක් කියලාවත් නැහැනේ.

    හැබැයි මිනිහට යන්න තියෙන පාර නම් ලේසි එකක් නෙමේ. එහෙත් අරගලකාරයෝ බලන් ඉන්නවා හොර කාපු සල්ලි අරන් හොරුනව හිරේ දයි කියල. බදු වැඩි වෙච්ච උන් බලන් ඉන්නවා බදු අඩු කරලා සහන දෙයි කියලා. රට ගැන හිතන උන් බලන් ඉන්නවා බදු අඩු නොකර, විදේශ සංචිත තර කරයි කියල,
    Eka deyak sure

    Anurayiyra Konde dye kare naththan Awurudu 5 iwara wena kota minihageth konde sudu wenwa me ena stress ekata

    matama stress me thread eka kiyawalama.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    දියුනු වෙන රටක ජනතාවට අනිවා සහන දෙන්න ඔනේ.
    විදුලිය ජලයට දුන්න සහන දැන් නෑ... දැන් වෙන්නේ කරන නාස්තියටත් එක්ක අපි ගෙවන එක.
    මන්ඩලේ විදුලි/ වතුර අවුලක් ආවොත් රෑකට එනවද? ඒත් බහුතරය ඔටී කරනවා.

    මෙච්චර දවසක් උනේ මුල් ඔලුව විතරක් මාරු වුන එක, ක්‍රම එහෙමමයි. මොකද හැමදාම ඇමතිලා හැමදාම ඉන්නව පක්ශෙ මොකක උනත්.
    බදු නොගෙවන එක හා ඒවා අයකර ගන්න එක කොහොමද ඇරියස් එකක් වෙන්නේ? එක පාරට ගන්න බෑ පරන ඒවා ඒත් ටිකෙන් ටික ගන්න ඔනේ.
    මොකද අපි ඔය කොයි සමා ගමටත් බදු ගෙවල ගන්නේ, උන් අපේ බදු ආණ්ඩුවෙන් පිල්ලි ගහන එක කරන්නේ
    සියල්ල ජනසතු කිරීම කියන්නේ යල් පැන ගියපු ක්‍රමයක්, ඒකයි නියමිත බදු පිල්ලි ගැහිල්ලයි හොරකමයි කියන්නේ වෙනම දේයක් යාලුවා.
    ඔය ඕටී කරණ union කාරයෝ කියන්නේ අනුරැගේ බේස් එක. බලමු අනුර උන්ගෙන් ගේම ඉල්ලන්නේ කොහොමද කියල
     
    • Like
    Reactions: Jack London

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,530
    3,943
    113
    හෙට දවල් ඔක්කොම ගෝල්ෆේස් ගෙනත් හිස ගසා දානවලු
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔය ඕටී කරණ union කාරයෝ කියන්නේ අනුරැගේ බේස් එක. බලමු අනුර උන්ගෙන් ගේම ඉල්ලන්නේ කොහොමද කියල
    ඔවු කොයි පකෙශෙ උනත් වැරදිනම් වැරදි,
    නිදහස් සෙවක සන්ගමය , එක්සත් සෙවක සන්ගමයත් ඔය තැන්වල ඉන්නව කියලා අමතක නොකර ඉමු.
    දේශපාලුවන්ට වාහන ගෙන්වනකොට ඔක්කොම අත් උස්සනවා වගේ පඩි වැඩිකරන කොට ඔය ඔක්කොම යාලුවො මල්ලී :rofl: 🤔 :lol: :angry:
     
