රවි සේනානායක බේර ගන්නද මහජන ආරක්ශක ලේකම්කම දුන්නේ ? දැන් පොලීසිය සාධාරනව පරීක්ෂන කරයිද ? කාදිනල් දැන් මොකද කියන්නේ ? ගෝඨා දේශබන්දුවා පත් කෙරුවාට වැඩි වැරැද්දක් නෙවෙයිද ?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගත් බවට චෝදනා කරමින් ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වන විට නැතැයි නීතිපතිවරයා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මේ බව දන්වා සිටියේය.
ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ පාස්කු ඉරුදින බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ලැබුණු පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවය.
එබැවින් එම පැමිණිල්ලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.
එලෙස අත්අඩංගුවට ගැනීමක් කර රඳවා ගැනීමක් කළහොත් වහාම තමන් මුදාහරින ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. එසේම රුපියල් මිලියන සියයක වන්දි මුදල් අයකර දෙන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත. ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර ශානි සහ රවි අත්අඩංගුවට ගන්න සූදානමක් මේ වන විට නැහැ
නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි