දිනපොතක අභිමන්

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
දිනපොතක අභිමන්

උදේ අටත් පසු වී ඇත . අද උදෙන්ම තියෙන්නේ ..ලෙක්චර් එක නේද...දෙවියනේ සර් ඇවිල්ලද දන්නේ නැ...කොච්චර උදෙන් නැගිට්ටත් හැමදාම ඇයි මම පරක්කු වෙන්නේ...මම හිතින්මට ම බැන්නෙමි ...පඩිපෙළ නගිද්දී මාගේ හොදම යාළුවා අනිත් යහළුවන් සමග උදේ කෑම අරගෙන යනු මම දුටුවෙමි . තාම සර් අවේ නැද්ද මම ඔවුන් ගෙන් ඇසුවෙමි ..."අනේ අනේ...දැනුයි එන්නේ...කොච්චර දුර ද ගෙදර ඉදන් ක්ලාස් එකට"?...ඔවුන් ගේ සුපුරුදු කියවිල්ල පටන් ගත්තේය...ඔවුන් හැමදාම මට උදෙන් එන්න කිව්වට මා එන්නේ ප්‍රමාද වී ය."හරි හරි මම හෙට නම් උදෙන් එනවා"...මා එසේ කියාගෙන පොත් ටික තියන්නට ක්ලාස් එකට ගියෙමි ..
උදේ දේශනය ඉවර වූ පසු යහළුවන් සමග කැන්ටිමට ගොස් තේ බිමට මම ආසා කලෙමි ...ඒ තේ බොන්නට තියෙන ආසාව නිසාම නොව...මෙහෙම ඉන්නට ඇත්තේ තව ටික කාලයක් බව දන්නා නිසා ය..මා සමග තව යහළුවෝ හත් දෙනෙක් සිටි..ඔවුන් සමග එක වූ කල මගේ වැඩේ සිනහ වීම පමණකි...කැන්ටිමේ අන්කල් ට තේ හදන්නට කියා අපි වාඩි උනෙමු..." එක්කෙනෙක් අද කේක් ගේනවා කිව්වනේ...ශා...කේක් නම් හරිම රහයි " ඒ කිවේ අමාලි ය...ඇය එසේ කිව්වේ පියුමිට බව හැමෝම දනී...ඊයේ ඇය අපිට කේක් ගෙනත් දෙන බවට පොරොන්දු විය...එත් ඇය ගෙනත් නැත...දැන් මොනවත් නොදන්නා ගානට ඇය තේ බොයි...." මේ...එක නෙමෙයි..හෝම් වර්ක් කලා ද? තේ බොන ගමන් මම ඔවුන් ගෙන් ඇසුවෙමි...අනිත් අය කර ඇතත් මනෝරි කරලා නැති බව ඇගේ මුනෙන්ම පෙනුනි..." මොනාද නදී මේ හොද වෙලාවේ ඔයා ඕවා මතක් කරන්නේ '? ඇය ඇසුවා ය..." ඔව් ඔව් ..ඉතින් ෆෝන් එකේ එල්ලිලා ඉන්නකොට ඒවාට කොහෙන්ද වෙලාව නේද??? ඒ පුර්නිමා ය..." හරි හරි...දැන් තේ බිලා ඉවර නම් යමු ද ...." බුද්ධිකා කටහඩ අවදි කලා ය...තේ බිමෙන් පසු තම කෝප්පය සෝදා තැබීම අපේ පුරුද්ද විය...පන්ති කාමරයට ගීය විගස මනෝරි බුද්ධිකාගේ පොත බලාගෙන ලියාගෙන ලියාගෙන ගියා ය...සර් ආ විගස ක්ලාස් එකේ වුයේ දැඩි නිහඩ බවකි...අපි සියලු දෙන නැවත දේශනයට සුදානම් උනෙමු...වෙනදට මට ස්ටැට් මොනවත් තේරෙන්නේ නැත....එත් ඊයේ හවස ක්ලාස් ඉවර වෙලා අමාලි ගෙන් මම පාඩම් අහගත්තෙමි...ඇත්තටම ඇය මට ඒ ටික හොදට කියල දුන්නා ය.. ස්ටැට් දේශනය අවසන් වූ පසු...අපිට හවස මොනවත් තිබුනේ නැත...ක්ලාස් එකේ ඉදන් අපේ ගෙදරට බස් දෙකක යා යුතු ය..මම එයට ආසා නැත..එත් හවස 4.45 ට ගෙවල් ලගට කෙලින්ම යා හැකි බස් එකක් ඇත...මා බොහෝ විට එයින් ගෙදර යමි...එදා ද සුපුරුදු ලෙස මගේ යහළුවා සමග මා බස් නැවතුම් පලට ආවෙමි...අපි යන පාරේ කඩ සාප්පු පේලියට ඇත...ඒ අතර රට කජු කඩයක් ද ඇත...අපි දෙදෙනා බොහෝ විට ඒ කඩෙන් රට කජු 10 ක ගැනීම පුරුද්දක් විය...මගේ අනිත් යාලුවෝ 6 දෙනා යන්නේ වෙන පාරකය...මා සමග බස් නැවතුම් පලට යන්නේ හර්ෂි පමණකි ..වෙලාවට අර බස් එක තිබුණි. මම ගත්ත රට කජු කවරේ ද අතේ ගුලි කරන බස් එකට නැග්ගෙමි..බස් එකේ හිටියේ අපේ ගෙවල් පැත්තට යන ඇන්ටිලා දෙදෙනෙක් පමණකි..බස් එකට සෙනග පිරෙනකල් නතර කරන් ඉදි...වැඩි සෙනගක් නැති නිසා...මම බසයේ ජනෙල් කව්ළුවට ඔලුව තියාගෙන රට කජු කැවෙමි.. හවස වැඩ ඇරී ගෙවල් වලට යාමට සෙනග දුම්රිය පොළ වෙත ඉක්මනින් යයි..මම ද කෝච්චියේ යාමට ඉතා ආසා කලෙමි...එත්...අපේ ක්ලාස් එකට කෝච්චියෙන් යන එන ළමයින්ට එය කි විට ඔවුන් කියන්නේ.." අපෝ මතක් කරන්න එපා යනුවෙනි....සෙනග පමණට පිරි ඇති බැවින් බස් එක යාමට සුදානම් විය...ගෙදර ගේට්ටුව අරින සද්දය ඇසි අම්මා හිස ඔසවා බැලුවාය ..ඇය සිටියේ මිදුල අතුගා ඉතිරි වූ කොළ ටික එකතු කරමිනි...මා ගෙදර යන්නේ ඇයගේ උණුම උණු කිරි තේ එක බලාපොරොත්තුවෙනි...එය බොන කල් මගේ මහන්සිය නිවෙන්නේ නැත...
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනයි... පොඩ්ඩක් ජේද වෙන් කරල ලියන්න ආය ලියනකොට.නැතිනම් කියවනකොට එපා වෙනවා අපිට.ඇස් රිදෙනවා....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පටන් අරගෙන තියෙන විදිහ ලස්සනයි.
    දිගටම ලියන්න.
    ඡේද වෙන් කරලා ලිව්ව නම් කියවන්න ලේසියි.:):)
     