    • Like
    Reactions: CohenLenstra

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    ඔවු කොයි පකෙශෙ උනත් වැරදිනම් වැරදි,
    නිදහස් සෙවක සන්ගමය , එක්සත් සෙවක සන්ගමයත් ඔය තැන්වල ඉන්නව කියලා අමතක නොකර ඉමු.
    දේශපාලුවන්ට වාහන ගෙන්වනකොට ඔක්කොම අත් උස්සනවා වගේ පඩි වැඩිකරන කොට ඔය ඔක්කොම යාලුවො මල්ලී :rofl: 🤔 :lol: :angry:
    අවුල තියෙන්නෙ දේශපාලුවන්ට වාහන ගේනවට වඩා ,100 ගුණයක ින් ඩැමෙජ් එකක් වෙනවා අයිස් ගහන බ්ලොට් වෙච්ච රාජ්‍ය සේවයේ පඩි වැඩි කළහම
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අර ගෝඨාභය දිනපු වෙලාවේ, පාරවල් වල ඔෆිස් වල රාජ්‍ය ලාංජන ගැසීම, චිත්‍ර ඇඳීම වගේ සති දෙකක් තුනක් යනකම් ෆේස්බුක් එකේ වගේම සමාජයෙත් පොඩි ආතල් එකක් තියෙයි.සමහර විට මහ මැතිවරණය දක්වා ඒ ත්‍රිල් එකේම ජනතාව තියා ගන්න ඕනෙ නිසා ඔය පොඩි ඇච්චො බැච්චො කිහිප දෙනෙක් හිරේ යයි(කිසිම විදිහකින් රනිල් ,මහින්ද ,සිරිසේන වගේ ටොප්ම සර්කල් එකේ කවුරුත් හිරේ යන්නෙ නෑ)

    ඒ නන්දන වින්ඳන කාලය ඉවර උනාට පස්සෙ අනුරට තෝර ගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් මේ IMF වැඩ සටහන මේ අයුරින්ම පවත්වාගෙන යන එක. එහෙම උනොත් එදාට දැන් අනුර වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් ඔහුගේ විරුද්ධවාදීන් වෙලා අපි අනුරට සහයෝගය දෙන තැනට ඇවිල්ල ඉන්න පුළුවන්.
    ඉතිං ඇයි දැන් අනුරට සහයෝගය නැත්තෙ, IMF යන් නෑ කියල කිව්වද පොර?
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    අර ගෝඨාභය දිනපු වෙලාවේ, පාරවල් වල ඔෆිස් වල රාජ්‍ය ලාංජන ගැසීම, චිත්‍ර ඇඳීම වගේ සති දෙකක් තුනක් යනකම් ෆේස්බුක් එකේ වගේම සමාජයෙත් පොඩි ආතල් එකක් තියෙයි.සමහර විට මහ මැතිවරණය දක්වා ඒ ත්‍රිල් එකේම ජනතාව තියා ගන්න ඕනෙ නිසා ඔය පොඩි ඇච්චො බැච්චො කිහිප දෙනෙක් හිරේ යයි(කිසිම විදිහකින් රනිල් ,මහින්ද ,සිරිසේන වගේ ටොප්ම සර්කල් එකේ කවුරුත් හිරේ යන්නෙ නෑ)

    ඒ නන්දන වින්ඳන කාලය ඉවර උනාට පස්සෙ අනුරට තෝර ගන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් මේ IMF වැඩ සටහන මේ අයුරින්ම පවත්වාගෙන යන එක. එහෙම උනොත් එදාට දැන් අනුර වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් ඔහුගේ විරුද්ධවාදීන් වෙලා අපි අනුරට සහයෝගය දෙන තැනට ඇවිල්ල ඉන්න පුළුවන්.

    මම මේ කියන්න ආවා විතරයි ....

    මම ජනාධිපතිවරණයකට, දෙවෙනි වරට ඡන්දය පාවිච්චි කලේ 1994 ... (එතකොට ජපුර student)

    චන්ද්‍රිකා දුන්න ඡන්ද පොරොන්දුව "හොරුන්ව gallface ගෙනල්ල නඩු අහල දඩුවම් දෙනව"

    චන්ද්‍රිකා Gallface එකේ නඩු අහනකම් අපි තාම බලන්න ඉන්නව ....

    පඩ ෂෝ ටිකක් යයි .... ඒත් මුකුත්ම වෙන්නෙ නෑ .... හුණු නැති කිල්ලෝට නෑ ...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    එකා දෙකා හිර කරන්න ආයෙ ගැලවීමක් නැති වෙන්න.ඔක්කොටම එකට කෙළවන්න ගියොත් වැඩේ අමාරු වෙනවා.

    අර govt informant ලට සමාව දෙන වගේ එකක් හදලා හික්ගෑවෙන්න දෙන්න ඕන. උන් උන් එකා එකා බේරෙන්න අනිත් එකාව පාවා දෙන විදියෙ ගේමක් ගහන්න බැරි නෑ.

