දිනපොතක අභිමන්
උදේ අටත් පසු වී ඇත . අද උදෙන්ම තියෙන්නේ ..ලෙක්චර් එක නේද...දෙවියනේ සර් ඇවිල්ලද දන්නේ නැ...කොච්චර උදෙන් නැගිට්ටත් හැමදාම ඇයි මම පරක්කු වෙන්නේ...මම හිතින්මට ම බැන්නෙමි ...පඩිපෙළ නගිද්දී මාගේ හොදම යාළුවා අනිත් යහළුවන් සමග උදේ කෑම අරගෙන යනු මම දුටුවෙමි . තාම සර් අවේ නැද්ද මම ඔවුන් ගෙන් ඇසුවෙමි ..."අනේ අනේ...දැනුයි එන්නේ...කොච්චර දුර ද ගෙදර ඉදන් ක්ලාස් එකට"?...ඔවුන් ගේ සුපුරුදු කියවිල්ල පටන් ගත්තේය...ඔවුන් හැමදාම මට උදෙන් එන්න කිව්වට මා එන්නේ ප්රමාද වී ය."හරි හරි මම හෙට නම් උදෙන් එනවා"...මා එසේ කියාගෙන පොත් ටික තියන්නට ක්ලාස් එකට ගියෙමි ..
උදේ දේශනය ඉවර වූ පසු යහළුවන් සමග කැන්ටිමට ගොස් තේ බිමට මම ආසා කලෙමි ...ඒ තේ බොන්නට තියෙන ආසාව නිසාම නොව...මෙහෙම ඉන්නට ඇත්තේ තව ටික කාලයක් බව දන්නා නිසා ය..මා සමග තව යහළුවෝ හත් දෙනෙක් සිටි..ඔවුන් සමග එක වූ කල මගේ වැඩේ සිනහ වීම පමණකි...කැන්ටිමේ අන්කල් ට තේ හදන්නට කියා අපි වාඩි උනෙමු..." එක්කෙනෙක් අද කේක් ගේනවා කිව්වනේ...ශා...කේක් නම් හරිම රහයි " ඒ කිවේ අමාලි ය...ඇය එසේ කිව්වේ පියුමිට බව හැමෝම දනී...ඊයේ ඇය අපිට කේක් ගෙනත් දෙන බවට පොරොන්දු විය...එත් ඇය ගෙනත් නැත...දැන් මොනවත් නොදන්නා ගානට ඇය තේ බොයි...." මේ...එක නෙමෙයි..හෝම් වර්ක් කලා ද? තේ බොන ගමන් මම ඔවුන් ගෙන් ඇසුවෙමි...අනිත් අය කර ඇතත් මනෝරි කරලා නැති බව ඇගේ මුනෙන්ම පෙනුනි..." මොනාද නදී මේ හොද වෙලාවේ ඔයා ඕවා මතක් කරන්නේ '? ඇය ඇසුවා ය..." ඔව් ඔව් ..ඉතින් ෆෝන් එකේ එල්ලිලා ඉන්නකොට ඒවාට කොහෙන්ද වෙලාව නේද??? ඒ පුර්නිමා ය..." හරි හරි...දැන් තේ බිලා ඉවර නම් යමු ද ...." බුද්ධිකා කටහඩ අවදි කලා ය...තේ බිමෙන් පසු තම කෝප්පය සෝදා තැබීම අපේ පුරුද්ද විය...පන්ති කාමරයට ගීය විගස මනෝරි බුද්ධිකාගේ පොත බලාගෙන ලියාගෙන ලියාගෙන ගියා ය...සර් ආ විගස ක්ලාස් එකේ වුයේ දැඩි නිහඩ බවකි...අපි සියලු දෙන නැවත දේශනයට සුදානම් උනෙමු...වෙනදට මට ස්ටැට් මොනවත් තේරෙන්නේ නැත....එත් ඊයේ හවස ක්ලාස් ඉවර වෙලා අමාලි ගෙන් මම පාඩම් අහගත්තෙමි...ඇත්තටම ඇය මට ඒ ටික හොදට කියල දුන්නා ය.. ස්ටැට් දේශනය අවසන් වූ පසු...අපිට හවස මොනවත් තිබුනේ නැත...ක්ලාස් එකේ ඉදන් අපේ ගෙදරට බස් දෙකක යා යුතු ය..මම එයට ආසා නැත..එත් හවස 4.45 ට ගෙවල් ලගට කෙලින්ම යා හැකි බස් එකක් ඇත...මා බොහෝ විට එයින් ගෙදර යමි...එදා ද සුපුරුදු ලෙස මගේ යහළුවා සමග මා බස් නැවතුම් පලට ආවෙමි...අපි යන පාරේ කඩ සාප්පු පේලියට ඇත...ඒ අතර රට කජු කඩයක් ද ඇත...අපි දෙදෙනා බොහෝ විට ඒ කඩෙන් රට කජු 10 ක ගැනීම පුරුද්දක් විය...මගේ අනිත් යාලුවෝ 6 දෙනා යන්නේ වෙන පාරකය...මා සමග බස් නැවතුම් පලට යන්නේ හර්ෂි පමණකි ..වෙලාවට අර බස් එක තිබුණි. මම ගත්ත රට කජු කවරේ ද අතේ ගුලි කරන බස් එකට නැග්ගෙමි..බස් එකේ හිටියේ අපේ ගෙවල් පැත්තට යන ඇන්ටිලා දෙදෙනෙක් පමණකි..බස් එකට සෙනග පිරෙනකල් නතර කරන් ඉදි...වැඩි සෙනගක් නැති නිසා...මම බසයේ ජනෙල් කව්ළුවට ඔලුව තියාගෙන රට කජු කැවෙමි.. හවස වැඩ ඇරී ගෙවල් වලට යාමට සෙනග දුම්රිය පොළ වෙත ඉක්මනින් යයි..මම ද කෝච්චියේ යාමට ඉතා ආසා කලෙමි...එත්...අපේ ක්ලාස් එකට කෝච්චියෙන් යන එන ළමයින්ට එය කි විට ඔවුන් කියන්නේ.." අපෝ මතක් කරන්න එපා යනුවෙනි....සෙනග පමණට පිරි ඇති බැවින් බස් එක යාමට සුදානම් විය...ගෙදර ගේට්ටුව අරින සද්දය ඇසි අම්මා හිස ඔසවා බැලුවාය ..ඇය සිටියේ මිදුල අතුගා ඉතිරි වූ කොළ ටික එකතු කරමිනි...මා ගෙදර යන්නේ ඇයගේ උණුම උණු කිරි තේ එක බලාපොරොත්තුවෙනි...එය බොන කල් මගේ මහන්සිය නිවෙන්නේ නැත...