දැන් මම පරක්කු වැඩියි අම්මේ .
මට අවුරුදු 10දී වගේ තමයි අම්ම රට ගියේ....එතකොට අයියට අවුරුදු 12යි . තාත්තා බස් ඩ්‍රයිවර් කෙනෙක් විදියට වැඩ කලේ .අපිට ඉන්න හරි ගෙයක් නොතිබීම තමයි ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. කොහොම හරි මම අපේ නැන්ද ලගේ ගෙදර නැවතුනා .අයියා ආච්චිලගේ ගෙදර නැවතුන .
අම්ම ආයේ එද්දී මට අවුරුදු 17යි . ගමෙන් ඉඩමක් අරගෙන ,පොඩියට ගෙදරක මුලික වැඩ ඒ වෙනකොට කෙරිලා තිබුන . මම උ/පෙළ කරන්න ටවුන් එකේ ඉස්කෝලෙකට යන්න වුන නිසා ...නැන්දලගේ ගෙදර ම හිටියා . අම්මයි ..තාත්තයි ..කිහිප සැරයක් මාව ගෙදර එක්ක ගෙන යන්න හැදුවත් ඉස්කෝලේ ප්‍රශ්නේ නිසා ඒක වුනේ නෑ ...ඇත්තටම මට ගෙදර යන්න උවමනාවක් තිබුනෙත් නෑ . අම්ම ගැන මට පොඩි කල කිරීමක් සහ එපවීමක් තිබුන කිව්වත් හරි .
අම්ම රට හිටිය කාලේ ...මාස කිහිපයකට සැරයක් එවපු ලියුම් හැරෙන්න ....අම්ම අපි ගැන හොයා බැලුවේ නැහැ කියල තමයි මට හිතෙන්නේ .අනික අම්මට සල්ලි හොයන එක තමයි ගොඩක් ලොකු වෙලා තියෙන්න ඇත්තේ .
මෙහම කාලයක් ගිහින් , මම උසස් පෙළ පාස් වෙලා ....එන්ගිනේරු පීටයට ...තේරුණා . ඊට ටික කාලයකින් අයියත් කසාද බඳිනවා . මට ගෙදරත් එක්ක තිබුනේ ඉගෙන ගන්න අවශ්‍ය මුදල් ගනු දෙනුවක් පමනයි . නිවාඩුවට ගෙදර ගියත් දවසකට වැඩිය ගෙදර ඉන්නේ නැහැ . අම්ම මාත් එක්ක කොච්චර කථා කලත් මම පොඩි උත්තරයක් දීල ඒක මග හරිනවා.
මෙහම කාලයක් ගත වුණා .අම්මට අසනීප වෙලා ,රෝහල් ගත කලා කියල මට පණිවිඩයක් ලැබුණා . මම ගමට යන කොට අම්ම මෙලොවින් සමු අරගෙන තිබුන .හ්ර්ද්ය බාදයක් ..තමයි හේතුව . ඇත්තටම මට ලොකු කම්පනයක් දැනුනේ නැහැ .තාත්තා නම් ගොඩක් ඇඩුව .අයියත් ගොඩක් දුකෙන් හිටියේ.
මල ගෙදර කටයුතු අවසන් වුනාට පස්සේ ...තාත්ත අම්මගේ පැරණ බඩු වගයක් බලනවා මම දැක්ක කාමරේ .
මම තාත්ත ලගට පොඩ්ඩක් ලං වෙලා ඉද්දි ...මට පැරණ ඩයිරියක් හම්බ වුණා . ඒක අම්මා රට ඉද්දි පාවිච්චි කරපු එකක් .
මම නිකමට ඒක පෙරලුව .
නොවැ .14
පුතාල දෙන්නව ලංකාවේ දාල එනකොට පුදුම දුකක් හිතුනේ .පුතාල හොඳට කාල ඉන්ද්යිද .හැමදාම ඉස්කෝලේ යයිද ..ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව පරිස්සමින් පුතාල ඉන්ද්යි.....මගේ පවුලට තුරුණුවන් සරණයි.
දෙසැ .20
වැඩ කරන ගෙදර හම්පුතල ...යක්කු වගේ .ඊයේ උදේ පාන්දර 4ට නැගිට්ට වෙලේ ඉඳන් අද රෑ 1 වෙනකම් වැඩ .
නව වසරක් .
ජන 15.
අද මුලින්ම පඩියක් ලැබුන .ගෙදරට ලියුමක් එක්ක සල්ලි යැව්වා .දරුවෝ දෙන්නාට ආස හිතෙයි.
මාර් 08
ගිය සුමනේ උන හැදිලා මාව ඉස්පිරි තාලේ අරන් ගියා .මාව දෙපාරක් සිහි නැතුව වැටුනට පස්සෙයි ,මාව හම්පුතල අරන් ගියේ.
අනේ මට මගේ කොල්ලෝ දෙන්නව මතක් වෙනවා .ළමයි ව ගෙදර අය හොඳින් බලා ගන්නවා ඇති.
ජුන් 15
අදත් පඩි ලැබුන ..ගෙදරට සල්ලි යැව්වා.මහත්තයත් ගොඩක් ආස වෙයි . ගෙදරින් ලියුමක් ගෙන්න ගන්න බැහැ .හාම් පුතාල කැමති නෑ .
අගෝ 20
රාම්දන් කාලේ නිසා ගෙදර වෙනද තර ම ,,වැඩිය වැඩ නෑ කෑම හැදෙනවත් අඩුයි . එත් ලොකු නිදහසක් නෑ .
මේ වගේ පිටු කිහිපයක් කියව ගෙන ගියා ... අන්තිමට අපේ පවුලම ඉන්න පැරණ ෆොටෝ එකක් එකේ තිබුණා .
මේක කියවල ඉවර වෙන කොට ...මගේ පපුව නිකන් හිර වෙන ගතියක් දැනුනා . ඇස් කඳුළු වැටෙන්න ඔන්න මෙන්න කියල දැනුන .
මම ඉක්මනට එලියට ගියා . අම්ම අපිව දාල ගියාට කවදාවත් හිතින් අපිව අත හරියේ නෑ කියල මට දැනුන .මගේ හිත ...මට ශාප කරන බවක් මට තේරුණා .
මෙච්චර කල් අම්ම ජිවත් වෙලා ඉද්දි ...මේ දේවල් මට තේරුනේ නැ . දැන් මම පරක්කු වැඩියි අම්මේ .