    REP+

    Member
    Apr 3, 2011
    16
    6
    0
    rep+ Please machanlaaaaa.....................................................................................................................................................................................................................................................................................................................................................................................................
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    එක එක දේවල් හිත හිත ඔලුව පිස්සු හැදිලා වගේ සාරි පොටත් උස්සගෙන අඩියට දෙකට බස් හෝල්ඩ් එකට ගිය මම කොලබ කොටුව බලා යන සුපුරුදු බස් රථය එනකල් බලා සිටියෙමි.. බස් එක ගිහිල්ල වගේ. වෙනද බස් එකේ යන කව්රුත් නැහැ. එපා වෙනවා. මටමයි වෙන්නේ. කොච්චර උදෙන් නැගිට්ටත් අන්තිම මොහොතේ පරක්කු වෙනවා. අම්මට පින් සිද්ද වෙන්න මගේ වැඩ වලින් බාගයක්ම කරන්නේ අම්මා. උදේට කෑම එක හදල , මට සාරියත් අන්දලා අමතක වෙන දේවල් මතක් කරලා.. ඒවා මතක් වෙද්දී මට තවත් පිස්සු හැදෙනවා. මම වෙලාව බැලුවෙමි. බලන් ඉන්න වෙලාවක් නැත. පාරෙන් අනිත් පැත්තට පැන ට්‍රෙන් ස්ටේෂන් එකට යන්න වෙනත් බස් එකක නැග්ගෙමි. වැඩට යන්න මට එපා වෙලා. එත් එක දැන් මට හුරු වෙලා.. හෙට සෙනසුරාදා කියල මතක් කරගෙන ටිකක් සතුටින් හිටිය.. හෙට වැඩ නැහැ නේ.. එත් ක්ලාස්. එක නම් ඉතින් කමක් නැහැ.. කෝච්චි ටිකට් එකත් අරගෙන මම සමුද්‍ර දෙවි එනකල් බලා සිටියෙමි.. මට කෝච්චියේ ගිහින් පුරුද්දක් නැත.. මේ දවස් කීපයට මම කෝච්චියේ යන හැටි ද ඉගෙන ගත්තෙමි.. දොර ලග සෙනග දැක්කම ඇත්තටම කෝච්චියට නගින්න හිතෙන්නේ නැත.. එත් බලන් ගියාම ඇත්තටම ලොකු සෙනගක් නැහැ.. 8 වෙද්දී කොටුවට ආ මම හවසට එන්නත් ටිකට් එකක් අරගෙනම ස්ටේෂන් එකෙන් එලියට ආවෙමි. වෙලා ඇති බැවින් මම හෙමින් හෙමින් ඔෆිස් එක ලගට ආවෙමි.. මට හෙමින් ගමනක් නැති බැවින් වෙලාව තියෙන ටිකේ හරි හෙමිට ගැණු ළමයෙක් වගේ යන්න ඕනේ නිසා හෙමින් හෙමින් ආවෙමි. නැත්නම් කොයි වෙලෙත් ට්‍රෙන් වලටයි බස් වලට මම දුවයි. පිස්සු හැදෙනවා. අපෝ..ඔන්න ඉතින් ඔෆිස් එකට අවා.. දවස නිකන් ගෙවුනේ සතියක් වගේ.. 5 වෙන්නේ කීයටද කියල බලා බලා හිටිය.. කොහොමහරි 5 උනා.. හවස ටිකට් එක උදේ ගත්ත නිසා ලේසි.. කොටුවේ 5 වෙනි වේදිකාවට එන ට්‍රෙන් එක එනකල් බලා හිටිය.. වතුර බෝතලේ ඉතුරු වතුර ටිකත් බිලා ඉවර වෙද්දීම ට්‍රෙන් එක අවා... නැග්ග එකේ.. ඊයේ මාව මේ ට්‍රෙන් එක දාල ගියා...කමක් නැහැ...අද මාව එක්කන් අවා නේ.. මම ඉස්සර ක්ලාස් ඉවර වෙලා ගෙදර යන බස් එකේ නැගල ට්‍රෙන් වලින් වැඩ ඇරිලා ගෙදර යන අය දිහා ඔහේ බලන් හිටිය.. අද මමත් ඒ සෙනග අතරේම ඒ බස් එක අල්ලන්න දුවගෙන එනවා...අනේ මන්ද...
     
