දිනමිණ කතු වැකිය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දිනමිණ කතු වැකිය

    දීර්ඝ කාලයකට පසු ශ්‍රී ලංකාවේ ජනතාව අපේක්ෂා කළ දේශපාලන වෙනස සිදු වී තිබේ. එය ඒකාධිපතිවාදයට හා පවුල්වාදයට එරෙහි ව ජනතාව නැඟී සිටීමක් ලෙස ද හැඳින්විය හැකි ය. පොදු අපේක්ෂකයා ලෙසින් ජනතාවගේ ආකර්ෂණයට හා ගෞරවයට ලක්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ සියලු ම පළාත් නියෝජනය වන ලෙසින් රාජ්‍යයේ නායකත්වයට පත් ව සිටී. මේ තත්ත්වය රටේ බහුතර ජනතාව අපේක්ෂා කළහ. අවසන් ලෙස ජනතාවගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් මෛත්‍රී මහතා ජනාධිපති පදවියට තේරී පත් වී සිටී. පළමුව අපි එතුමාට සුබ පතමු. එය ජනතා ජයග්‍රහණයක් ලෙස ද සටහන් කර තබමු.

    මේ ජනාධිපතිවරණය ඉතා සාමකාමී ලෙස ද යුක්ති සහගත ලෙස ද පැවැත්වූ මැතිවරණයක් ලෙස දේශපාලන ඉතිහාසයට එක්වනු ඇත. සුළු සිද්ධීන් ගණනාවක් වාර්තා වී තිබුණ ද, මැතිවරණ දූෂණ හෝ දේශපාලන බලහත්කාරකම් හෝ දකින්නට ලැබුණේ නැත. එක අතෙකින් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් ගණනාවක් මැතිවරණ කටයුතු නිරීක්ෂණය කළේ ය. තව අතෙකින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා පොලිසිය සීරුවෙන් සිටිමින් තම රාජකාරිය ඉටු කළේ ය. මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්දය සඳහා බලපෑම් කරන කෙනකුට වෙඩි තැබීම පවා නෛතික වශයෙන් සාධාරණ බව ය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ බලවත් පරාජය එක අතෙකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, සන්ධානයේත් විස්මයට හේතුවක් වී තිබේ. ඒ අතර මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් නැකැත්කාරයන් රටේ ම ජනතාවගේ අවඥාවට හා හාස්‍යයට ලක්වන බවක් ද පෙනෙන්නට තිබේ. ඇතැම් ජ්‍යොතිෂවේදීන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ මඟින් හෙළිදරව් කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා නිත්‍ය ලෙස ම ජයග්‍රහණය කරන බව ය. තවත් සමහර දේශපාලන විචාරකයන්ගේ අදහස වූයේ රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ 18 කින් ජයග්‍රහණය කරන බව ය. ඒ සියලු බොරු ප්‍රචාර හා අතිශයෝක්ති පරාජය කරමින් ජනතාවගේ අභිමතය පෙරට පැමිණ තිබේ.

    මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ගම්‍ය කරන තවත් වැදගත් අදහස් ගණනාවක් තිබේ. පළමුවන්න මෙතෙක් රාජ්‍ය පාලනය තුළ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලනය තුළ යුක්තියට හා සාධාරණත්වයට තැනක් නො වූ බව ය. කොටින් ම යහපාලනයක් රටේ නො පැවැති බව ය. දෙවන්න ජාතිවාදය හා ආගම්වාදය තවදුරටත් දේශපාලනයේ දී තීරණාත්මක සාධකයක් නො වන බව ය. තෙවන්න රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා ජනතාවගේ ජීවන වියදම ගැන රාජ්‍ය පාලකයන් සලකා බැලිය යුතු බව ය. හතරවැන්න රාජ්‍ය පාලනයේ දී පවුල්වාදය ජනතාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ය. මේ සියල්ල දේශපාලන පාඩම් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.

    මේ මැතිවරණයේ දී හෙළිදරව් වන තවත් වැදගත් පාඩමක් වන්නේ ජනාධිපති ක්‍රමය හා විධායක බලතල අපේ දේශපාලනයට කැත ලකුණක් එකතු කරනු ඇති බව ය. 1978 ව්‍යවස්ථා සංශෝධනයෙන් නැතහොත් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් විධායක ජනාධිපති ක්‍රමය අපට උරුම විය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන තර්කයක් වූයේ විධායක බලැති ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලනයට අතිශයින් ම භයානක බව ය. එය ජනතාව හිස් මුදුනින් පිළිගත් බව ඡන්ද ප්‍රතිඵලයෙන් සනාථ වේ. විධායක ජනාධිපති ක්‍රමය රටට අයහපතක් මිස යහපතක් සිදුකර නැති බව ද ජනතාව පිළිගන්නා බව මේ ඡන්ද ප්‍රතිඵලය සාක්ෂාත් කර තිබේ.


    ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉතා තීරණාත්මක බලපෑමක් කර ඇති බව ඉතා පැහැදිලි ය. එක්සත් ජාතික පක්ෂය යනු රටේ දේශපාලන පක්ෂයක් ලෙස ගත් කළ වැඩි ම ඡන්ද පදනමක් ඇති දේශපාලන ව්‍යාපාරය යි. එම ව්‍යාපාරයේ පැවැති විවිධ ගැටුම් නිසා පක්ෂය දිගින් - දිගට ම පැරැදුණේ ය. එහෙත් මෙවර මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය රටේ පොදු යහපත උදෙසා ප්‍රගතිශීලී ව්‍යාපාර ඒකාබද්ධ කර ගනිමින් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව බලගතු සටනක් ක්‍රියාත්මක ‍කළේ ය. එය සෙමෙන් ආරම්භ වී වේගයෙන් ක්‍රියාත්මක වූයේ ය. ප්‍රතිඵලය ඉතා සාර්ථක විය.

    මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්ද සටනේ දී අත්හරින ලද ප්‍රධාන සාධකය මෙරට සුළු ජන කණ්ඩායම් ය. උතුරේ දෙමළ ජනතාව අතහැර සිංහල ජාතිවාදයෙන් පමණක් ජනාධිපතිවරණය ජයගත හැකි යැයි මහින්ද මහතා කල්පනා කළේ ය. දෙවනුව නැඟෙනහිර මුස්ලිම් ජනතාව අමතක කොට දකුණේ සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජය ගත හැකි යැයි මහින්ද මහතා කල්පනා කළේ ය. එහෙත් එය තනිකර මුලාවකි. සුළු ජන කොටස් නො සලකා හැර රටේ නායකත්වයට පත් විය නො හැකි බව මේ මැතිවරණයෙන් හොඳට ම පැහැදිලි වේ.

    මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි ද, එම සන්ධානය කෙරෙහි ද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙරෙහි ද ජනතාව බලවත් විශ්වාසයක් තබා ඇති බව ඊයේ සනාථ විය. දැන් සිදුවිය යුත්තේ එම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩ කටයුතු සිද්ධ වීම ය. ජනතාව අපේක්ෂා කළේ පැහැදිලි වෙනසකි. වෛරයෙන් තොර මෛත්‍රී සහගත පාලනයකි. ඒ මෛත්‍රී සහගත පාලනය වචනයෙන් නො ව; ක්‍රියාවෙන් ම සනාථ කිරීමට අපේ පාලකයන් වගබලා ගත යුතු ය. එසේ නො වුණහොත් මහින්ද රාජපක්ෂ මහතාට අත්වූ ඉරණම අලුත් පාලකයන්ට ද අත්විය හැකි ය.

    කුමක් වුව ජනතාව අපේක්ෂා කළ වෙනස ඒ අයුරින් ම සිදු වී තිබේ. එය ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස සැලැකිය යුතු ය. වෙනත් මැතිවරණයක දී දක්නට නො ලැබුණු උනන්දුවක් හා උද්‍යෝගයක් ජනතාව වෙතින් දැකගන්නට ලැබිණි. ඡන්ද මධ්‍යස්ථාන දිග පෝලිම්වලින් සමන්විත විය. මේ ජනතා ජයග්‍රහණය සඳහා කැප වූ සියලු දෙනාට ජාතියේ කෘතඥතාව පළවිය යුතු ය. මෛත්‍රී පාලනයට අපේ සුබ පැතුම්!


    :D:D
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Buha ha ha,dan ihin okkoma my3 ta kade yai gediya pitin :P
    balapanko dan ITN eka,nikan marila ipadila wage,
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :shocked:
    url