දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01

    දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 01

    වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියන‍වා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක්නම් පේන්නේ නැහැ. සමහර වෙලාවට පොඩිකාලේ ඉඳන් කියාගෙන ආපු පලියට කියවන එක තමයි කරන්නේ. ඉතින් දැන් ෆේක් වලින් පිරුණු, වැඩකට නැති ත්‍රෙඩ් වලින් පිරුණු කාලෙක බුදුන් වහන්සේ විශාලා මහනුවර තුන් බිය නැති කරන්න රතන සූත්‍රය කියවලා පිරිත් පැන් ඉස්සා වගේ ලට්ට ලොට්ට වලින් පිරිච්ච එළකිරිය පන්සලක් වගේ තැනක් කරන්න ගන්න උත්සාහයක් තමයි මේක. කට්ටිය ඉල්ලන තාක් මමත් ඔය මූලාශ්‍ර හොයාගෙන ලියනවා. මොකද බුදු දහම හා මගේ ජීවිතය ගොඩාක් එකට ඇලී පවතින දෙයක්. එහෙනම් අපි මෙහෙම පටන් අරන් දිගු ගමනය් යමු.

    බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු.

    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
    නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

    තේරුම : ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.

    බුද්ධං සරණං ගච්ඡාමි.
    තේරුම : මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. උන් වහන්සේ දේශනා කළ මග යමි.

    ධම්මං සරණං ගච්ඡාමි.
    තේරුම : මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි.

    සංඝං සරණං ගච්ඡාමි.
    තේරුම : මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි.

    ඊට පස්සේ තියෙන්නේ දුතියම්පි, තතියම්පි කියන කොටස් එකතු කරලා උඩ පාඨම නැවත ආවර්ජනය කිරීමක්.
    තේරුම : දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි.

    ඊළඟට තමයි පන්සිල් පද 5 සජ්ජායනා කරන්නේ.
    1. පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
    තේරුම : පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි.

    2. අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
    අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.

    3. කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
    තේරුම : කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.

    4. මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
    තේරුම : බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.

    5. සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.
    තේරුම : මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.

    ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි.

    මෙ ම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලය යි. පන්සිල් හොඳින් රැකීම ට නම්, මෙ ම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතු ය. ඒ මෙ සේ ය.

    ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු

    1. පණ ඇති සතෙකු වීම
    2. පණ ඇති සතෙකු බව දැනීම
    3. මරණ චේතනාව
    4. මරණ උපක්‍රමය
    5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම

    ප්‍රාණඝාතයක් සිදුවීම ට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.

    අදත්තාදානය සිදු වන අයුරු. (සොරකම)

    1. අන්සතු වස්තුවක් වීම
    2. අන්සතු වස්තුවක් බව දැනීම
    3. සොරා ගැනීමේ චේතනාව
    4. සොරකම් කිරීමේ උපක්‍රමය
    5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම

    සොරකමක් සිදුවීමට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.

    කාම මිථ්‍යාචාරය සිදුවන අයුරු. (කාමයන්හි වරදවා හැසිරීම)

    1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
    2. වරදවා හැසිරීමේ චේතනාව
    3. වරදවා හැසිරීමේ උත්සාහය
    4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

    කාමයන් හි වරදවා හැසිරීම ට මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

    මුසාවාදය සිදු වන අයුරු. (බොරු කීම)

    1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම
    2. අන්‍යයන් රැවටීමේ චේතනාව
    3. එය ඇඟවීම
    4. එයින් අසන්නා මුළාවීම

    බොරුකීම සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

    සුරා පානය සිදු වන අයුරු.

    1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම
    2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව
    3. ඒ සඳහා උත්සාහ කිරීම
    4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම

    මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

    හරි එහෙනම් මේ ත්‍රෙඩ් මාලාව ඉදිරියට කරගෙන යන්නම් කට්ටියගේ ප්‍රතිචාර බලලා.. මොන ප්‍රශ්න තිබ්බත් මම හැමදාම ඉන්න තැන බුදුන්ට පහණ පත්තු කරන කෙනෙක්.. ඒකෙන් ජීවිතයට මාරම සැහැල්ලුවක් ලැබෙනවා. ඔබත් එයට පුරුදු වන්න සැබෑ බෞද්දයෙක් නම්. පිනක් දහමක් කරගන්න වයසට යනකන් ඉන්න එපා අපි කවදා කොයි මොහොතේ මැරෙයිද කියන එක ගැන අපිට විශ්වාස නැති නිසා.. මෙතනට පැමිණි හැමෝටම තෙරුවන් සරණයි..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගොඩක් වටිනවා මචෝ!
    පුළුවන් නම් තව තවත් මේ වගේ දේවල් එලකිරියෙ වැඩි වැඩියෙන් පල වෙනවා නම් හොදයි.
    ප්‍රතිපත්ති පුජාවට තැන දෙනවා නම් තවත් වටිනවා.
    ඒ කියන්නේ අනිත්‍ය සිහි කිරීම, භාවනාව වගේ දේවල්. ඒ දේවල් බුදුන් වහන්සේට සැබෑ ගෞරවයක් වෙනවා.
    ඒ ගැනත් ලිපියක් දානවා නම් හොදයි.

    You must spread some Reputation around before giving it to Ridila™ again.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩාක් වටිනවා මල්ලියෝ.ඔයාට තෙරුවන් සරණයි!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගොඩක් වටිනවා මචෝ!
    පුළුවන් නම් තව තවත් මේ වගේ දේවල් එලකිරියෙ වැඩි වැඩියෙන් පල වෙනවා නම් හොදයි.
    ප්‍රතිපත්ති පුජාවට තැන දෙනවා නම් තවත් වටිනවා.
    ඒ කියන්නේ අනිත්‍ය සිහි කිරීම, භාවනාව වගේ දේවල්. ඒ දේවල් බුදුන් වහන්සේට සැබෑ ගෞරවයක් වෙනවා.
    ඒ ගැනත් ලිපියක් දානවා නම් හොදයි.

    You must spread some Reputation around before giving it to Ridila™ again.
    එල මචෝ.. අපි බලමු.. තෙරුවන් සරණයි...

    godak hoda post ekak budu saranai
    එල මචෝ..තෙරුවන් සරණයි...

    එල මචෝ..තෙරුවන් සරණයි...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?