දිඹුලාගල_අහසේ නාඳුනන ආකාශ වස්තුවක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දිඹුලාගල_අහසේ නාඳුනන ආකාශ වස්තුවක්

    දිඹුලාගල අහසේ නාඳුනන ආකාශ වස්තුවක්



    UFO.jpg




    වෙසක් පුන් පොහෝ දින පස්වරු 7 ට පමණ පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල ප්‍රදේශයේ ඉහළ අහසේ නොහඳුනන ආකාශ වස්තුවක් (UFO) දැකගැනීමට හැකි විය.

    විශාල ප්‍රමාණයේ තාරකාවක් ලෙස දර්ශනය වූ මේ ආකාශ වස්තුව නිල් රතු හා රෝස වර්ණයෙන් යුක්ත වූ අතර, එය ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත විය.

    නැගෙනහිර දෙසින් දිස්වූ මේ යානය උතුරු දෙසට ගමන් කොට අතුරුදන් විය.

    මේ නොහඳුනන ආකාශ වස්තුව බොහෝ දුරට, වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි යානාවක් විය හැකි යැයි මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වනු ලබන slyfora ආයතනයේ සාමාජික සාලිය ද සිල්වා මහතා “දිනමිණ” පැවසීය.

    මීට වසර 30000කට පෙර මායාවරුන් විසින් ලියන ලද දින දර්ශනයේ සඳහන් වන පරිදි 2012 වසර තුළදී UFO මගින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉඩ ඇතැයි ඔවුන් විසින් ලියන ලද පොතපතේ සඳහන් වී ඇතැයි සාලිය සිල්වා මහතා කීය.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    kawuda pon*ayek tags dala.sure ekatama ara fake id hadan awith ban wena strawberry in sri lanka wenna athi.