දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_06
‘අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාව සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි.’—කොලො. 3:5.
බයිබලේ “අපවිත්‍ර ක්‍රියා” කියලා සඳහන් කරද්දී ඒක වැරදි ලිංගික ක්‍රියාවලට විතරක් සීමා වෙන්නේ නැහැ. දුම්පානය, අසභ්‍ය විහිළු වගේ තව හුඟක් දේවලුත් ඒකට ඇතුළත්. (2 කොරි. 7:1; එෆී. 5:3, 4) ලිංගික හැඟීම් අවුස්සන පොත් පත් කියවන එක, අසභ්‍ය දර්ශන බලන එක වගේ කාටත් හොරා කරන දේවලුත් ඒකට අයිතියි. ඒ වගේ දේවල් කරන කෙනෙක් අපවිත්‍ර පුරුද්දක් වන ස්වයංවින්දනයට ඇබ්බැහි වෙන්න පුළුවන්. පුරුද්දක් විදිහට අසභ්‍ය දර්ශන බලන අය කරන්නේ වැරදි ආශාවලින් තමන්ගේ හිත පුරවගන්න එකයි. ඒ නිසා එයාලා ඉන්නේ කාමාශාවෙන් මත් වෙලා. ඒ වගේ කෙනෙක් ලේසියෙන්ම ලිංගික ක්‍රියාවලට ඇබ්බැහි වෙන්න පුළුවන්. පර්යේෂකයන් හොයාගෙන තියෙනවා අසභ්‍ය දර්ශන බලන්න ඇබ්බැහි වෙන එක මත්පැන්වලට නැත්නම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා වගේ කියලා. ඒ පුරුද්දට වැටුණ කෙනෙක්ට අනිත් අයට මුහුණ දෙන්න අමාරුයි. රැකියාව හරියට කරන්න බැහැ. පවුල් ජීවිත අවුල් වෙනවා. සිය දිවි හානි කරගන්න වුණත් ඉඩ තියෙනවා.
www.jw.org/si