    • Like
    Reactions: mic

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මම වෙන රස්සාවක් හොයා ගන්නට තීරණය කලා.. කරන දෙයක් සතුටින් කරන්න ඕනේ නිසා... මට බැ තවත් එහෙ යන්න..
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ලස්සනයි... පොඩ්ඩක් ජේද වෙන් කරල ලියන්න ආය ලියනකොට.නැතිනම් කියවනකොට එපා වෙනවා අපිට.ඇස් රිදෙනවා....


    එක නම් ඇත්ත. මන් එකම පේළිය දෙපාරක් කියෙව්ව
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    පරිගණකයේ 5 වෙනකල් ඉවසිල්ලක් නැතුව බලා ඉන්න අතරේ නැති වූ ෆයිල් එකක් හොයන්න සිදු විය. මේ වෙලාවට තමයි ඉතින් එපා වෙලා ඉන්න එක තවත් එපා වෙන්නේ..අද නම් වෙනද වෙලාවට ගෙදර යන්න වෙන එකක් නැහැ..කමක් නැහැ.. එසේ සිතමින් ෆයිල් එක සොයද්දී එක පාරටම එය හම්බ උනා.. ඇති යන්තම්.....
    බැග් එකත් අරගෙනම එහා මේසය වෙත ගිය මා එය තිබෙන බව පවසා දොරෙන් එලියට ආවෙමි.. විදුලි සෝපානයෙන් පහත මාලයට බැස සුපුරුදු ලෙස කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මා උදේ ගත්ත ටිකට් එකත් අතේ ඇතිව වේදිකාව වෙත පැමිණියේ දුම්රිය ගිහිල්ලද කියා සිතා ගත නොහැකිවය...කිසිදා ලං නොවන රේල් පාරේ ඈත මම බලා සිටියෙමි..රේල් පාර යනු සමාන්තර රේකා වලට නිදසුනකි.. එය කිසිදා ලං වන්නේ නැත.. 9 වසරේ ගණන් පාඩම මට මතක් විය... යකඩ සද්දය ඇසෙන්නට වුයේ ඒ අතරේ ය... වේදිකාවේ ටව ඉදිරියට ගිය මා දුම්රියට ගොඩ උනෙමි... " පොත් 6 ම සීයයි කතන්දර පොත් දුවට පුතාට අරන් යන්න.." මේ සියලු දේ ජීවිතය ගැට ගසා ගන්නයි..දුම්රිය කොල්ලුපිටියට ලගා වී ඇත..බහින හිරු රැස් මුහුදට පතිත වී මුළු මුහුදම දිලිසෙයි..ඒ හිරි රැස් ම යලි පරාවර්තනය වී මුළු වට පිටාවම තැබිලි ගැන වී ඇත.. පුළුල් දුම්රිය කව්ළු තුලින් ගලා එන ඒ දගකාර හිරු රැස් මුහුණට වැදී හීන් දාඩිය බින්දු තැනින් තැන මතු වෙයි.. මේ මුහුද දිහා බලාගෙන දුම්රිය නතර වෙන තැනටම යන්න මට ඇත්තේ පුදුම ආසාවකි.. මා එය මගේ යහළුවන්ටද පවසා ඇත.. ඔවුන් කිව්වේ " උබට පිස්සු" කියා පමණකි..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ජීවිතය කියන්නේ පුදුම දෙයක්..එළිවෙනකොට අපිට හිතන්න ප්‍රශ්නයක් හැදිලත් ඉවරයි..කොහෙන් ඒ ප්‍රශ්නේ ආවද කියල හිතා ගන්නවත් බැහැ.. ජීවිතය කියන්නේ එකට වෙන්න ඇති..එකත් හොදයි...