දියඇලි පාරාදීසය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දියඇලි පාරාදීසය

    කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84ක්. එහෙම නැත්නම් කොළඹ ඉඳන් කෑගල්ලට ඇවිත් (කි. මි. 78) එතැනින් බුලත්කොහුපිටියට යන්නත් (කි. මී. 25) පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටියට ප්‍රා. ලේ. කොට්ටාසය ඉතා සුන්දර කඳුකර අත්දැකීම් විඳගත හැකි පෙදෙසක්. මෙය එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල හා පැලැම්පිටිය ගම්වලින් තමයි එය මහනුවරට මායිම් වන්නේ. ප්‍රදේශයේ උසම ස්ථානය වන උඩපැලැම්පිටිය මුහුද මට්ටමින් අඩි 4000ක් උස යි. එය නිතර මිහිදුමින් බර සිසිල් පෙදෙසක්. බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් වැටී තිබෙනවා. නමුන් මේ පාරේ මෝටර් රථ වැනි වාහනයකට යා හැක්කේ උඩපැලැම්පිටිය දක්වා පමණ යි. මෙය සුන්දරම දර්ශන සහිත පාරවල්වලින් එකක්. බුලත්කොහුපිටිය සිට දේදුගලට යනකන් කි. මී. 20ක් දුරට තිබෙන මාර්ගය පටු වුවත් කාපට් අතුරා සකස් කර තිබෙනවා. දේදුගල සිට පැලැම්පිටියට තවත් කි. මී. 7ක් කඳු නැගිය යුතු යි. මේ සෑම මාර්ගයක්ම වැලමිටි වංගුවලින් පිරිලා. ඒ අතරතුර දිය ඇලි ගණනාවකුත් දකින්න පුළුවන්. කොළඹ සිට පැමිණ එක් දිනක් තුළ මේ අවට පිහිටි දියඇලි සියල්ලම දැකගැනීමට හැකිවීමත් සංචාරකයන්ට විශේෂ වාසියක්.
    රිටිගහ ඔය

    m2Vdpi8PXy1CmF8I_1.jpg

    රිටිගහ ඔයේ නාන තටාකයක්- කුසුම්සිරි විජයවර්ධනකැළණි නදියේ ශාඛාවක් වන රිටිගහ ඔය උපත ලබන්නේ අඩි 4000කට වඩා උස දොලොස්බාගේ කඳුවලින්. මේ ජල දහරාව බුලත්කොහුපිටිය හරහා වරාවල දක්වා ගලාගොස් කැලණි නදියට එක්වෙනවා. දේදුගල සිට පහළට අලංකාර දසුන් මවමින් ගල් පර්වත බහුල සීඝ්‍ර නිම්නයක ගලා බසින මේ ඔය කුඩා ජල මාර්ගවලින් ද පෝෂණය වෙනවා. ඒ අතර අලංකාර දියඇලි රාශියක් ද නිර්මාණය කරමින් සොබාදහම අලංකාර කරනවා. අද නම් මේ දියඇලිවලට අත්වී ඇත්තේ කණගාටුදායක ඉරණමක්. ඒ කුඩා ජල විදුලි බලාගාර රාශියකට දියඇලිවල ජලය ලබාගන්නා නිස යි. මේ නිසා දියඇලිවල සම්පූර්ණ අලංකාරය නරඹන්න නම් වර්ෂා කාලයකම යන්න වෙනවා. ස්නානය කිරීමට සුදුසු නාන තටාක රාශියක්ද රිටිගහ ඔයෙන් නිර්මාණය වී තිබෙනවා.
    සුරඹා ඇල්ල