    එහෙම කරලා පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕන.
    ඇත්ත බන්, මේක සුද්ද කරේ නැත්නම් මන් ආයේ එක පකයෙක්ට චන්දෙ දෙන්නේ නැ,මේක හදනවනම් මුන්ට තමයි පුළුවන්,නැත්නම් අපිට හිතාගන්න වෙනවා ඔක්කොම එකයි කියලා.ගේම අදින්න ඕන හොරා කාපු උන්ට
    මේකයි නරක කල්චර් එකක් තිබිල ඒක හොද කල්චර් එකකට යනව කියමු.ඒක එක රැයින් කරන්න හොදනෑ මොකද ඒ ඩෝස් එක නිසා සාමාන්ය ජනතාවට රටේ සාමාන්ය පැවැත්ම එක්වර ඇබ්නෝමල්වීමෙන් මිනිස්සු කොන්ෆියුස් වෙනව.

    හොරකන් කරපුව අතීත වෙල ඉවර( Sunk cost) සිද්දි ඉතින් ඒවට ඕන කරල නීති රීති හදල යුක්තිය ස්වාදීනව පසිදවන ආයතන වලට බාරදෙන්න ඕන ඒව කරන්න.යුක්තිය පසිදලීමට බලපැමක් පිටින්නෑ කියල පේන්න ඕන
    වෙච්ච හොරකම් හෙවීමට වඩා දැන් ඉදන් ඒව නොවෙන්න ඊට වඩා ඇටෙන්ශන් දෙන්න ඕන.මේව කරද්දිත් එක්වර මිනිස්සුන්ට එපා නොවෙන ක්‍රමික විදිමත් විදිහට කරන්න ඕන
    හොරකම් විතරක් නෙවෙ දැන් ඉදල මිනිස්සුන්ට ආර්ථික හා සමාජ අසාධාරන නොවෙන්න කරගෙන යන්න ඕන.මිනිස්සුන්ට එක්වර ලොකු බලපෑම් වෙන ක්ශනික ලොකු වෙනස් කම් එක්වර කරන්න හොදනෑ එපාවෙයි

    වැදගත්ම දෙයක් තමයි එක්වර තෙල් මිල විදුලි බිල් ඩෝන්ගාල අඩු කරන්න හොද නෑ.මොකද තෙල් අඩුකිරිමෙ වාසිය මැද ඉන්න වෙලෙන්දො 90%ක් ගසාකන්නෙ තෙල් අඩු උන වාසිය පාරිබෝගිකයට යන්න දෙන්නෑ උන්.ඒ නිසා තෙල්මිල අඩුකිරීම යටම උන්ට යන්න අතරමැදි ගසා කන්නො වලක්වන *මිල Formula එකක් දෙන්න.
    තෙල් රු 50 කින් අඩු කරොත් තෙල් 50කින් අඩු වෙන්න කලින් ආප්පෙ රු 30 නම් තෙල්50න් අඩු උනාමත් ආප්පෙ 30 වෙන්න බෑ එහෙමනම් 100% ගසා කාල වෙලෙන්දා. තෙල් අඩු කරන්න පෙර බත් එක 300 නම් තෙල් 50කින් අඩු කරාමත් 300 නම් ආන්ඩුව තෙල් අඩුකිරීම මිනිස්සුන්ට ගිහින්නෑ ගසා කාලා ඒ කියන්නෙ ආන්ඩුව කරලනෑ වැඩේ හරියට.කලින් ඔක්කොම ආන්ඩු ඕව ක්‍රමවත්ව නොකර නිකන්ම ඩෝන් ගාල තෙල් අඩු කරත් දිගටම බඩු මිල එහෙමම තිබ්බ වෙලෙන්ද ගසාකෑව ආන්ඩු කෙලවෙන්න ලොකුම හේතුවක් තෙල් මිල අඩු කිරීම පලදායිව නොකර පාරිබෝගිකයව අතරමැදියින්ට ගසාකන්නදීල ඔහේ හිටි එක.

    * Commodity Price Formula to be applied by Wholesalers, service providers etc. against change in Fuel Price.

    This is not exact force to reduce by certain price but a method to be applied by seller to maintain fairness towards citizens.

