දින දින ඉහළ යන දික්‌කසාදය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දින දින ඉහළ යන දික්‌කසාදය

    දින දින ඉහළ යන දික්‌කසාදය

    කොළඹ විශ්වවිද්‍යාලයීය මාධ්‍ය අංශය මගින් විවාහය පිළිබඳව කරන ලද සමීක්‍ෂණ වාර්තාවක්‌ පසුගියදා එළිදැක්‌විණ. එයින් කියෑවුණේ ලංකාවේ සිදුවන විවාහ සියයකින් විසිපහක්‌ දික්‌කසාදයෙන් කෙළවර වන බවයි. මෙම තත්ත්වය බරපතළ තත්ත්වයකි. මෙයින් කියවෙන්නේ සමාජය බරපතළ ලෙස බිඳ වැටී ඇති බවයි. සමාජය ඒකරාශි කරන ප්‍රධාන සාධකය පවුලයි. පවුල් සංස්‌ථාවේ දෙදරා යැම සුළු කොට තැකිය නොහැක. දික්‌කසාදය ඉහළ යැම සමාජයට දැනෙන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුය. දික්‌කසාද අතර අවු. 20-35 අතර අය වීම තවත් බරපතළ තත්ත්වයකි. මොවුන් රටේ ශ්‍රම හමුදාවයි. ඔවුන්ගේ බිඳ වැටීම යෑපෙන්නන්ට බලපාන බැවින් කෙනෙකු තම පවුලට දරුවකු ලැබුණු පසු දික්‌කසාද වීමද ලැබෙන්නට පෙර දික්‌කසාද වීමද දක්‌නට ඇත. මේ දෙකම සමාජයට අයහපත් ලෙස බලපායි. කෙසේ වෙතත් දික්‌කසාදය සමාජ වටිනාකමක්‌, මානසිකත්වය ද බිඳ දමන බැවිනි. දික්‌කසාදයත් සමග මෙතෙක්‌ ජීවිත කාලයක්‌ ගොඩනගා ගෙන ආ පැතුම් ගලක හැපුණු වීදුරු බඳුනක්‌ සේ විනාශ වනු ඇත. දේපළ වත්කම් පොදුවේ ගොඩනැගූ දේ විනාශයට යනු ඇත. මෙය රටක ජාතික ආර්ථිකයට හානිකරය. මූලික අවශ්‍යතා ඉටු කර ගන්නා අලුත් ජීවිතයක්‌ ගොඩනැඟêමට වසර ගණනක්‌ ගතවනු ඇත. දික්‌කසාද වූ ඉතාම සුළු පිරිසක්‌ නැවත ගොඩනැගෙනු ඇත. එහෙත් අඳුරු පසුබිම දෙවන විවාහය ගත කරන ජීවිත කාලය තුළම පවුල් ගැටලුවලට ඇද දමනු දක්‌නට ඇත. මෙය සමාජයට වෛරය ක්‍රෝධය, ඊර්ෂ්‍යාව දායාද කරන තත්ත්වයකි.

    අද වර්තමානය වන විට මව පියා දෙදෙනාගේ උණුසුම තුළ ඇති දැඩි වන දරුවකු පවා කීකරු විනයගරුක දරුවකු ලෙස සමාජයට දායාද කිරීම බරපතළ ගැටලුවක්‌ බවට පත් වී ඇත. එවැනි පසුබිමක මව හෝ පියා අහිමි වූ දරුවකු සමාජය තුළ විනය ගරුකව බිහිකිරීම බරපතළ ගැටලුවකි. දික්‌කසාදය තුළ දරුවාට මවගේ හෝ පියාගේ ආදරය අහිමි වේ. සමහරුන්ට දෙදෙනාගේම ආදරය අහිමි වේ. අනාථ දරුවන් රටට දායාද වේ. මෙවැනි දරුවන් විවිධ සමාජ අපචාරවලට ද යොමු වේ. ගැටලු නිසා ජීවිතයෙන් සමුගන්නා පිරිස ඉහළ යනු ඇත.

    දික්‌කසාදය කරා යැමට හේතුවන සාධක ගැන අවධානය යොමු කළ විට අතීතයට යා යුතුය. ඥාති මිත්‍රාදීන්ගේ අනුමැතිය ඇතිව සිදු කළ විවාහය දික්‌කසාදයට ගියේ ඉතාම අඩු ප්‍රමාණයකි. ඔවුන්ගේ ගැටලු බත ඉදෙනකන් විතරයි. ඒ කියන්නේ ගැටලුවක්‌ ආවත් ආහාර ගැනීම කවුරුත් එකට කරන නිසා එයින් පසු අමතක කර කටයුතු කර ගෙන යැම සිරිතයි. මෙයට වැඩිහිටි අනුබලය ද ලැබිණි. එදා ආගමික ස්‌ථානය ද පවුල් ගැටලුවලදී අවවාද අනුශාසනා ලබා දී ඇත. එයට අවනත වීමට පුරවැසියා යම් නම්‍යශීලී බවක්‌ දක්‌වන ලදී. අද වර්තමානය වන විට ගමෙන් පන්සලෙන් ඈත් වීම ගැටලු ප්‍රබල වීමට හේතුවයි.

    දික්‌කසාදය සඳහා අවු. 20-35 අතර පිරිස පෙළඹෙති. මේ අතර බොහෝ විවාහ ප්‍රේම සම්බන්ධතා මත ගොඩනගන ඒවාය. බොහෝ විට පාසල් අවධියේ ආරම්භ වීමට ඉඩ ඇත. මෙම අවධියේදී ප්‍රේම සබඳතා ඉතාමත් බොළඳ ස්‌වරූපයක්‌ ගනී. තම පෙම්වතා හෝ පෙම්වතිය තෝරා ගත්තත් ඔහුගේ හෝ ඇයගේ විලාසිතාවට වීමට පුළුවන. ඔහු සතු භෞතික සම්පත්වලට වීමට පුළුවන. රූපසෝබාවට වීමට පුළුවන. ඉගෙනීමට ඇති දක්‍ෂතාවට වීමට පුළුවන. ඔහු නියෝජනය කරන සමාජ තත්ත්වයට වීමට පුළුවන. සමහර විටක ගෙදර ගත කරන හුදකලා දිවියෙන් මිදීම සඳහා ද තවත් කෙනෙකු තම පෞද්ගලික ප්‍රශ්න සාකච්ඡා කිරීමට සාමාජිකයකු ලෙස ද තවත් සමහරෙකු මාධ්‍ය ක්‍ෂේත්‍රය හරහා ලබාගත් ලිංගික දැනුම අත්හදා බැලීම සඳහා ද අනාථභාවයන්ට පත්වූවන් එයින් ගැළවීම සඳහා ද ආර්ථික ගැටලුවලට විසඳුමක්‌ ලෙස ද අධ්‍යාපන කටයුතු කර ගෙන යැමට ශක්‌තියක්‌ ලබා ගැනීමට ආදී සාධක කිහිපයක්‌ බලපානු ඇත. අවුරුදු 25 ට අඩු අය ඉහත සාධක මත සහකරුවකු තෝරාගනු ඇත. ඔවුන් හඳහන් ගැළපීමක්‌ වුණත් නූතන් විවාහය සිදු කරගෙන ඇත. මෙම විවාහය ආරම්භ වන්නේ පාසල් අවධියේ නිසා සබඳතාවට දිගු කලක්‌ ගතවීම හේතුකොට නොදැනුවත්වම විවාහයකට ඇද දමයි. විවාහය දක්‌වා මෙම සබඳතාව පවතින්නට ඉහත ඉදිරිපත් කළ කරුණු එකක්‌ හෝ කිහිපයක්‌ තිබෙන්නට පුළුවන. නීත්‍යනුකූල විවාහයක්‌ සමග මූලික සබඳතා ගොඩනැඟීමට ඉවහල් වූ සාධක ඉවත් වී අලුත් සාධක කරළියට එයි.

    දෙදෙනාගේ දේපළ, රැකියා ප්‍රශ්න, දරුවන් බිහිsකිරීම හා හදාවඩා ගැනීම ආදියයි. දෙමාපිය ඥාති පරිසරයේ බලපෑම් ද බලපායි. එහෙත් අද වැඩි පවුල් ප්‍රමාණයක්‌ න්‍යෂ්ටිය පවුල් නිසා ඥාති සබඳතාවල බලපෑම් විවාහය දෙකඩ වීමට බලපානවාට වඩා දෙදෙනා අතර ගැටලු ප්‍රබල වීමට පුළුවන. දික්‌කසාදය අතින් කොළඹ නගරය 57% වීම තුළ මේ බව වඩාත් පැහැදිලි වේ.

    ප්‍රේම සබඳතා යුගයේ තිබූ බොළඳ සංකල්ප ඉවත්වී විවාහයෙන් පසු සමාජ තරාතිරමත් සමග කටයුතු කිරීමේ දී අදහස්‌ නොගැළපීමයි. දෙදෙනාට දෙදෙනා නම්‍යශීලි නොවීම ප්‍රබල ගැටලුවකි. සුළු හෝ ගැටලුවක දී පවා නීතියේ ආධාර පැතීම ස්‌වභාවයයි. විවාහයේ වටිනාකම ඔවුන්ට අවබෝධ නැත. ඇඳුම් මාරු කරන සේ සුළු දෙයක්‌ යෑයි සිතන සමහරුන් විනෝදාංශයටත් කරති. සමහරු දික්‌කසාදයට හේතු ලෙස දක්‌වා ඇත්තේ අතෘප්තිකර ලිංගික ආසාවයි. ලිංගික කටයුතු යනු දෙදෙනා අතර සහයෝගයයි. ලිංගික කටයුතු වලදී අදහස්‌ සමග ගතත් සිතත් දෙකම එක්‌විය යුතුය. එසේ නොවුණ විට ඇති වන මානසික අසහනය සැහැල්ලු කර ගැනීමට අනියම් සබඳතා පවත්වයි. එසේ පවත්වන අයට තම කුටුම්භය තුළ මූලික අවශ්‍යතාවක්‌ වන ප්‍රජනනය අමතක වෙයි. දෙදෙනාම තරගෙට සබඳතා පවත්වන්නේ මහත් ආස්‌වාදයෙනි.

    බෞද්ධ ජනතාවට නම් මෙය පාපකාරී ක්‍රියාවකි. ඊළඟ භවේදී මනුෂ්‍ය ආත්මයක්‌ පවා නොලැබීමට ඉඩ තිබේ. දෙදෙනා නිවස තුළ එකතු නොවීම තුළ දරුවන්ට නිසි ආදරය රැකවරණය නොලැබී යයි. සාමූහික අපේක්‍ෂා නැත. බිරිඳගේ අතින් තේ එකක්‌ බීමට සැමියාට අපේක්‍ෂාවක්‌ නැත. සැමියා සමග එකට හිඳ බත් කටක්‌ කෑමට බිරිඳට අපේක්‍ෂාවක්‌ නැත. තම පෞද්ගලික රහස්‌ කතා කරන්නේ අනියම් සැමියා හෝ බිරිඳ සමගය තම ජීවිතයේ රජු එම සබඳතාවයි. මෙය තුළ පවුල් සංස්‌ථාව බිඳ වැටේ. දික්‌කසාදයට රුකුල් දෙයි. මෙවැනි පිරිස්‌ සමාජයම ද වෛර කරයි. සමාජයෙන් පළිගනී. ආගමික සම්බන්ධ පවුල් ඒකකය සුරක්‍ෂිත කිරීම සඳහා ධර්මයෙන් අවවාදකමෙන් ඉදිරියට පැමිණිය යුතුය. එසේ නැති වුණොත් ආගමික සංස්‌ථාව සමගම මුළු මහත් සමාජයම ගිලා බසිනු ඇත. වයස අවුරුදු 20 ට අඩු උදවිය. සහකරුවකුගේ සහකාරියක තෝරා ගැනීම අවම කිරීම තුළ ආර්ථික සහයෝගිව ලිංගික සබඳතා දරුවන් බිහිකිරීම පෝෂණය කිරීම යන කරුණු පදනම් කර ගෙන සබඳතා ගොඩනැගූ විට අදහස්‌ ගැළපීම වැඩි ප්‍රතිශතයක්‌ ගනු ඇත. එවිට දික්‌කසාදයට යැමේ ඉඩකඩ අවම වනු ඇත. පාසල් වයසේ දරු දැරියන්ට ප්‍රේම සබඳතාවලින් ශක්‌තිමත් ජීවිතයක්‌ ගොඩ නොනැගෙන බව අවබෝධ කර දීමට වැඩිහිටි සමාජය පෙරට ආ යුතුය. බොහෝ විට සමාජය මෙතරම් විනාශයට හේතුව තමන් මුහුණ පෑ කටුක දෙය තවත් කෙනෙකුට දායාද කිරීම ලාංකික සමාජයේ සිරිතක්‌ බවට පත්ව ඇත. මෙවැනි ආකල්ප මොනම ආගමක වත් දෙන්නේ නැත. ඒ වෛරය සමාජයට මුදා හරින ආකාරයයි.

    විවාහක යුවල නිතර දෛනිකව අදහස්‌ හුවමාරුකර ගැනීම වර්ධනය කර ගැනීම දික්‌කසාද අවම කර ගැනීමට හේතුවනු ඇත. පළමු විවාහයකට වඩා දෙවන විවාහයක්‌ සිදුවනු අවස්‌ථාවලදී ඇතැම් විට වැඩි ජනප්‍රියතාවක්‌ ලබා දී ජීවිතය බිඳ වැටුණු තත්ත්වය සඟවා විවාහයට ජනප්‍රියත්වයක්‌ ලබාදීම මාධ්‍යවල සමාජ වගකීම පැහැර හැර ඇති අයුරු දක්‌නට ඇත. මෙම ප්‍රතිශතය දින දින වර්ධනය වුවහොත් ඇඳුම් ඇඳ තිබුණ ද සමාජය නිර්වසත්‍රවනු ඇත. එය වැඩි ඈතක නැති බව පෙනේ. දික්‌කසාදයේ අනිටු ප්‍රතිවිපාක සමාජයට හෙළි කිරීම මාධ්‍යයේ වගකීමයි. එවිට දික්‌කසාදයට පෙළඹවීම් අවම වනු ඇත. අවුරුදු 20 ට අඩු වයසේ විවාහ ගිවිස ගැනීම්වලින් වැළකී සිටීම දික්‌කසාදය අවම වීමට බලපායි. බොහෝ විට හැඟêම් මත තීරණ ගැනීම 20 ට අඩු අය අතර ඉහළ අගයක්‌ ගැනීමයි. 20 ට වැඩි අය පැසුණු බුද්ධියක්‌ සමග සාමාජීය සාධක සලකා බැලීමේ ප්‍රවනතාව ඉහළ මට්‌ටමක පවතී. බීමත්කම දික්‌කසාදයට බලපාන සාධකයකි. විවාහයට පෙර මනා සුපරික්‍ෂාවකින් පසු විවාහ විය යුතුය. මත්පැන් භාවිතය අවම වන නීතිරීති ජාති ආගම් භේදයකින් තොරව සමාජයට ගෙන ඒමට ඒවා ඉහළ යන ප්‍රතිශතය අවම වීමට බලපානු ඇත. දික්‌කසාදයෙන් තොර යහපත් සමාජයක්‌ ගොඩ නගමු.

    ගාල්ලේ වසන්ත ගමගේ​
     
    • Like
    Reactions: namal_akash

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    bullshit post. divorce wadiwena eka samajaya kadawatime lakshanayak wenne kohomada? nogalapena aya bandala innawanam egollo samadanayen wenwena eka samaja piriheeme lakshanayak wenne kohomada? samanyen lankawe proposal walin godak marriages wenawane. ethakota bandinne kauda kiyala danaganne bandata passe. ithin divorce wena eka samajaye wadi wena eka honda deyak. naththam issara kale wage bandagahththa bere gahagannawa kiyala mulu jeewithayama dukwindinna wenne.

    divorce eken lamayekta wishala balapaemak wenawa. eka kohomatawath na kiyanna bae. hondama wade lamayek hadanakota plan ekak athuwa hadanna. marry karala awuruddakwah inna puluwan nam godak hodai babek hadane nathuwa. ethakota dennatama therenawa marriage eka kadei da thiyeti da kiyala. e anuwa theeranayak ganna puluwan. divorce wena ona couple ekakata lamayek innawanam karanna thiyana hondama wade lamayawa ekkekekge gedara nawaththagena dennama puluwan tharam hoyala balana eka.

    me lipiya liyapu kena sameekshane kese wethath thamange hana miti adahas godak dala thamai lipiya purwala thiyenne. maha lokuwata kagahuwata wadak na. me amana nodiyunu sanskruthiyen aliyata enakam apita idiriyak na.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    adu wayasin wiwaha wima naraka deyak newei; honda awabodayak athuwa karanawanam. kohomath mehe inna sanskruthika karayonge wade anunge pawul walata upades dena ekamane.
     
    • Like
    Reactions: mldarshana

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    bullshit post. divorce wadiwena eka samajaya kadawatime lakshanayak wenne kohomada? nogalapena aya bandala innawanam egollo samadanayen wenwena eka samaja piriheeme lakshanayak wenne kohomada? samanyen lankawe proposal walin godak marriages wenawane. ethakota bandinne kauda kiyala danaganne bandata passe. ithin divorce wena eka samajaye wadi wena eka honda deyak. naththam issara kale wage bandagahththa bere gahagannawa kiyala mulu jeewithayama dukwindinna wenne.

    divorce eken lamayekta wishala balapaemak wenawa. eka kohomatawath na kiyanna bae. hondama wade lamayek hadanakota plan ekak athuwa hadanna. marry karala awuruddakwah inna puluwan nam godak hodai babek hadane nathuwa. ethakota dennatama therenawa marriage eka kadei da thiyeti da kiyala. e anuwa theeranayak ganna puluwan. divorce wena ona couple ekakata lamayek innawanam karanna thiyana hondama wade lamayawa ekkekekge gedara nawaththagena dennama puluwan tharam hoyala balana eka.

    me lipiya liyapu kena sameekshane kese wethath thamange hana miti adahas godak dala thamai lipiya purwala thiyenne. maha lokuwata kagahuwata wadak na. me amana nodiyunu sanskruthiyen aliyata enakam apita idiriyak na.

    adu wayasin wiwaha wima naraka deyak newei; honda awabodayak athuwa karanawanam. kohomath mehe inna sanskruthika karayonge wade anunge pawul walata upades dena ekamane.

    thanks
     

    Similar threads