    P9aTVvS1BXDvFaDW_2.jpg

    ඇල්ලේ සුන්දරත්වය- sln nature. blogspot.comබුලත්කොහුපිටිය නගරයට නුදුරින් රුවන්වැල්ල පාරේ ගොස් හැරී ගමන් කළවිට සුරඹා ඇල්ල හමු වෙනවා. කැළණි ගඟේ අතු ශාඛාවක් වන රිටිගහ ඔයට මේ දියඇල්ලෙන් ගලන දිය දහර එක්වන්නේ වාගොල්ල හන්දියට මඳක් ඔබ්බෙන් තැනක දී යි. කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයෙන් බුලත්කොහුපිටිය නගරයට පැමිණ හෝ අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය (මාර්ග අංක 677) මාර්ගයෙන් වාගොල්ල හන්දියට පැමිණ මේ සොඳුරු දියදහර ඔබට නැරඹිය හැකියි.
    ඇල්ලට යාමට ප්‍රධාන මාර්ගයේ වාහන නවතා වැල් පාලමකින් එගොඩ වී ගැමි නිවෙස්‌ අසලින් වැටි අඩි පාර ඔස්සේ පියමං කළ යුතු යි. තවත් අතුරු මාර්ගයකින් කි.මි.4ක්‌ පමණ ගිය පසු ඇල්ල මුදුනටත්, එතැනින් ගල් පඩිපෙළ දිගේ නැවතත් වැල් පාලම අසලටත් ළඟා විය හැකියි. මේ පාරවල් ගැන ගැමියන්ගෙන් අසා දැන ගැනීමට පුළුවන්.
    ප්‍රදේශයේ දෛනික ජල අවශ්‍යතා සේම ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදෙන සුරඹා ඇල්ල මීටර 35 ක්‌ පමණ උස යි.
    වෙළෙඳ ඇල්ල

    ZeOL7VGy3V0sIIvs_3.jpg

    වෙළෙඳ ඇල්ල ජලය අඩු සමයක-lakdasun.orgබුලත්කොහුපිටිය දේදුගල පාරේ යන විට මුලින්ම නැරඹිය හැක්කේ මේ දියඇල්ල යි. ඒ මාර්ගයේ කි. මී. 3.5ක් යනවිට තුන්බාගේ විහාරය හමුවෙනවා. රිටිගහ ඔය හරහා ඉදිකරපු පාලමකුත් එතැන තියනවා. ඒ පාලමෙන් එගොඩවෙලා තේ වතු හරහා දිවෙන අඩි පාරක කඳු නගිමින් කි. මී. 2කට ආසන්න දුරක ගමන් කළ විටයි වෙළෙඳ ඇල්ල හමුවන්නේ. දියඇල්ල උසින් මීටර 37ක්. දියඇල්ල නාරංගල කඳුවැටියේ ජල ධාරාවලින් තමයි නිර්මාණය වී තිබෙන්නේ. ගල්පර්වතය අවට ලිස්සන සුලු නිසා එය මතට නැගීම නම් අනතුරුදායක යි. මෙහි ජලය පසුව එක් වන්නේ රිටිගහ ඔයට යි.
    රිකිල්ල ඇල්ල

    hrPXsZDFL7QLZvGR_4.jpg

    රිකිල්ල ඇල්ල- amazinglanka.com - Ashan Geganageරිටිගහ ඔයට එකතු වන රිකිල්ල ඇල්ල උසින් මීටර් 45ක් පමණ වෙනවා. බුලත්කොහුපිටිය ඉඳන් දේදුගල මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ඉදිරියට යනවිට උඩපොත ගම්මානයේ දී මේ සුන්දර දියඇල්ල අපට දිස්වෙනවා. එය කඳුවැටියක මුහුණත ලෙස පිහිටි පර්වතයක් ඔස්සේ කඩා හැලෙන අන්දම මහා මාර්ගයේ සිටම නැරඹිය හැකිය. රිකිල්ල යන නම ලැබී ඇත්තේ අතු රිකිල්ලක් මෙන් සිහින්ව ගලා හැලෙන නිසයි. මෙහි විශාල ජල ප්‍රවාහයක් දැකගත නොහැකියි.
    නළඟන ඇල්ල

    HnWmDsD388fJwhlw_5.jpg

    නළඟන ඇල්ලේ චමත්කාරය- sldev fbbook pageරිකිල්ල ඇල්ලත් බලාගෙන කඳු බෑවුම් හරහා වංගු පසුකරමින් රිටිගහ ඔය නිම්නය දිගේ ඉදිරියට කි. මී 9ක් යන විට නෙලුවක්ක ගම්මානය හමුවෙනවා. අවට පැතිර තිබෙන කළුපහන රබර් වතුයාය ඔස්සේ නළඟන ඇල්ලට ගමන් කළ යුතු යි. ප්‍රදේශයේ දී නැරඹිය හැකි විශාලම මෙන්ම අලංකාරම දියඇල්ල වන්නේ ද මෙය යි. වැඩිම නරඹන්නනන් පිරිසක් පැමිණෙන ස්ථානයක් වශයෙන් ද මෙය සැලකිය හැකියි. මහා මාර්ගයේ සිට පහළට අඩි පාරක රබර් වතු හරහා කි. මී බාගයක් ගමන් කර ඇල්ල අසලට පැමිණීය හැකියි. ඇල්ලේ ජලයෙන් ක්‍රියාත්මක කුඩා ජල විදුලි බලාගාරයක් ද අපට දැකගත හැකි වෙනවා. එයට ජලය ලබාගෙන ඇති නිසා ඇල්ලේ ජලය අඩු වෙලා. රබර් වතු යායේ යන්ත්‍රවලට ඉංග්‍රීසි පාලන සමයේ විදුලිය ගත් අත්හැර දමා ඇති පැරණි ජල විදුලි බලාගාරයක් ද ඇල්ල අසලම තිබෙනවා.
    kwU6xoqP2oUo2TmC_6.jpg

    ඇල්ල අවට ජලය අඩු සමයක- කුසුම්සිරි විජයවර්ධනකොටස් කිහිපයක් වශයෙන් කඩා හැලෙන රිටිහග ඔයෙන් නිර්මාණය වූ දියඇල්ල උසින් මීටර් 40ක් පමණ වෙනවා. එහි පළල මීටර් හතරක්. මේ අවට ඔයේ අලංකාර ජල තටාක රාශියක් පිහිටා තිබෙනවා.
    7 දියඇල්ලේ තවත් දසුනක්- ආ ගිය තැන් fbpage
    විවේක ගැනීමට මෙන්ම සොබා සුන්දරත්වය විඳීමටත් විශාල පිරිසක් නළඟන ඇල්ලට එනවා. ඔවුන් නොසැලකිලිමත්කමින් ස්නානය කිරීමට යාම නිසා ජීවිත කිහිපයක්ම මේ වනවිට අහිමි වී තිබෙන බව සටහන් කළ දැන්වීමක් ද පර්වතයක සවිකර තිබෙනවා
    රුක්මල් ඇල්ල

    ym7ZDpM5RzwVZ3sE_8.jpg

    රුක්මල් ඇල්ල කඩා හැලෙමින්- yaka infinite fbනළඟන ඇල්ලෙන් සමුගෙන මාර්ගයේ තවත් ඉහළට කි. මී. 2ක් යන විට එක්‌තරා වංගුවක දී ඔබට රුක්‌මල් ඇල්ල දැක ගත හැකිය. මීටර 10ක්‌ පමණ උසැති මෙම ඇල්ල ඉතා පුළුල් ගල් තලාවකින් කඩා වැටෙන ජල ප්‍රවාහයක්. එය නිර්මාණය වන්නේ ගඟවැරලිය වත්ත හරහා ගලා එන දෝතළු කන්දෙන් ආරම්භ වන ජල ධාරාවකින්. පසුව මාර්ගය යටින් ගලායන එහි ජලය රිටිගල ඔය පෝෂණය කරනවා. ජලය වැඩි දිනවලදී තනි සුදු රෙද්දක්‌ ලෙස මෙය දැකිය හැකියි. එකල මහා මාර්ගයට පවා මෙහි ජල කෙඳි විසිරෙනවා.
    උඩපැලැම්පිටිය පුංචි නුවරඑළිය

    HJyHaVwtDs1SGnM1_9.jpg

    උඩපැලැම්පිටිය බලා යන මඟ- කුසුම්සිරි විජයවර්ධන‘පුංචි නුවරඑළිය’ නමින් හඳුන්වන සුවදායක කඳුකර පරිසරයක් කෑගල්ල දිස්ත්‍රික්කයේත් තියන බව ඔබ දන්නවා ද? දේදුගල පසුකර උඩපැලම්පිටියට ගියවිට ඒ පරිසරය අත්විඳීමට ලැබෙනවා. දේදුගල පාරේ බුලත්තොහුපිටියේ සිට කි.මී. 20ක දුරින් තමයි මේ ගම්මානය පිහිටා ඇත්තේ. මහනුවර දිස්ත්‍රික් මායිමේ දොළොස්බාගේ කඳවලට අතිශයින් සමීප ගමක්. නුවරඑළිය දිස්ත්‍රික්කයටත් තරමක් ළඟ යි.
    දේදුගල ඉඳන් උඩපැලම්පිටියට කිලෝමීටර් හතක් විතර තියනවා. ඒ කිලෝ මීටර් හත ඇතුළත භූ විෂමතාව මුහුදු මට්ටමින් අඩි දෙදහස් හත්සියක් දක්වා ඉහළ යන නිසා ඒ ඒක ශීඝ්‍ර බෑවුමක් සහිත වට වංගු පිරුණු පාරක්.
    k8E4odZHqsWE3fbn_10.jpg

    පැලැම්පිටිය කපොල්ල - කුසුම්සිරි විජයවර්ධන පරිසරවේදීන් උඩපැලම්පිටියට පුංචි නුවරඑළිය කියන්න හේතු ගණනාවක් තියනවා. ඉන් එකක් තමයි හොඳට අව්ව පායලා තියන දවස්වල වුණත් ප්‍රදේශය එක්වරම වැහි අඳුරකින් සහ තද මිහිදුමකින් වැසී යාම. ඉහළ උසකින් යුක්ත නිසාත් දොළොස් බාගේ කඳු දෙසින් වරින්වර හමා එන සිසිලැල් සුළං නිසාත් පරිසරය සීතල ස්වභාවයෙන් යුක්ත යි. අවට තේවතු සහ ගෙවතුවලින් යුක්තයි. රිටිගහ ඔය පරිසර ආරක්ෂණ ප්‍රදේශය වශයෙනුත් මේ පැත්ත නම්කර තිබෙනවා.
    උඩපැලම්පිටියේ ඉඳලා මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාගේ නගරයට තියෙන්නේ කිලෝමීටර් පහක් විතරයි. නමුත් කඳු වැටි සහ ප්‍රපාතාකාර බෑවුම් අතරින් වැටිලා තියන මේ මාර්ගය තවමත් සම්පූර්ණයෙන් තනා නැහැ. කෑගල්ල, බුලත්කොහුපිටිය හරහා නුවරඑළිය දක්වා අලුතින් තැනෙන මහාමාර්ගයක මුල් අවස්ථාව මෙය බවයි පැවැසෙන්නේ. මේ මාර්ගය තනා නිමවුණු පසුව කොළඹ නුවරඑළිය අතර දුර ප්‍රමාණය කිලෝමීටර් හතළිහකින් විතර අඩු වන බව පැවසෙනවා.
    t7e1DQhgLmWVn5Nt_11.jpg