    Ex: How much price of loaf of Bread to be reduced once fuel price is reduced by 10/
    ඇත්ත බන් අතරමැද උන් මේකේ ගාසා කන විදිහා අප්පිරියයි, ක්ෂණික සහන නෙමේ,හැමෝටම ප්‍රයෝජන වෙන දේවල් ටික කරන්න ඕන,ඔක්කොටම කලින් පොලිසීස් ටික හදන්න ඕන ආයේ හොර කන්න බැරි වෙන්න

    අපරාධ නඩු වලට වෙනම අධිකරණයක් පිහිටුවනවා කියලා කියනවා මතකයි. දැනට විමර්ශනය කරලා තියෙන ඒව මුලින් ගනී. අනිත් අඩුපාඩු කියලා බොරුවට අයින් කරන් තියෙන ඒව ආයේ දායි. කරන්න පුළුවන් දේවල් ටිකක් අව්රුදූ 5 කරයි.
    ඔව් බන්, මජර දේශපාලනේ නිසා අසදරණයට ලක්වෙච්ච මිනිස්සුන්ට සදාරණයක් වෙන්න ඕන,ජෝනියලා වගේ බදු නොගේනවා ඉන්න උන්ගේ දේපල රාජ සන්තක කරන්න ඕන
    ------ Post added on Sep 22, 2024 at 9:57 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    අවුල තියෙන්නෙ දේශපාලුවන්ට වාහන ගේනවට වඩා ,100 ගුණයක ින් ඩැමෙජ් එකක් වෙනවා අයිස් ගහන බ්ලොට් වෙච්ච රාජ්‍ය සේවයේ පඩි වැඩි කළහම
    ඔවු එකනේ 25ක් දෙන්න බෑ කියලා කදුගෑස් ගහලා පස්සෙ අවම 50කරනව කියලා චන්දෙදි කියන්නේ...
    දේශපාලනජ ජොබ් එකක නෙමේ සේවයක්, මුලින් උන් හැදෙන්න ඔනේ වගේම අපි හරි උන්ව පත් කරන්න ඔනේ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    මම මේ කියන්න ආවා විතරයි ....

    මම ජනාධිපතිවරණයකට, දෙවෙනි වරට ඡන්දය පාවිච්චි කලේ 1994 ... (එතකොට ජපුර student)

    චන්ද්‍රිකා දුන්න ඡන්ද පොරොන්දුව "හොරුන්ව gallface ගෙනල්ල නඩු අහල දඩුවම් දෙනව"

    චන්ද්‍රිකා Gallface එකේ නඩු අහනකම් අපි තාම බලන්න ඉන්නව ....

    පඩ ෂෝ ටිකක් යයි .... ඒත් මුකුත්ම වෙන්නෙ නෑ .... හුණු නැති කිල්ලෝට නෑ ...
    Aniwa oka thama wenne..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මම මේ කියන්න ආවා විතරයි ....

    මම ජනාධිපතිවරණයකට, දෙවෙනි වරට ඡන්දය පාවිච්චි කලේ 1994 ... (එතකොට ජපුර student)

    චන්ද්‍රිකා දුන්න ඡන්ද පොරොන්දුව "හොරුන්ව gallface ගෙනල්ල නඩු අහල දඩුවම් දෙනව"

    චන්ද්‍රිකා Gallface එකේ නඩු අහනකම් අපි තාම බලන්න ඉන්නව ....

    පඩ ෂෝ ටිකක් යයි .... ඒත් මුකුත්ම වෙන්නෙ නෑ .... හුණු නැති කිල්ලෝට නෑ ...

