ඩිවෝස් එකකට යන්න කලින් මේ අහන්නෙ.
මට අවු 33යි. වයිෆ්ට 32යි. දෙන්නම IT related degree කරේ හැබැයි දෙකක්. එකම නෙමෙයි. එයත් එක්ක යාලු වුනේ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙදි. අවුරුදු 27න් මම ඩිග්‍රිය ගත්තෙ. එයා ඊට කලින් අවුරුද්දෙ ගත්තෙ. එයාට ඉක්මනට බදින්න ඕනෙ වුනා. කොහොමත් සම්බන්දෙට අවුරුදු 5ක් විතර ඒ වෙද්දි. අවුරුදු 28න් මම බැන්දා. වෙඩින් එකක් එයාට ඕනෙ විදිහට ගන්න ඕන වුනා. එයාගෙ හීනයක් කියලා. මුලින්ම එච්චර ගානක් වියදම් කරන්න බෑ කියලා ඉදලා අන්තිමට මමත් කැමති වුනා. එයා නම් කියන්නෙ අඩු වියදමින් ගත්තා කියලා. මොන අඩුද. අපිට පොඩි කාර් එකක් ගන්න තිබුනා ඒ කාලෙ ඒ සල්ලි වලට. අවුරුද්දක් විතර හම්බ කරපු සල්ලි, තාත්තා ඉතුරු කරපු සල්ලි එක දවසකට කුඩු වුනා.
එයා මුලින්ම පොඩි පඩියකට ජොබ් එක කරේ. මගෙ පඩියෙන් රෙන්ට් එකත් ගෙවාගෙන, පොඩ්ඩක් ඇවිදලා ඇත්තටම සතුටින් හිටියා අපි දෙන්නා. ටික ටික එයාගෙත් පඩිය වැඩි වුනා. ඒ නිසා මම ලෝන් ගැහුවා අපේම ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න වගේ දේවල් වලට. ඉතුරු මගෙ පඩියයි, එයාගෙ පඩියයි ජොයින්ට් එකවුන්ට් එකකට දාලා තමයි වියදම් බැලන්ස් කරේ.
රස්සාවෙන් ටිකක් උඩට යද්දි එයාට අමුතු පිස්සුවක් හැදුනා. ටිකක් ස්ටේබල් වුනාම දරුවෙක් හදාගන්න කියලා කතාවෙලා හිටපු දේවල් වෙනස් වුනා. දැන් අවුරුදු 2කට විතර කලින් එයාගෙ පඩිය මගෙ එකට වඩා වැඩි වුනා. මගෙ වගේ දෙගුණයක් විතර ගානකට එයාට ඔෆර් එකක් ආවා. එයා කිව්වා ඔයානෙ හස්බන්. ඔයා නේද ගෙදර වියදම් බලන්න ඕනෙ කියලා. ගෙදර බිල්, රෙන්ට් එක, බඩු ගේන්න කිසිම දේකට එයා වියදම් කරන්නෙ නෑ. මගෙ සල්ලි පොදු සල්ලිලු. එයාගෙ සල්ලි එයාගෙලු. එහෙම කියලා එයා ජොයින්ට් එකවුන්ට් එකට සල්ලි දානඑක නතර කරා.
ඔරලෝසු, බෑග් වලට, බියුටි වැඩ වලට උපරිම වියදම් කරන එක කරන්නෙ. ජීවිතේ විදිනවා. එයාගෙ මාස 6ක විතර පඩිය විතර වටින බෑග් එකක් අරන් තිබුනා මේ මෑතක. හැබැයි මම රිම් එකේ දුවන්නෙ. කරන දේවල් වලට කිසිම රෙස්පෙක්ට් එකකුත් නෑ. දරුවෙකුත් නෑ. යකෝ, මමත් මගෙ පඩිය මට විතරක් වියදම් කරගෙන අම්මලා ගෙදරට වෙලා හිටියනම් හොදට ඉන්නවනෙ. මම ආස දෙයක් ගන්න නෑ. ගෙදර වාහනේ කැඩිලා මගෙ අතේ සල්ලි නැතුව එයාගෙන් ඉල්ල ගත්තා මාස තුනකට කලින්. ඒක ටික ටික හරි එයාට ගෙවන්නලු. මට එයාට බලු වෙන්න ඕනෙ නෑ. මගෙ අතේ සල්ලි නෑ දෙන්න.
සති දෙකකට කලින් මම කිව්වා මේක හරියන්නෙ නෑ අපි ඩිවෝස් වෙමු කියලා. එයා අහනවා ඇයි ඩිවෝස් වෙන්නෙ කියලා. එයාව රැජිනක් වගේ මම තියන්න ඕනෙලු. එතකොට මම මොකෙක්ද? හරිනම් එයාගෙ දේවල් වලට වියදම් කරන්න ඕනෙ මමලු. එයා කියනවා ඒකට කමක් නෑ, සල්ලි ඉල්ලන් නෑනෙ ඔයාගෙන්. ඔයාට තියන්නෙ අනිත් වියදම් ටික බලන්න විතරනෙ කියලා. එයා රස්සාවක් නොකර හිටියනම් මට කමක් නෑ. මට දැන් අප්පිරියා වෙලා තියෙන්නෙ මේකිගෙ මූන දිහාබලන්නත්. එයාගෙ උවමනා වලට මම මගෙ අතේ තිබුන සල්ලි පිහලා වියදම් කරේ. ගෙදර වැඩත් 50/50. ඒකවත් එයා කරනවනම් ඒත් කමක් නෑ. මට එයාගෙ සල්ලි ඕනෙ නෑ. හැබැයි මෙයා මෙහෙම හැසිරෙන එක සාධාරණද කියන්න. මේක දැන් හොදටම ඇති මට නම්. මට මහන්සියි. මට ලොකු කලකිරීමක් තියෙන්නෙ. මම මෙහෙම එකියක්ටද ආදරේ කරේ.
උත්තරයක් තියෙනවද මේකට? මම ආදරය කරද්දි හිටපු, මම ආදරය කරපු ගෑණූ ළමයා නෙමේ මේ ඉන්නෙ. එයා මෙහෙම නෑ.