    පැලැම්පිටිය පතන- කුසුම්සිරි විජයවර්ධනඋඩපැලම්පිටියේ සිට මේ දොළොස්බාගේ මාර්ගයට පිවිසෙන තැන හරිම අපූරු ස්වාභාවික ක‍පොල්ලක් පිහිටා තිබෙනවා. එය අවට චමත්කාරය කදිමට දැකගත හැකි තැනක්. මේ ස්ථානයේ සිට බලනකොට සිරිපා කඳුවැටිය අතේ දුරින් වගේ දැක ගන්න පුළුවන්. මිහිදුම නැති කාලවල දී කොළඹ නගරයේ ආලෝකය ද මේ ක‍පොල්ලට එපිටින් දර්ශනය වන බව ගම්මුන් කියනවා. පැලැම්පිටිය පතන නමින් ආරක්ෂිත තණබිම් සහිත ප්‍රදේශයක් ද මෙහි තිබෙනවා. තවමත් දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ විශාල පැමිණීමක් නැති නිසා උඩපැලම්පිටියේ සංචාරක පහසුකම් නම් නැහැ.
    දියඇගිරි ඇල්ල

    දේදුගල පැලැම්පිටිය හන්දියේ සිට ගම මැදින් ඇති අඩි පාරක ගමන් කර මේ ඇල්ල අසලට පැමිණෙන්න පුළුවන්. තේ වතු හා වනවදුලු මැදින් දිවයන මේ පාරේ කි. මී. 2ක් පමණ පියමං කරන විට මීටර් 30ක් උස සුන්දර දියඇගිරි ඇල්ල පේනවා. පටු ගල්කුලු දෙකක් අතරින් ඇදහැලෙන දියඇල්ල වැටෙන තැන අපූරු ජල තටාකයක් නිර්මාණය වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ දොලොස්බාගේ කඳුවලින් උපත ලබනා මෙහි ජලය එකතු වන්නේ කැලණි ගඟේ ශාඛාවක් වන වී ඔයට යි. එය යටියන්තොටින් කැළණි ගඟට එක් වෙනවා.
    මීට අමතරව කලුපහන ඇල්ල, වහරක ඔය ඇල්ල, කෙල්වින් ඇල්ල, වින්සර් ෆොරස්‌ට්‌ ඇල්ල වැනි තවත් සැඟවුණු දිය ඇලි ද මේ කඳුකරය අවට පිහිටා තිබෙනවා.


    Source : Roar
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අපි ඔය route එක complete kala .පාරෙ අන්තිම ටික අවුල් දොලොස් බාගෙට වැටෙන්නෙ. කොත්මලේ රජපිහිල්ලට වෙනකන් ගියා.කොලඹ ඉදන් oneday ඇද්දෑකි.:P
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    පෝරිසාදයා;24163692 said:
    අපි ඔය route එක complete kala .පාරෙ අන්තිම ටික අවුල් දොලොස් බාගෙට වැටෙන්නෙ. කොත්මලේ රජපිහිල්ලට වෙනකන් ගියා.කොලඹ ඉදන් oneday ඇද්දෑකි.:P
    dolosbage paalama hadalada thiyenne..ma dolosbage idala payin awilla thiyanawa dedugalata...2013 withara....:yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    රිටිගහ ඔයේ නාන තටාකයක්- කුසුම්සිරි විජයවර්ධනකැළණි නදියේ ශාඛාවක් වන රිටිගහ ඔය උපත


    කුසුම්සිරි විජයවර්ධනකොටස් කිහිපයක් වශයෙන් කඩා හැලෙන රිටිහග ඔයෙන් නිර්මාණය වූ දියඇල්ල


    රුක්මල් ඇල්ල කඩා හැලෙමින්- yaka infinite fbනළඟන ඇල්ලෙන් සමුගෙන


    උඩපැලැම්පිටිය බලා යන මඟ- කුසුම්සිරි විජයවර්ධන‘පුංචි නුවරඑළිය’ නමින් හඳුන්වන සුවදායක


    කුසුම්සිරි විජයවර්ධනඋඩපැලම්පිටියේ සිට මේ දොළොස්බාගේ මාර්ගයට පිවිසෙන තැන





    කවුද යකෝ කුසුම්සිරි විජේවර්ධන:rofl::rofl: ඒකත් එක්ක කියවනකොට හෙන කුනුහර්පයි. එක්කෝ ඔය නම අන්තිමට දාපං. :rofl::rofl:

    +13