    පොඩ්ඩක් අඬන්නේ නැතුව හිටපන් පොන්ස් මොකුත් වෙන්නේ නැත්තං කව්රුත් රෙදි පැක් කරන් රට පයින්නේ නෑ. ඔක්කොම නීතියට අනුව වෙයි
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඇත්ත බන් අතරමැද උන් මේකේ ගාසා කන විදිහා අප්පිරියයි, ක්ෂණික සහන නෙමේ,හැමෝටම ප්‍රයෝජන වෙන දේවල් ටික කරන්න ඕන,ඔක්කොටම කලින් පොලිසීස් ටික හදන්න ඕන ආයේ හොර කන්න බැරි වෙන්න
    මිඩ්ල් මෑන් කියන්නේ ආර්ථිකයක ප්‍රධානම සංඝටකය, දැන් ගොවියා වෙළෙඳපොලට ඇවිත් එළවලු විකුනනවා නම් ඌට ගොවිතැන් කරන වේලාවෙන් කොටසක් යොදවන්න වෙනවා ව්‍යාපාර කරන්නත්, තොග වෙළෙන්දා රට පුරාම බඩු බෙදා හරිනවා නම් මිඩ්ල් මෑන් ඕන නැහැ එකෙන් වෙන්නේ සිල්ලර වෙළෙන්දා නැති වෙන එක, මොකද සිල්ලර වෙළෙන්දා තමයි මිඩ්ල් මෑන්, සිල්ලර වෙළෙන්දා අයින් නොකර තොග වෙළෙන්දා බඩු සපයනවා නම් එතන මාෆියා එකක් හැදෙනවා, දැනුත් එවැනි මාෆියා එකක් තිබෙනවා. මිඩ්ල් මෑන් ජියන්නේ රට පුරා තිබෙන සිල්ලර කඩ, ෆැන්සි හවුස්, ඩීමෝ බට්ටෙක් තියන් බඩු විකුණන එවුන්, මේ ස්තරය ලක්‍ෂ ගානක් මිනිස්සු යැපෙන තැනක්, ඕක අයින් වුනොත් බඩු අඩුවට ලැබෙයි නමුත් අර මිනිස්සුන්ට යන එන මන් නැති වෙනවා. මේක ශ්‍රම විභජනයක්, එක ආර්ථිකයක දියුණුවට අවශ්‍යයි

    දියුනු වෙන රටක ජනතාවට අනිවා සහන දෙන්න ඔනේ.
    විදුලිය ජලයට දුන්න සහන දැන් නෑ... දැන් වෙන්නේ කරන නාස්තියටත් එක්ක අපි ගෙවන එක.
    මන්ඩලේ විදුලි/ වතුර අවුලක් ආවොත් රෑකට එනවද? ඒත් බහුතරය ඔටී කරනවා.
    ඔටී කරන එක සේවක අයිතියක්, අනික ඔය යූනියන් ජවිපෙ යටතේ තිබෙන ඒවාත් තිබෙනවා, ගුරු සංගමය වගේ ඉතා ප්‍රබල යූනියන් ජවිපෙ යූනියන්, ඉතින් ඔටී අයින් වෙන්නේ නැහැ මොකා ආවත්, ඕක විසඳන්න තියෙන එකම ක්‍රමය පුළුවන් තරම් සේවයෙන් අස්කරන එක.

    මිනිස්සුන්ට අසීරු යුගයකදී කටුවක් කන්න වෙනවා කියල අමතක වුනා, මේ තත්වයට ඔවුනුත් දායකයෝ කියල අමතක වුනා, (ඔය නායකයෝ අහසින් පාත් වුනා නෙවේ, මහජනයා අතරින් ආපු මහජන ඡන්දයෙන් පත් වුනු නායකයෝ) දැන් ජවිපෙ නායක හරිනි අමරසූරිය කියනවා කටුව කන්න ලැහැස්ති වෙන්න කියල, රනිල්ගේ කටුව විසික් කරලා ජවිපෙ කටුව කමු :rofl:

    මම ඇරියස් කියන එකෙන් අදහස් කලේ සාමාන්‍ය ජනයාගේ ඇරියස් එක, ඔවුන්ට ආර්ථිකය කලින් තිබුණු හැටි අමතක වුනා වඩා හොඳ ආර්ථිකයක් බලාගෙන ජවිපෙට දුන්න, දැන් ජවිපෙ යුතුකම ඔය කියන සහන දෙන එක, මම බදු ය කිරීම් ගැන මොකවත් කියල නැහැ, මම ජනසතු කිරීම් ගැන කිව්වේ මුල් යුගයේ කොමියුනිස්ට් පක්‍ෂ විසින් රටට කල හානිය පෙන්වා දෙන්න.

    දැන් ජවිපෙ නිසි පරිදි බදු අයකර ගනීවි නේ? සහනත් දේවි නේ? රටත් හැදෙයි නේ? :unsure: